නටබුන් වු අතීතයට වර්මනයේ සංස්කෘතික ගම්මානයක් මැදින් පාගමනක් !
හැමදම අරවා මෙව්වා ලියනවා වගේම මේ දින වල මා හට සෑදී ඇති හයික් උන රෝගයේ අතුරු ළුලයක් වශයෙන් මෙම ලිපිය මා මෙසේ සටහන් තබමි.
මීට කෙටි කලකට පෙර වෙන්ඩ මස්සිනා නොහොත් දැන් මස්සිනා පදිංචි වෙලා ඉන්න රඹුක්කන
මීදුම කියන අලංකාර ගම්මනයේ කරක් ගැසීමට මා හට වරම් ලැබුනි. මම එක පයින්ම නොව දෙපයින්ම කැමති විය.ඔන්න කොල්ල ගියාලු ගමන.... රඹුක්කන ගැන රඹුක්කනින්ම අහන්න ඕනි.. එක පැත්තකින් සරු සාර ගොයම්..අනිත් පැත්තෙන් අලගල්ල කන්ද... ඇත්තටම ලස්සන පැත්ත. ඔන්න දවසක් මස්සිනා හා ඔහුගේ පෙම්වතිය වන මගේ අක්කාගේ කතා බහකට උදැල්ල දෑමිමට යාමේදී පදියගම්පල පුරාණ ගල් මැස්ස නම් පුරාණ ගල් පුවරුවක කථාවක් ඇසීමට හැකිවිය.. සරලවම කියනවා නම් මේකත් වලගම්බා රජාගේ තවත් වැඩක් එය ගස් ගල් ගානේ ඇවිදින මට මේ වගේ දෙයක් දකින කොට කජ්ජක් සේ පෙනුනි.
කොහොම හරි මස්සිනාට අම්බානෙකට වද දීමෙන් පසු ගමනක් සෙට් කරගන්නා ලදි. මස්සිනාගේ කථාවට අනූව ඒ පුරාණ ගල්මැස්සට උඩින් රහතන් වහන්සේලා වැඩ සිටි කුටි පවා ඇති බවට වාචිකා සාක්ෂි මට ලැබීම මා මොරාල් කිරීමට හේතුවක් විය. කෙසේ හෝ පසු දින මස්සිනාගේ හිතවතෙකු වෙන මාමා කෙනෙකු හා ගමන යෝජනා කරගෙන ගමන උදෑසන 7ට පරණ ආරම්භ කරන ලදි.
ඔන්න ගමන පිටත් උනා උදෙන්ම ගල් මැස්ස දැක බලාගෙන එහෙම.... ඒ කැලේට ගමේ අය කියනවා කියන්නේ කොස් කැලේ කියලලු... ආහ් තව දෙයක්.. ඒ කැලේ පැරණි නටබුන් මෙන්ම නිධානත් තියෙනවලු... ඒක මමත් විශ්වාස කලේ නැති නිසා අර අපේ ගයිඩ් මාමා ඇදගෙන ගිහින් කල් පොත්තක් උඩට මට පෙන්නපු සලකුණෙන් මගේ අවිශ්වාස සියල්ල විශ්වාස බවට පෙරලෙන්නට ගත වුයේ කෙටි කාලයකි. ඒ තමා නයි පෙන 3ක් ඇති නයෙක්... මම දැන් ඒ පොටෝ එක දාන්නේ නැහැ ඒත් පස්සෙ කාලෙක දාන්න අදහසක් තියෙනවා.ඒත් මේ දේවල් වලට හානිකරන බලාගෙන ඉන්න මොකෙක් හරි කුප්පයෙක් මේක කියොලා මේ දේවල් වලට ගානියක් කලොත් මට දහ ගහයි. ඒක හිංදා ඒ ගැන අපි කතා නොකර ඉමු.
පදියගම්පල පුරාණ ගල් මැස්ස ගැන ලක්දසුන්ගෙන් ලද පොස්ටුවක් ඔන්න යන්න කැමති අයට සුපිරි ගමනක්
ගමනට සහභාගි වුවෝ...
අපේ මස්සිනයි එයාගේ කෙල්ලයි
මමයි
මස්සිනගේ නංගියි
අර මම කියපු මාමයි
මස්සිනාලගේ ගෙදර බොඩි ගාඩ් නොහොත් බලු තඩියයි..
එකතොට ගමනට ඕනි කරන කියලා ගත්ත බඩු මුට්ටු..
පිහියක්
වතුර බොතල් කිහිලයක්
උදේට හා දහවල් ආහාර ලෙස කෙසෙල් කොලේ ඔතන ලද බත් මුල්....
ගමනේ ආරම්භය....
අනිත් දේ නම් සැලකිය යුතුයි - කැලේ ගැන නොදන්න අයෙක් නම් මේ ගමන යෑම අවදානම්වේ.... එයට නිසි උදව් ලබා ගෙන ගමන යන්න. අපි ගමන ආරම්භ කර හරියටම අඩපැයක් ගිය තැන කුඩා ගල් පොත්තකට සේන්දු විය. අවටින් මනරම් දසුන් නෙත ගැටෙද්දී. අපි මද විවේකයකට ගමන නවතන ලදි. අපට මෙන්ම අපේ බලු රාලටත් බොහෝ සෙයින් කෙහෙට්ටුවක් දැක ගැනීමට අපට හැකිය. උගේ දිව අඩියක් පමණ එළියට පැන ඇත.. හුස්ම ගන්නා සද්දේ සැහෙන දුරකට ඇසේ..
