Friday, August 24, 2012

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් :P


 මේක අපේ ගමේ උනු පට්ට සිද්ධියකි...කනාවට මෙන් මාස 6ක් පමණ පරණය. අපේ ගම ගැනත් කියනවා නම් අපේ ගමේ නම ලින්දර.....මීරිගම - වේවැල්දෙණිය පාරේ තියෙන ගම් අතුරින් වැඩිම පවුල් කොටසක් ඉන්නේ අපේ ගමේලු...  ගමේ වැඩි පිරිසකගේ ජීවන උපාය ගොවිතැන. අපි වගේ වැදගම්මකට නැති අන්ඩපාලයෝ විතරයි ඔය කියන ගොවිතැන් රක්සවා කරන්නේ නැත්තේ. අපේ ගමේ හිටියා වඩු වැඩ රස්සාව කරගත් මනුස්සයෙක් එයාගෙ නම සිමියොන් කියලා තමා හැමෝම කියන්නේ .මනුස්සයගේ ගමන ඉතින් දුප්පතාගේ හිතවතා උනු බයිසිකලේ...ඔයාලා අහලා තියෙනවාද රැලේ කියලා බයිසිකලයක් බොහොම පරණ ජාතියේ එකක් අර අපි ඉස්සර 11 වසරෙදි බයිසිකලේ කියලා සිංහල පොතේ තියෙන කථාවක් මතකද ?

ඔන්න බලන්නකෝ ඒකාලේ රැලේ බයිසිකල් වලට තිබ්බ මාර්කැට් ඇහ්...


රැලේ බයිසිකල් ගැන දැන ගන්න  

කොහොම උනත් අපි සිමියොන් කියන නම අගට මාමා දමා සිමියොන් මාමා කියා අමතයි..ගතිගුණ අතින් සිමියොන් මාමා ඉහලයි...පොඩි වැරැද්දකට තියෙන් ඉතින් බීමත්කම තමා...මනුස්සයා පට්ට කලාකාරයෙක්....කොයි වෙලාවෙත් සිංදුවක් කියාගෙනම තමා වැඩ....බොහෝම ගුණ යහපත්....මනුස්සයා බීපු වෙලාවට පොඩි එකෙක් වගේ කියලයි ගමේ අය කියන්නේ...කාටවත් කරදරයක් නැහැල්ලු...ගේ දොර ඉඩ කඩන් ගොඩන් නොතිබුනාට අනිත් හැම අතින්ම පොහොසත්ය මනුස්සයෙකි....ඔන්න දවසක් සිමියොන් මාමා වැඩ කරලා හවස එන ගමන් පොඩ්ඩක් දාගෙන එහෙම හයියෙන් සින්දුවක් කියාගෙන එනවළු....ඔයාල දැකලා ඇති සමහර මිනිස්සු බීපුවහම හයියෙන් සිංදු කියන්නේ....අර අපේ අම්මලා කියන්ගේ ගිරිය කඩාගෙන කෑගහනවා කියලා...අන්න ඒ විදිහ මතක් කරගන්නකෝ...ඉතින් මේ මනුස්සයා ඔය විදියට හයියෙන් සිංදුවකුත් කියාගෙන හිමීට බයිසකයත් පැදගෙන එනවලු....මේ සිද්ධිය උනු කාලේ අපේ ගමේ කොල්ලො සෙට් එකක් ඉන්නවා බොහොම රථ ගාය තියෙන ඇත්තට කිව්වොත් මහ රෑ 12ට 1ටත් මුන් අපේ ගම මැදින් ගමන යනවා මහා සද්දෙන් ....කන්දොස්කිරිය්වේ බැහැ....අන්න ඒ කොල්ලෙක්ගෙ ගාව තියෙනවා ඇස් ගෙඩි දෙක පොල් සයිස් උනු කොල්ලෝ නම් කියන්නේ XXL (එහෙම නැත්නම් ඩබල් එක්ස් එල්) කියලා මේ මොටෝ සයිකලේ තමා ඒ දවස්වල අපේ නින්ද නැති කරන කරදරකාරයා.....බයිසිකලේ එන්නේ කොහෙන්වත් සද්දේ ඇහෙන්නේ කොහෙන්වත්.....හප්පේ සද්දේ...මහා කරුමයක්...ගමේ මිනිස්සු වෙලාවට බයිනවා මුන්ට....එයාලා කියන විදියට ගමේ උදේට කුකුළාගේ සුමිහිරි නාදය වෙනුවට මේ මිනිස්සුන්ට ඇහෙන්නේ මේකා මොටෝ බයිසිකලේ රේස් කරන සද්දේලු..පව් අප්පා අසල්වාසියෝ. අපේ වෙලාවට අපි ගමේ පහල කොලසේ...මේක ඉන්න ඉහල කොටසේ. ඔය ගොතයා ගැන ලියන්න ගියොත් ලේ කෝප වෙන හිංද ඒකව පැත්තකට දැමු. ඔන්න අපේ කථා නයකයා ඒ කියන්නේ අපේ සිමියොන් මාමා දවසක් පාරේ හයියෙන් සිංදුවක් කියාගෙන එනවළු.....

