Wednesday, November 14, 2018

How to Flash Bricked Lumia 540 Dual Sim Mobile | Bricked උනු Lumia 540 Phone එකක් ගොඩ දාමු



ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ඔයාලට දෙයක් අරගෙන ආවා.
මම අද කියලා දෙන්න යන්නේ Lumia 540 Dual Sim Phone එකක් software Upgrade කරනකොටහරි  එහෙම නැත්නම් එක එක අත්හදා බැලීම් කරන්න ගිහින් විනාස උන්න නම් , එහෙම නැත්නම් mobile phone භාෂාවෙන් කියනවා නම් Bricked උන නම් , එහෙම නැත්නම් කොහොමවත් On වෙන්නෙත් නැත්නම් මොකද කරන්නේ සහ කොහොමද එක කරන්නේ කියන එක ගැනයි.

 වැදගත් - මේක අත්හදා බැලීමේදී සිදුවන ඇත වැරදීම් ගැන මම වග කියන්නේ නැහැ.එක නිසා කරන දෙයක් පරිස්සමින්.

රෝග ලක්ෂණ - Phone එක On වෙන්නේ නැති නම්, එහෙමත්ම නැත්නම් software update කරනකොට අත්වැරදීමකින් Data cable එක ගැලවුනා නම් , නැත්නම් එක එක වඩු වැඩ කරන්න ගිහින් phone එක දැන් On වෙන්නෙත් නැත්නම් ....

මේ ක්‍රමය ගොඩක් දුරට වැඩ කරනවා. මොකද මම මෙය ගැන හොයන්න ගොඩක් කල් ගියා.
(අවුරුද්දකටත් වඩා)

මුලින්ම මේ දේවල් ටික ලෑස්ති කරන්න.
1   
  
Lumia 540 phone එක Battery එක අඩුම ගානේ 75% වත් Charge කරලා ඕනි.
2       Lumia firmware and Emergency Files RM-1141 (Model එක දීල Download කරගන්න පුළුවන්.
(Model Number එක එහෙම නැත්නම් RM Number බලා ගන්න පුළුවන් Phone එකේ Battery එක ගැලෙව්වහම)











4       Lumia emergency driver සහ Lumia 540 mobile Phone එකට අයිති Hex Files ටික සහ Phone එකට අදාල Qualcomm QDLoader HS-USB Drivers ටික

5       වැඩකරන Data Cable එකක්
________________________________

හරි දැන් අපි වැඩේට බහිමු.

මුලින්ම Lumia 540 phone එකේ battery අයින් කරලා USB cable එකෙන් Computer එකට සම්බන්ධ කරන්න. එතකොට එය Drivers වගයක් ඉල්ලයි.
ඒවා ඔක්කොම Install කරගන්න. උදව්වක් ඕනි නම් පල්ලෙහා තියෙන ලින්ක්ස් වලට ගිහිල්ලා බලන්න.
වැඩේ හරියම උනා නම් Phone එක USB Cable හරහා Connect කරපුවහම මේ විදියට Device Manager එකේ ඔයාගේ Phone එක පෙන්නයි (Port Number එක ගැන වැඩිය හිතන්න එපා).







ඊට පස්සේ අපි download කරගත්ත Windows Recovery Tool එකත් install කරගන්න.


ඊට පස්සේ අපි https://www.lumiafirmware.com/ එකෙන් download කරගත්ත firmware file ටික ඔක්කොම RM-1141 කියලා Folder එකක් හදලා ඒ file ඔක්කොම ඒ folder ඇතුලට දාන්න.
දැන් ඒ folder එක copy කරන්න මෙන්න මේ folder එක ඇතුලට.
C:\ProgramData\Microsoft\Packages\Products
ඊට පස්සේ අපි Windows Recovery Tool එකත් install කරගත්ත Folder එකට ගිහින් ඒ folder එක  CMD හරහා Open කරගන්න.

64 Bit OS නම් - C:\Program Files (x86)\Microsoft Care Suite\Windows Device Recovery Tool
32 Bit OS නම් - C:\Program Files\Microsoft Care Suite\Windows Device Recovery Tool















ඊට පස්සේ ඒ folder එක මේ විදියට ගියහම CMD එකකින් Open කරගන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ මම download කරගන්න දුන්නු Files ගොඩේ තියෙනවා Manufacturing SW Package කියලා Folder එකක්. අන්න ඒ Folder එක ඇතුලේ තියෙනවා File 2ක්. අන්න ඒ File 2ක ඔයාලගේ computer එකේ C: Driver එක ඇතුලට Copy කරන්න.

ඊට පස්සේ මම මෙය පල්ලෙහා දාල තියෙන විදියට අර කලින් අපි ගත්ත CMD එකේ ටයිප් කරගන්න.
thor2 -mode emergency -hexfile C:\MPRG8x12_fh.ede -edfile C:\RM1141_fh.edp

ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ OS file එක අපේ Phone එකට දාගන්න එක. ඒකට කරන්න තියෙන්නේ.
එකට මේ code ගහන්න....

thor
2 -mode ffureader -ffufile "C:\ProgramData\Microsoft\Packages\Products\rm-1141\RM1141_02074.10000.15174.44001_RETAIL_prod_signed_1007_02250F_000-66_MV.ffu" -dump_gpt -filedir C: \dump

මේ code එක ගහපු ගමන් ඔයාගේ phone දෙතුන් පාරක් ON OFF වෙලා රතු පාට තිරයකට ඇවිත් නවතීවි.

 ඊට පස්සේ ඔයාගේ phone එක USB Cable එකෙන් අයින් කරලා Battery එක දාලා අයිමත් USB එකට ගහන්න. දැන් ඔයාගේ Phone එක ඉස්සර වගේම Charge වෙන තිරයට එයි.









මේක ආවා කියන්නේ phone එක හුස්ම ගන්න පටන් ගත්තා කියන එක තමා එත් තම වැඩේ ඉවර නැහැ.
ඊට පස්සේ මේ වගේ තීරයකට එයි. මේකට කියන්නේ Windows Lumia rollback screen කියලා.



ඊටත් පස්සේ ටික වෙලාවකින් ඔයාගේ phone සාමාන්‍ය විදියටම Main Screen එකට එයි මෙන්න මේ වගේ....

















මේක ආවා කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියන එක තමා....
ඔයාලගෙත් Lumia 540 Phone එකට මෙහෙම උනා නම් කරලා බලන්න.... 
එහෙනම් ආයෙත් මේ වගේ දෙයක් අරගෙන එන්නම්...

Related Articles

0 ප්‍රතිචාර:

Post a Comment

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...