විරාගික මෙහෙණිය
මගේ කොම්පියුටරේ අස්සෙ තිබිලා මට හම්බු උනා මම කාලෙකට ඉස්සර ගොඩක් වෙලාවට අහපු සිංදුක්...සිංදුවේ ගායකයා සෝමතිලක ජයමහ මහත්මයා, ඉස්සර නම් මේ සිංදුව ගොඩක් වෙලාවට ඇහුව...සිංදුවේ කථාව මේකයි.....මම කථාව ගෙතන්නම් ඔයාලා හිතෙන් සිද්ධිය මවා ගන්න....මුලින්ම කියන්න ඕනි මේකත් එක්තරා ආදරයක අවසනායක් ගැනයි....අපි ගොඩක් වෙලාවට දැකල තියෙන් දුශ්ඨයෙක් ඉන්න ආදර කථානේ...කථාවේ අවසානයට වීරය ඇවිල්ල අර අහිසකය වගේ ඉන්න දුශ්ඨයට අම්බානෙකට තඩිබාග තඩිබාල කෙල්ලව බේරගෙන පොරක් වෙනවා....ඔය සිදුධියට අතරට ඉතින් කථාව ගොතන කෙනා කඩු කිණිසි අමෝරගෙන එන දුශ්ඨයගෙ ගොලබාලයො ටිකකුත් ඔබලා...දරුණූ ගැටුමකුත් ගැට ගහලා...තව කොල්ලට අම්බානෙකට වට කරගෙන තලලා...අඩුපාඩු තියන්නෙ නැතුව කැපුම් පාරවල් දෙකතුනකුත් වීරයට දීල...ඔය අස්සෙ කොල්ල අර සෙට් එකටත් ලේ පෙරාගෙන ගහල දුශ්ඨයටත් දෙකක් ඇනලා...පට්ට ටොක් එකක් දීල එහෙමනෙ අපි දන්න විදියට කොල්ල තමන්ගෙ ආදරය දිනාගන්නේ......
ඒත් ඔයලා දන්න ඇතිනේ ලෝකෙ දිනාගන්න බැරි උන...හිතේ තියාගන කියාගන්න බැරුව....කියලත් ආදරෙ වෙන කබරයෙක් ඩැහැගෙන ගිය සිද්ධිත් තියෙනව කියලා......අද මම කියන කථාවත් අන්න ඒ වගේ පිස්සු හැදෙන සීන් එකක්.....මට මේක කිව්වෙත් විස්ස විජ්ජාල අයිය කෙනෙක් කැළණියේ...එයා ගැන මම පස්සේ කියන්නං....දැන් කස්ටිය පොඩක් මවා ගන්න...අපි වගේ සාමාන්‍ය කොල්ලෙක් යද්දි පාරෙ එපා පැත්තේ වීදියේ මෙහෙණින් වහන්සේ නමක් පාරෙ වඩිනවා...කොල්ලත් නැවතිලා බලාගෙන ඉන්නවා.....මෙහෙණින් වහන්සේ නමත් බොහොම ශාන්ත ගමනින් මහ මග වඩිනවා....පෙනුම අතින් ගත්තහෙම බොහෙම ප්‍රසන්න පෙනුමක් තියෙන මෙහෙණීන් වහන්සේ නමක් කිවුවොත් හරියටම හරි...කොල්ලත් ටිකක් අවුලෙන් ඉන්නේ මොකද කොල්ලයි කොල්ල යාළුවෙලා හිටිය කෙල්ලයි අතර අඩදබර වීමක් හේතුවෙන් දෙන්න විරසක වෙලා හිටියේ....ටික දවසක් වෙනාව කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයකුත් නැහැ...මොබයිල් එකත් වැඩ නැහැ.....කොහෙම හරි...කොල්ලට පාරෙ ඔහේ ඇවිද ඇවිද ඉන්නකොට තරුණ කපල්ස් එහෙම දකින කොට අප්සෙට්...මිනිහත් ඔහේ ඉස්සරහට ඇවිදගෙන යනකොට තමා ආර මෙහෙණින් වහන්සේව පාරෙන් එහා පැත්තෙදි දකින්නේ...ඔය අස්සෙ කොල්ලගෙ මතකය ඒ දෙන්න ආදරේ කරපු කාලයට එක්කගෙන යනවා...ගිහින් නවතින්නේ ඒ දෙන්න රණ්ඩු උන මොහොතක ....දෙන්න තරහවෙන්න හේතුව දැන්කාලේ වගේම තමා...ගෙවල් වලින් අකමැත්ත පෙන්නපු හිංද...කොහොම හරි සිංදුවේ හැටියට මේ කොල්ලගෙ මතකය ගොඩක් මතකයන් අතරට එක්කරගෙන යනවා...ගොඩක් සිද්ධින් එක්ක මෙයා දැන් ඇවිදනවා....
