Showing posts with label මගේ කථා. Show all posts
Showing posts with label මගේ කථා. Show all posts

Friday, May 11, 2018

මගේ දෝතට පුතු ආවා !!!!

මේ තියෙන්නේ මගේ ජීවිතේ හැමදේම උඩු යටිකුරු කරපු. මගේ පුදුම හතෙන් එක

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා





Sunday, December 8, 2013

කුරුටු ගෑම !



අම්මෝ........ඔන්න සෑහෙන කාලෙකින් බ්ලොග් එකට ගොඩඋනා. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. 

මුලින්ම කියන්න තියෙන්නේ මෙන්න මෙවුවා...

1. මෙච්චර කල් මගේ බ්ලොග් එකට දවස ගානේ නිකමට හරි කරක් ගහලා මෙනවා හරි දෙයක් අහුල ගත්ත කෙනෙක් සිටී නම් අයියනායක දෙයියන්ගේම පිහිටයි.බුදු සරණයි.(යකෝ මේවා කියන්නේ හිතේ තරහකට නෙවෙයි....දරාගන්න බැරි සතුටට)

2. පහුගිය කාලේ මේ පැත්තේ එන්න බැරි උනා. සිංහලේ ඉපදිලා සිංහල වෙනුවෙන් දෙයක් කරන්න බැරි උනා. දන්න නොදන්න අය වෙනුවෙන් රසවින්දනයට දෙයක් කරන්න අමතක උන. ඒකට මගේ රසික රසිකාවියන්ට අනේකනාරයන් සමාවෙන්ට ඕනි.....හරිය.....

3. මැයි මාසෙන් පස්සේ මෙලෝ දෙයක් කරේ නැති නිසා බ්ලොග් එක නැති බංගස්තාන වෙලාද මන්දා. මට කියලා ගොඩක් රසිකයෝ නැති උනාට හිටිය පිරිස විටින් විට ඇවිත් ගිය එකටගොඩක් පින්. ඒවගේම මග තොට දැක්කම මචං ඇත් දැන් බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියලා අහලා මගේ හයියට හිටිය...මගේ හැම පියවරකදිම මට අත දුන්න. විසිල් එකයි බල්ටියෙන් සපොට් එක දුන්නු හැමෝටම ගොඩක් පිං.

හ්ම්.....


ඔන්න එහෙමයි ගිය කාලේ උනා කියන්නේ...

මැයි මාසෙන් පස්සේ ජීවිතේ නං ගොඩක් දේවල් උනා. කොහොම උනත් මතක හිටිය දේවල් අතර බ්ලොගාර්ස්ගේ ගොට්ටුවට ගියා රජයි. ගවේශකයයි...තව නගාල දෙන්නෙක් එකක්....එකේදි ගොඩක් දේවල් උනානේ....ඒවා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ....

ඊට පස්සේ ගවේශකයි, පොඩි මහත්තයයි, ලොශාන් මහත්තයයි එක්ක නකල්ස් පැත්තේ රවුමක් ගහන්නත් ලැබුනා. කියන්න දෙයක් නැහැ ජීවිතේ කෙලවර වෙනකම්ම ඒ දේවල් අමතක වෙන එකක් නැති වෙයි.

තව.....ආහ් අපේ ගවේශක තැනගේ අදහසක් විදියට අපි IT's Time to Hike කියලා පේස් බුක් පිටුවක් පටන් ගත්තා මේ වෙනකොට ගමන් බිමන් කිහිපයක්ම ගියා. කියන්න කලින් ගොඩක් අය දන්නවත් ඇති. ඒ පැත්තෙනුත් ඉස්සරහට ලොකු වෙනසක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔයින් මෙයින් ගෙදෙට්ට කොටුවෙලා හිටිය කොල්ලට ජොබ් එකක් සැට් උනේ අනූනවයෙන්.... අනේ වාසනාවන්....කිව්වලු...එදා හිටන් අද වෙනක් මම කරන්නේ එන්න ඒ ජොබ් එකමයි. පොඩිකාලේ හිටම්ම කොම්පියුටරේට තිබ්බ ආසාමේ අග්ගර පලය තා මේ ජොබ් එක... ඉතින් ඔහොම කාලයක් යනකොට මගේ හිමිකන් ඔක්කොට කොහෙන්ද ආපු පොඩි එකෙක් ටොක්ක ඇන්නේ හරියටම මීට මාස 8 කට 9කට විතර කලින්නේ....ඒ තමා අපේ අක්කගේ පොඩි එකා......කොල්ලෙක්....මම ඒකගේ මාමා විදියට මේ වෙනකොට ගාලය ගෙවනවා. මූට අනිත් ඔක්කොට දකිනකොට ලාබාල හිනවාක් දැම්මත් , මම දකිනකොට කොල්ලගේ මූණෙ තියෙන්නේ පට්ට පදිරි කුප්ප හිනවක්. මා දහා බලන්නේම නක්කලේටමයි. අර කතාවට කියනවා වගේ මා කළ වරදට ඇයි අම්මට බයින්නේ වගේ එකාගේ හිනවට ඉතින් මම ඒ පොඩි එකාට මෙනවා කොරන්නද. හැබැයි එක දෙයක් ඒකාන්තයි. ඔය පොඩි එකා තේරෙන වයසට එනකොට මේ මාමාගේ කෙස් ගස් පිටිම්ම උගුල්ලනවා ඒකාන්තයි. 