මේ ඉන්නේ බොඩිගාඩ් බව්වා !
ටික වෙලාවකින් අපේ ගමන අපි පටන් ගත්තා. ආහ් නම නොකිව්වොත් හරි නැහැ. අපේ ගමනට අතහිත දුන් මාමාගේ නම බණ්ඩා මාමාය. මුළු ගමම ඔහුව ඒ නමින් දනි. රජයේ රක්ෂිතයක් වුවත් මෙම වන ලැහැබ ගැන ඔහු වනජීවී අධිකාරියට වඩා මේ මාවිමේ වෙන දේ ඔහු දනි. පෙනුමෙන් ඔහු සරදියෙල් වගේ පුද්ගලයෙකි.
බණ්ඩා මාමා කියන පරිදි කොස් කැලේ අතරින් පෙනෙන කුරුණෑගල මායිම...
අපි කොස්කැලේ කන්දේ තිරස් ආකාරයකට බණ්ඩා මාමා එක් කරගෙන යන ලදුව අපට එහිදි විනාශ මුඛයට යන පැරණි එහතන් වහන්සේලා මෙන්ම වනවාසී භීක්ෂුන් වහන්සේලා වැඩ සිටියා යැයි සැලකෙන බොහෝමයක් බණ්ඩා මාමා අපිට පෙන්වන ලදි. අවාසනවාකට මෙන් පෙර කී පරිදි අප දුටු නිදන් ගල් කිහිලයක් ඇරෙන්න අනෙක් නිදන් ගල් යැයි සැලකෙන සියළුම ස්ථාන මේ වන විටත් නිදන් සොරුන්ගේ ඇසට හසුවී විනාශ වී ඇති අයුරු මගේ සිත් සසල කරවන්නට සමත් විය.
මේ එවැනි විනාශ වී ගිය නිදන් තිබූ ස්ථානයක්...තවත් මෙවැනි බොහෝ ස්ථාන මේ ගුහා අවට දක්නට හැකිය..!
උදෑසන මෙන්ම දහවල් ආහාරයද අපට සිදුවුයේ දහවල් 1ට පමණය, ඊට හේතු වුයේ නිදන් ගල් බැලීමට අපට තිබූ ආශාව හේතුවෙන් කොස්කැලේ රක්ෂිතයේ බොහෝ දුර ඇවිද ගිය නිසාය...
වන අරණ මැද පිහිට පැතලි මෙන්ම දිගු වු ගල් තලාවක් මත දහවල් ආහාරය අස බැලු අප සුළු මොහොතක් එහි තරවී සිට නැවත භාවනා යෝගී භික්ෂූන් හා රහතන් වහන්සේලා වැඩ සිටි ආවාසයන් වෙත ගමන් අරඹන ලදි. හරියට පැය එකහමාරක් ගිය තැන අපිට නටබුන් වී ලිය හා අරධ වශයෙන් ස්භාවික ලෙස නොව මිනිසාගේ නොමනා හැසිරීම් හේතුවෙන් විනාශ වී ගිය ආවාසයන් කිහිලයක්ම දැක ගැනිමට හැකි විය. බණ්ඩා මාමා කියන විදියට ඉස්සර බණ්ඩා මාමලා පොඩි කාලේ මේ කැලේ ඇවිදිනකොට සමහර භික්ෂුන් වහන්සේලා එයලා දැකලා තියෙනවලු දවස් ගණන් එක තැන භාවනා කරනවා. ඒ අයගේ අත පයේ වැල් පවා එතිලා තියෙනවා දැකලා තියෙනවලු... අපිත් ඒ කාලේ දකින්න හිටියනම් කොච්චර පින්වන්තද ? ඒත් ඒ වගේ දෙයක් දකින්න අපි කරපු පිං මදි ඇති..
තුරු සෙවන මනරම් දසුනකි !
විනාශ මුඛයට ගිය භාවනාවට යොදා ගත් ස්ථානයක් !
ගමේ මිනිස්සු සතා සර්පයාගෙන් ආරක්ෂා වීමට භික්ෂූන්ට සාදා දි තිබු ආවාස කුටියක් !
මිනිසුන් හා දෙවියන් ජීවත් වන සමාජයක පාපතරයිද මිනිස් වෙසින් ජීවත් වනට ලැබුනු සාධකයක්(ආවාස කුටියක් විනාශ ඇති අයුරු..)
කොහොම හරි දවසක්ම ගෙවුනා අපිටත් නොදැනි. අපේ ගමන ඉවර වෙලා කැලෙන් එළියට එනකොට වෙලාව සවස 5.30 විතර වෙලා තිබ්බා. මේ ඡායාරූප මා ගනු ලැබුවේ Sony Ericsson K800i මාදිලියේ දුරකථයකින් බව කරුණාවෙන් සලකන්න මන්ද යත් එකල මා හට අනර්ළ ඩිජිටල් කැමරාවත් නොවු හෙයින්....කැලයෙන් එළයට එනකොටම අපිට දකින්න ලැබුන දේ මහා අනර්ඝ දසුනකි. එනම් අප ඉදිරියේ ඈතින් දිස්වන අලගල්ල කන්දයි.
ඈතින් දිසවන අලගල්ල කන්දත් අපේ ගමනේ අවසානයත් !
ඒ වගේම අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. ඒක මේ මෑතකදි දැනගන්න ලැබුන සුභ ආරංචියක්. ඒ තමා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රඹුක්කන සංස්කෘතික ගම්මානයක් විදියට නම් කරලා.