Showing posts with label ඉස්කෝලේ කාලේ. Show all posts
Showing posts with label ඉස්කෝලේ කාලේ. Show all posts

Saturday, October 20, 2012

මම පොඩි කාලෝ - 5 වන කොටස
( ඇත්තටම මට මොකද උනේ ? - 1 කොටස)

අලෝස් මයි ඩියර් අමීගෝස් ! මම ආවෝ.... හැහ් මේ මාත් එක්ක තරහා වෙන්න එපා මගේ ජීවිතේ අබ්ලික් එකේ මේ කොටස ලියන්න පරක්කු උනාට සොලි ඈහ්...මට සමාවක් ලැබෙයි නේහ්...!



මේක තමා මම ලියන අබිලික් ඇන්ඩ් ෆුල් අප්සැට් කේස් ඇතුලත් වගේම සංවේදි වගේම ඔයාලවත් මොංගල් කරවන සුලු....අයියෝ සල්ලි කිව්වලු...සුලුවෙන් හිතන්න බැහැ මේව මතක් වෙනකොටත් මගේ සරීර කූඩුවම  කිලිපොල පයිනවා....

මෙන්න මේකයි උනේ...

මම ගිය කොටසේ මගේ කථාව 11 වසරෙන් ඉවර කොලා නොවැ...
එන්න ඉතින් කොල්ලා 11 වසරෙන් 12 වසරට ආවා ඇහ්....දුක තමයි රන්ජනී..... හිටිය යාළුවෝ ඔක්කොම දාලා ආපහු වෙන ඉක්කෝලෙකට යන්න වෙන එකත් අමේ අම්මලා කියන විදිවට සොක්උනාට මට එහෙම උනේ නැහැ..සෑහෙන්න කාලයක් ගියා හිත හදාගෙන අලුත් ඉක්කෝලෙ උන් එක්ක සැට් වෙන්න. ඔන්න ඉතින් කිව්ව වගේ අමේ අම්මලාගේ තාත්තලාගේ වදේට මම හිටිය ඉස්කෝලෙන් අයින් වෙලා උසස් පෙලට වෙන ඉස්කෝලෙකට ගියා. ඉස්කෝලේ නම සිරි මිහිඳු මහා විද්‍යාලය,රදාවඩුන්න...(රදාවඩුන්න කියන්නේ අර වේවැල් බඩු විකුණන්න තියෙන්නේ අන්න ඒ පැත්තේ....)

ඔන්න ඉතින් අනේක වද හිංදා දුක්ක දොමනස්ස ඔලු කට්ට අස්සේ හිර කරගෙන ගියා අළුත් ඉස්කෝලෙකට. මා පිය සහෝදර සහෝදරියනී අන්න සබන් කිව්වලු. මෙන්න ඉස්කෝල... ගේට්ටුවක් විතරයි ඉස්කෝලෙටම ඈහ්. මේ ඉස්කෝලේ

දේශ සීමා නෑ
නවක වදය නැහැ.. (නැහැ කිව්වට කැමැත්තෙන්ම කේක් එකක් අරගෙන ගෙනැත් උන් එක්ක බෙදාගෙන කෑවා....)
සල්ලි කාරයා දුප්පතා කියලා වේදයක් නැහැ ඔක්කොම එක වගේ
සෙරෙප්පු දාන දුප්පත් එකාගේ හිටන් ලොකු ලොකු වාහන වලින් ඉස්කෝලෙට එන කොල්ලා වෙනකන් ඔක්කොම සුහදයි
බොහොම සුන්දර වට පිටාවක්....( ඉස්කෝලේ ඉස්සරහා මිදුලේ මැද ලොකු........... සියඹලා ගහක් තියෙනවා.....ඒක දැක්ක මුල්ම දවසේ මට අඹ යාළුවෝ කථාව මතක් උනා...සිරාවටම...)


ඔන්න ඉතින් ගියා අළුත් පන්තියට... යාළුවෝ යෙහෙලියෝ ගොඩයි...මටත් නිකන් මොකක්ද මොකක්ද වගේ...හේතුව මේකයි.... මම ඉස්කෝලෙට මම එන්න කලින් ඒ ඉස්කෝලෙට කව්රුවත් පිටින් ඇවිත් නැහැ....ඔක්කොම වටපිටාවෙන් ඇවිත් තියෙන ළමයි විතරයි. මම තමා ඒ ඉස්කෝලෙට කාලෙකට පස්සේ පිටින් ගිය ළමයා... මම යනකොට මුළු ඉස්කෝලෙම බලාගෙන ඉන්නවා. මටත් ඉතින් මේක මැජික් එකක්..... අම්මෝ මේ ඉස්කෝලෙට අම්ම බැන බැන පලයන් කියලා ගෙදරින් දැක්කුවට... පස්සේ පස්සේ ඉස්කෝලේ ඔක්කෝම බෙහොම ෆිට් උනා....පස්සේ පස්සේ ඉස්කෝලේ පොඩි පන්තියක හිටපු පොඩි එකෙක් මට අපූරු නමක් දැම්මා ඇන්ඩෘ කියලා..

ඇත්තමයි අද වෙනකන් මම දන්නේ නැහැ ඇයි එහෙම නමක් දැම්මේ කියලා ඉස්කෝලේ පොඩි පන්තිවල ළමයි. ඒ නම දැම්මේ මතකේ හැටියට 5 වසරේ පොඩි එකෙක්.. නම නම් මතක නැහැ.. ඒත් මම දැන් හිතුනහම ඉස්කෝලෙට ගියපුවහාම අනිවාර්යෙන් ඒ පොඩි එකා බලන්න යනවා . දැන් ඒපොඩි එකා 10 වසරෙද කොහෙද .....මම උසස් පෙළ ලිව්වේ 2007 වසරේ ...ඒ කාලේ ඒ පොඩි එකා 5 වසරේ කියන්නේ 2012 වෙනකොට ඒක 10 වසරේ.... ගිය ජනවාරියේ ඉස්කෝලෙට යනකොට එළීයේ ඇවිදිනකොට හම්බ උනා. ඇත්තටම කිව්වොත් මගේ යාළුවෝ හැමෝම මට කිව්වේ ලකියා කියලා. මුලදි නම් මට නම අමුත්තක් උනා වගේම කියනකොටත් ගොඩක් තරහා ගියා. ඒත් ඒ තරහා වැඩි වෙලා තියෙන්නේ නැති හිංදා ඉක්මනටම මම ඒ නමට   පුරුදු උනා. පස්සේ පස්සේ මම මගේ ඇත්ත නමටත් වඩා ලකියා කිවන නමට පුරුදු උනා. ඒ වගේම මේ ඇන්ඩෘ කියන නමක් පොඩි උන් කියපු මුල් කාලේ මට ගොඩක් තරහා ගියත් පස්සේ මම ඒ නමටත් පුරුදු උනා. මම මේ නම ඉස්කෝලේ කියපු වගක් දන්නේ නැහැ මේ වෙනකන්. මේ පළවෙනි පාර... ඔන්න තවත් රහස් නැහැ මේ පාර ඔක්කොම ලියනවා ඔයාලත් එක්ක....

