Showing posts with label ගමේ සිද්ධි. Show all posts
Showing posts with label ගමේ සිද්ධි. Show all posts

Saturday, September 15, 2012

මල්ලියෙ මොටද කෙල්ලන්ගේ උප්පැන්න ?

මේ සිද්ධිය වෙනකොට මම ඒකාලේ...ඒ කියන්නේ ඒ කාලේ...එහෙම නැත්නම් ඉස්කෝලේ කාලේ.. පුන්සඳ පායල ඇති රෑක....... මමයි මගේ අසික්කිත සහාසිකයෝ... ඒ අම්මගේ බාසාවෙන්.. මගේ භාෂාවෙන් මගේ බොක්කේ මිතුරෝ රැලයි ගිය පන්සල්. ආහ් අමතක උනානේ. එදා පෝය දවසක්, අපි පන්සල් ගියේ පන්සල්. පිළිගන්නව නම් පිළිගන්න පින්වතුනී... එදා තමයි එදා.. සෑහෙන කාලෙකට පස්සේ අපි පන්සල් ගියේ.මුලින්ම අපේ මව්තුමියව ඇගේ මිතුරියක් එක්කලා පන්සල් යන්න පිටත් කොරා. අපි හවස් වෙලා පන්සල පැත්තට ඇදුනා. මයෙ අම්මේ මුළු පන්සලම මිනිස්සුගෙන් පිරිලා. ඔක්කොමල පිං කරන්න.. ඒ අස්සේ

"සුදු පාට මල් 
මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල්ලී
මල් සෙවන මට තාම මතකයි"


ලස්සන ලස්සන නංගිලා ගොඩායි.. ඔක්කොම පන්සල් ඇවිල්ල.මට එක පාරට මතක් උනේ අට පට්ටමේ කියවන ජේ. ආර්. පී. සුරියප්පේරුම මහත්තයි. ඇයි අර හැව වෙලේම කියන්නේ. "හසන්ත මහත්තයෝ මේව දකින්න අපේ ඇස් පිං කරල කියෙන්න ඕනි !" කියලා.මටත් එහෙම්මයි හිතුනේ. මේ දෑස මගේ පිංවන්තයි - තේරුනේ දැන් තමයි.. අපි ඉතින් නාඹර වයසේ කොල්ලො කුරුට්ටොනේ. අපේ එවුන්ටත්  පිස්සු ආහ්. තව පොඩ්ඩෙන් බෙල්ලේ පොට යනවා ඈහ්. දුක තමා.

මේ මොනා උනත් ආවේ බුදුන් වඳින්නනේ.. වත්තට යන්නම් මලක්ක කඩන්නම් කියලා කඩපු මල් පූජ කරලා. මතක් කරලා කරලා අමාරුවෙන් පන්සිල් අරගෙන බෝ ගහ යටට ගියා. එතන තමා අපි ඒ කාලේ නිවී සැනසිල්ලේ වාද විවාද එළියට ඇදගෙන කියවන්නේ.මතකේ හැටියට එදා එලියට ඇදුනේ බෝ ගස් යට භාවනා කරනකොට අර මොකක්ද දැනෙනවලුනේ... මටත් හරියටහ මතක නැහැ ඒ කේස් එක... අපි ඔක්කොම බෝ ගහ යට වාඩි වෙලා වට වෙලා ඒක ගැන කියෙව්වා. අපි පන්සල ඇතුලට ආවේ හවස 5 විතර. මල් පහන් පුජා කරලා පන්සලෙන් එළියට එන්න එනකොට 6.30 හෝ 6.45 විතර ඇති. පන්සල් වත්තේ දන්සලකි. එය අවාරේ දුන් අර තිත්තමෙව්වා දන්සලකි. ආහ් මතක් උනා කොත්ත මල්ලි දන්සලක්. නික්ං දෙනවා නම් තණකොල හරි කමක් නැහැ කිව්වලු. අපිත් පෝලිමට එකතු උනා. මට පිටිපස්සේ මගේ සගයෝ දෙන්නෙක් සහ ඉදිරියෙන් තුන් දෙනෙක්... මම අහිංසක ලෙස මැදීවුයෙකි. ඒකත් හොඳ මොකද අද කාලේ ආරස්සාව අතින් අන්තිමයිනේ. මැදුම් පිළිවෙත සෝක්. අපිට ඉස්සරහින් ලස්සන නංගියෙකි. නංගි අතේ තවත් නංගියෙකි. අයියෝ සල්ලි. කිමද මේ අරුමේ ...ඇත්තටම තේරුම් ගන්න බැහැ. ඒ අතර තුර අපේ එකෙකුගේ රබර් ඇහැක් ඒ නංගී දෙසට ඇස මරයි. නොදකින් ගොරකයා. මෙනවා කරන්නද යාළුවොනේ.. පොර නමින් චාමර ය. පෙනුමෙන් අහිංසකය... මා මෙන් නාඹර වයසේ එකෙකි. වෙනස නම් කෙල්ලන් දුටු විට පොර සිරා එකෙක් වෙයි. හිත උනුවෙයි. සියාරු වෙයි. හරියට රොබියලැක් තීන්ත වගේ. එන පොට කොහෙත්ම සිරා නැත. මේක පිට එකෙක් හෝ ඒ නංගියගේ පව්ලේ අයෙකු දැක්කොත් බොන්න කෙසේවෙතත් කන්න දන්සල නොමිලේම ලැබෙයි.

