Showing posts with label විශේෂ දැන්වීම්. Show all posts
Showing posts with label විශේෂ දැන්වීම්. Show all posts

Friday, May 11, 2018

මගේ දෝතට පුතු ආවා !!!!

මේ තියෙන්නේ මගේ ජීවිතේ හැමදේම උඩු යටිකුරු කරපු. මගේ පුදුම හතෙන් එක

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා





Saturday, December 24, 2016

කොහොමද යාළුවනේ..
හ්ම්....අද 2016 දෙසැම්බර් 24.....
අම්මටසිරි...
ඒ කියන්නේ මේ බ්ලොග් පිටුවට ඊයෙට අවුරුදු 7 ක් පරණයි කියන එක
ලියන්න කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා..
බ්ලොග් අවකාශෙ දැන්නම් ගොඩක් පාළුවට ගිහිල්ල..
මට වඩා ගොඩක් පරණ අය මේ වෙනකොටත් බ්ලොග් ලියන එක නැවතිලා එහෙම නැත්නම් නවත්තලා....
පහුගිය කාලේ හැමෝගේම උදවු ඇතිව මම මේ බ්ලොග් පිටුවේ නම වෙනස්කලා...
හැම එකම විදියට ඉන්නත් බැහැනේ ඉතින්.....
ඉක්මනටම එනනම්කෝ මම ඔයාලව බලන්න මගේ අලුත් බොලොග් පොස්ටු අරගෙන...
හැමෝටම මේ දවස්වල ඉතින් නත්තල්නේද ???
එළ එළ.....
හම්බෙමුකෝ....



Thursday, March 17, 2016

වෙනසක් එක්ක ගමනක්

 
 හායි....හායි....

ඉතින් ඉතින් කොහොමද ?

සෑහෙන්න කාලෙකකින් ආහ්.....

සෑහෙන්න වෙනසක් වෙලා නේද ??

ඔන්න කාලයක් තිස්සේ බලාපොරොත්තුවනේ හිටපු විදියට මම මගේ බ්ලොග් කට්ට වෙනස් කලා..
මුලින්ම කියන්න ඕනි මට මේ වෙනකන් දවසට එකපාරක් හරි ඇවිදින් මම අන්නද මලාද කියල බලල ගිය කස්ටියට මම බොක්කෙන්ම ඔලුව නවලා දනගහලා බඩ ගලා පින් දෙනවාග මොකද ඔයාලා හින්දා තමයි මේච්චරකල් හරි මේ දේවල් ලියන්න තිබ්බ ආසාව තාමත් තියෙන්නේ...

පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් නැවති නැවති ලියන්න වෙලා තියෙන්නේ කාලයත් එක්ක සිද්ධවුනු හැල හැප්පීම් නිසා...

කොල්ලගේ ජීවිතේ අම්පානෙකට වෙනස් උනා.. කොටිම්ම කිව්වොත් හුලන් හමන දිසාවත් වෙනස් උනා..

හරි හරි ඒවා දිග කථා ......

පප්පර පප්පර පාම්.....
මෙන්න ඔබ පුල පුලා උල උලා බලා සිටි ඒ අසිරිමත් මොහොත....
පුරා වසර දෙකකට අධික කාලයක් තිස්සේ ඔබත් මාත් ආදරයෙන් කෑදරයෙන් කැසිල්ලේන් බලා සිටි ඒ අසිරිමත් මොහොත...


ඔන්න දැම්මා එහෙනම්......
කාලයක් තිස්සේ කල්පනා කරලා කරලා කරලා කරලා කරලා.... අන්තිමට මගේ රසියන්ගේම ඉල්ලීමක් මත එන්න ඒකත් වෙනස් කොරා...

බ්ලොග් ලියපු ගොඩක් වැඩ්ඩෝ අද සද්දයක් නම් නැහැ....විසේයෙන්ම රත්ගමයා.... නාඩියා.....රජා...
අම්මේ ලියන්න ගියොග් ගොඩක් ඉන්නවා.....
යකුනේ ආයෙ ලියපල්ලාකෝ......

සුදීක අයියා ඔයාට ගොඩක් පිං........
ඒ වගේම මං එක්ක පුරා අවුරුදු 6ත් තිස්සේ මගේ හරි වැරදි හදලා....මත් එක්ක ඉන්න හිටපු හැම දෙනාටම ගොඩාක් ගොඩාක් ....ස්තුතයි...

