බෝපත් ඇල්ල දෙසට
බෝපතක හැඩයක් ලබාදෙමින් ඉතා මනරම්ව ඇද හැලෙන බොපත් ඇල්ල අපේ රටේ අලංකාරය කියාපාන අලංකාර දිය ඇලි එකතුවේ එක් මනරම් දිය ඇල්ලකි, කොළඹ - රත්නපුර මාර්ගයේ කුරුවිට පොලීසිය අසලින් හැරී මද දුරක් ගියවිට අගලවත්ත ගම්මනයෙන් බොපත් ඇල්ල අපට හමුවේ..දෙස් විදෙස් සංචාරයන්ට අශ්වාදය ලබා දෙමින් කඩා හැලෙන බොපත් ඇල්ල හෙක්ටයාර 6ක් පමණ රක්ෂිතය පුරා පැතිර ඇති බොපත් ඇල්ල විවිධ කඩ ඉම් කිහිපයකින් යුක්තය.මූලික වශයෙන් ඇල්ල ගලා එන දිය දහර ගොඩබිම් තීරයක් මැදි කරමින් දෙපැත්තකින් ගලා විත් එකතු වී පහතට ගලා බසී, මෙහි ඇති විශේෂය වන්නේ ඉතා කුඩා වයසේ සිට වැඩිමහල් පිරිස් දක්වා දිය කෙලියෙහි යෙදෙන්නන්ට බොහෝම ආරක්ෂිත ස්ථාන බොහෝමයක් මෙහි තිබීමයි...
එමෙන්ම මෙහි දියනෑමට නිරන්තරයෙන්ම මෙහි ඇදී එන පිරිස්ද බොහොමය.එ තරම්ම මෙම බොපත් ඇල්ල දෙස් විදෙස් වශයෙන් ජනාදරයට පත්වී තිබීමය...නමුත් ඇල්ල ඇද හැලෙන ඇල්ලේ පාමුල දියනැමට එතරම් සුදුසු ස්ථානයක් නොබන බව මතකයේ තබා ගන්න,එමෙන්ම වැසි කාලගුණයක් පවතින කාලයන්හී ඇතිවට අධිත සැඩ ජල පහරවල් හේතුවෙන් ඇල්ලේ පිහිට පර්වතයට නැගීමත් ඉතා අවදානම් කටයුත්තකි..එසේ කිරීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූවෝද බොහෝය.තවද බොපත් අසල පෙදෙස් තුළ මත්පැන් ගෙනයාමත් පානය කිරීමත් තහනම් කර ඇති නිසා මෙහි මත්පැන් පානය කරමින් සිටින පිරිස් දක්නට නොලැබෙන අතර ඒ හේතුවෙන් මෙහි වට පිටාව බොහෝසෙයින් සාමනාමී ස්වරූපයක් ගනී. කුරුවිට ප්‍රදේශිය සභාව විසින් බොපත් ඇල්ලට ඇතුල්වන පුද්ගලයින්ගෙන් රුපියල් 20ක මුදලක් අය කරන අතර කුරුවිට ප්‍රදේශිය සභාවෙහි අනුදැනුම මත සිදුවන සංචාරක ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් විදෙස් සංචාරකයින් අතර බොපත් ඇල්ල බොහෝසෙයින් ප්‍රසිද්ධියට පත්වී ඇත.එහෙත් දේශීය සංචාරකයින්ගේ නොමනා කටයුතු හේතුවෙන් බොපත් ඇල්ල මේවන විට විනාශ මුඛයට යාමේ අවදානක් දක්නට ලැබේ,බොපත් ඇල්ල හා ඒ අසල වන වදුල පුරා බොහෝ කැලි කසල දක්නට ලැබීම බොපත් ඇල්ලේ සුන්දරත්වටය හානිකරය.එහෙයින් ඔබත් බොපත් ඇල්ලේ සුන්දරත්වය දකින්නට යන සංචාරකයෙකුනම් ඒ සම්බන්ධයෙක් මදක් සැලිකිලිමත් වී අනාගතයට සුන්දර බොපත් ඇල්ලක් ලබාදීමට ඔබත් සැලකිළිමත් වන්න
බොපත් ඇල්ලේ දසුන් කිහිපයක්



ඉස්සර බෝපත් ඇල්ල කොච්චර ලස්සනට තිබ්බද කියලා දැන් ගියාම තමා තේරේන්නේ. අපි මුල් කාලේ බෝපත් ඇල්ලේ යන්නේ නැහැ 10ක් 15ක් සෙනග නැත්නම් මොකද ඒ තරම් පාළුයි ඔය හරිය. දැන් නම් කලාතුරකින් යන්නේ ඇල්ල බලන්න
ReplyDeleteකවද්ද මචං ගියේ?? අපිත් දවසක සෙට් වෙලා ගිහින් එන්න ඕන..
ReplyDeleteගියේ නැහැ මචෝ...ඒත් කස්ටිය දකින්න ඕනි ඇත්ත
ReplyDelete