තැනට සුදුසු  මගේ අප්ලික් මොලේ ඇහැරිනි

මම - ඒ චාමරයෝ මොකක්ද බං කරන්නේ.. ළමයි ඉන්න අම්මලනේ පව් වැඩ කරන්න එපා යකෝ

චාමරයා - අඩේ පිස්සුද ලකියෝ මේ ඒකිගේ ළමයෙක් නෙවෙයි, මේ එකිගේ නංගියෙක් වෙන්න ඇති බං

මම - යකෝ මොඩ වැඩ කරන්නේ නැතුව මෙන්න මෙහාට වරෙන්.. උඹ කොහොමද එහෙම කියන්නේ

චාමරයා - බලපංකො බං මූනෙම්ම පේනවා වයස නැහැ කියලා, උඹ පොඩ්ඩක් පාඩුවේ හිටපං

සික්කේයියා. අද මූ අපේ හම ගලවයි වගේ. අහිංසක අපිව උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනි. මම හිතින් මටම කියා ගන්න ගමන් චාමරයා දිහා බැලුවා. හෑහ්.. ඒක පොලිමෙන් ඉස්සරහට පැනලා අර නංගිගේ අතේ ඉන්න පොඩි එක හුරතල් කරනවා. අනේ අම්මියෝ... අද නම් කෑමක් සෙට් වෙයි රිදෙන්නම. කොයික්ටත් අපේ එකෙක් නෙවෙයි වගේ අහක බලන් ඉන්න ඕනි. අපේ අනිත් සගයොත් වෙන වෙන වැඩ වලය. අහිංසක මම තිනකඩය. අපිට කොයිද බූල් බල්ලෝ...

මේන්න ටික වෙලාවකින් චාමරයා ආපහු අපි ඉන්න තැනට ආවා.

මම - අනේ බං වඳින්නම් බං ඔය මගුල නවත්තපං . තෝ අපිටත් කෑම සෙට් කරයි වගේ...

චාමරයා - නැහැ බං මම ඒකිට පොඩ්ඩත් ඇහැ දැම්ම බං...ඒකිත් හිනාව දැම්මා.

මම - ඔය ඇති බං .. තේරෙනවනේ බං දරුවෙකුත් අතේ...කෑවොත් එකෙක් දෙන්නෙක්ගෙන් නං කමක් නැහැ බං අනික අද පෝය දවසක් ... අපිට කන්න වෙන්නේ තොග ගානට...බං

චාමරයා - හිටපංකෝ මම ඒකිගෙන් අහන්නං....

අසුරු සැනින් චාමරයා පොලිමේ ඉස්සරහට වෙන්න හිටපු නංගි ගාවට ගියා...

චාමරයා - නංගී මේ ළමයා ඔයාගෙද ?
(හපොයි නොදකින් ගෝතයා මූ ඉඳළ ඉඳළ ඇහුව මචනේ බලපං, අපේ උන් පුදුමෙව් වගේ බලාගෙන හිටියේ...)