දැන් ඉතින් මේ නම කියන්න හදන්න එපා... පරන ලකියා මයි මේ ඉන්නේ.... ඒක හිංදා ඒ නම ඒ පට්ට සුන්දර මතකයන් එක්ක තිබුනාවේ. මම තාමාත් ඒ නමට වගේම දැන් මගේ යාළුවෝ මට කියන නමටත් මම ආසයි. කොහොම උනත් පස්සේ පස්සේ ඉස්කෝලේ ඔක්කොම වැගේ ඒ නම දැනගත්තා ඊට පස්සේ පොඩි පන්තිවල හිටන් 11 වසර වෙනකන් ඔක්කොම වගේ මට ඇන්ඩෘ කියලා කිව්වේ... අදටත් මම ඉස්කෝලෙට ගියහම එහෙමයි. දැන් ඒ ඉස්කෝලෙට ගියහම මතකේ  ආයෙත් අලුත් වෙනවා. මහ අරුම පුදුම ඉස්කෝලයක් ඒ ඉස්කෝලේ

මෙන්න ලින්ක් එකක ගිහින් බලන්නකෝ මම මේ කියන ඉස්කෝලේ ගැන ( ලොකු ඉස්කෝලයක් නම් නෙවෙයි ඒත් මම මේ වගේ සුන්දර ඉස්කෝලෙකට එන්න ගොඩක් පිං කරලා තියෙනවා...)

මෙතනින් ගිහින් බලන්න

මේ ඉස්කෝලෙට අඩු පාඩු නම් ගොඩක් තියෙනවා. ඒත් ඒවා ඔක්කොම අර පරිස්සමෙන් අරගෙන ඉස්කෝලේ ඉදිරියට කරගෙන ගියේ බොහොම දුශ්කරතා මැද්දේ.... ආහ් තව දෙයක් මම ඒ ඉස්කෝලේට ඇතුලත් උනු අවුරුද්දේ...ඒ කියන්නේ 2005 අවුරුද්දේ තමා ඒ ඉස්කෝලේ අවුරුදු 8 හෝ 10 කට පස්සේ උසස් පෙළ පන්තියක් පටන් ගත්තේ. ඒක හිංදා අදටත් අපි පුළුවන් පුළුවන් වෙලාවට ඒ ඉස්කෝටලට යනකොට ඒ ඉස්කෝලේ ළමයි වගේම ඒ ගමේ මිනිස්සුත් මහා පුදුමාකාර ලෙන්ගතුකමක් තියෙනවා. ඒක හිංදා වෙන්න ඇති මම ඒ ගමට මේ තරම් ආදරේ හිතෙන්නේ...තව දෙයක් ඒ ඉස්කෝලෙදි තමා මගේ ප්‍රථම ආදරේ නොහොත් මගේ පස් ලව් එක මට ආවේ ඇහ්... ලැජ්ජාව සිලිකවරේ දාගෙන හරි ඒක කියන්න වෙනවා. ඒ ඒ ආදරේ ගොඩක් දුර ගෙනියන්න මට වාසනාවක් ලැබුනේ නැහැ.මම නම නම් කියන්නේ නැහැ....එයා එතකොට ඉගෙන ගත්තේ 11 වසරේ ඇත්තටම බොක්කෙන්ම කරපු ලව් එකක් නිසා තාමත් හිත හදාගන්න ආමාරුයි. එයා 2007 අවුරුද්දේ පිළිකාව කියන කාලකන්නි ලෙඩේ හිංදා මේ ලොකෙන් යන්න ගියා.. මේ ලොකේ කාටවත් එහෙම ලෙඩක් කාටවත්ම හැදෙන්න එපා......ඒක සිද්ධිය හින්දා මගේ ජීවිතේ ලොකු වෙනස්කම් ගොඩක් උනා කිව්වොත් හරි.....හ්ම් ......ජීවිතෙත් වෙලාවතට මහ පුදුමයි කියලා වෙලාවකට.......

මට මොකද උනේ කියන එක මම ඉස්සරහ කියන්නම්කෝ.....ගොඩක් ලොකුවට ලිව්වොත් කියවන ඔයාලට අබ්ලික් වෙලා අවුල් වියවුල් වෙයි...ඇහ්....

මතු සම්බන්ධයි !

Saturday, October 13, 2012

මම පොඩි කාලෝ - 4 වන කොටස
( අන්දෝලනාත්මක 11 වසර )

අලෝ අලෝ පීපල්ස් ........සොරි ආහ්.....ටිකක් ලේට් උනෝ....වෙල්කම් බැක් ආහ්....දිස් ඊස් යුවර් මොංගල් බුවාස් බ්ලොග් 

මෙන්න ගෙනවා ඔබ පුල පුලා උල උලා ....බලා සිටි ඒ අප්සට් වැදගත් මොංගල් අසික්කිත සිදුවීම් ඇතුළත් මගේ කථාන්තරේ නොහොත් මං පොඩිකාලේ කතාන්දර මාලාවේ 4 වන කොටස




ඔන්න ඉතින් වෙනදා වගේම මම අද කොටසෙන් කියන්න යන්නේ මගේ ජීවිතේ ගැන ලියන මේ කථාවේ හතර වන කොටසයි. මතකයිනේ ඉස්සෙල්ලා කොටසේ මම කිව්වා අපි අම්බානෙකට ලොක්කගෙන් බයිට් වෙලා ගුටි කාලා පිස්සු නටලා ඉස්කෝලේ හිටපු විදිය. හරි අද මම කියන්නේ මගේ ලයිෆ් එකේ තවදාවත් අමතක නොවෙන නොවුන 11 වසරේ මගේ ජීවිතේ පිටු පෙරලුනු විදියයි.