වැඩිය ලියලා ඔයාලාට එපා කරන්න කැමති නැහැ මම. කොහොම උනත් අවුරුදු 3 ක් විතර තිස්සේ බොහොම හෙමින් තමා මගේ ගමන යන්නේ.... මගේ පොස්ටු  කියවපු කොමෙන්ට් කරපු ගුණ දොස් යෝජනා චෝදනා කරපු... මාත් එක්ක මෙච්චර කල් හිමිය හැමෝටම ගොඩක් ස්තුතියි

මාත් එක්ක සමකාලීනව බ්ලොග් ලියන්න ගත්තු...මට පෙර හා මට පසු බ්ලොග් ලියන්න පටන් ගත්තු හැමෝටම තව දුර යන්න ශක්තිය දෛර්ය වාසනවා ලැබෙන්න කියලා මම එක හිතින්ම මම පතනවා..

ඔන්න කියන්න හිටිය දේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... මේ මාසේ 23 වෙනිදට මගේ බ්ලොග් ගමනේ 4 වෙනි අවුරුද්ද පහු කරනවා. තාම පොස්ටු ගොඩක් නැති බව ඇත්ත....ගමන හෙමින් බවත් ඇත්ත... ඒත් එදාටත් මම විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...

එහෙනම් ගිහිල්ල එන්නම්
120ට 220ක් ම ආයුබෝ වේව !

Tuesday, May 21, 2013

ජොබ්, ට්‍රාන්ස්පෝට් හා මහ මග චාටර්වීම...


වේලාව රෑ 10.55 යි. මා මගේ කාමරයට ආවා පමණි. අම්මාගේ සිත සැනසීමට කඩචෝරු කෑව කියා බොරු කීවේ දරාගත නොහැකි බඩගින්න නිසා අතර මගදී නයිට් කඩයකින් රයිස් එකකට වගකී නිසාය. යම් හෙයකින් අම්මාට මා කඩෙන් කෑවා යැයි කීවේ නම් අම්බානෙක බැනුම් එක්කම දවස් ගානක් අම්මා මාත් එක්ක තරහා වන බව දන්නා නිසාය. එහෙයින් අම්මා බටර් පාරක් ගා ඈ ගානේ උණු උණුවෙම තේකක් හදාගෙන ඇඳේ වාඩිවී අද දවස ගැන පෙරලා කල්පනා කරන්නට වීමි. අම්මෝ.....අද දවසෙන් වැඩි හරියක්ම වාහන හා මහ මගට වියදම් වීම හේතුවෙන් මට දෙතුන් දෙනෙකුන් ගුටි කෑවා වැනි තෙහෙට්ටුවක් දැනුනි.ඒ නිසා ලැපීවත් දිග ඇරගෙනම ඇඳට ගොඩවිය....අපි හැමෝම ජොබ් කරන්න බොහොම වෙහෙසක් උත්සාහයක් අරන අය නොවැ. ඒ ඉතින් ආයි වෙනමම කියන්න ඕනි නැහැනේ. හැමෝටම වගේ මටත් අද වැඩ දවසක්. වෙනදට වඩා කල් ඇතිව ඇහැරුණු මම ලැහැස්ති වී මස්සිනාගේ මොටර් සයිකලයට විද්දේ බස් එකේ යාමට වඩා ඉක්මනින් අද වැඩට යායුතු වු නිසාය. උදේ පාන්දරම අක්කාට කුටු කුටු ගා ඉල්ලාගත් මස්සිනාගේ බයිසිකලයෙන් වැඩට පිටත් විය. අහෝ කේදයකි.. අද හෙඩ් ඔෆිස් එන්න කිව්වා නේද ? මට සිහිවෙන කොට වැඩ කරන පෙට් එකට ඔන්න මෙන්නය. මොනව කරන්නද බයික් එක ඔෆිස් එකේ දාලා අහලින් පහලින් හෙඩ් ඔෆිස් යන පාහනයක ගොඩ වෙලා මමයි මගේ ගුරා අයියයිත තවත් කෙල්ලො දෙතුන් දෙනෙකුයි.(දෙතුන් දෙනෙක් කිව්වට හරියටම හතර දෙනෙක්ක ඔන්න ඇහ්..) ගියා. අපි හෙඩ් ඔෆීස් එකට යන්න පිටත් වෙනකොට උදේ 7 විතර උනත් අපි හෙඩ් ඔෆිස් එකට යනකො උදේ 11 විතර උනා. එච්චරට රටේ ආශ්චර්යය. සන්තෝසෙ බෑ. එතන ගියහමත් උන් අපිව චාටර් තරනවා(උන් කිව්වේ ලොකු ලොක්කන්ට...හරිය.. ) මෙනවා කරන්නද ඉතින් අපිට කොයින්ද අහස් යන්තරා කිව්වලු...ඔන්න ඉතින් අපිට එච්.ආර් පුහුණූ පාඨ මාලාවකට සෙට් වීමට සිද්ද විය. ඒ අපි දෙන්නා අයි.ටී. අංශයේ නියෝජනයක් වශයෙනි. සැහ්....කෙල්ලෝ ගොඩායි කොල්ලෝ පොඩ්ඩායි. අපි කොල්ලෝ 5 දෙනෙක් විතර හැරෙන්නට අනිත් උන් ඔක්කෝම නන් දෙසින් පැමිණි කෙල්ලෝය.. පස්ට ආතල්ය... ඒත් අම්බානෙකට කම්මැලීය.