ඒ නංගී හැරිල බැලුවා බැලිල්ලක් චාමරයගේ මූන අප්පයක් වගේ උනා. දැන් අපිත් බය වෙලා.



නංගි  - ඇයි තමුසේ තාත්ත වෙන්නද ?

හැහ්....හූ.... ඇත්ද ? සනිපද ? ...... පොලිමේ හිටපු ඔක්කොම එක පාරට හිනා උනා. අපි අසරණ වෙලා වගේ හිට දැනෙනවා...... මේ වන විට අමාරුවෙන් ඉතුරු කරගත් නම්බුවත් බම්බුවක් වී හමාරයි.. පොරකා තුවාලුවූ පුසෙකුමෙන් චාමරයා අපේ පැත්තට ආවේය. මම පරණ ඩීසල් එන්ජිමක් වගේ ගැහෙන්නට විය. ඇයි යකෝ ඒ වෙලාවෙ එකෙක් අඩෝ කිව්වනං ඇති. සුපිරි මැච් එකක් බලන්න තිබ්බා. අපි කනවා එහෙනම් අම්බානෙකට. කොහොම හරි කොත්ත මල්ලි කෝප්ප දෙක තුනක් වංචනික ලෙස පෝලින් පැන රසබලපු අපි ගෙදර ආවෙම චාමරයව බයිට් බයිට් කර කර.... දචස් දෙක තුනක් යනකම්ම පොර ලෙසටම බයිට් උනා.

කොරන්න දෙයක් නැහැ බල මාළු කෑව නං විඳවපං බළලෝ කිව්වළු.....

Wednesday, September 12, 2012

කොල්ලො තුන්දෙනෙක්ට එරෙහිව ගොනෙක් !
සුදානමටත් පෙර අවදානම

අලෝස් අලෝස් ....කොහෙමෙයි

ඒ කාලේ ආහ්.... ඒ කාලේ කියන්නේ ඒ...කාලේ.....කළකට පෙර එකමත් එක කාලකෙ.. මතක් වෙනකොට ඇඟ කිළිපොය යන පොළා පනින අතිශය භයන්කර භීතිය උපදවන සීන් එකක් උනාත එතකොට මේකා එහෙම නැත්නම් මම කියන එකා යාන්තන් 11 වසරෙන් 12 වසරට බඩගෑව විතරයි. සා.පෙළින් උ.පෙළට වෙන ඉස්කෝලෙකට ගියා විතරයි. අනේ අප්පේ යාළුව අද නැත වෙන අය එහි ඇත. ඉස්කෝලේ කොච්චර ළමයි   හිටියත් මම තනි උනා වගේ, ඉස්සර වගේ ගොන් වැඩ කරන්න සහය දෙනමගේ යාළුවො එකෙක්වත් නැහැ ඔක්කොම අළුත් මූනු. කරන්න දෙයක් නැහැ ඉන්නම වෙනවා, මොකද ගෙදර ඉන්නවා කියන්නේ ඊට වඩා ඛේදනීය ඉරණමක් වෙන හිංදා. අනේ මංදා කොහොම  කියන්නද නවක වදයටබයෙන් අළුත් ඉස්කෝලෙට ගිහින් සතියක් ගියෙ නැද්ද කොහොද.... ඉස්සර වගේම ගොන් වැඩ කරන්න පුළුවන් සෝක් යාළුවො 2ක් සෙට් උනා. එකෙක් සිසන්ත අපි  කිව්වේ  සසියා... අනිකා කසුන්....අපි කිව්වේ කස්සා කියලා....මොන මගුලක් කරන්න යං කිව්වත් " යාමු මචෝ " කියන යාළුවො දෙනන්නෙක් මගේ ගති ගුණමයි. ඊට පස්සේ තමා මගේ  ජීවිතේ ගෝල්ඩක් ඒජ් එකද මොකක්ද එක ආවේ. මම කියන එකාට ඉස්කෝලෙන් ශිෂ්‍ය නායකකම ලැබුනනේ. මූණට නොකිව්වට ඉස්කෝලේ ලොක්කා කරපු ලොකුම වැරැද්දත් ඒකමයි. ඉබ්බෙක්ට පිහාටු දුන්න වගේ.... ආසයි මං පියාඹන්න..අපි 1 වසරේ හිටිය කාලේ ලොකු අයියල අපිට ටොකු ඇන ඇන හිටිය අප්සැට් යුගේ ඉවරයි. දුප්පත් අපි රජවරු මේ කාලේ තමා.

