අසිරිමත් සිරීපාදයට ගිය ගමනක්.......
ඔන්න ඉතින් අපේ පහලොස් දෙනෙක්ගෙන් යුත් අපේ කොල්ලො ටික එකතු කරගෙන අපිත් ඉතින් සිරීපාදෙ යන්න කියල හිතාගෙන 2010 ජනවාරි 30 වෙනිද උදෙන්ම අපේ ගමන පටන්ගත්ත.....පොඩි පොඩි අඩුපාඩු තිබුනත් අපේ කස්ටියම ගමනට උපරිමයෙන්ම දායකත්වය දුන්න කිවිවොත් හරියටම හරි....ඉන්න නුවන් සහෝදරයවත් ඉස්සරකරගෙන අපේ ගමන පටන් ගත්තා
දැන් ඉතින් අපේ ගමන....ඔන්න ඉතින් මගදි අපිට ගම්මු පිරිසක් සුපිරි සංග්‍රයක් දුන්න..
(කිව්වට මොකද ඒ දවස්වල අපේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සමරල දුන්න දන්සලකට තමා අපි ඔය ගොඩවැදුනෙ.....)..ඔන්න ඉතින් අපි ඒකත් රස බලන්න කියල හිතාගෙන එතන නතරවුනා අන්තිමට අපිට එයාල කෙසෙල් කිරිබත් වලින් සංග්‍රහ කරද්දි අපිත් සංගිතයෙන් එයාලට සංග්‍රහ කරල අපේ ගමන පිටත් උනා.....
එතනදි අපෙ කැමරා මල්ලියගෙ කැමරාවට අහුවුන රූප රාමු කිහිපයක් මෙන්න.........
ඔන්න ඉතින් අපි අපේ සංග්‍රහයට ස්තූතී කියල අපි අපේ ගමන අයෙත් පටන් ගත්ත.....දැන් ඉතින් අපේ කට්ටියගෙම බඩවල් හොඳම පිරිල......කොහොම හරි එදා හවස ඒ කියන්නෙ ජනවාරි 30 වෙනිද හවස 5 විතර වෙද්දි අපි සිරීපාද අඩවියට ලංවුනා......ඊට පස‍්සෙ අපිට මහන්සිය නිවාගන්න කියල...වාහනේ තේ වත්තක් අයිනෙ නතර කරල වටපිටව බලන්නත් එක්ක වාහනෙන් බැස්ස ආයෙ කියන්න දෙයක් නැහැ මාරම ලස්සනයි....ඒක අපිට වගේම අපේ කැමරා මල්ලිටත් එකම විදියට දැනුන කිව්වොත් හරි...අපේ කැමරා මල්ලිය....වටපිටා එයාගේ කැමරාවට අහුකරගත්තෙ මෙන්න මේ විදියටයි
ඔන්න ඔය විදියට දකින දකින හිතෙන හිතෙන තැන්වල නවත්ත නවත්ත විනෝදෙන් අපේ නඩේ සිරීපදේ බලා යන්න පටන්ගත්ත.....(ඔය අතර ඉතින් නොකිව්වත් මොකද එක එක චාටර් සීන් පවා සිද්ධ උනා.....ඒ සිද්ධි හින්ද....සමහර කොල්ලො අදටත් නොන්ඩි වෙනවා....)
කොහොම උනත් ඔය සිද්ධි එක්කම නොසැලී අපේ නඩේ සිරීපාදයට ගොඩබහිද්දි හවස 7 විතර උනා.....ඊට පස්සෙ ඔන්න අපේ කිරිකොඩු කාරයො දෙන්නෙක් හිටිය.....අන්න ඒ දෙන්නත් සූදානම් කරගෙන අපේ අනිත් කස්ටියත් සිරිපා කරුණාකරන්න ඕනිකරන දේවල් අරගෙන අපේ ගමන සුමන සමන් දෙවි පිහිටෙන් පටන් ගත්ත.....
කියන්න සතුටුයි අපිට කිසි කරදරයක් නැතුව ගමනේ 70% දුරක් යන්න පුළුවන් උනා...ඊට පස්සෙ තමා අපිට ඇත්තටම සුමන සමන් දෙයියො සිහි උනේ...අපි පොඩ්ඩක් ගිමන් හරින්න කියල මගදිනතරවුනා...
