Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

Wednesday, November 14, 2018

How to Flash Bricked Lumia 540 Dual Sim Mobile | Bricked උනු Lumia 540 Phone එකක් ගොඩ දාමු



ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ඔයාලට දෙයක් අරගෙන ආවා.
මම අද කියලා දෙන්න යන්නේ Lumia 540 Dual Sim Phone එකක් software Upgrade කරනකොටහරි  එහෙම නැත්නම් එක එක අත්හදා බැලීම් කරන්න ගිහින් විනාස උන්න නම් , එහෙම නැත්නම් mobile phone භාෂාවෙන් කියනවා නම් Bricked උන නම් , එහෙම නැත්නම් කොහොමවත් On වෙන්නෙත් නැත්නම් මොකද කරන්නේ සහ කොහොමද එක කරන්නේ කියන එක ගැනයි.

 වැදගත් - මේක අත්හදා බැලීමේදී සිදුවන ඇත වැරදීම් ගැන මම වග කියන්නේ නැහැ.එක නිසා කරන දෙයක් පරිස්සමින්.

රෝග ලක්ෂණ - Phone එක On වෙන්නේ නැති නම්, එහෙමත්ම නැත්නම් software update කරනකොට අත්වැරදීමකින් Data cable එක ගැලවුනා නම් , නැත්නම් එක එක වඩු වැඩ කරන්න ගිහින් phone එක දැන් On වෙන්නෙත් නැත්නම් ....

මේ ක්‍රමය ගොඩක් දුරට වැඩ කරනවා. මොකද මම මෙය ගැන හොයන්න ගොඩක් කල් ගියා.
(අවුරුද්දකටත් වඩා)

මුලින්ම මේ දේවල් ටික ලෑස්ති කරන්න.
1   
  
Lumia 540 phone එක Battery එක අඩුම ගානේ 75% වත් Charge කරලා ඕනි.
2       Lumia firmware and Emergency Files RM-1141 (Model එක දීල Download කරගන්න පුළුවන්.
(Model Number එක එහෙම නැත්නම් RM Number බලා ගන්න පුළුවන් Phone එකේ Battery එක ගැලෙව්වහම)











4       Lumia emergency driver සහ Lumia 540 mobile Phone එකට අයිති Hex Files ටික සහ Phone එකට අදාල Qualcomm QDLoader HS-USB Drivers ටික

5       වැඩකරන Data Cable එකක්
________________________________

හරි දැන් අපි වැඩේට බහිමු.

මුලින්ම Lumia 540 phone එකේ battery අයින් කරලා USB cable එකෙන් Computer එකට සම්බන්ධ කරන්න. එතකොට එය Drivers වගයක් ඉල්ලයි.
ඒවා ඔක්කොම Install කරගන්න. උදව්වක් ඕනි නම් පල්ලෙහා තියෙන ලින්ක්ස් වලට ගිහිල්ලා බලන්න.
වැඩේ හරියම උනා නම් Phone එක USB Cable හරහා Connect කරපුවහම මේ විදියට Device Manager එකේ ඔයාගේ Phone එක පෙන්නයි (Port Number එක ගැන වැඩිය හිතන්න එපා).







ඊට පස්සේ අපි download කරගත්ත Windows Recovery Tool එකත් install කරගන්න.


ඊට පස්සේ අපි https://www.lumiafirmware.com/ එකෙන් download කරගත්ත firmware file ටික ඔක්කොම RM-1141 කියලා Folder එකක් හදලා ඒ file ඔක්කොම ඒ folder ඇතුලට දාන්න.
දැන් ඒ folder එක copy කරන්න මෙන්න මේ folder එක ඇතුලට.
C:\ProgramData\Microsoft\Packages\Products
ඊට පස්සේ අපි Windows Recovery Tool එකත් install කරගත්ත Folder එකට ගිහින් ඒ folder එක  CMD හරහා Open කරගන්න.

64 Bit OS නම් - C:\Program Files (x86)\Microsoft Care Suite\Windows Device Recovery Tool
32 Bit OS නම් - C:\Program Files\Microsoft Care Suite\Windows Device Recovery Tool















ඊට පස්සේ ඒ folder එක මේ විදියට ගියහම CMD එකකින් Open කරගන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ මම download කරගන්න දුන්නු Files ගොඩේ තියෙනවා Manufacturing SW Package කියලා Folder එකක්. අන්න ඒ Folder එක ඇතුලේ තියෙනවා File 2ක්. අන්න ඒ File 2ක ඔයාලගේ computer එකේ C: Driver එක ඇතුලට Copy කරන්න.