ඔන්න ඉතින් කාලය ගතවීගෙන යනවා. මගේ ගොන් වැඩත් කෙරීගෙන යනවා. ඉස්කෝලේ ලොක්කගේ ෆයිල් වල අපේ ‍පොරොන්දු කොළත් පිරීගෙන යනවා.

ආහ් කියන්න අමතන උනානේ. ඒ ඉස්කෝලේ තමා මම දැක්කට පට්ටම ඉස්කෝලේ ආහ්. වරදක් කලත් සිතකින් නොවේ. වරදට සමාවක් දෙන්නෙත් අමුතුම විදියට. ඉස්කෝලෙට කිසිම තාප්පයක් නැහැ වැටත් නැහැ.තිබ්බේ පරණ ගේට්ටුවක් ඒකත් 80 දශකයේ. මගේ ජීවිතේ ඉස්කෝලෙන් නිදහසේ පනින්න ලැබුන එකම ඉස්කෝලේ.... අපේ ඉස්කෝලේ.. එහෙමත් නැත්තම් මගේ ඉස්කෝලේ අපි ඔය එක එක වැරදි කරපුවහන අනිත් ඉස්කෝලවල වගේ නෙවෙයි මගේ පළවෙනි ඉස්කෝලේ නම් වදරක් කරපුවහම අපි ලොක්කගේ කාමරේට ගෙන්නලා දොරවල් වහගෙන නෙළුවේ ආහ්.... හරියට උඩරට පැත්තේ තේ දළු කඩනව වගේ. මේ ඉන්නවා මේ නෑ.... හරියට සුදු වෑන් වලින්ඉස්සුවා වගේ ඉස්සර 11 වසරෙදි අපි ඉන්නෙම ලොක්කගේ කාමරේ.. පන්ති කාමරේට වඩා වැඩිපුර හිටියේ ලොක්කගේ කාමාරේ..

කථාව පිට යනවෝ දැන් වරෙල්ලා ආපහු කථාවට... මගේ දෙවනි ඉස්කෝලේ... එහෙම නැත්නම් මම උ.පෙළ ඉගන ගත්තු ඉස්කෝලේ අපි වරදක් කරපු වහම ලොක්කා පන්තියටම ඇවිදින් අපිට ලොක්ගේ කාමරේට එක්කගෙන යනවා. ගිහින් පොතක් ලියන්න තරම් ලෙක්ජර් එකක දෙනවා අපිව හැති වැටෙන්න. ඊට පස්සේ ඒ4 පොලයක් දෙනවා පොරොන්දුවක් ලියන්න..

මෙන්න ඒ කොලේ අඩංගු වෙන්න ඕනි දේවල්.. ඇත්තටම කිව්වෝත් මේක සහසික ලෙස අහිංසක වැරදි කරුගේ පාපොච්චාරණයක්

වරද 
වරදට උදව් දුන් පිරිස
 අයෝ ඒ වැරැද්ද නොකරන බවට දෙනු ලබන පොරොන්දුව (තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන්)

ආහ් කියන්න අමතක උනානේ... අර දඩපොතේ වගේ වැරැද්දේ ස්භාවය අනූව ඔය වැරැද්ද ගැන දෙන පොරොන්දුව වෙනස් වෙනවා.. ගොන් වැඩේ කලේ තිනයෙන් නම් ගොඩක් වෙලාවට එක පාපොච්චාරණයකින් බේරෙන්න පුළුවන්... එහෙම උනොත් ඒකට ගුඩ් ලක් තමා. ලොන්ග් ලයිෆ් තමා
හැබැයි ගොන් වැඩේ කලේ පිරිසක් වශයෙන් නම් ... ඒ කියන්නේ අපි  ගොන්වැඩේ කලේ මෝඩ රැලක් වශයෙන් නම් සිද්ධිය ඉහළ උසාවියට යනවා. ඒ කියන්නේ අපේ අවනඩුව විභාගයට ගන්නේ ඔෆිස් එකේ ආහ්
එක්කෙනෙක් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඊට පස්සේ කණ්ඩායම් වශයෙන් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඒවා ඔක්කොම අපේ නම් අනූව ලිපිගොනු වෙනවා.