අපිට ඉතින් කරන්න තිබ්බේ පුහුණු පාඨ මාලාව ගල් ගිලපු උන් වගේ උඩ බලාගෙන ඉන්න එක විතරයි. ඔන්න ඔයින් මෙයන් අපේ රතු කට්ට පැනපු සේය. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.. අපිට ලෙසටම බඩගින්න පහල විය. වැඩි වෙලාවක්යන්නට මත්තෙන් අපි පොත් පිටු වල නොට් වෙනුවට දේශක තෙමේගේ කාටුන් රූප එකින් එක නිර්මාණය වන්නට විය. ඒක නම් ලෙසටම පස්ටය. අපි පොරව ලෙසටම බියට් කරන්නට විය. එහි අවසාන ප්‍රතිඵලයක් වශයෙන් අන්තිමට හවස 2ට පමණ අපට දිවා ආහාරය ගැනීමට අවසරල ලැබුනි. කෑව කෑමක් කියන්නේ තාමත් කෑම එකේ තිබ්බේ මොනවද කියා හරි හැටි මතකයක් නැත. ඉන් අනතුරුව සවස 3ට පමණ නැවතත් පාඨ මාලාවේ ඉතිරිය අරඹල ලදුව එය හවස 4.30ට අවසන් කලේ දුර පැහැර යන්නන්ගේ පහසුව උදෙසාය. ඒත් අපිට නම් සිදුවු පහසුවක් නැත. උදේ පැමිණි වැන් රථයද අතුරුදහන්ය. අගිය අතක් නැත. අපි සියල්ලෝම ලෙසටම අවතැන් විය. කෙසේ හෝ අපි සියලු දෙනාගේම ඒකමතික ඡන්දයෙක් බසයෙන් ගම රට බලා යෑමට තීරය විය. අනතුරුව අපි සියල්ලෝම බොරුල්ල හන්දියෙන් කොටුව දෙසට ධාවනය වන 103 බස් මාර්ගයේ බස් රථයකට ගොඩ විය. කලුවර ඇයි විජිතය මගේ කියවුනේ අන්න ඒ වෙලාවේය. කව්රුන් හෝ ගොබ්බයෙක් බස් එකේ සීට් එකක කබරයා දැමීම හේතුවෙන් බස් එක අතර මග නතර කරන ලදි. දෛවයේ සරදමකි මොන රෙද්දක්ද ඒ  අස්සේ මල් මල් මොරසූරන වැස්සක්ද සෙට් විය. අපි සදා අනාතය..වැස්සේ තෙමි තෙමී ගහක් යටට වෙලා ඉන්නකොට තවත් 103 දෙයියෝ දුන්නා මෙන් කඩාපාත්යි. අම්මෝ බස් අයියා දෙයියෙක් නෙවෙයි දේවාලයක්.... පොරට පින් දි දී අපි කොටුවට සේන්දු විය. මේ සියලු දුක්ක දෝමනස්ස අකරතැබ්බයන් අපි දෙදෙනාට පමණත් නොව අනිත් කෙල්ලන් 5දෙනටත් අත්වීම අනන්ත අප්පරමාන සතුටක් ගෙන දෙන කාරනාවකි. දැන් එන් ටිකත් සදා සොත්තිය අනාතය අවතැන්ය. අපේ පිහිට හැර අන් සරණක් නැත. මට සොමා එදිරිසිංහ සිහි විය. ඇයි යකෝ හැම වෙලේම රූපවාහිනියේ කියන්නේ සරණක් අවැසි සැමට කියලා. අපිටත් මේ වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ බලාගනිලලකෝ තව කෙල්ලෝ 5 දෙනෙකුත්... වෙලාව ලාවට දුවයි. සීන්  එකෙන් කෙල්ලෝ දෙනෙක් වෙන්ත් මාර්ග ඔස්සේ ගෙවල් බලා පිටත් විය. තවත් එකියෙක් යාලුවෙකුත් එක්ක විසි විය. දැන් එකතුව කෙල්ලෝ දෙන්නයි කොල්ලෝ දෙන්නෙක් ලෙස සටහන් විය. අපි හතර දෙනා කොටුවෙන් වව්නියා බලා ධාවනය වීමට නියමිත බස් රථයකට ගොඩවිය. බස් රථයට ගොඩවී පැය ඉක්ම ගොස් ඇත. අනෙත් බස් ගමනාන්ත බලා පිටත් වන මුත් අපි නැග්ග බස් රථය හිටි තැනමය. රතු කට්ට විසි විය.

