Saturday, December 24, 2016

කොහොමද යාළුවනේ..
හ්ම්....අද 2016 දෙසැම්බර් 24.....
අම්මටසිරි...
ඒ කියන්නේ මේ බ්ලොග් පිටුවට ඊයෙට අවුරුදු 7 ක් පරණයි කියන එක
ලියන්න කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා..
බ්ලොග් අවකාශෙ දැන්නම් ගොඩක් පාළුවට ගිහිල්ල..
මට වඩා ගොඩක් පරණ අය මේ වෙනකොටත් බ්ලොග් ලියන එක නැවතිලා එහෙම නැත්නම් නවත්තලා....
පහුගිය කාලේ හැමෝගේම උදවු ඇතිව මම මේ බ්ලොග් පිටුවේ නම වෙනස්කලා...
හැම එකම විදියට ඉන්නත් බැහැනේ ඉතින්.....
ඉක්මනටම එනනම්කෝ මම ඔයාලව බලන්න මගේ අලුත් බොලොග් පොස්ටු අරගෙන...
හැමෝටම මේ දවස්වල ඉතින් නත්තල්නේද ???
එළ එළ.....
හම්බෙමුකෝ....



Thursday, March 17, 2016

වෙනසක් එක්ක ගමනක්

 
 හායි....හායි....

ඉතින් ඉතින් කොහොමද ?

සෑහෙන්න කාලෙකකින් ආහ්.....

සෑහෙන්න වෙනසක් වෙලා නේද ??

ඔන්න කාලයක් තිස්සේ බලාපොරොත්තුවනේ හිටපු විදියට මම මගේ බ්ලොග් කට්ට වෙනස් කලා..
මුලින්ම කියන්න ඕනි මට මේ වෙනකන් දවසට එකපාරක් හරි ඇවිදින් මම අන්නද මලාද කියල බලල ගිය කස්ටියට මම බොක්කෙන්ම ඔලුව නවලා දනගහලා බඩ ගලා පින් දෙනවාග මොකද ඔයාලා හින්දා තමයි මේච්චරකල් හරි මේ දේවල් ලියන්න තිබ්බ ආසාව තාමත් තියෙන්නේ...

පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් නැවති නැවති ලියන්න වෙලා තියෙන්නේ කාලයත් එක්ක සිද්ධවුනු හැල හැප්පීම් නිසා...

කොල්ලගේ ජීවිතේ අම්පානෙකට වෙනස් උනා.. කොටිම්ම කිව්වොත් හුලන් හමන දිසාවත් වෙනස් උනා..

හරි හරි ඒවා දිග කථා ......

පප්පර පප්පර පාම්.....
මෙන්න ඔබ පුල පුලා උල උලා බලා සිටි ඒ අසිරිමත් මොහොත....
පුරා වසර දෙකකට අධික කාලයක් තිස්සේ ඔබත් මාත් ආදරයෙන් කෑදරයෙන් කැසිල්ලේන් බලා සිටි ඒ අසිරිමත් මොහොත...


ඔන්න දැම්මා එහෙනම්......
කාලයක් තිස්සේ කල්පනා කරලා කරලා කරලා කරලා කරලා.... අන්තිමට මගේ රසියන්ගේම ඉල්ලීමක් මත එන්න ඒකත් වෙනස් කොරා...

බ්ලොග් ලියපු ගොඩක් වැඩ්ඩෝ අද සද්දයක් නම් නැහැ....විසේයෙන්ම රත්ගමයා.... නාඩියා.....රජා...
අම්මේ ලියන්න ගියොග් ගොඩක් ඉන්නවා.....
යකුනේ ආයෙ ලියපල්ලාකෝ......

සුදීක අයියා ඔයාට ගොඩක් පිං........
ඒ වගේම මං එක්ක පුරා අවුරුදු 6ත් තිස්සේ මගේ හරි වැරදි හදලා....මත් එක්ක ඉන්න හිටපු හැම දෙනාටම ගොඩාක් ගොඩාක් ....ස්තුතයි...

එහෙනම් ආයෙ ඉක්මනටහ හම්බවෙමුකෝ.........