ඔන්න ඕක තමා අපේ ඉස්කෝලේ නීති රීති මාලාව.....හිකිස්... ඇත්තටම ඉස්තෝලේ ලොක්කා නම් දෙවියෙකි. මම දන්න කාලෙකට ළමයෙක්ට ගහල නැහැ රිදෙන්න.. ගැවුවොත් එදා දවසටම කන්නෙත් නැහැ තනි අවුලෙන් ඉන්නේ. මම දැකලා තියෙනවා දවසක් අපි ඉස්කෝලෙන් පැනල අහු උන වෙලාවක අපිට ගැහුවා.

ඊට පස්සේ අපිට කිව්වා

"පලයල්ල යන්න උඹල මගේ හිත රිද්දුවා..... "

 ඊට පස්සේ කැන්ටිමට ගිහින් තනියෙන් අඬනවා. එදා අපිටත් අවුලෙන් හිටියේ.. අප කරපු වැරැද්ද හිංදාවත් ගුටි කාපු හිංදවත් නෙවෙයි. අපි ලොක්කව අඬවපු හිංදා. ඒක හිංදා වෙන්න ඇති ගමේ හැමෝම වගේ ඉස්කෝලෙට වගේම ලොක්කටත් පට්ට ලෙන්ගුයි. මම මෙහෙම ඉස්කෝලයක් දැකලම නැහැ...

ඔන්න ඉතින් මමයි මගේ බඩියල දෙන්නයි හොරෙන් අටවපු පැලෑනක් උපයොගි කරගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන්න ගියා... ඒ කියන්නේ අපි තුන්දෙනා ඉස්කෝලෙන් පැනල අපේ ගෙදර යන්න. කියපු විදියට එදා ඉස්කෝලේ කස්ටිය අඩු දවසකි. අපිට දේශපාලන විද්‍යාව උගන්නන්න හිටපු මිස් පේපර් මාර්කින් ගිහින්... අපි තුන් දෙනා වෙලාවට කලාවට දෙවනි පීරියඩ් එකේදි ඉස්කෝලෙන් පැනලා අපේ ගෙදර ගියා පාන් රත්තල් 2කුත් අරගෙන. අහෝ ඛේදයකි කිව්වලු...අපේ මව්තුමිය බැහැරක් ගොසියන්... ස්ථානොචිත මෙව්ව එකෙන් ගේ වටේ ඇවිදලා දොරේ යතුර හොයගත්ත අපි හොරා වගේ ගෙට රිංගුවා. ඊට පස්සේ සම්බොලෙකුත් හදාගෙන ගෙනාපු පාන් කාල දොරත් වහලා අපේ ඒරියල් එක පත්තේ රවුමක් ගහන්න පටන් ගත්තා. අපේ ගේ ඉස්සරහා එක නිල්ලට වෙල් යායය... හිලන් පාර බ්රේක් නැති මැස්ස වගේ කෙලින්ම අපේ මිදුලේය. සීත සුලන් අවට හමන්නේ.සනිපයි ආහ්.....

අපේ උන් දෙන්නට වෙලේ ඇවිදන්නම ඕනිලු.... බැරිම තැන් උන් දෙනන්ගේ ආයාචනා මැද මම උන් දෙනනව වෙළට බැස්සුවා. උන් දෙන්නා වෙලේ මඩ කයි. පොඩි උන් දෙන්න වගේ එහෙ මෙහෙ දුවයි. හික් හික්....

ඔහොම අපි ඉතින් වෙලේ ඈතින් ඈතට..... ඈතින් ඈතට.... ඈතින් ඈතට.... ගියා...
හැහ්.... මොකෙක්දෝ ඉදිරියට දුවගෙන එනවා වගේ පේනවා. මගේ පෙනීමත් අන්තිම පොට්ටය...කෙලින්ම කියනවා නම් මට දුර පෙනීම අවුල්ට කොම්පීතර් හේතුවෙන් මා පොට්ටයෙකු වී හමාරය.. අපේ උන් දෙන්නාට ගානක්ම නැත. අම්ම ගහයි තමා...



