Monday, June 25, 2012

පියවර දහයෙන් කාර්යාලීය සහකාරයෙක් | Office Assistant in 10 Steps


මෙයා කව්ද කියලා දන්න අය ඉන්නවද ? අත උස්සන්න....බලන්න...මම දන්නවා ගොඩක් අය මෙයාව දන්නවා...ඔයත් MS Office 2000 එහෙම නැත්නම් Microsoft Office 2000 කියන මෘදුකාංගයක් එකක් හිටපු කෙනෙක් නම් මෙයාව දන්නවා.....මෙයව හඳුන්වන්නේ  Office Assistant එහෙම නැත්නම් කාර්යාල සහකාර විදියට....එහෙම කියන්න හේතුව තමා මෙයා අපේ පරිඝනකයේ ඇතුලට වෙලා අපේ කාරයාලීය ලිපි ගෙනු එක්ක වැඩ කරන්න උදව් කරන එක...බොහොම වටිනා කියන කෙනෙක්...මෙයාට පුළුවන් අපිට අමතක උනු දෙයක් මතක් කරල දෙන්න...මෙයා ඒවා කියල දෙනවා....අපිට අපේ කාර්යාලීය වැඩ ලේසියෙන් ඉක්මනට කරන්න පුළුවන් වෙන්න තමා මෙයාව  Microsoft Office 2000  මෘදුකාංගය අතුලට දාල අපට පාවිච්චි කරන්න දුන්නේ....මෙයාව වෙස් මුහුණු ගොඩක් තියෙනවා....ඒත් අපේ කස්ටිය මෙයාව දන්නේ ෆයිල් කට්ට කියන නමින් දැන් දන්වා ඇති මෙයාව....

එත් මෙයා අපිත් එක්ක හිටියේ 2000 වර්ෂයේ විතරයි..මොකද මෙයාව ඊට පස්සේ ආපු   Microsoft Office 2003, Microsoft Office 2007 හා   Microsoft Office 2010  මෘදුකාංග එක්ක දකින්න ලැබුනේ නැහැ .ඇයි මෙයාව අයින් කලේ කියන්න හේතුවක් දන්නේ නැහැ....ඒත් ඔයාල දන්නෙ නැතුව ඇති මෙයා මේ වෙනකන් අපිට ලැබුනු ඔෆිස් මෘදුකාංගයක 2003 කට්ටල ඇතුලේ හැංගිලා හිටියා කියන එක....හැබැයි මතක තියාගන්න මෙයා හිටියේ වෙනස් නොකල මුල් ඔෆිස් මෘදුකාංග කට්ටල වල විතරයි.....එයා බලාගෙන හිටියා එයාගේ වාරය එනකන් වැඩ පෙන්නන්නන....ටිකක් රැස්පොට් පොරක්ද වෙලා.....හිකිස්....


කොහොම උනත් අද මම කියලා දෙන්නම් මේ ෆයිල් කට්ටව අපේ අනෙක්  Microsoft Office 2003  මෘදුකාංග කට්ටල එක්ක අපේ පරිඝනක ඇතුලට දාගන්නේ කොහොම කියලා පියවරෙන් පියවර....සරල පියවර 10 කින්......


1. මුලින් කරන්න තියෙන්නේ අපිට කැමති  Microsoft Office මෘදුකාංග කට්ටලය අපේ පරිඝනකයට ස්ථාපනය කරලන්න....

2. දැන් කරන්න තියෙන්නේ මම පහත දෙන ලින්ක් එකෙන් ගිහින් Office Assistant Setup.exe එක අපි Download කර ගෙන Install කරගන්න එක...


3. දැන් යන්න අපේ පරිඝනකයේ  Control Panel  Add or Remove Program කියන කොටසට Windows 7 මෙහෙයුම් පද්ධතියෙනම්  Programs and Features කියන කොටසට ....ගියා නම් ඔයාලට මෙන්න මේ විදියට ඔය කියන තැන පෙන්න තියෙයි...බල වෙන්න දෙයක් නැහැ ඇතුලට යන්න.....

Windows XP 
__________________________________


Windows Vista
__________________________________



Windows 7
__________________________________ 

සැ:යු: - රූප පෙන්නෙ නැත්නම් රූප උඩට ගිහින් Click කරල බලන්න

මෙතනින් එහාට වැඩේ යන පිළිවෙල ගොඩක් දුරට සමානයි....මම යොදාගන්නේ  Windows 7 මෙහෙයුම් පද්ධතිය..