එහෙනම් ආයෙ ඉක්මනටහ හම්බවෙමුකෝ.........

Sunday, December 8, 2013

කුරුටු ගෑම !



අම්මෝ........ඔන්න සෑහෙන කාලෙකින් බ්ලොග් එකට ගොඩඋනා. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. 

මුලින්ම කියන්න තියෙන්නේ මෙන්න මෙවුවා...

1. මෙච්චර කල් මගේ බ්ලොග් එකට දවස ගානේ නිකමට හරි කරක් ගහලා මෙනවා හරි දෙයක් අහුල ගත්ත කෙනෙක් සිටී නම් අයියනායක දෙයියන්ගේම පිහිටයි.බුදු සරණයි.(යකෝ මේවා කියන්නේ හිතේ තරහකට නෙවෙයි....දරාගන්න බැරි සතුටට)

2. පහුගිය කාලේ මේ පැත්තේ එන්න බැරි උනා. සිංහලේ ඉපදිලා සිංහල වෙනුවෙන් දෙයක් කරන්න බැරි උනා. දන්න නොදන්න අය වෙනුවෙන් රසවින්දනයට දෙයක් කරන්න අමතක උන. ඒකට මගේ රසික රසිකාවියන්ට අනේකනාරයන් සමාවෙන්ට ඕනි.....හරිය.....

3. මැයි මාසෙන් පස්සේ මෙලෝ දෙයක් කරේ නැති නිසා බ්ලොග් එක නැති බංගස්තාන වෙලාද මන්දා. මට කියලා ගොඩක් රසිකයෝ නැති උනාට හිටිය පිරිස විටින් විට ඇවිත් ගිය එකටගොඩක් පින්. ඒවගේම මග තොට දැක්කම මචං ඇත් දැන් බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියලා අහලා මගේ හයියට හිටිය...මගේ හැම පියවරකදිම මට අත දුන්න. විසිල් එකයි බල්ටියෙන් සපොට් එක දුන්නු හැමෝටම ගොඩක් පිං.

හ්ම්.....


ඔන්න එහෙමයි ගිය කාලේ උනා කියන්නේ...

මැයි මාසෙන් පස්සේ ජීවිතේ නං ගොඩක් දේවල් උනා. කොහොම උනත් මතක හිටිය දේවල් අතර බ්ලොගාර්ස්ගේ ගොට්ටුවට ගියා රජයි. ගවේශකයයි...තව නගාල දෙන්නෙක් එකක්....එකේදි ගොඩක් දේවල් උනානේ....ඒවා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ....

ඊට පස්සේ ගවේශකයි, පොඩි මහත්තයයි, ලොශාන් මහත්තයයි එක්ක නකල්ස් පැත්තේ රවුමක් ගහන්නත් ලැබුනා. කියන්න දෙයක් නැහැ ජීවිතේ කෙලවර වෙනකම්ම ඒ දේවල් අමතක වෙන එකක් නැති වෙයි.

තව.....ආහ් අපේ ගවේශක තැනගේ අදහසක් විදියට අපි IT's Time to Hike කියලා පේස් බුක් පිටුවක් පටන් ගත්තා මේ වෙනකොට ගමන් බිමන් කිහිපයක්ම ගියා. කියන්න කලින් ගොඩක් අය දන්නවත් ඇති. ඒ පැත්තෙනුත් ඉස්සරහට ලොකු වෙනසක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔයින් මෙයින් ගෙදෙට්ට කොටුවෙලා හිටිය කොල්ලට ජොබ් එකක් සැට් උනේ අනූනවයෙන්.... අනේ වාසනාවන්....කිව්වලු...එදා හිටන් අද වෙනක් මම කරන්නේ එන්න ඒ ජොබ් එකමයි. පොඩිකාලේ හිටම්ම කොම්පියුටරේට තිබ්බ ආසාමේ අග්ගර පලය තා මේ ජොබ් එක... ඉතින් ඔහොම කාලයක් යනකොට මගේ හිමිකන් ඔක්කොට කොහෙන්ද ආපු පොඩි එකෙක් ටොක්ක ඇන්නේ හරියටම මීට මාස 8 කට 9කට විතර කලින්නේ....ඒ තමා අපේ අක්කගේ පොඩි එකා......කොල්ලෙක්....මම ඒකගේ මාමා විදියට මේ වෙනකොට ගාලය ගෙවනවා. මූට අනිත් ඔක්කොට දකිනකොට ලාබාල හිනවාක් දැම්මත් , මම දකිනකොට කොල්ලගේ මූණෙ තියෙන්නේ පට්ට පදිරි කුප්ප හිනවක්. මා දහා බලන්නේම නක්කලේටමයි. අර කතාවට කියනවා වගේ මා කළ වරදට ඇයි අම්මට බයින්නේ වගේ එකාගේ හිනවට ඉතින් මම ඒ පොඩි එකාට මෙනවා කොරන්නද. හැබැයි එක දෙයක් ඒකාන්තයි. ඔය පොඩි එකා තේරෙන වයසට එනකොට මේ මාමාගේ කෙස් ගස් පිටිම්ම උගුල්ලනවා ඒකාන්තයි. 