 ඒ අපේ ගමේ හිටිය එකම දරුණුම මීහරකා නේද ? මට සිංහල සාහිත්‍යායේ නාලාගිරි දමනය මතක් උනා. අපේ ගොන් ඩබලට සීන් එක සෙට් වෙනකොට මීහරකායි අපි අතර මීටර් 100ක් දරම් දුරක් තිබ්බේ. අපි තුන් දෙනාගෙන් ඉස්සර උනේ සසියාය ඌ මාවයි කස්සවයි පොරලගෙන දුවන්නට විය.. කස්සා නොවැටී බේරුණු අතර මම වැටි බේරුනි. මෙන්න මේ වෙලාවේ හුසේන් බොල්ට් හිටියා නම් අනිවා සසියගේ දිවිල්ලට පොර පරාදයි ආහ්... දැන් කරන්න දෙයක් නැහැ.. එකම දේ දුවන එක විතරයි. මට ඇත්තටම කිව්වොත් අම්ම මතක් උනා. පට්ට මනෝ පාරක් ආවේ.. ඒක ඉවර වෙනකොට මීහරකා අපිට පේන මානයේය.

මම - " කස්ස දුවපං දුවපං යකෝ....අරූ නං අයිනනමයි එන්නේ... "

ඒ පාර මූ කියනවා

කස්ස - " පිස්සුද මීහරක් ඔහොස තමා උන්ගෙ හැටි බං ඔය "

මම - " යකෝ බලපං මොන පිස්සුද බං ඌ එන්නේ අපේ පැත්තට ගොරකයෝ "




අසුරු සැනින් කස්සාගේ පාද පණගැන් වුනි.... ඌ ඕෆ් රෝඩ් කැබ් එකක් වගේ දුවන්නට විය.සසියා ඒ වන  විටත් අප පහුකර මද දුරක් ගොස් ඇත. ඉන් පසු කස්සත්... පසු පෙල නියොජනය මගෙන්ය... මේ ඔක්කොම වෙන්න ගියේ තත්පර කිහිපයකි. අපි තුන් දෙනාම දැන් එක පිම්මේ වහු පැටව් වගේ වෙළ  පුරා දුවයි. කස්ස අම්බානෙකට බයවී ඇත. සසියට කිසිවක් මතක නැත.. ඌ එකෙන්ම දුවයි. හරකාගේ වේගය පොඩ්ඩක්වත් අඩු නැත්.... ඌ නම් නාලාගිරිම තමා . ඇත්තටම කිව්වොත් ආන්තිම කැමැත්තත් මතක් උනා. අපිට පාන් කියාගන්න බැරි ගානට හැති. සසියා නැවති නැවතිත් දුවයි.කස්සා පිස්සුවෙන් වගේ දුවයි. හරකට නං කිසිමා ගානක් නැති පාටයි. කොහොම හරි වෙලෙන් මහ පාරට ගොඩවෙලා පිටි පස්ස බැලුවේ. හුටා මේකගේ ඒත පස්සෙන් පන්නවා. මේක ලොක්කද දන්නෙත් නැහැ. අමාරුවෙන් අපි තුන්දෙනා ගෙදරකට දුවලා ගිහින් සිද්ධිය කියනකොට ගෙදර එවුන්ට පිස්සුද මන්ද උන් කට ඇරන් බලාගෙන ඉන්නවා. බොහොම අමාරුවෙන් මීහරකව මගඇරගත්තු අපි තුන්දෙනා ගෙදර බඩගානකොට 3 විතර උනා. යනකොට මව්තුමි සාලේ.. මොකෝ වෙල් ගානේ දුවන්නේ...වස ලැජ්ජායි රෙද්ද වැලේ....කිව්වලු.. ගමේ එකාල අපේ සිද්ධිය අම්මගේ කනේ තියලා.. මොනව කරන්නද ඉතින් කොරන්න දෙයක් නැහැ....

