Friday, May 25, 2012

හිනැහෙන්නෙ මං ඔන්න ආවා.....

වර්ථමාන හිප් හොල් සහ ආර් ඇන්ඩ් බී කළාවේ සංගීතයේ හසළ දැනුමක් ඇති සංගීතවේදියෙකු වූ රනිඳු ලංකාගේ "හිනැහෙන්නේ මං" ගීත ඇල්බමය පසුගියදා වෙළඳ පොලට නිකුත් කරන ලදි.

සැ : යු - මෙය හුදෙක් සංගීතයෙහි රසවිඳින්නන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න


Thursday, May 24, 2012

විරාගික මෙහෙණිය


මගේ කොම්පියුටරේ අස්සෙ තිබිලා මට හම්බු උනා මම කාලෙකට ඉස්සර ගොඩක් වෙලාවට අහපු සිංදුක්...සිංදුවේ ගායකයා සෝමතිලක ජයමහ මහත්මයා, ඉස්සර නම් මේ සිංදුව ගොඩක් වෙලාවට ඇහුව...සිංදුවේ කථාව මේකයි.....මම කථාව ගෙතන්නම් ඔයාලා හිතෙන් සිද්ධිය මවා ගන්න....මුලින්ම කියන්න ඕනි මේකත් එක්තරා ආදරයක අවසනායක් ගැනයි....අපි ගොඩක් වෙලාවට දැකල තියෙන් දුශ්ඨයෙක් ඉන්න ආදර කථානේ...කථාවේ අවසානයට වීරය ඇවිල්ල අර අහිසකය වගේ ඉන්න දුශ්ඨයට අම්බානෙකට තඩිබාග තඩිබාල කෙල්ලව බේරගෙන පොරක් වෙනවා....ඔය සිදුධියට අතරට ඉතින් කථාව ගොතන කෙනා කඩු කිණිසි අමෝරගෙන එන දුශ්ඨයගෙ ගොලබාලයො ටිකකුත් ඔබලා...දරුණූ ගැටුමකුත් ගැට ගහලා...තව කොල්ලට අම්බානෙකට වට කරගෙන තලලා...අඩුපාඩු තියන්නෙ නැතුව කැපුම් පාරවල් දෙකතුනකුත් වීරයට දීල...ඔය අස්සෙ කොල්ල අර සෙට් එකටත් ලේ පෙරාගෙන ගහල දුශ්ඨයටත් දෙකක් ඇනලා...පට්ට ටොක් එකක් දීල එහෙමනෙ අපි දන්න විදියට කොල්ල තමන්ගෙ ආදරය දිනාගන්නේ......

ඒත් ඔයලා දන්න ඇතිනේ ලෝකෙ දිනාගන්න බැරි උන...හිතේ තියාගන කියාගන්න බැරුව....කියලත් ආදරෙ වෙන කබරයෙක් ඩැහැගෙන ගිය සිද්ධිත් තියෙනව කියලා......අද මම කියන කථාවත් අන්න ඒ වගේ පිස්සු හැදෙන සීන් එකක්.....මට මේක කිව්වෙත් විස්ස විජ්ජාල අයිය කෙනෙක් කැළණියේ...එයා ගැන මම පස්සේ කියන්නං....දැන් කස්ටිය පොඩක් මවා ගන්න...අපි වගේ සාමාන්‍ය කොල්ලෙක් යද්දි පාරෙ එපා පැත්තේ වීදියේ මෙහෙණින් වහන්සේ නමක් පාරෙ වඩිනවා...කොල්ලත් නැවතිලා බලාගෙන ඉන්නවා.....මෙහෙණින් වහන්සේ නමත් බොහොම ශාන්ත ගමනින් මහ මග වඩිනවා....පෙනුම අතින් ගත්තහෙම බොහෙම ප්‍රසන්න පෙනුමක් තියෙන මෙහෙණීන් වහන්සේ නමක් කිවුවොත් හරියටම හරි...කොල්ලත් ටිකක් අවුලෙන් ඉන්නේ මොකද කොල්ලයි කොල්ල යාළුවෙලා හිටිය කෙල්ලයි අතර අඩදබර වීමක් හේතුවෙන් දෙන්න විරසක වෙලා හිටියේ....ටික දවසක් වෙනාව කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයකුත් නැහැ...මොබයිල් එකත් වැඩ නැහැ.....කොහෙම හරි...කොල්ලට පාරෙ ඔහේ ඇවිද ඇවිද ඉන්නකොට තරුණ කපල්ස් එහෙම දකින කොට අප්සෙට්...මිනිහත් ඔහේ ඉස්සරහට ඇවිදගෙන යනකොට තමා ආර මෙහෙණින් වහන්සේව පාරෙන් එහා පැත්තෙදි දකින්නේ...ඔය අස්සෙ කොල්ලගෙ මතකය ඒ දෙන්න ආදරේ කරපු කාලයට එක්කගෙන යනවා...ගිහින් නවතින්නේ ඒ දෙන්න රණ්ඩු උන මොහොතක ....දෙන්න තරහවෙන්න හේතුව දැන්කාලේ වගේම තමා...ගෙවල් වලින් අකමැත්ත පෙන්නපු හිංද...කොහොම හරි සිංදුවේ හැටියට මේ කොල්ලගෙ මතකය ගොඩක් මතකයන් අතරට එක්කරගෙන යනවා...ගොඩක් සිද්ධින් එක්ක මෙයා දැන් ඇවිදනවා....