වැඩිය ලියලා ඔයාලාට එපා කරන්න කැමති නැහැ මම. කොහොම උනත් අවුරුදු 3 ක් විතර තිස්සේ බොහොම හෙමින් තමා මගේ ගමන යන්නේ.... මගේ පොස්ටු  කියවපු කොමෙන්ට් කරපු ගුණ දොස් යෝජනා චෝදනා කරපු... මාත් එක්ක මෙච්චර කල් හිමිය හැමෝටම ගොඩක් ස්තුතියි

මාත් එක්ක සමකාලීනව බ්ලොග් ලියන්න ගත්තු...මට පෙර හා මට පසු බ්ලොග් ලියන්න පටන් ගත්තු හැමෝටම තව දුර යන්න ශක්තිය දෛර්ය වාසනවා ලැබෙන්න කියලා මම එක හිතින්ම මම පතනවා..

ඔන්න කියන්න හිටිය දේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... මේ මාසේ 23 වෙනිදට මගේ බ්ලොග් ගමනේ 4 වෙනි අවුරුද්ද පහු කරනවා. තාම පොස්ටු ගොඩක් නැති බව ඇත්ත....ගමන හෙමින් බවත් ඇත්ත... ඒත් එදාටත් මම විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...

එහෙනම් ගිහිල්ල එන්නම්
120ට 220ක් ම ආයුබෝ වේව !

Wednesday, April 24, 2013

තව පොඩ්ඩක් එහා මෙහා උනානාම් අපට විසා ලැබෙනවා

පින්වතුනි පන්වතියනේ මයෙ අම්මේ තාත්තෝ අයියේ අක්කේ නංගියේ මට දෙන්න මගේ පුංචිකාලේ....හැහ් වැදුනා නේද..හරි මෙන්න මේකයි කේස් එක..... අට අනුවක් රෝග නවඅනූවක් රෝග පල්ලා මම මේක ලියන්නේ මහ සාගරේ මෙව්වා වෙන පරිද්දේ මයෙ හිතේ හංගගෙනඇති කුප්ප සීන් කොන් මෙසේ කොටා දිගහැරීමට සිතුවේ අහම්බෙන්ය....



උදේම අම්මගේ ගොර්නාඩු අස්සේ ඇහැරුනේ වැඩට යන්න කියලා.. දත් මැද්ද කියලාවත් හරි හමන් මතකයක් නැතුව තේක බීලා ලැහැස්ති වෙලා වැඩට යන්න ගෙදරින් එළියට බැස්සා...අපරාදේ කියන්න බැහැ ඉස්ස බයිසිකල් පදින උන්ට වතුර ගහලද කොහෙද උදේ පාන්දරම 7.30 විතර එළියට ආවා විතරයි. මල් මල් මහ වැස්ස.. මගේ වාසනාවට වගේ කුඩෙටත් ගෙදර එකෙක් විදලා.. ඒකත් ආගිය අතක් නැහැ...මොනවා උනත් ඒකත් ජය සිරි මංගලම් කියලා හිතාගෙන හන්දියෙන් බස් එකට නැග්ගා නුවර පාර සිහාවට යන්න කියලා. ඔන්න බස් එකේ කොන්දයියා..

කොන්දා - (මම රුපියල් 20 පෙන්නුවහම)....මල්ලි රුපියල් දෙකක් දෙන්න...

මම - අනේ නැහැ බොස්...පාර්ස් එකේ තියෙන්නෙම රුපියල් 50 යි

කොන්දා - මල්ල බහිනකොට ඉතුරු ගම්මුකෝ...

කියලා මේකා ගියා. මට නිකං මේවා හීනෙන් හීනෙන් වගේ මතකයි.  ඔන්න බහින්න ඕනි පොට් අකටත් ආවා. මම බහිනකොට කොන්දට පොඩි ටෝකක් දැම්ම.