ඊට පස්සෙත් සසියය් කස්සයි අපේ ගෙදර ආවට වෙල පැත්තේවත් ගියේ නැහැ... අම්බෝ ඒ වෙලාව මතක් වෙනකොටක් බොක්ක ගර ගර ගාල ගැහෙනවා...

ඉස්කෝලේ කාලේ සුන්දරකම තියෙන්නෙම ඉස්කෝලෙ ඇතුලේ ඉන්නකම්ම තමා එළියේ ඒ ආතල් එක නැහැ නොවැ

Friday, August 24, 2012

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් :P


 මේක අපේ ගමේ උනු පට්ට සිද්ධියකි...කනාවට මෙන් මාස 6ක් පමණ පරණය. අපේ ගම ගැනත් කියනවා නම් අපේ ගමේ නම ලින්දර.....මීරිගම - වේවැල්දෙණිය පාරේ තියෙන ගම් අතුරින් වැඩිම පවුල් කොටසක් ඉන්නේ අපේ ගමේලු...  ගමේ වැඩි පිරිසකගේ ජීවන උපාය ගොවිතැන. අපි වගේ වැදගම්මකට නැති අන්ඩපාලයෝ විතරයි ඔය කියන ගොවිතැන් රක්සවා කරන්නේ නැත්තේ. අපේ ගමේ හිටියා වඩු වැඩ රස්සාව කරගත් මනුස්සයෙක් එයාගෙ නම සිමියොන් කියලා තමා හැමෝම කියන්නේ .මනුස්සයගේ ගමන ඉතින් දුප්පතාගේ හිතවතා උනු බයිසිකලේ...ඔයාලා අහලා තියෙනවාද රැලේ කියලා බයිසිකලයක් බොහොම පරණ ජාතියේ එකක් අර අපි ඉස්සර 11 වසරෙදි බයිසිකලේ කියලා සිංහල පොතේ තියෙන කථාවක් මතකද ?

ඔන්න බලන්නකෝ ඒකාලේ රැලේ බයිසිකල් වලට තිබ්බ මාර්කැට් ඇහ්...


රැලේ බයිසිකල් ගැන දැන ගන්න  

කොහොම උනත් අපි සිමියොන් කියන නම අගට මාමා දමා සිමියොන් මාමා කියා අමතයි..ගතිගුණ අතින් සිමියොන් මාමා ඉහලයි...පොඩි වැරැද්දකට තියෙන් ඉතින් බීමත්කම තමා...මනුස්සයා පට්ට කලාකාරයෙක්....කොයි වෙලාවෙත් සිංදුවක් කියාගෙනම තමා වැඩ....බොහෝම ගුණ යහපත්....මනුස්සයා බීපු වෙලාවට පොඩි එකෙක් වගේ කියලයි ගමේ අය කියන්නේ...කාටවත් කරදරයක් නැහැල්ලු...ගේ දොර ඉඩ කඩන් ගොඩන් නොතිබුනාට අනිත් හැම අතින්ම පොහොසත්ය මනුස්සයෙකි....ඔන්න දවසක් සිමියොන් මාමා වැඩ කරලා හවස එන ගමන් පොඩ්ඩක් දාගෙන එහෙම හයියෙන් සින්දුවක් කියාගෙන එනවළු....ඔයාල දැකලා ඇති සමහර මිනිස්සු බීපුවහම හයියෙන් සිංදු කියන්නේ....අර අපේ අම්මලා කියන්ගේ ගිරිය කඩාගෙන කෑගහනවා කියලා...අන්න ඒ විදිහ මතක් කරගන්නකෝ...ඉතින් මේ මනුස්සයා ඔය විදියට හයියෙන් සිංදුවකුත් කියාගෙන හිමීට බයිසකයත් පැදගෙන එනවලු....මේ සිද්ධිය උනු කාලේ අපේ ගමේ කොල්ලො සෙට් එකක් ඉන්නවා බොහොම රථ ගාය තියෙන ඇත්තට කිව්වොත් මහ රෑ 12ට 1ටත් මුන් අපේ ගම මැදින් ගමන යනවා මහා සද්දෙන් ....කන්දොස්කිරිය්වේ බැහැ....අන්න ඒ කොල්ලෙක්ගෙ ගාව තියෙනවා ඇස් ගෙඩි දෙක පොල් සයිස් උනු කොල්ලෝ නම් කියන්නේ XXL (එහෙම නැත්නම් ඩබල් එක්ස් එල්) කියලා මේ මොටෝ සයිකලේ තමා ඒ දවස්වල අපේ නින්ද නැති කරන කරදරකාරයා.....බයිසිකලේ එන්නේ කොහෙන්වත් සද්දේ ඇහෙන්නේ කොහෙන්වත්.....හප්පේ සද්දේ...මහා කරුමයක්...ගමේ මිනිස්සු වෙලාවට බයිනවා මුන්ට....එයාලා කියන විදියට ගමේ උදේට කුකුළාගේ සුමිහිරි නාදය වෙනුවට මේ මිනිස්සුන්ට ඇහෙන්නේ මේකා මොටෝ බයිසිකලේ රේස් කරන සද්දේලු..පව් අප්පා අසල්වාසියෝ. අපේ වෙලාවට අපි ගමේ පහල කොලසේ...මේක ඉන්න ඉහල කොටසේ. ඔය ගොතයා ගැන ලියන්න ගියොත් ලේ කෝප වෙන හිංද ඒකව පැත්තකට දැමු. ඔන්න අපේ කථා නයකයා ඒ කියන්නේ අපේ සිමියොන් මාමා දවසක් පාරේ හයියෙන් සිංදුවක් කියාගෙන එනවළු.....