අපි - අයියේ මේක කීයටද යන්නේ ?
අයියා - අපි යන්නේ 6.35ට

අම්මට  සිරි නොදකින් විතරක් මෝඩ මූසලයා....යකෝ ඕක කලින් කිව්වනන් ආපු අතක් බලාගෙන පාඩුවේ ගෙදර යනවනේ අපි. දැන් ඉතින් කරන්න දේකුත් නැහැ ඉවසගෙන ඉන්නවා ඇරෙන්න. ඔන්න කියපු විදියට අපි බස් එක ඉබි ගමනින් කොළඹින් එළියට ඇදුනා... අපරාදෙ කියන්න බැහැ ජෙට් එක වගේ 20ට විතර ආවා ඒමක් නිට්ටඹුවෙන් බහිද්ද රෑ 9යි....ඊට පස්සේ නිට්ටඹුවෙන් අන්තිම බස් කට්ටක එල්ලිලා පැට්ටේරියට ගිහිල්ලා මස්සිනාගේ බයික් එකත් අරගෙන ආපහු එනකොට මගදි අම්මා කෝල් එකක් දුන්නේ නැතෑ

මම - හලෝ....අම්මේ ...කියන්න
අපෙ අම්මා - චූටි පුතේ කොහොද ඉන්නේ ...??
මම - දැන් මේ එන ගමන් නිට්ටඹූවේ ඉන්නේ...
අපෙ අම්මා - ඔයා කාලා නේද එන්නේ ..?? මම කෑම තිබ්බේ නැහැ ඒක නිසා

හපොයි මගේ වියලි සලාකෙත් අද කපලා. පොලොව හාරන් වැලලෙන්නට සිත් විය. අම්මනේ මොනා උනත්. පස්සේ පස්යාලෙන් බැහැලා රයිස් එකත් කාල තමා ගෙදර ආවේ. අම්මෝ මහන්සි මම දොයියන්න යනවෝ ගුඩ් නයිට්....

Wednesday, April 24, 2013

තව පොඩ්ඩක් එහා මෙහා උනානාම් අපට විසා ලැබෙනවා

පින්වතුනි පන්වතියනේ මයෙ අම්මේ තාත්තෝ අයියේ අක්කේ නංගියේ මට දෙන්න මගේ පුංචිකාලේ....හැහ් වැදුනා නේද..හරි මෙන්න මේකයි කේස් එක..... අට අනුවක් රෝග නවඅනූවක් රෝග පල්ලා මම මේක ලියන්නේ මහ සාගරේ මෙව්වා වෙන පරිද්දේ මයෙ හිතේ හංගගෙනඇති කුප්ප සීන් කොන් මෙසේ කොටා දිගහැරීමට සිතුවේ අහම්බෙන්ය....



උදේම අම්මගේ ගොර්නාඩු අස්සේ ඇහැරුනේ වැඩට යන්න කියලා.. දත් මැද්ද කියලාවත් හරි හමන් මතකයක් නැතුව තේක බීලා ලැහැස්ති වෙලා වැඩට යන්න ගෙදරින් එළියට බැස්සා...අපරාදේ කියන්න බැහැ ඉස්ස බයිසිකල් පදින උන්ට වතුර ගහලද කොහෙද උදේ පාන්දරම 7.30 විතර එළියට ආවා විතරයි. මල් මල් මහ වැස්ස.. මගේ වාසනාවට වගේ කුඩෙටත් ගෙදර එකෙක් විදලා.. ඒකත් ආගිය අතක් නැහැ...මොනවා උනත් ඒකත් ජය සිරි මංගලම් කියලා හිතාගෙන හන්දියෙන් බස් එකට නැග්ගා නුවර පාර සිහාවට යන්න කියලා. ඔන්න බස් එකේ කොන්දයියා..

කොන්දා - (මම රුපියල් 20 පෙන්නුවහම)....මල්ලි රුපියල් දෙකක් දෙන්න...

මම - අනේ නැහැ බොස්...පාර්ස් එකේ තියෙන්නෙම රුපියල් 50 යි

කොන්දා - මල්ල බහිනකොට ඉතුරු ගම්මුකෝ...

කියලා මේකා ගියා. මට නිකං මේවා හීනෙන් හීනෙන් වගේ මතකයි.  ඔන්න බහින්න ඕනි පොට් අකටත් ආවා. මම බහිනකොට කොන්දට පොඩි ටෝකක් දැම්ම.

මම - අයියේ ඉතුරු...

කොන්දා- මල්ලි මාරු නැහැ...අයේ එන වෙලාවක මතක් කරන්නකෝ මල්ලි ඉතින් ඉන්නේ මේ පාරේනේ...(නොදකින් අසමජ්ජාතියා..)

මුන්ට අපි සල්ලි අඩුවෙන් දෙනකොටත් රුදාව. අපි උන්ගෙන් ඉතුරු ඉල්ලනකොටත් රුදුව. යකෝ මුන් ගැන ගලේ බණ්ඩාර දෙයියොම බලන්න ඕනි. හ්ම්....ඔන්න ගියා ඒ පාර නුවර පාරට පැත්තට ඇවිදගෙන..