මම - අයියේ ඉතුරු...

කොන්දා- මල්ලි මාරු නැහැ...අයේ එන වෙලාවක මතක් කරන්නකෝ මල්ලි ඉතින් ඉන්නේ මේ පාරේනේ...(නොදකින් අසමජ්ජාතියා..)

මුන්ට අපි සල්ලි අඩුවෙන් දෙනකොටත් රුදාව. අපි උන්ගෙන් ඉතුරු ඉල්ලනකොටත් රුදුව. යකෝ මුන් ගැන ගලේ බණ්ඩාර දෙයියොම බලන්න ඕනි. හ්ම්....ඔන්න ගියා ඒ පාර නුවර පාරට පැත්තට ඇවිදගෙන..

ආවා කොළඹ - කෑගල්ල බස් එකක්...කොල්ලා දැම්ම අත.....අපරාදෙ කියන්න බැහැ ඩැයිවර් කොල්ලා පස්ට පොරකි. පොර මම ඉන්න තැනටම බස් එකේ පිටි පස්සේ දොර තියලා නැවැත්තුවා... ඔන්න ඉකින් කොල්ලත් ගොඩ උනා.  දැන් ඔන්න බස් එක නිට්ටඹුව කල(ර්) ලයිට් ඉස්සසහ නැවැත්තුව වෙලේ කොල්ලා බැස්සා...බැහැලා...නිට්ටඹුවේ බස් ඉස්ටෑන්ඩ් එක පැත්තට ඇදුනා. අම්ම ගහයි....අද නිට්ටඹුවේ පොල දවස... ඒ අස්සේ උදේ 8 ට එන බස් එකත් අද නැහැ.. වෙනදට බස් එක එනකන් දුරට ආතල් රබර් ඇහැ දාන කෙල්ලෙක් හිටියා .....හපොයි අද ඒකිත් නැහැ...අද බස් හෝල්ට් එක අමු සොහොනකි. බස් හොල්ට් එකටම කෙල්ලො වගේ ඇන්ටිලා කිහිප පොලකි. මම එතනින් ලිස්සලා රුග්ගහවිල පැත්තේ බස් එකකට නැග්ගා මතකයි. චැහ්... ඒකත් වැරදි බස් එකක්. බැස්සා ආයෙත් ඒකෙන්.....ආපහු ආවා බස් ඉස්ටෑන්ඩ් එකට.....අයිශ් අම්මා ගුණ්ඩු..... රබර් ඇහැ දාන කෙල්ල ඇවිල්ලා... කොල්ල ගියා ගිහින් හට ගත්ත බස් හෝල්ට් එකේ....

 නොදකින් විතරක් අපි ගහකට නැග්ගොත් ඒකෙත් කොළ නැහැ......බස් එක ආවා කියහන්කෝ...මට තනි ඇහැට හො ගාලා අවුල්ය. අර කෙල්ල බස් එකට නැගලා අවුරුදු 65-70 විතර පොරක් එක්ක බර කදේක. යකෝ මම වගේ කලු දාර කැත හැන්ඩ් සම් කොල්ලෙක් ඉද්දි ඒකිට අර පොරට හිත ගියේ කොහොමෙයි. හරි නංගී අහුවෙයන්කෝ ආයේ දවස...

කොල්ලා බස්එකේ පිටි පස්සටම ගිහින් මනෝ පාරකුත් දාගෙන ඉන්නකොට නොදැනිම වගේ බස් එක වැඩ කරන පොට් එක ගාවට ඇවිල්ලාය.බැහැ කොන්දට සල්ලි දික්කලා.

කොන්දා - මල්ලි රුපියල් දෙකක් නැද්ද ?

මම - (සුපුරුදු විදියට) අනේ නැහැ අයියේ...

කොන්දා - හරි එහෙනම් රුපියල් 5ක් දෙන්න

මම රුපියල් 10 කොලයකි පොර වෙදට දික් කලෙමි. අම්මට සිලි කිව්වලු මෙන්න මූ අමු අමුවෙම මට මාරු සල්ලි දෙනවා.  මේකට තමා කියන්නේ දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියලා...

