Sunday, February 10, 2013

මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට දවසක් !

අද ඉරිදා...හ්ම් පට්ට කම්මැලි දවසක්.....බලන්න ෆිලිම් කැල්ලක් නැති තැන ගියා මගේ පින්තූර එකතුව පැත්තට ඔලුව දාල මතකේ හාරා අවුස්සන්න.... ශහ්....පට්ටනේ....මට අහු උනා මම මහියංගනේ ගිය ටිරිප් පොටෝ ටිකක් හැබැයි තිබ්බේ වෙන ෆෝල්ඩර් එකක...අම්මට සිරි සුද්දෙක් වගේ මම ඒව එකින් එක බැලුවා.......කියන්න ලැජ්ජ උනත් කියන්නම වෙනවා.. මම ගියේ වයස 60-70 අතර ඇන්ටික් සෙට් එකක් එක්ක...මේ මට සෙට් උනු පිනට යන ටිරිප් එකක්....

ඒ කාලේ කෙච්චර සීතලද කියනවා නම් මහනුවර වැවෙත් මාළු ගොඩ පීනනවා ඕයි........ මේ




උදේ පාන්දරින් පිටත් උනු අපි 7 වෙද්දි මහනුවර දළදා වහන්සේ වන්දනාමාන කරලා මහියන්ංගන ගමන් පටන් ගත්තා.. ඇනටික්සෙට් එක කුප්ප විහිළුයි කුණූහරපයි මතක් වෙද්ද මගේ සරීරේ වෙවුලනවා. හරිම ගුජුප්සාජනකයි මෙයාලා. ඔන්න 2 විතර වෙනකොට අපි මහියංගනේ....සූර්යා අහසේ තනියෙන් ගේමක් දෙද්දි පුදුම සනීපෙකින් අපි මහියංගනේට ගොඩ උනා... දකින දකින තැන මනම් ගහකොළ වේලිලා.... පොළව අම්බානෙකට වේලිලා....මට ඒ දවසේ මහියංගනේ පෙනුනේ කලහාරී කාන්තාරෙ වගේ....අපේ බස්එක එළවපුඑකා නොදකින් විතරක් හැලපයා.... බස් එක ගිහින් ගැහුවා ගහක් යටින්.....බලනකොට ඒ වටේටම තියෙන්නේ ඒ කොහොඹ ගහ විතරයි.. යකෝ වෙන ඕන තරම් ගහ කොළ තියෙද්දී මේ හැලපයට පෙනුනෙම මේ ගහ විතරද... ඒ අස්සේ ඩේලි කලෙක්ශන් දාන සෙට් එකකුත් ඉන්නවා... ඔක්කොම අතපය හතරම සම්පූර්ණ කොල්ලෝ කුරුට්ටෝ....අනේ මෙහෙමත් ලෝකයක් ඇහ් !

ඔය තියෙන්නේ වංගු 18 පැත්තේදී මගේ පොටෝ කැමරාවට අහු උනු මෙව්වා කිහිපයක්...






ළඟ නැවිල්ලක් ඉදරියෙන්

දුර පේන තැනි තලා - මේ අනුරාධපුරේ නම් නෙවෙයි.. සමහරවි ඒ පැත්තත් පේනව ඇති...ඒත් මේ නම් මහියංගනේ...



වහන එළවන අයට අනිත් පැත්තෙන් එන වහන වල මූණු වලට හාච්චි දෙන්න කලින් දකින්නද කොහෙද කියලා ආර්.ඩී.ඕ එකෙන් හයි කරලා දුන්නු කණ්නාඩි....


අන්තිම වංගුව පහුකරමින් මහියංගනය දෙසට !

ඒ දැක්කේ මහියංගනයට එනකොට දැකපු දේවල්නේ.....දැන් බලන්න මහියංනයෙදි දැකපු දේවල්.....

අපෙනුත් ගන්න මල්.....!

මහියංගනේ චෛතත්‍ය රාජයානෝ....

තොපි කියව කියව ඉන්නේ මට කන්න දෙන්නේ නැද්ද.....මට බඩගිනි...!!

පිං පාට කොඩි වැල....


අපිට සෙවන දුන් එකම බෝ ගස....(මේක යටට තමා අපේ බස්එක ගාල් කොරේ..)


මේවත් බලන්නකෝ ....බෝනස් ෆොටෝ.....ටිකාකාකාක්................

අහක යන ටැප් වතුරෙන් උගුරකට තෙමා ගනනා ගවයෙක්......(පව් අප්පා.....)

කන්න යමක් නැති හෙයින් පූජාසයේ මල් කන ගවයෙක්

වැඩිය දාලා ඔයාලට එපා වෙයි...ඒක හිංදා කථාව මතු සම්බන්ධයි....!
අදීවාසීන් දැක ගන්න ගිය ගමන ඉදිරි පෝස්ටුවෙන් බලාපොරොත්තුවන්න...! 


Related Articles

11 comments:

  1. අර පාරේ මමත් යන්න ආසාවෙන් ඉන්නේ.එත් යන්න තැනක් නැහැ නේ..

    ReplyDelete
  2. මම හිතුවා ආදිවාසී කස්ටිය බලන්න ගිහින් නවතිලද කියලා! :) පව් නේද බං අර සත්තු...වතුරවත් නෑ...

    ReplyDelete
  3. හොඳ ෆොටෝ ටිකක්. ඉතිරි කොටසත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  4. මරු කතාකරන පිංතුර ටිකක්... කවුරු කොහොම කිව්වත් දැන් මං මාවත් බොහොම අගේට හැදිලා කියලා පේනවා... අනිත් පිංතුර වලින් තවත් බොහෝ දේ කියැවෙනවා... අගෙයි

    ReplyDelete
  5. @අසරණයා - මමත් පැලෑනක් ගහල ගිය ගමනක් නෙවෙයි බං ඒත් මැක්සා ගමනක්
    @නාඩියා නාඩිරත්න - අඩේ නාඩියෝ ඒකත් එකවිදියක කථාවක් තමා බං
    @Dilshan - බොහෝම ස්තුතියි !...අනිවාර්යෙන්ම පොස්ට් එක දානවා ඉක්මනටම
    @Naleen අයියා - තැන්කිව් වේවා ! හික් හික්...අයියලගේ හැදෙන්න දෙයක් නැහැ ඔය ඉන්නේ අපූරුවට මහ රූස්ස ගහක් වගේ

    ReplyDelete
  6. හෙන කාලෙකිං ට්‍රිපක් ගියේ නෑ...
    යන්නෝනා වෙලාවක...

    ReplyDelete
  7. නියම පිංතූර ටිකක්.

    ReplyDelete
  8. අඩෝ... පාර නම් සුපිරියි නෙහ්? :)

    යන්න ඕනේ වෙලාවක!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. @ Praසන්ன - තැන්කිව් වේවා ....අවංකෙම්ම !
    @ අඩවි රජ - ඔව්...හැබැයි වේගය පිනවයි මරුවා කැඳවයි රජෝ...පරිස්සමෙන් ගමන
    @ තරියා - යමුද බොලොගාර්ස්ලා සැට් එකම ටිප් එකක්....මොකද තියන්නේ ?

    ReplyDelete
  10. මරැ මචං මටත් යන්න හිතුන‍ා

    ReplyDelete
    Replies
    1. ගියා නම් මීට වඩා වටිනවා බං

      Delete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...