ඕලෙවල් නැත්නම් සාමාන්‍ය පෙළ කියන්නේ ළමයෙක්ගේ ජීවිතේ වෙනස් කරන දෙයක් කියලා හැමෝම කිව්වට මම ඒ කාලේ හිටන් ඒක විශ්වාස කලේම නැහැ. ඒකත් අර ඉස්සෙල්ලා කිව්ව වගේ පිස්සු විභගයක් කියලයි මම හිතුවේ. ඒත් ඇත්තටම එහෙම උනේ නැහැ.... හැබැයි මෙන අටමගුලක් උනත් උදේ පාන්දරම ඉස්කෝලේ ගිය . හිකිස්.....ඉගෙන ගන්න නම් නෙවෙයි ඩෙස් උස්සන්න. ඉස්සර මම හිටිය ඉස්කෝලේ ඩෙස් පුටු අඩුපාඩු කම් තිබ්බා. ඉස්සෙල්ලාම ඉස්කෝලෙට උදෙන්න එන කෙනා තමා දිනුම්. එයාට ඩෙස් පුටු තියෙනවා. අන්තිමට එන එකා කියන්නේ අර ඉරිද පොලේ හවස වගේ තමා අහක දාපු ටික තමා. අපිත්ඒ වගේ තමා උදේන්ම ඇවිදින් මුළු ඉස්කෝලේ වටේම ඇවිදලා තියෙන පට්ටම ඩෙස් පුටු අපේ පන්තියට ගෙනත් දානවා. ඔයාලට හිතෙන්න පුළුවන් අපි ඒ කාලේඅම්බානෙකට ඉගාන ගන්න ඇති කියලා. හප්පේ එහෙම නැහැ. අපි මේ ඩෙස් පුටු ගෙනාවේ අපේ සංගීතවැඩ වලට... සිංහලෙන්ම කියනවා නම් බෙර ගහන්න. 10 වසරෙන් 11 වසරට අපි ගෙනාපු එකම දෑවැද්ද කිව්වත් හරි. ඒ කාලේ තමා ඒ කාලේ... වන්ස් අපෝන්න ටයිම් කිව්වලු.. 11 වසර කියන්නේ කිටි කිටියේ යාළුකම් ඇතිවෙන කාලයක් නොවෑ... අපි උදේට එනකොට ඔය ඉස්කෝලේ අහුමුලු වල අයියලා අක්කලා කථා කර කර ඉන්නවා දැක්කට අපිට ඒවාගේ ගැන ගානක්තිබ්බේ නැහැනේ අප්පා. එකත් දැවගත්තේ මේ 11 වසරට ආවට  පස්සේ තමා අපි උදෙන්ම ඇවිදින් ඉස්කෝලේ පුරා ඇවිදිනකොට ඔන්න දෙන්නෙක් කොට්ටන් ගහක් යන බරටම කථාව දෙන්නම කෙට්ටන් ගහ උලාකනවා ඈහ්... කෙල්ලගේ හිනාව අප්පේ බලන්න එපැයි ආහ්... ආදරේ ආදරේ... අන්න වචනේ...

ඒ කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් ගැන තියෙන ලෙන්ගතුකම ආසාව...ඇහ්... ඔන්න ඔලුවට වැටුන පළවෙනි දේ... දැන් ඉතින් අපේ ඒ කාලේ අපේ හිතට වදින රින්ග්ටෝන් එක තමා මල් සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා කියන සිංදු තමා. මතක් වෙනකොටත් ආසායි. 11 වසරේ අපි ආසම වැඩේ තමා ගස් පනනවා කියල සෙල්ලමක් තිබ්බා. සුපිරි ආහ්.. තව එකක් තිබ්බා පෑන් සෙලලමක් තම තිබ්බා ගල් කිරනවා කියලා. අර ගල් කැට 5ක් අරන උඩ දාලා අතේ අනිත් පැත්තේන් අල්ලන්නේ ... අන්න එහෙම එකක අනේ මන්දා දැන් ඒවා මතක නැහැ...

ඒකාලෙත් අපේ මිතුරා වගේහ පරම පිවිතුරු හතුරා ඉස්කෝලේ පිනා තමා. නොදමකින් අහු උනොත් මොකක් හරි ටොපියක් සෙට් කරනවා මයි. තව හිටියා කුණූ සෝමා කියලා මිස් කෙනෙක් .. එයා කරන්නේ ළමයෙක් නිකන් ඇවිදිනවා දැක්කොත් කථා කරලා කුණු ගොඩක් පෙන්නලා ඒ ඒ ළමයට කියලා අද්දවනවා. පට්ට සැරයි ආහ්...අපේ උන්ට ඉතින් ඒ මිස්ව දැක්කොත් ඇති.. විසිල් දෙකයි බල්ටි දෙකකි හුවයි... අපි පුළුවන් තරම් ඉක්මනට බල ප්‍රදේශය මාරු කරනවා. ඒ කාලේ ඉතින් තිබ්බ එකම පිස්සුව ආදරේ තමා. කෙල්ලෙක් පේන්න බැහැ. කාන්දම් වගේ තමා. අපි 11 වසර සෙට් එක වැඩිපුරව ගැවසෙන පැත්තක් තමා 11 වසරේ නැටුම් පන්තිය පැත්ත.. හප්පේ ලස්සන නංගිලා පිස්සු ඈහ්... මොංගල් වැඩ කරාට අවංකයි අපි. ඔන්න ඒ කාලේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවේ තියන්න ලැස්ති කරන්න වගකීම ලැබුනේ අපිට. නියමයි.... සල්ලි එකතු කරලා බඩු ගේන් යනවා. ගිහිල්ලා 250 බඩුවක් කඩේට 400කට විතර බිල් කරගන්නවා. එකතොට අපිට තවත් 150ක් ඉතිරුයි.. ඔයවගේ පිස්සු වැඩ කරනවා. අන්තිමට කොහොම හරි රොලක් දාල ක්‍රීඩා උත්සවෙත් කරා. 