මේ කථාවෙ අන්තිමට වෙන්නේ කොල්ලට සිද්ධ උන හැමදේම වෙනුවෙන් කෙල්ලගෙන් සමාව ඉල්ලන්න ඔනි වෙනවා...කොල්ල කෙල්ලගෙ ගෙදරට යනවා....ඒක ඒ ගෙදරින් කෙල්ල ගැන කිසිම තොරතුරක් ලැබෙන්නෙ නැහැ.....අපහු එනකොට කොල්ලට අර මෙහෙණින් වහන්සේ ආයෙ මුණගැහෙනවා....විශ්වාස කරන්න පුඵවන්ද මේ කොල්ලගෙ කෙල්ල තමා අර මෙහෙණින් වහන්සේ විදියට වඩින්නේ කියලා....ඒකයි කෙල්ලගෙ ගෙදරින් කොල්ලට කෙල්ල ගැන තොරතුරු නොදෙන්නේ...කෙල්ලට ජීවිතේ කළකිරිලා හැමදේම අත් හරලා සසන ගතවෙලා...කථාවත් අක්කම සිංදුවත් මෙතනින් ඉවර වෙනවා....මම දන්නෙ නැහැ මේ කථාවෙ අවසානය ගුණ දොස් කියන්න..එක පැත්තකින් යහපත් තවත් පැත්තකින් අයහපත්....ආදරෙයි ජිවිතේයි හැටි තමා
ඔයාලත් සිංදුව අහලම බලන්නකෝ - http://www.mediafire.com/?qy0u44lq0tlyq38
සිංදුව මෙතනින් බාගන්න
ඔයාලත් සිංදුව අහල බලන්නකෝ ලොකු වෙනසක් දැනෙයි අනිත් සිංදු වලට වඩා අනිවාර්යෙන්ම
pattane,,,,,,ela niyamai
ReplyDeleteස්තුතියි TimmBlog සහෝදරයා
ReplyDeleteහොඳ උත්සාහයක් ඔබට ජය.
ReplyDeletehttp://samakayawate.blogspot.com
බොහොම ස්තුතියිත නමුත් මේක ඇත්තම කථාවක් මහත්තයෝ
ReplyDeleteකතාව ටිකක් දුකයි වගේ.. සින්දුවත් අහලම බලමු..
ReplyDeleteඕන්.. අදයි පනුච්චි මේ පැත්තේ ආවේ.. ආයිත් එනවා හොඳේ... :)
හොද කතාවක්
ReplyDeleteපණුච්චි - දුකයි කියන්නේ අනේ අප්පච්චියේ අපි ඔය සිද්ධිය උනු කාලේ මිටියේ මන්දබුද්ධික මිනිස්සු වගේ... මේ සිද්ධිය උනේ අපේ පැත්තේ කොල්ලෙකුට.. කොල්ලා තාමත් අවිවාහකයි. දහමට ලැදී අහිංසකයි
ReplyDeleteරොබින් කුරුල්ලා....... - තැන්කුයි රොබින් ඈහ් :)