හ්ම් ...අද මහ කුප්පය....වැඩ නැති හෙයින් සිංදුවෙන් මුළු දවසම ගෙවීමට සිදුවු අතර පිට රටින් කොම්පැණියට පාත්වු අක්කෙක්ගේ බාගෙට කෑ ඇපල් ලැප් ටොප්පියත් හදලා දෙන්නට සිදුවිය. එහි විපාක විදියට ඒ අක්කි මගේ කොම්පියුටරේ මූසිකට ගලවාගෙන පලා යන ලදි. ඒ අයේ ඉල්ලා ගැනීමට මම අපොහොසත් වීමි. අක්කා නම් පස්ටය...ලක්ෂාන / වික්ටෝරියා / රන්දදෙණිගල ජලාශ වගේ සැහෙන්න දේවල් ඉන්ගිරීසියෙන් දෙඩයි. මම කියන හැම දේටම තැන්කිව් කියන අතර අක්කා කියල කිසිම දේකට මම උත්තර දීමට අපොහොසත්ය. ඉංගිරිසි අක්කා විටින විට මෙනවාදෝ දොවන අතර විටෙක තනියෙන් සිනාසෙයි.හිකිස්...එකිට පිස්සුද කොහෙද  ? මම ඇගේ කාමරයෙන් විසිවී අයි.ටී කාමරය නොහොත් මගේ රජධානියට ගොඩවිය. හැමදාම මේක අස්සේ රිංගනවා ඇරෙන්න මේකඅස්කරපු දවසක් මගේ මතකයේ නොවු හෙයින් අද ඊට සුදුසු දවසක් බව මට වැටහිනි. තිබූ බඩු මුට්ටු එහාට මෙහාට කර ලාවට අස්කර ඉවර වන විට ඉන්ටවල් එක සෙටි විය. කැන්ටිමට ඇදුනු මම අම්මානෙකට සප්පායන් වු මම ආයෙත් රාජධානියට ගොඩවිය.

මගේ කාර්යාලීය සගයා යාළුවා වගේම අයියා නොහොත් හැමෝම ආදරයට හැමෝම කියන්නේ අසියා කියාය. ඇත්ත නම අසිතය. මට අසියා ......අසිත අයියා වෙයි. දැනුමෙන් පොහොසත් ඔහු කොම්පියුටර් ගැන හසල දැනුමක් ඇති පොරකි. කොල්ලන්ගේ බාසාවෙන් කියනවා නම් කොම්පියුර් ජිල්මාට් වැඩ්ඩෙකි.හවස් වනතෙක් එක එක වැඩ කර හිටි අපි දෙන්නා 5.30 වන විය පොට් එකෙන් චුත විය.....

ඔන්න දැන් තමා අවංකෙන්ම තනිඇහැට කොරවෙන සින් එක....නිට්ටඹුවේ දෙසට ඇදෙන බසයකට අප දෙදෙනා ගොඩවිය. පස්රථයේ රියදුරා කොල්ලෙකි. ඌට පාර නිකන් ටෙයිස්ට. පොර බස්එක අනි ඇහැට නිට්ටඹූව දෙයට ධාවනය කරන්නට විය. ගතවුයේ සුළු මොහොතකි. එකපාරම බස් එක පාරෙන් ඉවතර පැන අසල තිබූ කාණුවතට වැටී නතර විය. මට තාම නින්දත් නොනින්දත් අතර පාරේ අනෙක් පස පෙරලුනු යතුරු පැදියකි. එහෙමත් නැත්නම් මොට්ට සයිකලයකි. අඩි දෙකයි හූවකි. අපි දෙන්න බස් එළියට පැන්නේය.... මැදි වයෙන් පොරක් බස් රථය අසලින් නැගිටින්නට විය. බස් එකට අලාබහානි සුළුය. රියදුරා  කනේ වැලි ගෑවෙන්න ඔන්න මෙන්න තියා බස් රථය පාර අයිනට කපන ලදි. බස් එක අපි එක්කොමත් එක්කගෙනම පාර අයිනේ කානුවට වැටුනි. තව පොඩ්ඩක් එහා මෙහා උනානාම් අපට විසා ලැබෙනවා එහෙම නැත්නම් එහා පැත්තේ තියෙන වෙලේ මඩ කනවා.........ඒකත් වාසනවාකි.... අපි දෙන්නටද බඩු පැකට්ය. බස් එකට නැගලා සල්ලි දීල වද දීල දීට ටිකට් එක ගත්තා විතරයි. එකත් සිදුවුයේ කුප්ප වෙලාවටය...අපි නිට්ටඹූව දෙසට පයින් යන්නට විය. ලොවෙත් විවිධාකාර වාහන නිට්ටඹුව දෙසට ගියමුත් අපිට ලිෆ්ට් එකක් දෙන්න කබ්බෙක් සෙට් නොවීමත් කරුමයකි. ඒ අස්සේ වැස්සක්ද සෙට් විය.....