ඔන්න දවසක් අපේ පන්තියේ ආදරයෙන් වෙලුනු දෙන්නෙක් අපිට සෙට් උනා. මෙන්න බොලේ උන් අපිට ඩීල් එකක් දැම්මා. මොකක්ද ...? උන් දෙන්නට ලව් කරන්න දීල අපි ගාඩ් කලොත් චොකලට් කේක් එකක් අපි දෙන්නනෙක්ට කන්න.. ලොවෙත් කෑමට පෙරේතකමේ අපි වැඩේ බාරගත්තා. ඔන්න දැන් දෙන්න පන්තියේ පෙම් කෙලිනවා අපි දෙන්නෙක් එළියට වෙලා පිස්සු නටනවා. මගේ සහයක ඩෑනි චරියට පණ පෙව්වේ කෝසල කියලා හිතාදර බුවෙක්... දෙන්න ලව් අපි පව්.. දැන් ඔන්න වැඩේ සාර්ථකයි ආදරේ මල් ඵල ගැන්විලා අපි දෙන්නට ටොකලට් තඩි කේක් එකක් හම්බුනා... දැන් ඉතින් කන්න තැනක් කැහැ අපිට, බැරිම තැන අපි එහා පන්තියේ කෙළවරටම ගියා. ගිහින් කෙක් එක ගත්තා. මගේ සහයක ඩැනී උනු කොසල අහපි

"මචෝ මුන් දෙන්න මේකට ජාපාල දාලවත්ද දන්නෙ නැහැ "....කියලා

හුටා මේක ඇන්න ආවට කෝ අපිට කේක් කපන්න බඩ්ඩක් ඈහ්... වෙලාවට සහයක ඩැනී අතේ දිග අඩිරූලක් තිබ්බා.

ඇදල ගත්තා....

කැපුවා.........

කෑවා.............

පලවෙනි කේක් කෑල්ල කටවල් දෙකට බඩේ......අපි දෙන්න පිලිවෙලට මුලු කේක් එකම කෑව.. අපි දෙන්නා කේක් එකත් එක්ක පෙම් කෙලිනවා. අරුන් දෙන්න ඒ පැත්තට වෙලා පෙම් කෙලිනවා. ටික වෙලාවක් ගියා. ටිකෙන් ටික අපි දෙනවා පාලනයෙන් මිදෙනවා වගේ දැනුනා. තවත් ටික වෙලාවක් යනකොට අපි දෙන්න හුටුස් ගලා කැරගෙන්න ගත්තා. හරියට අපි දෙන්න එක තැන පන්තිය අපි වටේ කැරකෙනවා වගේ. සහයක ඩැනී පුටුවක් බදාගෙන කියනවා 

"අනේ මචෝ මාව ඇල්ල ගනිං....... "කියලා

මෙනවා අල්ලන්නද සහයක ඩැනි පුටුවත් පෙරලගෙන අන්දරේ වගේ බිම. මම තමා මග කැරකෙනවා. දැන් වැටෙයි දැන් වැටෙයි සයිස් එකේ. අමාරුවෙන් ආත පාත තිබ්බ පුටුවල් අල්ලගෙන මේසෙකට ඔළුව ගහගත්තා. ඇති යාන්තන් කරනම් ගහන්නේ නැතුව බේරුනා. සහයක ඩැනීය අමාරුවෙන් මේස කකුලක් අලලන් පුටුවකට බඩා ගැගෙන අමාරුවෙන් ඉන්නවා. ඔය විදිවට පැයක් විතර ගෙවෙනකොට අපි දෙන්නම පියවි ලෝකෙට ආවා.

සහයක ඩැනී - "ලකියෝ අපිට මොකද බං උනේ"

මම - "අනේ මංද බං මට වතුර ටිකක් බොන්න යනවා වරෙන් යන්න"

සහයක ඩැනී - "එතකොර ඇරුන් දෙන්නා"

මම - "අනේ මේ වරෙන් යකෝ උන් දෙන්න ඔහෙ ඇති වරෙන් යන්න ඉතින්"

අපි දෙන්න වතුර ටිකක එහෙම බීලා අපහු ආවා පන්තියට. ඇරුන් දෙන්න ආලෙන් වෙලිලා නිකං නයි කපල් එකක වගේ කියන නිකං කිචි කිචි වගේ. කොටුදාන්න බැහැනේ ...ඒකත් කරුමේ තමා. මේ දෑස දක්කටැයි කිව්වලු. අපි දෙන්න පන්තියට වෙලා ඔහෙම ඉන්නකොට ඉසුරුමුනි පෙම් යුවල ආවා. 

"මචෝ අපි යනවා උඹ දැන්ම එනවද ? "

නොදිකින් හිපාටුවො දෙන්නා. දුක දන්නේ වෙන කව්ද ඉතින් අපි දෙන්න තමා. ...

ඔය වගේ රසමුසු සිදුවීම් එක්ක මගේ ඉස්සරහට ගෙවිලාගියා නොදැනීම

ඊට පස්සේ.....!!!!!!!

තවත් කොටසක් මම පොඩි කාලෝ - 5 වන කොටස
( අන්දෝලනාත්මක 11 වසර - 2 ) කොටසින් බලාපෙරොත්තු වන්න 

Saturday, September 22, 2012

මම පොඩි කාලේ - 3 වන කොටස
(ලොවෙත් නැහැ මෙහෙම කාලයක්)

අලෝස් අලෝස් ....බැක් ටු දි ස්ටෝරි පාට් තුන..... මෙන්න ගෙනවා අච්චාරි පැණි බූන්දි....කොත්තු එක්කලා එකට කලවම් කරපු ලොවෙත් නැති අබිලිත් අප්සැට්.... කතාන්දර මාලාවේ ඊළඟ කොටස  - මම පොඩි කාලේ 3 වන කොටස