ආවා කොළඹ - කෑගල්ල බස් එකක්...කොල්ලා දැම්ම අත.....අපරාදෙ කියන්න බැහැ ඩැයිවර් කොල්ලා පස්ට පොරකි. පොර මම ඉන්න තැනටම බස් එකේ පිටි පස්සේ දොර තියලා නැවැත්තුවා... ඔන්න ඉකින් කොල්ලත් ගොඩ උනා.  දැන් ඔන්න බස් එක නිට්ටඹුව කල(ර්) ලයිට් ඉස්සසහ නැවැත්තුව වෙලේ කොල්ලා බැස්සා...බැහැලා...නිට්ටඹුවේ බස් ඉස්ටෑන්ඩ් එක පැත්තට ඇදුනා. අම්ම ගහයි....අද නිට්ටඹුවේ පොල දවස... ඒ අස්සේ උදේ 8 ට එන බස් එකත් අද නැහැ.. වෙනදට බස් එක එනකන් දුරට ආතල් රබර් ඇහැ දාන කෙල්ලෙක් හිටියා .....හපොයි අද ඒකිත් නැහැ...අද බස් හෝල්ට් එක අමු සොහොනකි. බස් හොල්ට් එකටම කෙල්ලො වගේ ඇන්ටිලා කිහිප පොලකි. මම එතනින් ලිස්සලා රුග්ගහවිල පැත්තේ බස් එකකට නැග්ගා මතකයි. චැහ්... ඒකත් වැරදි බස් එකක්. බැස්සා ආයෙත් ඒකෙන්.....ආපහු ආවා බස් ඉස්ටෑන්ඩ් එකට.....අයිශ් අම්මා ගුණ්ඩු..... රබර් ඇහැ දාන කෙල්ල ඇවිල්ලා... කොල්ල ගියා ගිහින් හට ගත්ත බස් හෝල්ට් එකේ....

 නොදකින් විතරක් අපි ගහකට නැග්ගොත් ඒකෙත් කොළ නැහැ......බස් එක ආවා කියහන්කෝ...මට තනි ඇහැට හො ගාලා අවුල්ය. අර කෙල්ල බස් එකට නැගලා අවුරුදු 65-70 විතර පොරක් එක්ක බර කදේක. යකෝ මම වගේ කලු දාර කැත හැන්ඩ් සම් කොල්ලෙක් ඉද්දි ඒකිට අර පොරට හිත ගියේ කොහොමෙයි. හරි නංගී අහුවෙයන්කෝ ආයේ දවස...

කොල්ලා බස්එකේ පිටි පස්සටම ගිහින් මනෝ පාරකුත් දාගෙන ඉන්නකොට නොදැනිම වගේ බස් එක වැඩ කරන පොට් එක ගාවට ඇවිල්ලාය.බැහැ කොන්දට සල්ලි දික්කලා.

කොන්දා - මල්ලි රුපියල් දෙකක් නැද්ද ?

මම - (සුපුරුදු විදියට) අනේ නැහැ අයියේ...

කොන්දා - හරි එහෙනම් රුපියල් 5ක් දෙන්න

මම රුපියල් 10 කොලයකි පොර වෙදට දික් කලෙමි. අම්මට සිලි කිව්වලු මෙන්න මූ අමු අමුවෙම මට මාරු සල්ලි දෙනවා.  මේකට තමා කියන්නේ දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියලා...

හ්ම් ...අද මහ කුප්පය....වැඩ නැති හෙයින් සිංදුවෙන් මුළු දවසම ගෙවීමට සිදුවු අතර පිට රටින් කොම්පැණියට පාත්වු අක්කෙක්ගේ බාගෙට කෑ ඇපල් ලැප් ටොප්පියත් හදලා දෙන්නට සිදුවිය. එහි විපාක විදියට ඒ අක්කි මගේ කොම්පියුටරේ මූසිකට ගලවාගෙන පලා යන ලදි. ඒ අයේ ඉල්ලා ගැනීමට මම අපොහොසත් වීමි. අක්කා නම් පස්ටය...ලක්ෂාන / වික්ටෝරියා / රන්දදෙණිගල ජලාශ වගේ සැහෙන්න දේවල් ඉන්ගිරීසියෙන් දෙඩයි. මම කියන හැම දේටම තැන්කිව් කියන අතර අක්කා කියල කිසිම දේකට මම උත්තර දීමට අපොහොසත්ය. ඉංගිරිසි අක්කා විටින විට මෙනවාදෝ දොවන අතර විටෙක තනියෙන් සිනාසෙයි.හිකිස්...එකිට පිස්සුද කොහෙද  ? මම ඇගේ කාමරයෙන් විසිවී අයි.ටී කාමරය නොහොත් මගේ රජධානියට ගොඩවිය. හැමදාම මේක අස්සේ රිංගනවා ඇරෙන්න මේකඅස්කරපු දවසක් මගේ මතකයේ නොවු හෙයින් අද ඊට සුදුසු දවසක් බව මට වැටහිනි. තිබූ බඩු මුට්ටු එහාට මෙහාට කර ලාවට අස්කර ඉවර වන විට ඉන්ටවල් එක සෙටි විය. කැන්ටිමට ඇදුනු මම අම්මානෙකට සප්පායන් වු මම ආයෙත් රාජධානියට ගොඩවිය.

මගේ කාර්යාලීය සගයා යාළුවා වගේම අයියා නොහොත් හැමෝම ආදරයට හැමෝම කියන්නේ අසියා කියාය. ඇත්ත නම අසිතය. මට අසියා ......අසිත අයියා වෙයි. දැනුමෙන් පොහොසත් ඔහු කොම්පියුටර් ගැන හසල දැනුමක් ඇති පොරකි. කොල්ලන්ගේ බාසාවෙන් කියනවා නම් කොම්පියුර් ජිල්මාට් වැඩ්ඩෙකි.හවස් වනතෙක් එක එක වැඩ කර හිටි අපි දෙන්නා 5.30 වන විය පොට් එකෙන් චුත විය.....