මේ කථාවෙ අන්තිමට වෙන්නේ කොල්ලට සිද්ධ   උන හැමදේම වෙනුවෙන් කෙල්ලගෙන් සමාව ඉල්ලන්න ඔනි වෙනවා...කොල්ල කෙල්ලගෙ ගෙදරට යනවා....ඒක ඒ ගෙදරින් කෙල්ල ගැන කිසිම තොරතුරක් ලැබෙන්නෙ නැහැ.....අපහු එනකොට කොල්ලට අර මෙහෙණින් වහන්සේ ආයෙ මුණගැහෙනවා....විශ්වාස කරන්න පුඵවන්ද මේ කොල්ලගෙ කෙල්ල තමා අර මෙහෙණින් වහන්සේ විදියට වඩින්නේ කියලා....ඒකයි කෙල්ලගෙ ගෙදරින් කොල්ලට කෙල්ල ගැන තොරතුරු නොදෙන්නේ...කෙල්ලට ජීවිතේ කළකිරිලා හැමදේම අත් හරලා සසන ගතවෙලා...කථාවත් අක්කම සිංදුවත් මෙතනින් ඉවර වෙනවා....මම දන්නෙ නැහැ මේ කථාවෙ අවසානය ගුණ දොස් කියන්න..එක පැත්තකින් යහපත් තවත් පැත්තකින් අයහපත්....ආදරෙයි ජිවිතේයි හැටි තමා

ඔයාලත් සිංදුව අහලම බලන්නකෝ - http://www.mediafire.com/?qy0u44lq0tlyq38
සිංදුව මෙතනින් බාගන්න

ඔයාලත් සිංදුව අහල බලන්නකෝ ලොකු වෙනසක් දැනෙයි අනිත් සිංදු වලට වඩා අනිවාර්යෙන්ම

Tuesday, May 22, 2012

ජීවිතේ දෙපාරක් ලැබෙන්නේ නැහැ.....
Zindagi Na Milegi Dobara.....

කාලෙකට පස්සෙ ලිපියක් අරගෙන ඔයාලත් එක්ක බෙදාගන්න අවස්ථාවක් හම්බ උනා කිව්වොත් හරියටම හරි. මොකද ගොඩක් කාලෙකින් බ්ලොග් එකේ මොකුත්ම ලිව්වෙ නැති හිංද...අනිත්දේ තමා ලියන්නත් රසවත් ලියන්න ආසා හිතෙන දෙයක් වෙන්නත් එපැයි නේද ? මෙන්න මට හම්බ උනා....චිත්තරට පටියක්...නම නම් මුලින්ම දාල ඇති...ගොඩක් අය සමහරවිට බලලත් ඇති චිත්තරපටියෙ නම තමා Zindagi Na Milegi Dobara...(2011)ඒ කියන්නේ ජීවිතේ කියනදේ දෙපාරක් ලැබෙන්නේ නැහැ කියන එක.....මුලින්ම මට නම් නම අහනකොටම හිතුනෙ දත කට පූට්ටුවෙන එකක්වත් වෙන්න ඇති කියලා....සිද්ධිය පටන්ගන්නේ මංගල අවස්ථාවකින්.....ටික දුරක් යනකොට මේ කථාවේ වීරයො කිව්වොත් හරි...මේ කථාවේ වීරයෝ තුන් දෙනා එකතුවෙනවා....කස්ටිය Road Trip: Beer Pong (2009)film එක බලල ඇති නේද ? බලලා නැත්නම් බලන්න.....බලන එක හරියට බලන්න මොකද එහෙම නොවුනෙත් මම වැඩිහිටයන්ට පමණයි කියන ඒවා පෙන්නනවා කියල හිතන්න පුළුවන්.....