ඊට පස්සේ මම මෙය පල්ලෙහා දාල තියෙන විදියට අර කලින් අපි ගත්ත CMD එකේ ටයිප් කරගන්න.
thor2 -mode emergency -hexfile C:\MPRG8x12_fh.ede -edfile C:\RM1141_fh.edp

ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ OS file එක අපේ Phone එකට දාගන්න එක. ඒකට කරන්න තියෙන්නේ.
එකට මේ code ගහන්න....

thor
2 -mode ffureader -ffufile "C:\ProgramData\Microsoft\Packages\Products\rm-1141\RM1141_02074.10000.15174.44001_RETAIL_prod_signed_1007_02250F_000-66_MV.ffu" -dump_gpt -filedir C: \dump

මේ code එක ගහපු ගමන් ඔයාගේ phone දෙතුන් පාරක් ON OFF වෙලා රතු පාට තිරයකට ඇවිත් නවතීවි.

 ඊට පස්සේ ඔයාගේ phone එක USB Cable එකෙන් අයින් කරලා Battery එක දාලා අයිමත් USB එකට ගහන්න. දැන් ඔයාගේ Phone එක ඉස්සර වගේම Charge වෙන තිරයට එයි.









මේක ආවා කියන්නේ phone එක හුස්ම ගන්න පටන් ගත්තා කියන එක තමා එත් තම වැඩේ ඉවර නැහැ.
ඊට පස්සේ මේ වගේ තීරයකට එයි. මේකට කියන්නේ Windows Lumia rollback screen කියලා.



ඊටත් පස්සේ ටික වෙලාවකින් ඔයාගේ phone සාමාන්‍ය විදියටම Main Screen එකට එයි මෙන්න මේ වගේ....

















මේක ආවා කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියන එක තමා....
ඔයාලගෙත් Lumia 540 Phone එකට මෙහෙම උනා නම් කරලා බලන්න.... 
එහෙනම් ආයෙත් මේ වගේ දෙයක් අරගෙන එන්නම්...

Tuesday, July 10, 2012

අඩු සද්දෙ වැඩි කරගන්න උපක්‍රමයක් !
Amplifier Sound Output

පරිඝනකයේ සද්දෙ අඩුයිද ? එහෙම නැත්නම් Output එකේ කිසිම ගතියක් නැද්ද, මෙන්න තියෙනවා සුපිරි මෘදුකාංගයක් , මේක ඕන දෙයක් එක්ක පහසුවෙන් වැඩ කරන මෘදුකාංගයක්...මේක ගොඩක් වෙලාවට Quality ශබ්දයක් කැමති අයට මේක ගෙඩක් වටිනවා..මේකට කියන්නේ SRS Audio Sandbox මේක ගොඩක් වෙලාවට SRS Sound Drivers තියෙන පරිඝනක එක්ක එන මෘදුකාංගයක්...එහෙම උනත් මේක අපේ අනිත් sound Card එක්කත් සුපිරියට වැඩකරනවා...බය වෙන්න දෙයක් නැහැ ආයෙ අපිට ඕනි විදියට සංගීතයේ වෙනස් කම් කරගන්න පුළුවන්. කැමති කැමති අයට අරගන්න පුළුවන්.....මෙන්න එහෙනම්