ඔන්න දැන් තමා අවංකෙන්ම තනිඇහැට කොරවෙන සින් එක....නිට්ටඹුවේ දෙසට ඇදෙන බසයකට අප දෙදෙනා ගොඩවිය. පස්රථයේ රියදුරා කොල්ලෙකි. ඌට පාර නිකන් ටෙයිස්ට. පොර බස්එක අනි ඇහැට නිට්ටඹූව දෙයට ධාවනය කරන්නට විය. ගතවුයේ සුළු මොහොතකි. එකපාරම බස් එක පාරෙන් ඉවතර පැන අසල තිබූ කාණුවතට වැටී නතර විය. මට තාම නින්දත් නොනින්දත් අතර පාරේ අනෙක් පස පෙරලුනු යතුරු පැදියකි. එහෙමත් නැත්නම් මොට්ට සයිකලයකි. අඩි දෙකයි හූවකි. අපි දෙන්න බස් එළියට පැන්නේය.... මැදි වයෙන් පොරක් බස් රථය අසලින් නැගිටින්නට විය. බස් එකට අලාබහානි සුළුය. රියදුරා  කනේ වැලි ගෑවෙන්න ඔන්න මෙන්න තියා බස් රථය පාර අයිනට කපන ලදි. බස් එක අපි එක්කොමත් එක්කගෙනම පාර අයිනේ කානුවට වැටුනි. තව පොඩ්ඩක් එහා මෙහා උනානාම් අපට විසා ලැබෙනවා එහෙම නැත්නම් එහා පැත්තේ තියෙන වෙලේ මඩ කනවා.........ඒකත් වාසනවාකි.... අපි දෙන්නටද බඩු පැකට්ය. බස් එකට නැගලා සල්ලි දීල වද දීල දීට ටිකට් එක ගත්තා විතරයි. එකත් සිදුවුයේ කුප්ප වෙලාවටය...අපි නිට්ටඹූව දෙසට පයින් යන්නට විය. ලොවෙත් විවිධාකාර වාහන නිට්ටඹුව දෙසට ගියමුත් අපිට ලිෆ්ට් එකක් දෙන්න කබ්බෙක් සෙට් නොවීමත් කරුමයකි. ඒ අස්සේ වැස්සක්ද සෙට් විය.....

අම්මේ.....ඒකත් ඇති....නිට්ටඹුවට ඇවිත් ගෙදර එන්න අම්බානෙකට කට්ටක් කෑව....ගෙදර එනකොට සවස 7 විතර උනා......මට මේ වගේ කුප්ප කේස්වෙනවා අඩුයි. ඒත් මේ වගේ බොරසීන් සිද්ද වෙනවා දවස පුරාම ගොඩක් වෙලාවට. ඒක නිසා යන එන මගෙ තොට පරිස්සමෙන්....

සැලකිය යුතුයි - මේ දිනවල මගේ බ්ලොග් අඩවියේ නමා මාත්තරය වෙනස් කිරීමකට සැරසෙන අතර ඔබට කුප්ප නමක් පහල වුයේ නම් හෝ හිතේ හට ගත්තේ නම් මල් ළුල දැරීමට මෙහි කොටා යන්න...

Thursday, February 14, 2013

මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට - 2 කොටස


සැහ්...කුසුමා මොටද ලංවී රොන් ගන්න බැරි කියලා සිංදුවක් අහන ගමන් බස් රේඩියොවේ... පස්ට සිංදු ටික ඇහ්.....ඒ අස්සේ අහස කුසු කුසු ගානවා....අද වැලෙන් ටයින් දවසක්ලු... අපිට කොයින්ද ආලෙ කිව්වලු...අනික ඔය බඹරු රොන් ගන්නකොට කසුමගෙන් අහලවැ ඕව ගන්නේ....හැහ්.....

අහ් කියන්න ආපු දේත් අමතක උනානේ....

අද අර මෙව්ව එකේ දෙවනි දවස....ඒ කියන්නේ මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට දවසක් ! කියන්ට කියලා..... ඔන්න ඉතින් අපි මහියංගනේ නමස්කාර කරලා එහෙම ආවා සොර බොර වැව ගාවට දවල් කෑමට....එතකොට වෙලාව නිකන් 1යි හෝ 2යි වගේ තමා මතක....මම ඉතින් මැද පෙළ නියෝජන කරමින් උද්වේගකර ලෙස පන්දුවට පහර දෙන්නෙක් නිසා...දවල්ට කාලා ඉවරවෙනකොට සෑහීමකට පත්වෙන්න පුළුවන් ඉනිමක් සෙල්ලන් කරලා මහ රූස්ස ගමක් මුල අන තියාගෙන සොර බොර වැවේ බෝට්ටු යන එන දිහා බලාගෙන හිටියේ.... 

මේ තියෙන්නේ අඩු මුදලින් වැඩි දුරක් යන අපේ රටේ මන්දගාමී බොට්ටු සේවයක්..
සොරබොර වැවේ රවුමක් ගහන්න මෙයාලා අපෙන් 250ක් ඉල්ලුවා... 

කොහොම උනත් අපි හැමෝම මනුස්සයොනේ....එක හින්දා කෙවල් කරන්නේ නැතුවම අපි නඩේ සීන් එකට එන්ටර් උනා. මුලදි මුලදි කස්ටිය අදිමදි කරත් පස්සේ අපේ නඩෙන් සෑහෙන්න පිරිසක් සොරබොර වැවේ කරක්ගැහුවා කිව්වොත් හරි...හැබැයි මම ඇරෙන්න...
මම ඉතින් ඕවයේ දස්සයෙක් නෙවෙයිනේ.... මම දස්ස ඉතින් මතුර මට්ටම අඩියේ දෙකේදී ගැඹුරටම කිමිදෙන්නනේ...