හරි දැන් මේකයි සීන් එක...තමන්ගෙ ඉස්කෝල ජීවිතේ කී දෙනෙක් පිස්සු නටල තියෙනවද ? කියන්න බලන්න....ආයෙ අහන්නත් දෙයක්ද ගොඩක් දෙනෙක් පිස්සු නටල ඇති සුපිරියටම......නේද ? ඔය මම මුලින් කියපු Road Trip: Beer Pong (2009) අන්න ඒ වගේ එකක් අම්බානෙකට ජීවිතේ පිස්සු නටන කොල්ලො කෙල්ලො සෙට් එකකගෙ සීන් එකක්......දැන මම කියන්නම් Zindagi Na Milegi Dobara....(2011) කියන හිංදි චිත්තරපිටියත් අන්න ඒ වාගේම එකක්....කොල්ලො තුදෙන්දෙනෙක් වටේ කැරකෙන කොල්ලන්ගෙ භාෂාවෙන්ම කිව්වොත් පට්ට සීන් එකක්......ඉස්කෝටෙ කාලේ ඔගොල්ලො වචනයක් අහල ඇති සෙට් බහිනවා කියලා....එහෙම නැත්නම් ගැන්සි ගහනවා....කියලා....හරි අපේ අම්මල තාත්තල නම් මේකට කියන්නේ කල්ලි ගැහෙනවා කියලා...මේවා කියනකොට අපේ කස්ටියගේ ජීවිතේ පාසල් කාලෙට අපහු දුවගෙනයන්න පුළුවන්...එහෙම නේද ? ආයෙත් පොඩි එකෙක් වෙලා ඉස්කෝලේ යන්න ලැබෙනව නං පට්ට කියලත් හිතෙන්න පුළුවන්.....Zindagi Na Milegi Dobara....(2011)කියන්නෙත් අන් ඒ වගේ තමා ඉස්කොල කාලේ එකටම හිටිය කොල්ලො තුන්දෙනෙක්ගෙ හීනයත් තමා....සිද්ධිය පටන් ගන්නෙ මෙහෙමයි.....

මම මුලින්ම කිව්වනේද මේ කථාව පටන් ගන්නේ මංගල අවස්ථාවකින් කියලා...ඔන්න දැන් මංගල අවස්ථාව යනවා...කස්ටිය සතුටින් ඉන්නවා කථා පවත්තනවා....එකම සැනකෙළියයි....දැන්මේ මංගල අවස්ථාවට මූලික වුන කොනා මේ කොල්ලො තුන්දෙනාගෙන් එකක්කෙනෙක්.....කොහොම උනත් මේ තුන්දෙනා අවසානයට තීරණයකට එනවා.... Road Trip එකක් යන්න.....කථාවෙ හැටියට කස්ටිය එකතැනට එකතු වෙලා යන තැන් තොරගෙන ගමන යනවා....ඒ මේ තුන්දෙනාගේ හිත් එක එක තැන්වල තියෙන්න.....ජීවිතේ සිද්ධවෙන කරදර බාධක ඔක්කොම අස්සෙන සති දෙකක් තිස්සේ දිවෙන මේ කස්ටියගෙ Trip එක තාමා මේ චිත්තරපටියට අරගෙන තියෙන්නේ....ඇත්තටම කිව්වොත් අපේ කොල්ලො සෙට් සෙට් එකතුවෙලා Trip ගිහින් ඇත්නෙ නේද ? මේකත් අන්න ඒ වගේ Trip එකක් තමා...යාළුවො උනහම යාළුවෙනවා තරහ වෙනවා ගහමරා ගන්නවා....ඔය මොන දේ උනත් මොනදේ කරත් හිරේයන්න බලාගෙන හිරි එක බත්පත කාගෙන එකා වගේ එකට ඉන්නවා.....අන්න ඒකයි නියම යාළුකම කියන්නේ...මේකත් අන්න ඒ වගේ කථාවක්....අපේ යාළුවො දන්නවා ඇති එක සෙට් එකේ ඉද්දි එක කෙල්ලෙක් ලයින් දාන්න ගිහිල්ල ගහමරා ගත්ත කථා එහෙම මතක අය ඇති......කෙටියෙන්ම කිව්වොත් කල්ලිගැහුන් නැති යාළුවො නැති තරම්...ඇත්තටම මටත් හිතෙන්නේ මේ හැමදේම කරන්න ජීවිතේටම අපිට ඉඩ ලැබෙන්නෙ එකා පාරයිනේද කියාල...

වැඩි විස්තර මෙතනින් බලන්නකෝ..

Zindagi Na Milegi Dobara(2011)