මම දෙවනි කොටසේ  මගේ ජීවිතේ පල්ලම් බැහැගෙන බැහැගෙන ඇවිදින් බස් එක එක පාරටම හෝල්ට් එකකට ගැහුවා...ආහ් ලොවෙත් නැහැ.... අත් දිගට කකුල් දිගට අඳින්න ලැබෙන ජීවිතේට එක පාරක් විතරක් යන්න ලැබෙන වසරවල් වලින් එකක උනු 10 වසර....හ්ම්... අදත් මම වැඩ... ආෆ් ඩේ..... ඒ උනාට කොච්චි අයියලට පින් සිද්ධ වෙන්න 1.45 විතර දෙමටගොඩින් කොච්චියට නගින හිතාගෙන ආපු මට කොච්චිය එනකොට 2.43යි අනේ වාසනාවන්... ආසියාවේ ආශ්චර්ය... රේද්***මා ..ඇවිදින් මීරිගමින් බහිනකොට 5.05යි... කොච්චියේ එකා ඒක එලවන්නේ මිනිස්සුන්ව ගෙදර එක්කන් යන්න හිතාගෙන නම් නෙවෙයි මනුස්සයා පිකිනික් යනවා වගේ.....හිමීට හිමීට එළවන්නේ... ඒ අස්සේ ප්‍රවාහන ඇමති ටෝක් කරනවා සම්පූර්ණයෙන්ම පරිඝණක ගත තරන ලද ප්‍රවාහන සේවයක් 2015 දි මිනිස්සුන්ට දෙන්න... ප්‍රවාහන ඇමති ලොවෙත් හිනයක්ද කොහෙද දැකලා....

අයියෝ සල්ලි කිව්වලු... කථාවෙන් කථාවෙන් අපි අබිලික් කතාවෙන් ඔළියට පැනල නේද ?සොරි ආහ්.... මොනවා කරන්නද ආද කාලේ පාරේ තොටේ ගිහින් එනකොට අම්බානෙකට ලේ උණු වෙලා එන්න වෙලා තියෙන්නේ....හ්ම්... අනේ මන්දාමෙහෙමත් ලංකාවක්...

ඔන්න ඉතින් මට ඉස්කෝලේ 10 වසරට ආවා. ඒ කියන්නේ ලොකු අයියලගේ පන්තිය .ලොකු අයියල කිව්වට වයසින් නෙවෙයි අනිත් පැත්තෙන් ආහ්. ඔය චන්ඩින් පවා මෙල්ල වන ලේ උණු විප්ලව වාදින් හිටිය 10 වසර. ඇත්තට කිව්වොත් ඔයාලටත් සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම පරිස්සම් කරගන්න ඕනි කාලේ ආහ්. කොල්ලෙක් නම් ටිකක් විතර ලේ කෝප උනු ගමන් හිංදා. මචං අරූට දෙකක් අනිමු** කියද්දිම අනේ අරූට දිල ඉවරයි. ගන්න දෙයක් නැහැ ....... ආය් ලොවෙත් නැහැ. කෙල්ලෙක් නම් ඉතින් කියනවා වගේ නොතේරෙන වයසට අපි හැමෝම ඔය හොයන ආදරේ කියලා එකක් ඔය10 වසරේ ඉන්න කාලේදි මල් වට්ටියේ දාල පුද පූජා පවත්තනවනේ... ඒක හිංදා 10 වසරේ ඔයාලගේ මල්ලිලා නංගිලා ඉන්නවා නම් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මෙනම විදියකින් හරි 10 වසරෙදි නිසි විදයට ආතල් එකේ දැහැමින් සෙමින් පොඩ්ඩක් විතර පොඩි පොඩි වලියකුත් දාගෙන කාට හරි දෙකක් ඇනලා, ඒවගේම තව එකෙක්ගෙන් ගුටි කාල ඒහෙම නිවැරදි විදියට 10 වසරෙන් 11 වසරට ගෙනාවොත් ආයේ අල්ලන්න දෙයක් නැහැ ලොවෙත් නැතිවෙන්න ඉගෙන ගන්නවා ඈහ්... අත්දැකීමෙන් කියන්නේ ආහ්... මමත් ඔය කියන ජාතියේ පොරක්.... 10 වසරෙදි අපි කාලේම 1 වසරේ වැඩ. අපේ ඉස්කෝලේ ලොක්ක අපිට කියන්නේ එහෙමයි.

" ඉස්කෝලේ ලොකු අයියයලා අක්කලා ඉන්න ඕනි නංගිලා මල්ලිලාට ආදර්ශයක් වෙන්න කියලා "

මොන පිස්සුද'........
 ඒ පොඩි උන් අපි දිහා බලන් හැදුනොත් අපි වගේම අන්ඩ පාලයෝ තමා. මොකද ආයේ ජීවිතයක් නැති වෙයි. ලොකු අයියලා අක්කලා උනාට 10 වසරට එනකොට 10 කියන අංකේ තියෙන බිංදුව හැලිලා 1 වසරේ ළමයි වෙනවා. කොයි වෙලාවෙක් පිට්ටනියේ.. එනිත ඉගනෙ ගන්නකොටත් මේ ලෝකේ සිහියක් නැහැ ඉන්නෙම හීන ලෝක වල. අපිට ඒකා කරපු සෙල්ලම් දෙක තුනක් කියන්නම්කෝ

ගැහැණු පිරිමි Cricket මැච්

ගස් පැන්නා

කොට්ටන් තැලුවා (එදාට ගෙදර ගිහිල්ලත් ඉවරයි.. ඇත්තම පොඩි උන්ගේ වගේ කමිස කලිසම් පුරාම දම්පාට පැල්ලම්....ඒවා හේදුවට යන්නෙත් නැහැ)

අල්ලන සෙල්ලම් කලා 

ආහ් කියන් අමතක උනා... අපි උන්නේ 10 වසරේ අනත් ඒ කාලේ තිබ්බ පට්ට ආසම සෙල්ලමක් තමා හැංගිමුත්තන් සෙල්ලම. පොඩි උන් වගේම එකේ ඉඳන් සීයට ගණන් කරලා පිරියඩ් දෙක තුනක් ඉවර වෙනකංමුළු ඉස්කෝලේ පුරාව හැංගිලා ඉන්න අනිත් එවුන් හෙයන එක. මේක කණ්ඩායම් සෙල්ලමක්.... 10 දෙනෙකේ ගණන් කරනකොට 10 දෙනෙකේ හොයන්න බැරි තැනක් හැංගෙනවා. 

මරේ මරු ආහ් මතක් වෙනකො හිතට මාර දුකයි. මට ආයෙත් ඉස්කෝලෙ යන්න ඕනි කියලා හිතෙනවා.