Sunday, July 1, 2012

ලෝකයේ කුඩාම මෙහෙයුම් පද්ධතිය
(OS - Operating System) ගැන දැනගන්න

ඔයාලනේ ඇහුවොත් ලෝකයේ කුඩාම මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියලා...සමහර දෙනෙක් කියන්න පුලුවනි Windows 3.1 කියලා...තවත් කෙනෙකේ කියන්න විවිධ උත්තර දෙන්න පුළුවන්...කොහොම උනත් මට හම්බුනා දැනට ලෝකයේ තියෙන කුඩාම මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන Kolibri මෙහෙයුම් පද්ධතිය..අපි දන්න විදියට ලොකයේ DOS (Disk Operating System) කියන මෙහෙයුම් පද්ධතිය තමා මුල්ම මෙහෙයුම් පද්ධතිය විදියට සැලකෙන්නේ...අයි.බී.එම් ආයතනය වර්ෂ 1981 සහ 1995 යන කාලවකවානුව අතරතුර කාලයේදි තමා මේ මෙහෙයුම් පද්ධතිය පුද්ගල පරිඝනක වෙනුවෙන් නිශ්පාදනය වෙන්නේ ඉන් අනතුරුව මේ DOS මත පදනම් වෙමින් Microsoft ආයතනය විසින් Windows 3.1, Windows 95 හා Windows 98 යන ග්‍රාපිකාකාර අතුරු මුහුණතක් (Graphical Interface) සහිත මෙහෙයුම් පද්ධති මෙලොව එළිය දකින්නේ...ඊට අමතරව DOS විවිධාකාරයෙන් වැඩි දියුණු වෙමින් MS-DOS, PC-DOS, DR-DOS, FreeDOS, PTS-DOS, ROM-DOS, Novell DOS, OpenDOS යනුවෙන් බලගන්වෙන්නේ...ඒත් මතක තියාගන්න DOS වලට Graphical Interface තිබ්බෙ නැහැ කියන එක...ඔය විදියට ලොකයේ දියුණුවත් එක්ක මේ පරිඝනක මෙහෙයුම් පද්ධති වෙනස් වෙමින් ඉදිරියට ඇවිත් තියෙනවා...

හරි ඔයාලට මම කියා කියා හිටියේ දැනට ලෝකයේ තියෙන කුඩාම මෙහෙයුම් පද්ධතිය ලෙස පිළිගැනෙන Kolibri මෙහෙයුම් පද්ධතිය ගැනිය...මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන තියෙන විශේෂ ලක්ෂණය තමා මෙයා දැනට ලෝකයේ බිහිවී ඇති Graphical Interface තියෙන මෙහෙයුම් පද්ධති අතරින් පුංචිම ඉඩක් තියෙන Graphical Interface තියෙන මෙහෙයුම් පද්ධතිය වීමයි. මෙහෙයුම් පද්ධතිය මෙලොව එළිය දතින්නේ 2004 මැයි මාසේ 16 වෙනිදා...ඒ වෙනකොට මේ මෙහෙයුම් පද්ධතියේ බර 659.14 KB ඒ මෙහෙයුම් පද්ධතිය විතරයි...නමුත් මෙයට අදාල වැඩසටහන් ඇතුලතු කර වැඩක් ගන්න පුළුවන් තැනට එනකොට මේ මෙහෙයුම් පද්ධතියේ බර 1.44MB උනා ඊට පස්සේ මේ මෙහෙයුම් පද්ධතිය තව දුරටත් විවිධ විවිධ වෙනස්කම් වෙමින් අද වන විට ඉතා යහපත් ගතිගුණ ඇති මෙහෙයුම් පද්ධතියක් විදියට ගොඩනැගිල තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රසිද්ධ නම උනේ "KOS" කියන නමයි..අනිත් මෙහෙයුම් පද්ධති එක්ක බලද්දි මේ මෙහෙයුම් පද්ධතිය ලොකු නිශ්පාදනයක් වෙනවා මොකද Windows 3.1 බර 2.88 MB වෙනකොට Kolibri මෙහෙයුම් පද්ධතිය වෙන්නේ 2.79 MB යි..අනිත් දේ තමා වඩා මෙහෙයුම් පද්ධතියෙන් ගන්න පුළුවන් වැඩත් වැඩී.