අපේ පලවැනි සැට් එක අධිවේගී මන්දගාමී බොට්ටුවෙන් සොරබොර වැවමැද්දට

ඈතින් ඈතට....

ඈතින් ඈතට....

ඈතින් ඈතට........ගියා....


 මම විතරක් කුප්ප විදියට ගොඩ බිම තනි උනා.....වස ලැජ්ජාවයි ඕයි...ඒත් මොනවා කරන්නද අප්පා... මට පුංචි සන්දියේ හිටන් උඩ ගමන් වතුරෙන් ගමන් අපලයි...
ඔන්න ඉතින් ඒ අපේ නඩේ ඒ ආසාවක් ඉෂ්ඨ සිද්ධ කරගෙන අපි කථාකරගත්ත විදියට දඹානට ගන්න පිටත් උනා....එතකොට වෙලාව හවස 3ට විතර ඇති මයෙ හිතේ...පාර නම් කටුකයි....බොහොම දුශ්කරයි...දැන්නම් ඒ පැත්ත පාරට අර කාපට්ද මොකක්ද එකක් දාලලු...සික් විතරක් අපේම කරුමේ...

කොහොමද භාණ්ඩේ.....මට මේක දැක්ක ගමන් මතක් උනේ කව්ද බෝයි කාර්ටුන් එක ඕයි !


මුලින් දඹානේ හොල්ට් එකෙන් බැස්ස ගමන් තියෙන්නේ දඹානේ ඇත්තන්ගේ පොඩි කඩමණ්ඩියක්....ඒකේ මීපැණි.....කිතුල් හතුරු වගේ තවත් ගමේ හැදෙන පළතුරු ජාතී එහෙම තිබ්බා....අහ් තව කොටි දත්....ඇත්දත් වගේම.....පැදුරු ගෝනි එහෙමත් තිබ්බා....මිල නම් ටිකක් වැඩී .....එ උනුට ඔරිමජිනල් මේඩ් ඉන් දඹාන.....ඒ පැත්තේ ළමන් එහෙමත් දැන් දැණුමෙන් පොහොසත්....ලියන් කියන්න එහෙමත් දන්නවා... ඇයි තවයෙක්....කොච්චර උස් මහත් උනත් දැනුමෙන් පොසත් උනත් ඒ පැත්තේ උදවිය නම් එයාලගේ බහ වෙනස් කරලා නැහැ..අපිත් එකකත් හරි හරියට වැදි බාසාවෙන් කථා කරා...(අපි සාමාන්නය විදියට සිංහලෙ කථාකරනකොට ඒ ඇත්තෝ වැදි බාසාවෙන් තමා උත්තර දුන්නේ....) එයාලා හැම වෙලේම කිව්ව දෙයක් තමා එයාලාව අමතක කරන්න එපා කියන එක....ඒක ඇත්ත...අපි කවදාවත් අපේ ජාතියේ අගමුල අමතක කරන්න නරකයි...අම්මපා....

බලන්න මෙයාද දන්න අය ඉන්නවද කියලා... (මෙයා තමා තිසා හාමි කියන්නේ....)
හිටපු සුපිරි වැදි නායක ඇත්තෙක්....හැබැයි දැන්නම් මියපරාලොව ගිහිල්ලා.....


ඔන්න අපි එතනින් ගියා දඹානේ ගම්මුලාදෑනියාගේ ගෙදරට....

අපි එනකොට උන්දෑ බේත් තෙල් බිසිනොස් එකක් පටන් අරන්...බලන්න එපෑයෑ සෙනග...

අපේ ඇන්ට්ක් සෙට් එකටත් ඉතින් ඒ ඇති....ගිය ඔක්කොම වගේ බේත් තෙල් ගත්තා....මම ඇරෙන්න....මොකද මම තාම පොඩි එකානේ..

කොහොමද මගේ ඇහැ....පස්ට ලොකේෂක් එකක් නොවැ....


මේ ඉන්නේ දැන් ඉන්න වැදි නායකයා....ඌරු වරිගේ වන්නිල ඇත්තෝ.....
(ඔය පිටිපස්සෙන් තියෙන පින්තූර උන්දෙලගේ පරම්පරාවේ වරිගේ ඈයොන්ගේ පින්තූරලු.....)

මේ තියෙන්නේ දඹාන ගමේ ගෙදරක්.....

දඹාන ගමේ ජීවත්වෙන දරුවෝ....පව් අප්පා...
(මේ ළමයින්ගේ අඩුපාඩු දැක්කම අපිට මොනවද අඩු කියලා හිතෙනවා)



 ඊට පස්සේ එයාලා එයාලගේ මුතුන්මිත්තෝ සැතපෙලා ඉන්න සොහොනකට එක්කන් ගියා....අපි පොටෝ ගහන්න හදනකොට එයාලා ඒකට තරයේ විරුද්ධ උනා... ඒක ඇත්ත ඒක එයාලගේ නිජ භූමිය.....මේක අපිට වගේම එයාලටත් අයිති....අන්තිමට අපි එයාලට ආයුබෝවන් කියලා දඹානෙන් 5 විතර පිටත් උනු අපි ගෙදර එනකොට රෑ 12ත් පහුවෙලා තිබ්බේ....