අපිට ඒකාලේ පුදුම ඇමේනියා තිබ්බේ. හැම වෙලේම පුදුම අත්හදා බැලීම් කලේ. ඔන්න දවසතක් අපි පන්ති කාමරේ දොර අඩවල් කරලා දෙර උඩින් කුණු පුරවපු කුණු බාල්දියක් තියලා දෙන්නෙක්ව යැව්වා එකෙක්ව එක්කන් එන්න. පට්ට අදහස්. හැබැයි මොංගල් අසික්කිත අත්හදා බැලීම්. අපේ ඉල්ලක්කය එනකන් අපි බලාගෙන හිටියා. හුටා මෙන්න බෙලේ පිනා ආපි පන්තියට....කියන්නත් දුකයි...ඒත සතුටුයි. විද්‍යාවෙන් කියනවා නම් අපි සාර්ථක ඇටවුමක් පරික්ෂාවට භාජනය කරා. ඒක සාර්ථකයි. දුකයි කිව්වේ අවේ ඉලක්කය උනු එකා ආවේ ඊට පස්සේ හිංදා.



" ලොක්කා - ඔක්කොලමලාම යනවා මගේ ඔෆිස් එකට..... මම ඇවිත් මේ ගැන බලාගන්නම් "

ඇත්තමට ඒ අතින් අපේ පන්තියේ කෙල්ලෝ ටික අදහන්න ඕනි. උන් එකෙක්වත් පිනා ඇහුවට කව්ද කලේ කියලා අපිව පාවා දුන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔක්කොම කෙල්ලෝ කොල්ලන්ට එන්න කියලා තරු පේන්න වේවැල් පාරක් දුන්නා. අනේ ඉතින් අපේ පන්තියේ කෙල්ලෝ ටික මෙනදේ කලාත් අපිට බැන බැන පන්තියට යනවා. ඒ එක කථාවක්...

මෙන්න ඒ වගේම තවත් මොංගල් අසික්කිත සිදුවීමක්...

මේක උනේ අපි අපේ දෙවනි වාරේ පටන් ගත්තු දවසේ අද වගේ මතකයි. එදා හැබැයි වැහි බර දවසක් අපි පුරුදි විදියට වැස්සටවත් ඉස්කෝලේ නොගිය අපි හැමෝම පුරුද්දට වගේ වාරේ පටන් ගන්නකොටයි... වහනි දවසටයි අනිවාර්යෙන්ම ඉස්කෝලේ ආවා. ඒක පුරුද්දට වගේම බෙහොම ආසාවෙන් අපි කලේ.... ඒකට හේතුවක් තිබ්බා

ඒ තමා...

1. හයියෙන් සිංදු කියන්න ලැබුනු හිංදා
2. ඉස්කෝලේ පුරාම ඇවිදින්න ලැබෙන හිංදා
3. කොල්ලෙක්ගේ භාෂාවෙන් කියනවා නම් කෙල්ලන්ට ටෝක් කරන්න බැබුනු හිංදා
4. දවසේ වැඩි හරියක් කැන්ටින් එකේ ඉන්න ලැබෙන හිංදා....(පිනා වහින දවසට එළියට බහින්නේ නැහැ....උගේ සුදු දික් කිලිසම තෙමෙයි කියලා....හිකිස්......)

5. අපිට ඔහේ වල්පල් දොඩව දොඩව ඉන්නයි කැමති වෙලාවක් කන්න පුළුවන් හිංදයි.

ඔන්න ඉතින් දෙවනි වාරේ පටන් ගත්තු හිංදා අපේ පන්තියේ ඔක්කොම වගේ ඇවිත්... ලොකු නිවාඩුවකට හිංදා අපිටත් කියවන්න සෑහෙන්න දේවල්...වහින නිසා මිදුල් අතුගාන්න දේකුත් නැහැ. නියමයි. අපිත් ආසාවෙන් හිටියා. ඔන්න ඉතින් එළියට පැනලා අනිත් පන්ති අස්සෙත් කරක් ගහන ගමන් නිවුස් එකක් ආවා ලොක්කා එළියට බැහැල අපි ඉන්න පැත්තට එනවා කියලා. පොඩි උන් කියපු නිසා අපි හිතුවේ විහිළුවක් කියලා. මොකද අපි ඒ වෙනකොට ශිෂ්‍ය නායකයෝ හිංදා. ඒ උනාට අපිතමා අන්ඩපාලම වැඩ කලේ... පන්තිවල වලි යනකොට අපි කරන්නේ බේරන්න ගියලා බැජ් ගහගෙන එතනට දිවනවා.පිනා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට බැජ් සාක්කුවල...අපි රජ ඉබ්බෝ කාටුන් එකේ වගේ තමා වටේටම නෙලනවා....හරියට උඩරට පැතේ තේ අක්කලා නැන්දලා තේ දළු නෙලනවා වගේ බලන්නත් ආසයි රමණියයි... දන්න එකාටයි නොදන්න එකාටයි..... ඒකාලේ අර ඉස්සේලාම කිව්ව වගේ විප්ලව වාදි යුගයක්.. අපි වලිවලට ගියහම අහලා ගහන්නේ නැහැ ගහල අහන්නේ හේතුව මොකක්ද තියලා. ඒකෙත් අමුතුම ආත්ල් එකක් තිබ්බා.....

ඔන්න අපිත් ලොක්කෝ වගේ ලොක්ක එනවා කිව්ව දිහාවටම ඇදුනා. ආසනේ සරෝජිනි කිව්වලු... යකෝ වලියක්... අපිටත් ඉතින් දැක්කහම කහනවා කහනවා වගේ... ගැලෙව්වා බැජ්..දැගත්ත සාක්කුවට.. පැන්නා වලිය මැදටම... දන්න විදියට 10 වසරේම වලියක්...ආදර හුටපටයක්.... එක මලයි බඹරු දෙන්නයි. පොදු ගුණාකාරයක් නැති සීන් එකක්... ඒ කියන්නේ කෙල්ලට විච්ච දෙයක් නැහැ වලියක් විතරයි. අපිට ඒ කිසිම දෙයන් අදාල නැහැ... අපිත් ඉතින් අදිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා... පැන්න වලිය මැද.... වටේට වෙලා සීන් එක දිහා බලාගෙන ඉන්න එවුන්ගෙන් පුල් සප් එක....විසිල් එකයි බල්ටි දෙකයි....ෆිල්ම් එක ලොවෙත් හිට් වෙනවා....

"මචං අරූ තමා උඹට ගැහුවේ......"