ඔන්න බලන්නකො වෙනස
මේ තියෙන්නේ  DOS (Disk Operating System) කියන මෙහෙයුම් පද්ධතියේ පෙනුම


එතකොට මේ තියෙන්නේ Kolibri මෙහෙයුම් පද්ධතියේ පෙනුම



* Kolibri මෙහෙයුම් පද්ධතිය ගැන වැඩි දුර දැනගන්න මෙතනින්
* Kolibri මෙහෙයුම් පද්ධතිය අර ගන්න මෙතනින්
(සැ:යු: මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියකි)

Friday, June 29, 2012

වේගයට වැදගත් FLOP/s ගැනත් පොඩ්ඩක් දැනගන්න


මොකකද මේ FLOPS කියන්නෙ කියලා බලන්න පුළුවන් දැන් කස්ටිය...බය වෙන්න එපා අපි වේගය පැයට කිලෝමීටර් වලින් එහෙමත් නැත්නම් පැයට මීටර්...විදියට මනිනවා...නැත්නම් පරිඝනක භාවිතයේදී අපි දත්ත ගමන් කරන වේගය තත්පරයට කිලෝබයිට් නැත්නම් තත්පරයට මෙගාබයිට්...එහෙමත් නැත්නම් තත්පරයට ගිගාබයට්....මෙන්න මේ වියට වේගය අපි එක එක තැන් වලදි මනින්න පාවිච්චි කරන ඒකක තියෙනවා..නමුත් ඒ පුංචි පුංචි වේගයන් මනින්න තමා...අපි අහල තියෙනවා ස(ර්)වර් කියල පරිඝනක කොට්ඨාශයක් ගැන...ඇත්තටම ඒවා සාමාන්‍ය පරිඝනක වලට වඩා ගොඩක් වේගවත් ඒවගේම පහසුකම් වැඩි ඒ වගේම අපේ සාමාන්‍ය ජීවිතයේදී අපිට අඩුවෙන් දකින්න අඩුවෙන් අහන්න ලැබෙන පරිඝනක විශේෂයක්...ගොඩක් වෙලාවට පරිඝනක විද්‍යාව හා වෙනත් පරිඝනක සම්බන්ධ පාඨමාලා හදාරන අයට නම් මේ වචනෙ විටෙක ඇහෙන්න පුළුවන්...ඇත්තටම මමත් මේ ගැන පොඩ්ඩක් හරි දැනගත්තේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ තමා...අපි අන්තිමට කථා කර කර හිටියෙ ස(ර්)වර් කියල පරිඝනක ගැනනේ...මේ පරිඝනක එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන පරිඝනක වලට වඩා ටිකක් වෙනත් වගේම ටිකක් වෙනස් කටයුතු වලට තමා යොදගන්නේ...ඒවා ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මිනිසුන්ට කරන්න අපහසු ඒ වගේම ගොඩක් වෙලාව ගත වන ඒ වගේ සංකීර්ණ වැඩ වලට තමා..ඒත් මතක තියා ගන්න මේ හැම සංකීර්ණ යන්තර සුත්තර වගේ දෙවල් බිහි වෙන්නේ මිනිස් මොලේම තමා කියන එක..ඒක හින්ද මේ දේවල් තේරුම් ගන්නත් මනුස්සයට මහ ලොකු වෙලාවක් යන්නෙ නැහැ...කොහොම උනත් ස(ර්)වර් කියල පරිඝනක අපේ ජීවිතේ අපි දකින පරිඝනක වලට වඩා වේගය වැඩි..දෘඩ ධාරිතාවය වැඩි ඒවගේම මතක ශක්තිය වැඩි කියන එකත් මතක තියාගන්න. අන්න ඒවගේ වැඩි ධාරිතායන් සහිත ස(ර්)වර් කියල පරිඝනකවල වේගය මනින්න භාවිතා කරන මැනුම් ඒකකයක් විදියට තමා මේ FLOPS කියන ඒකකය භාවිතා කරන්නේ...එක අතකින් ගත්තහම මේ ස(ර්)වර් පරිඝනක සුපිරි පරිඝනක විදියටත් කියන්න පුළුවන්..

*ස(ර්)වර් පරිඝනක භාවිතා කරන්නෙ ඇයි ?