අම්මේ.....ඒකත් ඇති....නිට්ටඹුවට ඇවිත් ගෙදර එන්න අම්බානෙකට කට්ටක් කෑව....ගෙදර එනකොට සවස 7 විතර උනා......මට මේ වගේ කුප්ප කේස්වෙනවා අඩුයි. ඒත් මේ වගේ බොරසීන් සිද්ද වෙනවා දවස පුරාම ගොඩක් වෙලාවට. ඒක නිසා යන එන මගෙ තොට පරිස්සමෙන්....

සැලකිය යුතුයි - මේ දිනවල මගේ බ්ලොග් අඩවියේ නමා මාත්තරය වෙනස් කිරීමකට සැරසෙන අතර ඔබට කුප්ප නමක් පහල වුයේ නම් හෝ හිතේ හට ගත්තේ නම් මල් ළුල දැරීමට මෙහි කොටා යන්න...

Saturday, August 25, 2012

මගේ අර්ධ ශතකය | Half Century

මේ මම බ්ලොග් ලියපු ජීවිතේ 51 වන බ්ලොග් ලියවිල්ලයි....දර්ශන මලයයි කණි සහොයි දෙන්නගේ උදව්වෙන් මම 2009 දෙසැම්බර් මාසේ බ්ලොග්කරනයට ආවා.... අදටත් මගේ බ්ලොග්කරන ජීවිතේ වීරයෝ දෙන්න තමා දර්ශන මලයයි කණි සහොයි  කියන මගේ මිත්තරයෝ දෙන්නා. මාස 30ක් තිස්සේ මගේ ජීවිතේ මට හම්බ උනු ඔයාලට වැදගත් වෙයි කියන හැමදේම ඔයාලත් එක්ක හිතට අවංකව බෙදා ගත්තා....මේ බ්ලොග්කරනයෙන් ගොඩක් යාළුවෝ හම්බ උනා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බෙදා ගත්තා බොහෝ සතුටුයි ඒ ගැන...අනිත් අයගේ පොස්ට් එකක බලද්දි මම ගොඩක් පාත ඇති..නමුත් මම ඔයාල එක්ක බෙදා ගත්තේ මනසට අසවිද්නයක් කලාවත් එක්ක දැනුමත් ලැබෙන දේවල් තමා.. මගේ මේ බ්ලොග් ලියවිලි වලින් මේ ලෝකෙ කව්රු හරි කෙනෙක් දෙයක් ඉගෙන ගත්ත නම් දෙයක් දැන ගත්ත නම් රසයක් විනෝදයක් ලැබුවා නම්....මට ඕනි අන්න ඒ දේ විතරයි.  දර්ශන මලයයි කණි සහොයි   කියලා දුන්නු අන්න ඒ බ්ලොග්කරනය මට වැරදි දේකට පාවිච්චි නොකර මනුස්සයගෙම යහපතට ගන්න ලැබුනු එක මට  ලොකු දෙයක්.... කොහෙන්වත් කොපි නොකර අවංක ලිපි 50 දැම්මා.... වැරදි ඇති ගොඩක් ඒවා පෙන්නුවා ඒ වගේම කමෙන්ට් නොකලත් කලත් ගොඩක් අය මගේ ලියවිලි බලන්න ඇති ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.. මගේ ගමන අනිත් අයත් එක්ක බලද්දි ඉබි ගමනක් වෙන්න ඇති නමුත් දර්ශන මලයයි කණි සහොයි මට දුන්නු ශාස්තරේ මමත් මේ වගේම ගොඩක් අයට කියලා දුන්නා...ඒ වගේම එයාලත් ඒ දේ ගොඩක් දුරට මට වඩා උසස් විදියට බ්ලොග්කරනය කරගෙන යනවා... ඇත්තටම දකිනකොට ඇස් බර වෙනවා... කොහොම උනත් ඉස්සරහටත් මම මට හම්බෙන මගේ ලෝකේ අරුම පුදුම යහපත් දේවල් විනේද ජනක දේවල් ඔයාල එක්ක බෙදාගෙන ජිවත් දෙන්නයි මගේ බලාපොරොත්තුවා

මේ තියෙන්නේ මගේ පළවෙනි බ්ලොග් ලියවිල්ල