කාලෙකින් ගිය සුපිරි ගමනක්...හිතටත් ලොකු විවේකයක් සැනසීමක් දැනුනා...අපි ලංකෑවේ දැකපු දේවල් අඩුයි...නොදැකපු දේවල් වැඩී....පොඩී උනාට මේ ලාංකාව පැරණි උරුමයන් තියෙන උතුම් රටක්...!

Sunday, February 10, 2013

මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට දවසක් !

අද ඉරිදා...හ්ම් පට්ට කම්මැලි දවසක්.....බලන්න ෆිලිම් කැල්ලක් නැති තැන ගියා මගේ පින්තූර එකතුව පැත්තට ඔලුව දාල මතකේ හාරා අවුස්සන්න.... ශහ්....පට්ටනේ....මට අහු උනා මම මහියංගනේ ගිය ටිරිප් පොටෝ ටිකක් හැබැයි තිබ්බේ වෙන ෆෝල්ඩර් එකක...අම්මට සිරි සුද්දෙක් වගේ මම ඒව එකින් එක බැලුවා.......කියන්න ලැජ්ජ උනත් කියන්නම වෙනවා.. මම ගියේ වයස 60-70 අතර ඇන්ටික් සෙට් එකක් එක්ක...මේ මට සෙට් උනු පිනට යන ටිරිප් එකක්....

ඒ කාලේ කෙච්චර සීතලද කියනවා නම් මහනුවර වැවෙත් මාළු ගොඩ පීනනවා ඕයි........ මේ




උදේ පාන්දරින් පිටත් උනු අපි 7 වෙද්දි මහනුවර දළදා වහන්සේ වන්දනාමාන කරලා මහියන්ංගන ගමන් පටන් ගත්තා.. ඇනටික්සෙට් එක කුප්ප විහිළුයි කුණූහරපයි මතක් වෙද්ද මගේ සරීරේ වෙවුලනවා. හරිම ගුජුප්සාජනකයි මෙයාලා. ඔන්න 2 විතර වෙනකොට අපි මහියංගනේ....සූර්යා අහසේ තනියෙන් ගේමක් දෙද්දි පුදුම සනීපෙකින් අපි මහියංගනේට ගොඩ උනා... දකින දකින තැන මනම් ගහකොළ වේලිලා.... පොළව අම්බානෙකට වේලිලා....මට ඒ දවසේ මහියංගනේ පෙනුනේ කලහාරී කාන්තාරෙ වගේ....අපේ බස්එක එළවපුඑකා නොදකින් විතරක් හැලපයා.... බස් එක ගිහින් ගැහුවා ගහක් යටින්.....බලනකොට ඒ වටේටම තියෙන්නේ ඒ කොහොඹ ගහ විතරයි.. යකෝ වෙන ඕන තරම් ගහ කොළ තියෙද්දී මේ හැලපයට පෙනුනෙම මේ ගහ විතරද... ඒ අස්සේ ඩේලි කලෙක්ශන් දාන සෙට් එකකුත් ඉන්නවා... ඔක්කොම අතපය හතරම සම්පූර්ණ කොල්ලෝ කුරුට්ටෝ....අනේ මෙහෙමත් ලෝකයක් ඇහ් !

ඔය තියෙන්නේ වංගු 18 පැත්තේදී මගේ පොටෝ කැමරාවට අහු උනු මෙව්වා කිහිපයක්...






ළඟ නැවිල්ලක් ඉදරියෙන්

දුර පේන තැනි තලා - මේ අනුරාධපුරේ නම් නෙවෙයි.. සමහරවි ඒ පැත්තත් පේනව ඇති...ඒත් මේ නම් මහියංගනේ...



වහන එළවන අයට අනිත් පැත්තෙන් එන වහන වල මූණු වලට හාච්චි දෙන්න කලින් දකින්නද කොහෙද කියලා ආර්.ඩී.ඕ එකෙන් හයි කරලා දුන්නු කණ්නාඩි....


අන්තිම වංගුව පහුකරමින් මහියංගනය දෙසට !

ඒ දැක්කේ මහියංගනයට එනකොට දැකපු දේවල්නේ.....දැන් බලන්න මහියංනයෙදි දැකපු දේවල්.....

අපෙනුත් ගන්න මල්.....!

මහියංගනේ චෛතත්‍ය රාජයානෝ....

තොපි කියව කියව ඉන්නේ මට කන්න දෙන්නේ නැද්ද.....මට බඩගිනි...!!

පිං පාට කොඩි වැල....


අපිට සෙවන දුන් එකම බෝ ගස....(මේක යටට තමා අපේ බස්එක ගාල් කොරේ..)


මේවත් බලන්නකෝ ....බෝනස් ෆොටෝ.....ටිකාකාකාක්................

අහක යන ටැප් වතුරෙන් උගුරකට තෙමා ගනනා ගවයෙක්......(පව් අප්පා.....)

කන්න යමක් නැති හෙයින් පූජාසයේ මල් කන ගවයෙක්

වැඩිය දාලා ඔයාලට එපා වෙයි...ඒක හිංදා කථාව මතු සම්බන්ධයි....!
අදීවාසීන් දැක ගන්න ගිය ගමන ඉදිරි පෝස්ටුවෙන් බලාපොරොත්තුවන්න...!