"මචන් අන්න අරූ පැනල යන්න හදන්නේ..."

"අඩේ කවුද අපේ උන්ට ගහන්නේ.... හු*** *තා..... අහුවෙයන්කෝ පිටදී දෙන්නම්..."
(ඒවා ලියන්න බැහැ මාව අසැබි ඒවා ලිව්ව කියලා බ්ලොගියෙන් එළියට දායි....එන්න එදාට තමා වීරපුරන් අප්පු වගේ කොල්ලෙක් හිතේ ආමාරුවටම මලා කියලා පත්තරේ පොටෝ කෑලිත් එක්ක කථාවක් ලියවෙන්නේ......)


ඔය අතේ අපි හය හතක් අනින කොට අපිට දහයක් විතර වදිනවා...

ඔය අස්සේ..එකෙක්... දුවපාන් ලකියෝ පිනා එනවා... අපිටත් එච්චරයි ඇහුනේ ඊට එහා පැත්තේ තිබ්බ පන්ති කාමරේ වෙන් කරන තාප්පෙට අඩි දෙකයි අපි 5 දෙනෙකේ පැන්න එළියට... දුන්නා චන්ඩී ටෝක් එකක්... දිව්වා.... හැබැයි දන්නේ නැහැ පිනා කොහෙන්ද එන්නේ කියලා...කියන්න දෙයක් නැහැ සිද්ධිය සෑඩ්...අපේ වෙලාවටම අපි දුවල තියෙන්නේ දුවන්න  දිශාවට නෙවෙයි විරුද්ධ දිශාවට... අර විද්‍යාවේ තියෙන්නේ සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ මොකක්ද එකක ගැන.... අන්නඒ වගේ තමා... අපි දුවලා ගියේ පිනා එන පැත්තටමයි.... අපේ පන්තියට හැරෙන්න තියෙන්නේ පොඩි වංගුවත් හැඩේට.....අපි 3 දෙනෙකේ කනේ වැලි ගැවෙන් වංගුවක් ගත්තා...ඒ අතර අපෙන් තවත් 2 ක් පාරෙන් ඉවතට පැන පන්තිය පිටි පස්සට දිව්වා. හුටා මෙන්න බොලේ පිනා දෙපා මුල.. ඇත්තටම අම්මව මතක් විය... අපේ දිශාවේ වේගය පැයට සැතපුම් 40ත් 50ත් අතර තිබ්බ හිංදා කරගන්න දෙයක් නැහැ ලොක්කා ගැවම බේරේක් පාරක් ගහලා රිවස් ගියර් එක දැම්මා විතරයි... පිනා අසිපත ආමොරාගෙන ඉදිරියට පැනපු එළාර වගේ වේවැලත් උස්සන් අපේ මාර්ගය හරස් කරා... එසැනින් අපි අපේ මාර්ගය වෙනස් කරන්නට උත්සහ ගත්තත් වෙලාව මදිය.. පළමු පහර වැරෙන් මගේ පිට පුරා වදින්ට විය. දෙවනියට උන්නේ මගේම සගයාය පොර මට වඩා අඩි භාගයක් පමණ දුරකිනි. පිනාගේ  වේවලේ වෙගය අඩාල කරමින් මගේ සගයා පැත්තට පනිනට විය. හපොයි වැස්සක් ඉවර වෙලා තිබ්බත් ...කෙහෙල් ලෙල්ලක් තිබූ මහ පොලොවේ පිනා වැටුනා... පස්ස පැත්ත ලස්සනට මඩ පාටය...ඒ එකක්ම 11 වසරේ අයියලා අක්කලාගෙන් උපහාරාත්මක හූවක්.... පිනාගේ ඇස් කොපයෙන් දිදුලන්නට විට... හරියට අපි රජ ඉබ්බෝ එකේ "සාකියා" වගේ...එදා නම් අපි තුන් දෙනෙක් ආයේ මාසා ගානකට හරියන්න ගුටි කෑව...

දැන් කොහෙද එහෙම කරන්නේ... කරත් එවෙලෙම ජොබ් එකෙන් දොට්ට....හ්ම්.........

ඔන්න ඔය වගේ ඉන්නකොට පාසැලේ 10 වසර කලහාකාරී විදියට ගෙවිලා...අවුරුද්දත් ඉවර වෙලා අපිව 11 වසරට යන්න කාලේ ආවා. විභාග ගැන නම් මම මේකේ ලියන්නේ නැහැ මොකද විභාගේ ගැන ලියලා මම මේ ලිපිය චාටර් කරගන්න කැමති නැහැ. එන්න 10 වසරේ අන්තිම දවස ඒ කියන්නේ තුන් වෙනි වාරේ අන්තිම දවස අපිට නිවාඩු දෙන දවස .....

මේ තමා මගේ ජීවිතේ මම ආසාම දවස...අද දවසම තියෙන්නේ අලුත් අවුරුද්දේ වගේ සැනකෙළි සහ ජන ක්‍රීඩා... ඒ කියන්නේ.... වතුර හරි නිල් හරි ගහගන්න එකයි පාටි මැද ගෙවෙන සංගීත සාජ්ජයි. මතක් වෙනකොට මාව විකසිත වෙලා මොංගල් වෙලා කැරකිලා.... 

"අනේ මට අයෙත් ඉස්කෝලේ යන්න ඕනියෝ.... එක්කන් යන්න කවුරුත් නැද්දෝ...."

එදා දවසකට මුළු ඉස්කෝලේ පුරාම ඇවිදලා....වතුර ගහගෙන කාල සිංදු කියලා ගෙවල් වලට යනකොට හවස 5ට විතර තමා... ඒකත් සිකුරුට්ටා පැන්නුවේ නැත්නම් ඉස්කෝලෙම අස්සේ තමා......
ඔන්න ඔහෙමයි ලොවෙත් නැති විදියට ගෙවුනු මගේ 10 වසරේ ජීවිතේ.....


ආදරය විරහාව සහ වැදගත් මොංගල් අසික්කිත සිදුවීම් මැද ගෙවුනු 
මම පොඩි කාලේ -4 වන කොටස  (11 වසරක අභිමාණය) ළඟදීම.....!

Thursday, September 20, 2012

මම පොඩි කාලේ - 2 වන කොටස (දරුණුම කාලේ...)