* විශාල දත්ත ගබවා හා අනෙකුත් වටිනා දත්ත හැසිරවීමට හා සුරැකීමට

* විශාල වශයෙන් දත්ත හා පරිඝනක ගත කරන ලද සමාගම් හී දත්ත ගබඩා කිරීමට
* අන්තර්ජලයේ දී වටින ලිපිගෙනු හා දත්ත සුරැකීමටත් බෙදා දීමටත්
උදාරණයන් - පින්තූර, සිංදු, ලිපි ආදිය

PETAFLOPS ගැන දැනගන්න  මෙනනින් 
FLOPS ගැන වැඩි විස්තර දැනගන්න  මෙනනින් 

මේ තියෙන්නෙ ස(ර්)වර් පරිඝනක පද්ධතියක් නොදන්න අයටත් දැනගන්න එක්කම



* මේ තියෙන්නේ ලොකයේ දැනට භාවිතා වන වේගවත්ම ස(ර්)වර් පරිඝනක 10 සහ එහි වේගයන් 

10. IBM Roadrunner | 1.04 petaflop/s

09. Tera 100 | 1.05 petaflop/s

08. Hopper | 1.054 petaflop/s

 

07. Pleiades | 1.09 petaflop/s

 

06. Cielo | 1.11 petaflop/s


05. Tsubame | 1.19 petaflop/s


04. Nebulae | 1.27 petaflop/s

 

03. Jaguar | 1.75 petaflop/s


02. Tianhe-1A | 2.6  petaflop/s


01. K Computer | 8  petaflop/s  *


K Computer ගැන වැඩි විසතර මෙනතනින් බලන්න

Monday, June 25, 2012

පියවර දහයෙන් කාර්යාලීය සහකාරයෙක් | Office Assistant in 10 Steps


මෙයා කව්ද කියලා දන්න අය ඉන්නවද ? අත උස්සන්න....බලන්න...මම දන්නවා ගොඩක් අය මෙයාව දන්නවා...ඔයත් MS Office 2000 එහෙම නැත්නම් Microsoft Office 2000 කියන මෘදුකාංගයක් එකක් හිටපු කෙනෙක් නම් මෙයාව දන්නවා.....මෙයව හඳුන්වන්නේ  Office Assistant එහෙම නැත්නම් කාර්යාල සහකාර විදියට....එහෙම කියන්න හේතුව තමා මෙයා අපේ පරිඝනකයේ ඇතුලට වෙලා අපේ කාරයාලීය ලිපි ගෙනු එක්ක වැඩ කරන්න උදව් කරන එක...බොහොම වටිනා කියන කෙනෙක්...මෙයාට පුළුවන් අපිට අමතක උනු දෙයක් මතක් කරල දෙන්න...මෙයා ඒවා කියල දෙනවා....අපිට අපේ කාර්යාලීය වැඩ ලේසියෙන් ඉක්මනට කරන්න පුළුවන් වෙන්න තමා මෙයාව  Microsoft Office 2000  මෘදුකාංගය අතුලට දාල අපට පාවිච්චි කරන්න දුන්නේ....මෙයාව වෙස් මුහුණු ගොඩක් තියෙනවා....ඒත් අපේ කස්ටිය මෙයාව දන්නේ ෆයිල් කට්ට කියන නමින් දැන් දන්වා ඇති මෙයාව....

එත් මෙයා අපිත් එක්ක හිටියේ 2000 වර්ෂයේ විතරයි..මොකද මෙයාව ඊට පස්සේ ආපු   Microsoft Office 2003, Microsoft Office 2007 හා   Microsoft Office 2010  මෘදුකාංග එක්ක දකින්න ලැබුනේ නැහැ .ඇයි මෙයාව අයින් කලේ කියන්න හේතුවක් දන්නේ නැහැ....ඒත් ඔයාල දන්නෙ නැතුව ඇති මෙයා මේ වෙනකන් අපිට ලැබුනු ඔෆිස් මෘදුකාංගයක 2003 කට්ටල ඇතුලේ හැංගිලා හිටියා කියන එක....හැබැයි මතක තියාගන්න මෙයා හිටියේ වෙනස් නොකල මුල් ඔෆිස් මෘදුකාංග කට්ටල වල විතරයි.....එයා බලාගෙන හිටියා එයාගේ වාරය එනකන් වැඩ පෙන්නන්නන....ටිකක් රැස්පොට් පොරක්ද වෙලා.....හිකිස්....


කොහොම උනත් අද මම කියලා දෙන්නම් මේ ෆයිල් කට්ටව අපේ අනෙක්  Microsoft Office 2003  මෘදුකාංග කට්ටල එක්ක අපේ පරිඝනක ඇතුලට දාගන්නේ කොහොම කියලා පියවරෙන් පියවර....සරල පියවර 10 කින්......