ආයෙත් මොනවත් ලියන්නේ නෑ උඹ වෙනුවෙන්....

ගමකට හිතන්නේ නෑ ...


උඹට ලියු හොර ලියුන් අපරාදේ.....

කසාය නොව අද බොන්නේ සරුවත්.....
මේ සිංදුව අර ස.නි.ධ.පා එකේ සංගීත් කියන පුරසිද්ද සිංදුවක් හරය. සිංදුවක් කිව්වට මේකේ පද කෑලි අඩුයි ඇහ්...මොකද මාමා මේක කියන්නේ සිහියෙන්නේ... : P ඔන්න ඉතින් අර කොල්ලා හෙනයක් ගහන් නැහැ...වේගෙන් ඇවිදින් මාමාවත් පහුකරගෙන ගියාලු....හැබැයි වාහනේ මාමාව පහුවෙනවකත් එක්කම කව්දෝ හයියෙන් බුදු අම්මෝ....  කියනවා ඇහිලත් තියෙනවා.මාර සීන් එක සිමියොන් මාමා පාරේ නෑ....වටේ හිටිය කස්ටිය හිතලා තියෙන්නේ අර බයිසිකල් කොල්ලා අපේ සිමියොන් මාමාව හැප්පුම තමා කියලා.... කස්ටිය දුවගෙන ඇවිදින් හෙයලා බලනකොට අපේ සිමියොන් මාමා බයිසිකලෙත් තල්ලු කරගෙන ගෙඩ වෙනවලු ලොකු ඉලුක් ගාලක් දෙබෑකරගෙන ...වෙලා තියෙන්නේ මාමා අර මොටෝ බයිසිකලේ සද්දේ බයට බයිසිකලේ පාරේ අයිනට කපලා...ඒ එක්කට මාමායි බයිසිකලෙයි දෙන්නම පාලනයෙන් මිදිලා.....යකා ගැහුවා වාගේ ඉලුක් ගාලකුත් දෙබෑකරගෙන ගිහින්....හැබැයි පොඩ්ඩක් පොඩ්ඩක් තුවාලයිලු....හැබැයි මාමාට ගානක් නැහැල්ලු....පාරට ඇවිදින් වට පිටි බලපු මාමා ආයේ බයිසිකලේ නැගලා ආයේ සිංදුවත් කියාගෙන ගියාලු මෙන්න මෙහෙම

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්....

කොහොම උනත් අදටත් සිමියොන් මාමා තාමත් ඒ වගේමලු සිංදුවෙන්මලු ගමන.. කොල්ලො අදටත් ඉතින් බයිසිකල් පෙරලගෙන තුවාල කරගෙන ආපුවහම ගමේ මිනිස්සු විහිළුවට වගේ කියනවා ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් කියලා  බයිටි කරනවා..

Related Articles

9 comments:

  1. මලේ උඹ ලස්නනට ලියනවා.සුබ පැතුම්.

    ReplyDelete
  2. හිතට එකඟවම ලියල තියනවා හරිම ලස්සනයි. ඉඳල හිටල පෝය දාකට ලින්දර පන්සල පැත්තේ එනවා. එතකොට මේ ලියවිල්ලේ කට්ටියම දකිනවා පමුණුවත්ත හන්දිය හරියෙදි.ගැන්සියම ලීඩ් කරගෙන දසයත් ඉන්නවා දකිනවා.දිගටම ලියන්න.පන්සලේ ඉතිහාසයත් ලියන්න.කහලගොඩෙන් වැහිල තියන උමඟ ගැනත් ලියන්න.හරි වටිනවා.

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි නලීන් ලොකු අයියේ

    ReplyDelete
  4. රැලේ බයික් එක තමා සුපිරිම..

    සිරා කතාව.. ථ)

    බොලාත් කබ්බෙක් නේ :))

    ReplyDelete
  5. ඔව් අප්පා කබ්බෙක් උනා........තැන්කුයි

    ReplyDelete
  6. තවමත් ගම්වල මේ වගේ සුන්දර චරිත ඉන්නවා :)

    ReplyDelete
  7. ඒක නම් ඇත්ත හසිත මචෝ...සිරාවටම

    ReplyDelete
  8. හිහි..මරු කතාව.. ජය වේවා..

    ReplyDelete
  9. තැන්කුයි තැන්කුයි Red Riding Hood

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...