වැඩේ කරන්න ටිකක් හිතට බයයි නම් සිංදුවකුත් දාගන්න 

හරි දැන් අපි වැඩේට බහිමු...

4. අපි දැන් ඉස්සෙල්ල කියපු තැනට ඒ කියන්නේ Control Panel  Add or Remove Program කියන කොටසට Windows 7 මෙහෙයුම් පද්ධතියෙනම්  Programs and Features කියන කොටසට ගිහිල්ල ලැබෙන ලිස්ට් එකේ බලන්න අපි පරිඝනකට ස්ථාපනය කරපු  Microsoft Office  මෘදුකාංගය තියෙනවද කියලා....හම්බ උනා නම් ඊළඟට කරන්න තියෙන්නේ ඒක Right Click උඩ කරලා Change කියන එක Click කරන්න....


මෙන්න මේ විදියට 

5. වැඩේ හරි නම් මෙන්න මෙහෙම එකක් එයි ඒකේ Add or Remove Features කියන එක තෝරලා Next කියන එක Click කරන්න.


6. දැන් අපිට පෙන්නයි අපි පරිඝනකයේ ස්ථාපනය කරල තියෙන ඔෆිස් මෘදුකාංග කොටස් මොනවද කියාල....දැන් කරන්න තියෙන්නේ ලැබුනු පිටුවේ පහල තියෙන choose advanced customization applications එක තෝරලා  Next කියන එක Click කරන්න.

මෙන්න මේ විදියට


7. දැන් අපිට පෙන්නයි ලිස්ට් එකක් අන්න ඒ ලිස්ට් එකේ පහලට වෙන්න ඇති කොටසක් office shared features කියලා...අන්න ඒ කොටස දිග ඇරගත්තහම ඒ  ලිස්ට් එකෙත් පහලට වෙන්න අපිට පෙන්නයි 

Office Assistant  කියල එකක්....අන්න ඒක උඩ Click කරලා Run from my Computer කියන එක තෝරල Update කියන එක Click කරන්න.



වැඩේ කියපු විදියටම උනා නම් මෙහෙම දෙයක් වෙලා.....එන්න ඔය විදියට OK කරන්න එකක එයි ඒකත් OK කරන්න.....




8. ඔන්න දැන් ෆයිල් කට්ටව අපි පරිඝනකයට දාගත්ත දැන් මනුස්සයව Active කරගන්න තමා තියෙන්නේ...

ඒකට කරන්න තියෙන්නේ අපිට කැමති Office Application එකක් Open කරගන්න...

උදාහරණයක් විදියට : Microsoft Word / Microsoft Excel / Microsoft PowerPoint


9. ඒකේ Help කියන කොටසට ගිහයහම බලන්න Show the Office Assistant කියල කොටසක් තියෙනවද කියලා...තියෙනව නම් අපේ වැඩේ හරි...ඒක Click කරන්න

ඊට පස්සේ බලාගෙන ඉන්නකොට පොඩි පොඩි කෑලි බෑලි ඇවිත් යයි මෙන්න මේ විදියට....වැඩේ හරි නම් අපේ ෆයිල් කට්ට බයිසිකලේක නැගල ඇවිත් බහී....හික්ස්...




10. දැන් කරන්න තියෙන්නේ එයා උඩ Right Click කරලා Option කියන එකට ගිහිල්ලා...ඔය පේන්න තියෙන විදියට වැඩ කෑලි (Settings) ටික වෙනස් කරලා OK කරන්න....වැඩේ ඉවරයි ...



දැන් අපිට බය නැතුව අපේ ඔෆිස් වැඩ කරන්න නියම අත්උදව් කාරයෙක් ඉන්නවා...


Related Articles

5 comments:

  1. office enterprise 2007 වලට වැඩ නැහැනෙ.

    ReplyDelete
  2. @ගමයා : පොඩ්ඩක් ආයේ බලපන් සහෝ අනිවාර්යෙන්ම වැඩ...

    ReplyDelete
  3. ගමයාගේ මග පෙන්වීම යටතේ මෙහි සමහර දැන් වෙනස් කරන ලදි....බොහෝම ස්තුතියි සහෝදර ගමයේ.....

    ReplyDelete
  4. මචං මේක අළුත් ඕක 2010/13 වලට වැඩද...

    ReplyDelete
  5. බොහෝ දුරට නැතිවෙයි සහෝදරයා.....මම මේක දාපු කාලේ නම් වැඩ කලා දැන් දෙන්නේ නැහැ

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...