1. මුලින් කරන්න තියෙන්නේ අපිට කැමති  Microsoft Office මෘදුකාංග කට්ටලය අපේ පරිඝනකයට ස්ථාපනය කරලන්න....

2. දැන් කරන්න තියෙන්නේ මම පහත දෙන ලින්ක් එකෙන් ගිහින් Office Assistant Setup.exe එක අපි Download කර ගෙන Install කරගන්න එක...


3. දැන් යන්න අපේ පරිඝනකයේ  Control Panel  Add or Remove Program කියන කොටසට Windows 7 මෙහෙයුම් පද්ධතියෙනම්  Programs and Features කියන කොටසට ....ගියා නම් ඔයාලට මෙන්න මේ විදියට ඔය කියන තැන පෙන්න තියෙයි...බල වෙන්න දෙයක් නැහැ ඇතුලට යන්න.....

Windows XP 
__________________________________


Windows Vista
__________________________________



Windows 7
__________________________________ 

සැ:යු: - රූප පෙන්නෙ නැත්නම් රූප උඩට ගිහින් Click කරල බලන්න

මෙතනින් එහාට වැඩේ යන පිළිවෙල ගොඩක් දුරට සමානයි....මම යොදාගන්නේ  Windows 7 මෙහෙයුම් පද්ධතිය..

වැඩේ කරන්න ටිකක් හිතට බයයි නම් සිංදුවකුත් දාගන්න 

හරි දැන් අපි වැඩේට බහිමු...

4. අපි දැන් ඉස්සෙල්ල කියපු තැනට ඒ කියන්නේ Control Panel  Add or Remove Program කියන කොටසට Windows 7 මෙහෙයුම් පද්ධතියෙනම්  Programs and Features කියන කොටසට ගිහිල්ල ලැබෙන ලිස්ට් එකේ බලන්න අපි පරිඝනකට ස්ථාපනය කරපු  Microsoft Office  මෘදුකාංගය තියෙනවද කියලා....හම්බ උනා නම් ඊළඟට කරන්න තියෙන්නේ ඒක Right Click උඩ කරලා Change කියන එක Click කරන්න....


මෙන්න මේ විදියට 

5. වැඩේ හරි නම් මෙන්න මෙහෙම එකක් එයි ඒකේ Add or Remove Features කියන එක තෝරලා Next කියන එක Click කරන්න.


6. දැන් අපිට පෙන්නයි අපි පරිඝනකයේ ස්ථාපනය කරල තියෙන ඔෆිස් මෘදුකාංග කොටස් මොනවද කියාල....දැන් කරන්න තියෙන්නේ ලැබුනු පිටුවේ පහල තියෙන choose advanced customization applications එක තෝරලා  Next කියන එක Click කරන්න.

මෙන්න මේ විදියට


7. දැන් අපිට පෙන්නයි ලිස්ට් එකක් අන්න ඒ ලිස්ට් එකේ පහලට වෙන්න ඇති කොටසක් office shared features කියලා...අන්න ඒ කොටස දිග ඇරගත්තහම ඒ  ලිස්ට් එකෙත් පහලට වෙන්න අපිට පෙන්නයි 

Office Assistant  කියල එකක්....අන්න ඒක උඩ Click කරලා Run from my Computer කියන එක තෝරල Update කියන එක Click කරන්න.



වැඩේ කියපු විදියටම උනා නම් මෙහෙම දෙයක් වෙලා.....එන්න ඔය විදියට OK කරන්න එකක එයි ඒකත් OK කරන්න.....




8. ඔන්න දැන් ෆයිල් කට්ටව අපි පරිඝනකයට දාගත්ත දැන් මනුස්සයව Active කරගන්න තමා තියෙන්නේ...

ඒකට කරන්න තියෙන්නේ අපිට කැමති Office Application එකක් Open කරගන්න...

උදාහරණයක් විදියට : Microsoft Word / Microsoft Excel / Microsoft PowerPoint


9. ඒකේ Help කියන කොටසට ගිහයහම බලන්න Show the Office Assistant කියල කොටසක් තියෙනවද කියලා...තියෙනව නම් අපේ වැඩේ හරි...ඒක Click කරන්න

ඊට පස්සේ බලාගෙන ඉන්නකොට පොඩි පොඩි කෑලි බෑලි ඇවිත් යයි මෙන්න මේ විදියට....වැඩේ හරි නම් අපේ ෆයිල් කට්ට බයිසිකලේක නැගල ඇවිත් බහී....හික්ස්...