ඊට පස්සෙ අපි ආයෙමත් අපේ සිරීපාදය කරුණා කරන්න පටන් ගත්තා...ඒ අතරමගදි අපේ කිරිකොඩු එකෙක් බැහැ කියල මගදි නැවතුනා..ඇත්තමයි...එතනින් එහාට යන්න කියා අපේ සගයට යන්න කියා හිටගන්නවත් බැරිවුනා..දැන් ඉතින මොනව කරන්නද ඉතින්...යන්නත් බැරි හිංද අපි ඔක්කොස එකතුවෙලා අපේ කරෙන් අපේ සගයව සිරීපාදෙ කරුණා කරවන්න පටන් ගත්ත...වැඩේ කියන තරම්ම ලේසි නැහැ වගේ කියල හිතුනෙ මගහිර දඹේ කරුණා කරද්දි තමා....ඒවයෙ රාමු දාන්න කියා රූපයක් ගන්නවත් අපේ නඩේට සිහියක් නැහැ.....මග නතරවුන ගමන් හතිඅරිනව..අප්පේ මතක් වෙද්දිත් අතපය කකියනවා...
කොහොම උනත් අවසානයේ...අපි අපේ සගයව සිරීපදෙ වන්දවන්න හැකියාව ලැබුන කිව්වොත් හරියටම හරි..
මෙන්න සිරීපද කරුණා කරන්න සූදානම් වී ගත් ඡායා රූප කිහිපයක් මෙන්න
කෙසේ වෙතත් අපේ අපූරුම ගමනේ එක් අවසාවයක්වන සිරීපාදය මුදුනටම අපි පිංකරල තිබ්බ...දැන් අපේ නඩේට ගොඩක් සතුටුයි....කොහොමහරි අපේ එක බලාපොරොත්තුවක් උන ඉර සේවය බලන්න නම් අපිට අපිට වාසනාවක් තිබ්බෙ නැහැ....මොකද ඒ දවස්වල කාලගුණේ එච්චරම යහපත්වෙලා තිබ්බෙනැති නිසා...ඒත් අපිට ඉරසේවයේ කොටයක් ඡායා රූප ගතකිරීමට විනාඩි 40ක පමණ කාලයක උත්සාහයකින් පසුව හැකියව ලැබුනා
ඔන්න දැන් තමා අපේ වැඩසමහනේ අමාරුම හරිය...ඒ කියන්නෙ අපහු පහලට කරුණ කරන එක....වාසනාවකට වගේ අපේ අබාධිත උන සගයගේ කකුලෙ අමාරුව නැතුව ගිහින් තිබුන...ඒ හිංද අපි අපහු පහළට කරුණා කරන්න කියල සූදානප් වෙද්ද අපිට හරි අපූරු දර්ශනයක් දකින්නට ලැබුන ඒ තමා....සිරීපාදේ හෙවනැල්ල...සමහරවිට ඔයාල ඒක දැකල නැතුවත් ඇති...ඒ හිංද මම හිතුව ඒකේ ඡායා රූපයකුත් මේ එක්කම පෙන්නන්න කියල...
මේ තියෙන්න අපේ කැමරා මල්ලිය ගත්ත ඡායා රූපය.....
දැන් පෙන්නම්කො ඔයාලට ඒ ඡායා රූපයේ විස්තරාත්දක ඡායා රූපයක්

ඒකත් බලාගෙනම අපි අපේ ගමනාන්තය බලා පහළට කරුණ කරන්න පටන් ගත්ත......අපේ ගමනේ ඔක්කොගෙ පොටෝ වැඩ බලාගන්න අපේ කැමරා මල්ලිය අපි පහළට කරුණ කරන්න අතර තර අපිට ලස්සන පොටෝ ගොඩක් අරන් දුන්න ඒත් ඒව ඔක්කොම දාන්න තරම් මේ Blog එක දික්කරන්න මම කැමති නැහැ ඒත් මම ඔයාල වෙනුවෙන් පොටෝ කිහිපියක් දාන්න කියල හිතුවා.....
කොහොම හරි අපි අපේ සිරීපාද ගමන අවසන් කරගෙන අපහු අපේ ගමනාන්තය වන නල්ලතන්නියට එන අතරමගදි ගත් ඡායා රූප කිහිපයක්.....
මේ ඉන්නෙ අපේ වන්දනා නඩය......
.jpg)
ඔන්න ඔය විසියට තමා අපේ වන්දනා ගමන අවාසන උනේ.....
මගේ Blog එකේ වැරදි අඩු පාඩු හොයල මට කියල දෙන්න කියල අවසාන වශයෙන් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා....එහෙනම් ආයෙමක් මේ වගේම හමුවීමට බලාපොරෝත්තුවෙන් මම සමුගන්නව ඒහෙනම්.....