ආයෙත් මොනවත් ලියන්නේ නෑ උඹ වෙනුවෙන්....

ගමකට හිතන්නේ නෑ ...


උඹට ලියු හොර ලියුන් අපරාදේ.....

කසාය නොව අද බොන්නේ සරුවත්.....
මේ සිංදුව අර ස.නි.ධ.පා එකේ සංගීත් කියන පුරසිද්ද සිංදුවක් හරය. සිංදුවක් කිව්වට මේකේ පද කෑලි අඩුයි ඇහ්...මොකද මාමා මේක කියන්නේ සිහියෙන්නේ... : P ඔන්න ඉතින් අර කොල්ලා හෙනයක් ගහන් නැහැ...වේගෙන් ඇවිදින් මාමාවත් පහුකරගෙන ගියාලු....හැබැයි වාහනේ මාමාව පහුවෙනවකත් එක්කම කව්දෝ හයියෙන් බුදු අම්මෝ....  කියනවා ඇහිලත් තියෙනවා.මාර සීන් එක සිමියොන් මාමා පාරේ නෑ....වටේ හිටිය කස්ටිය හිතලා තියෙන්නේ අර බයිසිකල් කොල්ලා අපේ සිමියොන් මාමාව හැප්පුම තමා කියලා.... කස්ටිය දුවගෙන ඇවිදින් හෙයලා බලනකොට අපේ සිමියොන් මාමා බයිසිකලෙත් තල්ලු කරගෙන ගෙඩ වෙනවලු ලොකු ඉලුක් ගාලක් දෙබෑකරගෙන ...වෙලා තියෙන්නේ මාමා අර මොටෝ බයිසිකලේ සද්දේ බයට බයිසිකලේ පාරේ අයිනට කපලා...ඒ එක්කට මාමායි බයිසිකලෙයි දෙන්නම පාලනයෙන් මිදිලා.....යකා ගැහුවා වාගේ ඉලුක් ගාලකුත් දෙබෑකරගෙන ගිහින්....හැබැයි පොඩ්ඩක් පොඩ්ඩක් තුවාලයිලු....හැබැයි මාමාට ගානක් නැහැල්ලු....පාරට ඇවිදින් වට පිටි බලපු මාමා ආයේ බයිසිකලේ නැගලා ආයේ සිංදුවත් කියාගෙන ගියාලු මෙන්න මෙහෙම

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්....

කොහොම උනත් අදටත් සිමියොන් මාමා තාමත් ඒ වගේමලු සිංදුවෙන්මලු ගමන.. කොල්ලො අදටත් ඉතින් බයිසිකල් පෙරලගෙන තුවාල කරගෙන ආපුවහම ගමේ මිනිස්සු විහිළුවට වගේ කියනවා ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් කියලා  බයිටි කරනවා..