10. දැන් කරන්න තියෙන්නේ එයා උඩ Right Click කරලා Option කියන එකට ගිහිල්ලා...ඔය පේන්න තියෙන විදියට වැඩ කෑලි (Settings) ටික වෙනස් කරලා OK කරන්න....වැඩේ ඉවරයි ...



දැන් අපිට බය නැතුව අපේ ඔෆිස් වැඩ කරන්න නියම අත්උදව් කාරයෙක් ඉන්නවා...


Monday, February 28, 2011

Jackhammer දෙසොහොයුරෝ සංගීත ලොව කළඹයි !



දැන් කට්ටිය හිතන්න පුළුවන් කව්ද මේ කියන දෙන්න කියලා....ඇත්තටම මම මේ කියන්න යන්නේ තාක්ෂණය අතින් සංගීතයේ තැබූ තවත් පියවරක් ගැනයි....මුලින්ම කියන්නම් මේ දෙන්නගෙ ගෙදර තමා MTX Audio ආයතනය..විනෝදාංශයක් වශයෙන් සපීකර් නිර්මාණයේ යෙදුන කොළුවෙක් උනු ඇමරිකාවේ Winslow, Illinois ප්‍රදේශයේ ජීවත් වූ වයස යන්තම් 26 පිරුණ Loyd Ivey විසින් 1979 MTX Audio ආයතනය නමින් තමගේම සංගීත උපකරණ නිර්මාණ ආයතනයක් විවෘත කරන ලදි....

                                              දිනෙන් දින ඉහල යන තාක්ෂණය උපයෝගී කරගනිමින් සංගිතයේ උන්නතිය උදෙසා බොහෝ සපීකර් පද්ධති නිර්මාණයක කළ ආයතනයක් වශයෙන් මේ වන විට MTX Audio ආයතනය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වි ඇත...මොවුන්ගේ නවතම නිර්මාණයක් වු Jackhammer ගැනයි මම මේ කියන්න යන්නේ...නමින් දෙදෙනාටම එක නමක් තමා තියෙන්නෙ...ඒ නම Jackhammer , අඟල් 22 හා 24 යන ප්‍රමාණයන් වලින් මේ දෙදෙනා සන්නද්ධ වෙමින් මෙලොව එළිය දකින්නේ .....ඒ 2007 - 2010යන වර්ෂ දෙක අතර මන්ද මොවුන් දෙදෙනාගේ උප්පත්තිය පැහැදි‍ලි නොවන හින්දයි.....

මේ ඉන්නෙ ඒ දෙන්න තමා
~ මේ දෙන්නගේ විශේෂත්වය තමා MTX Audio ආයතනය නිර්මාණය කරල තියෙන්නෙ රථ වාහාන වලට වීමයි ~


මෙයා අඟල් 22 Jackhammer 9922
______________________________________________________



එතකොට මේ ඉන්නෙ අඟල් 24 Jackhammer

~ මෙන්න මේ දෙන්න ගැන විස්තර පොඩ්ඩක් ~

Impedance
Dual 2Ω
RMS Power (Watts)
6,000
Rec. RMS Amplifier
Power (Watts)
3,000 - 6,000
Sensitivty
-
Voice Coil
6.5"
Magnet Weight (oz.)
900
Mounting Depth
21-1/16"
Cut Out Diameter
20-1/4"
Sealed Enclosure Net Volume
TBD
Vented Enclosure Net Volume
TBD
Speaker Displacement
1.8ft3
Volume Displacement (SD x XMAX) (in3)
267.84
Tuning Frequency
TBD

මේ තියෙන්නෙ මේ දෙන්න එළිමහනෙ ඉන්නකොට ගත්ත පින්තූර දෙකක්









































~ | මේ දෙන්නගෙ වැඩ බලන්න මෙන්න වීඩියෝ කිහිපයක්
| ~






"MTX Audio ආයතනය"
ගැන තවදුරටත් බලාගන්න මෙන්න ලින්ක් එකක් ගිහිල්ලම බලන්න


http://www.mtx.com/