වේගයට වැදගත් FLOP/s ගැනත් පොඩ්ඩක් දැනගන්න
මොකකද මේ FLOPS කියන්නෙ කියලා බලන්න පුළුවන් දැන් කස්ටිය...බය වෙන්න එපා අපි වේගය පැයට කිලෝමීටර් වලින් එහෙමත් නැත්නම් පැයට මීටර්...විදියට මනිනවා...නැත්නම් පරිඝනක භාවිතයේදී අපි දත්ත ගමන් කරන වේගය තත්පරයට කිලෝබයිට් නැත්නම් තත්පරයට මෙගාබයිට්...එහෙමත් නැත්නම් තත්පරයට ගිගාබයට්....මෙන්න මේ වියට වේගය අපි එක එක තැන් වලදි මනින්න පාවිච්චි කරන ඒකක තියෙනවා..නමුත් ඒ පුංචි පුංචි වේගයන් මනින්න තමා...අපි අහල තියෙනවා ස(ර්)වර් කියල පරිඝනක කොට්ඨාශයක් ගැන...ඇත්තටම ඒවා සාමාන්‍ය පරිඝනක වලට වඩා ගොඩක් වේගවත් ඒවගේම පහසුකම් වැඩි ඒ වගේම අපේ සාමාන්‍ය ජීවිතයේදී අපිට අඩුවෙන් දකින්න අඩුවෙන් අහන්න ලැබෙන පරිඝනක විශේෂයක්...ගොඩක් වෙලාවට පරිඝනක විද්‍යාව හා වෙනත් පරිඝනක සම්බන්ධ පාඨමාලා හදාරන අයට නම් මේ වචනෙ විටෙක ඇහෙන්න පුළුවන්...ඇත්තටම මමත් මේ ගැන පොඩ්ඩක් හරි දැනගත්තේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ තමා...අපි අන්තිමට කථා කර කර හිටියෙ ස(ර්)වර් කියල පරිඝනක ගැනනේ...මේ පරිඝනක එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන පරිඝනක වලට වඩා ටිකක් වෙනත් වගේම ටිකක් වෙනස් කටයුතු වලට තමා යොදගන්නේ...ඒවා ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මිනිසුන්ට කරන්න අපහසු ඒ වගේම ගොඩක් වෙලාව ගත වන ඒ වගේ සංකීර්ණ වැඩ වලට තමා..ඒත් මතක තියා ගන්න මේ හැම සංකීර්ණ යන්තර සුත්තර වගේ දෙවල් බිහි වෙන්නේ මිනිස් මොලේම තමා කියන එක..ඒක හින්ද මේ දේවල් තේරුම් ගන්නත් මනුස්සයට මහ ලොකු වෙලාවක් යන්නෙ නැහැ...කොහොම උනත් ස(ර්)වර් කියල පරිඝනක අපේ ජීවිතේ අපි දකින පරිඝනක වලට වඩා වේගය වැඩි..දෘඩ ධාරිතාවය වැඩි ඒවගේම මතක ශක්තිය වැඩි කියන එකත් මතක තියාගන්න. අන්න ඒවගේ වැඩි ධාරිතායන් සහිත ස(ර්)වර් කියල පරිඝනකවල වේගය මනින්න භාවිතා කරන මැනුම් ඒකකයක් විදියට තමා මේ FLOPS කියන ඒකකය භාවිතා කරන්නේ...එක අතකින් ගත්තහම මේ ස(ර්)වර් පරිඝනක සුපිරි පරිඝනක විදියටත් කියන්න පුළුවන්..
*ස(ර්)වර් පරිඝනක භාවිතා කරන්නෙ ඇයි ?
* විශාල දත්ත ගබවා හා අනෙකුත් වටිනා දත්ත හැසිරවීමට හා සුරැකීමට
* විශාල වශයෙන් දත්ත හා පරිඝනක ගත කරන ලද සමාගම් හී දත්ත ගබඩා කිරීමට
* අන්තර්ජලයේ දී වටින ලිපිගෙනු හා දත්ත සුරැකීමටත් බෙදා දීමටත්
උදාරණයන් - පින්තූර, සිංදු, ලිපි ආදිය
PETAFLOPS ගැන දැනගන්න මෙනනින්
FLOPS ගැන වැඩි විස්තර දැනගන්න මෙනනින්
* මේ තියෙන්නේ ලොකයේ දැනට භාවිතා වන වේගවත්ම ස(ර්)වර් පරිඝනක 10 සහ එහි වේගයන්
10. IBM
Roadrunner | 1.04
petaflop/s
09. Tera 100 | 1.05
petaflop/s
08. Hopper | 1.054
petaflop/s
FLOPS කියන්නේ floating point operations per second(තප්පරයකදී දශම ස්ථාන සහිත සංඛ්‍යා භාවතාකර කල හැකි ගණිත කර්ම ප්‍රමාණය)
ReplyDeletevishwa සහෝදරයා ඔබ හරි...ඒ ක්‍රමය උපයෝගී කරගෙන තමා Servers වල වේගය ගණනය කරන්නේ
ReplyDeleteඉහත ලිස්ට් එකේ තියෙන ඒවා සර්වර් පරිගණක ලෙස හදුන්වන්නේ නැහැ. ඒවා සුපිරි පරිගණක ලෙස හදුන්වන්නේ. සර්වර් එකක සහ සුපිරි පරිගණකයක වෙනස් කම් රාශියක් තිබෙනවා...
ReplyDelete:D Servers කීවට මේවා සුපිරි පරිගණක, මේවගේ Processing speed එක clock (Ghz) මගින් කීමේ අපහසුව නිසයි Flops (හුඟක් වෙගාවට දැන් මේ අගයත් TFlops/PFlops මට්ටමට ඇවිත්) මගින් පෙන්වන්නේ.
ReplyDeleteගිනි කුරුල්ලා සහ Sahan Weerasinghe : ඔයගොල්ලන්ගෙ දැනමුතුකම් වලට ගොඩක් ස්තුතියි....ඇත්තටම නොදන්න දේවල් කියල දෙනවට දන්න දේවල් බෙදාගන්නවට බොහොමත්ම පිං
ReplyDeleteගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එකට ගොඩ උනේ.. හොඳ ලිපියක්..
ReplyDelete@කණියා : බොහොම ස්තුතියි මචෝ.....
ReplyDeleteඑල එල. මේ ගැන දැනගත්තේ මේ ලිපියෙන් තමයි. ජය වේවා!
ReplyDelete