Tuesday, May 22, 2012

ජීවිතේ දෙපාරක් ලැබෙන්නේ නැහැ.....
Zindagi Na Milegi Dobara.....

කාලෙකට පස්සෙ ලිපියක් අරගෙන ඔයාලත් එක්ක බෙදාගන්න අවස්ථාවක් හම්බ උනා කිව්වොත් හරියටම හරි. මොකද ගොඩක් කාලෙකින් බ්ලොග් එකේ මොකුත්ම ලිව්වෙ නැති හිංද...අනිත්දේ තමා ලියන්නත් රසවත් ලියන්න ආසා හිතෙන දෙයක් වෙන්නත් එපැයි නේද ? මෙන්න මට හම්බ උනා....චිත්තරට පටියක්...නම නම් මුලින්ම දාල ඇති...ගොඩක් අය සමහරවිට බලලත් ඇති චිත්තරපටියෙ නම තමා Zindagi Na Milegi Dobara...(2011)ඒ කියන්නේ ජීවිතේ කියනදේ දෙපාරක් ලැබෙන්නේ නැහැ කියන එක.....මුලින්ම මට නම් නම අහනකොටම හිතුනෙ දත කට පූට්ටුවෙන එකක්වත් වෙන්න ඇති කියලා....සිද්ධිය පටන්ගන්නේ මංගල අවස්ථාවකින්.....ටික දුරක් යනකොට මේ කථාවේ වීරයො කිව්වොත් හරි...මේ කථාවේ වීරයෝ තුන් දෙනා එකතුවෙනවා....කස්ටිය Road Trip: Beer Pong (2009)film එක බලල ඇති නේද ? බලලා නැත්නම් බලන්න.....බලන එක හරියට බලන්න මොකද එහෙම නොවුනෙත් මම වැඩිහිටයන්ට පමණයි කියන ඒවා පෙන්නනවා කියල හිතන්න පුළුවන්.....



හරි දැන් මේකයි සීන් එක...තමන්ගෙ ඉස්කෝල ජීවිතේ කී දෙනෙක් පිස්සු නටල තියෙනවද ? කියන්න බලන්න....ආයෙ අහන්නත් දෙයක්ද ගොඩක් දෙනෙක් පිස්සු නටල ඇති සුපිරියටම......නේද ? ඔය මම මුලින් කියපු Road Trip: Beer Pong (2009) අන්න ඒ වගේ එකක් අම්බානෙකට ජීවිතේ පිස්සු නටන කොල්ලො කෙල්ලො සෙට් එකකගෙ සීන් එකක්......දැන මම කියන්නම් Zindagi Na Milegi Dobara....(2011) කියන හිංදි චිත්තරපිටියත් අන්න ඒ වාගේම එකක්....කොල්ලො තුදෙන්දෙනෙක් වටේ කැරකෙන කොල්ලන්ගෙ භාෂාවෙන්ම කිව්වොත් පට්ට සීන් එකක්......ඉස්කෝටෙ කාලේ ඔගොල්ලො වචනයක් අහල ඇති සෙට් බහිනවා කියලා....එහෙම නැත්නම් ගැන්සි ගහනවා....කියලා....හරි අපේ අම්මල තාත්තල නම් මේකට කියන්නේ කල්ලි ගැහෙනවා කියලා...මේවා කියනකොට අපේ කස්ටියගේ ජීවිතේ පාසල් කාලෙට අපහු දුවගෙනයන්න පුළුවන්...එහෙම නේද ? ආයෙත් පොඩි එකෙක් වෙලා ඉස්කෝලේ යන්න ලැබෙනව නං පට්ට කියලත් හිතෙන්න පුළුවන්.....Zindagi Na Milegi Dobara....(2011)කියන්නෙත් අන් ඒ වගේ තමා ඉස්කොල කාලේ එකටම හිටිය කොල්ලො තුන්දෙනෙක්ගෙ හීනයත් තමා....සිද්ධිය පටන් ගන්නෙ මෙහෙමයි.....

මම මුලින්ම කිව්වනේද මේ කථාව පටන් ගන්නේ මංගල අවස්ථාවකින් කියලා...ඔන්න දැන් මංගල අවස්ථාව යනවා...කස්ටිය සතුටින් ඉන්නවා කථා පවත්තනවා....එකම සැනකෙළියයි....දැන්මේ මංගල අවස්ථාවට මූලික වුන කොනා මේ කොල්ලො තුන්දෙනාගෙන් එකක්කෙනෙක්.....කොහොම උනත් මේ තුන්දෙනා අවසානයට තීරණයකට එනවා.... Road Trip එකක් යන්න.....කථාවෙ හැටියට කස්ටිය එකතැනට එකතු වෙලා යන තැන් තොරගෙන ගමන යනවා....ඒ මේ තුන්දෙනාගේ හිත් එක එක තැන්වල තියෙන්න.....ජීවිතේ සිද්ධවෙන කරදර බාධක ඔක්කොම අස්සෙන සති දෙකක් තිස්සේ දිවෙන මේ කස්ටියගෙ Trip එක තාමා මේ චිත්තරපටියට අරගෙන තියෙන්නේ....ඇත්තටම කිව්වොත් අපේ කොල්ලො සෙට් සෙට් එකතුවෙලා Trip ගිහින් ඇත්නෙ නේද ? මේකත් අන්න ඒ වගේ Trip එකක් තමා...යාළුවො උනහම යාළුවෙනවා තරහ වෙනවා ගහමරා ගන්නවා....ඔය මොන දේ උනත් මොනදේ කරත් හිරේයන්න බලාගෙන හිරි එක බත්පත කාගෙන එකා වගේ එකට ඉන්නවා.....අන්න ඒකයි නියම යාළුකම කියන්නේ...මේකත් අන්න ඒ වගේ කථාවක්....අපේ යාළුවො දන්නවා ඇති එක සෙට් එකේ ඉද්දි එක කෙල්ලෙක් ලයින් දාන්න ගිහිල්ල ගහමරා ගත්ත කථා එහෙම මතක අය ඇති......කෙටියෙන්ම කිව්වොත් කල්ලිගැහුන් නැති යාළුවො නැති තරම්...ඇත්තටම මටත් හිතෙන්නේ මේ හැමදේම කරන්න ජීවිතේටම අපිට ඉඩ ලැබෙන්නෙ එකා පාරයිනේද කියාල...

වැඩි විස්තර මෙතනින් බලන්නකෝ..

Zindagi Na Milegi Dobara(2011)

Related Articles

3 comments:

  1. ෆිල්ම් එක නම් මගේ ලඟ තියෙනවා. ඒත් තාම බැලුවේ නම් නැහැ. බලමු මේ විස්තරේ කියෝල ඉවර වුණාට පස්සෙවත් මට ෆිල්ම් එක බලන්න හිතෙයි ද කියල.......
    ලිපියට තෑන්ක්ස් මචං......

    ReplyDelete
  2. මාත් කාලෙකින් බලපු හොඳ film එකක්!

    ReplyDelete
  3. උදාර : බලන්න උදාර ආයෙ අහන්න දෙයක් නැහැ නියම ෆිල්ම් එකක්.......
    Sabith : අනිවාර්යෙන්ම

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...