අලො අලෝ ... නොහිතපු විදියට මේ පොස්ටුව මගේ ජීවන චක්රේ වෙලා දිගටම ලියවෙනවා.. මක්කක් කරන්නද ? හිතට එනවා මම ලියනවා....අලේ සොලි ඈහ්...




සිංහලෙන්ම කියනවා නම් " අයි ඈම් බැක්  "  සිංහල දන්න අය ඉන්නවා නම් දනී. නොදන්න අය අර පන්ති යන කාලේ වගේ එහා පැත්තේ එකාගෙන් අහ ගන්න නැත්නම් කොප්පක් ගහන්න. ඔන්න ඉතින් මම ඔයාලට කිව්වනේ මම පොඩි කාලේ ගෙවුනේ කොහොමද කියලා... ඔන්න ඉතින් කාලය ගෙවිලා ගෙවිලා ගියා අම්මපා මටවත් දැනුනේ නැහැ මම ලොකු එකෙක් කියලා. අර අම්මල කියන්නේ නහයට අහන්නැති වයස කියලා. අන්න ඒ වයස ආහ්... ඔන්න ඉතින් මම කොයින් කොහොමෙන් හරි ඉස්කෝලේ 5 වසරේ නැත්නම් සිස්සත්ත පන්තියට බඩගාගෙන ආවා. එය කාලේ තමා කොල්ලෙක්ට සාමාන්‍යෙයන් නම් කියන කාලේ... තව කොල්ලෝන්ට කෙල්ලන්ගේ නම් ගැට ගහලා.. නැත්නම් කෙල්ලන්ට කොල්ලන්ගේ නම් ගැට ගහලා...නම් හදන කාලේ.. ඉස්සර නම් මට සෑහෙන්න තරහා යනවා. ඒත් කාල කාල ඇඟ පත හැදිලා තිබ්බට මම අලියෙක් වගේ පුංචිම පුංචි මොලයක් තියෙන පිස්සු මැන්ටල් පොරක්. ඔය කියනවා වගේ මගේ යාළුවෝ ගොඩක් අය මට කියන්නේ ලකියා කියලා.  ඔය නමත් මට ගැට ගැහුවේ මේ කාලේදී තමයි . මුල් දවස්වල මම ඒ නම කියනකොට තරහත් යනවා. ඒත් මෙනවා කරන්නද ? මට තරහා ගියාට ඊට පස්සේ මොකද කරන්නේ කියලා දැනීමක් තිබ්බෙම නැහැ. මම හිටියේ 5 වසර A පන්තියේ. අපේ පන්තියේ හරියටම ළමයි 72ක් හිටියා. ඒක නම් මතකයි. අර කථාවට කියනවා වගේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ ඉගෙන ගන්න ළමයි ඉස්සරහටත් පිස්සු කෙලින මොට්ටයෝ පිටිපස්සටත් ඇදෙන්න උනා. මටත් මං වගේම මැට්ටෝ සෙට් එකක් අහු උනා. අන්න සබන් ආහ්.... වලි....කෙළි....සිංදු සාජ්ජ. ......නඩු.....ගුරු දෙගුරු රැස්වීම්......පාසැල් පොළ.....කාරිඩා උළෙලවල්.... ඔය වගේ දහකුත් දේවල් ඔලුව අස්සේ රිංගනකොටම කෙලිය තාප්පෙට කිව්වලු... අපේ මේ පුංචි පණුගාය තියෙන මොලේට සිස්සත්තේ කියන මහා අපරාදයක් ගෙනත් දැම්මා.



අපිට ලැබුනු ලාභ

කැමති කැමති හම්බ වීම

ඉල්ලන දේවල් ගොඩක් වෙලාවට ඉල්ලන්න කලින් ලැබීම
කැමති කැමති කෑම අම්ම ගානේ ලැබීම

එයවගේ දේවල් තමා

ඒ වගේම 

අපිට උනු අලාභ

සෙල්ලම නැති වීම
ගෙදරටත් ගෙදරින් ඉස්කෝලෙටත් ඉස්කෝලෙන් පන්තියට හරක් දක්කන්නා මෙන් දැක්කීම
යාළුවෝ අහිමි වීම
නිදහස සීම වෙනවා කියලා දැන් ඔය එක එක ඒවායේ කිව්වට නිදහස සම්පූර්ණයෙන්ම භාදා වීම
අධික ලෙස බිය ගැන්වීම් අඩන් තේට්ටම් වලට ලක්වීම..

ඇත්තටම කිව්වොත් සිස්සත්තේ නිසා අපිව අපයෝජනයට ලක් උනාද මන්දා....හෑහ්..
කොහොද ඉතින් ඒකාලේ අපිට ඔළුවක් කියලා තිබ්බ එකක් යෑ. ඒ කාලේ අපේ පන්තිවල උගන්නන උදවිය අපිට අපේම නමකින් කථා කලේ සෑහෙන කාලෙකින්නේ.. ගොඩක් වෙලාවට "ගොනා.....මොඩයා.... මැට්ටා.....බූරුවා.... " ඔය වගේ ආදර බර හුරතල් නම් වලින්නේ කථා කලේ... ඒකද අපේනේ වැරුද්ද... අපිට දාන්ගලේලු... හත් දෙයියනේ ළමයෙක් නොවී මහ එකෙක් වෙලාද දාන්ගලේ තියෙන්න ඕනි...

හරි හරි ඒවයෙන් වැඩක් නැහැ.... ඔන්න සිස්සත්තෙත් ආවා... ඔහේ යන්නන් වලේ අපිත් ඕක ලිව්වා. අම්මල නම් බෝධී පූජාත් තිබ්බා.. ඒත ළමයෙකුගේ ජීවන රටාව බලලා ඒවා කොරන්න එපැයි නේ... අපි පව්නේ... ඉතින් කිව්ව වගේ රිසල්ට ආවා.. අයියෝ සල්ලි...



 මට ශතකයක් වත් ගහන්න නොදී මාව පිට්ටනියනේ අයින් කොරලා... මගේ වටේ හිටපු උන් ද්විත්ව ශතකත් ගහලා. ඇත්තටම කිව්වොත්මම 98ක් ලාබා සිටියදී සිස්සත්තෙන් මම පේල් උනා. ගෙදරින් ලොවෙත් නැති වෙන්න කෑමකුත් හම්බුනා. අම්මා තාත්තා එහෙම කථා නොකරත් හිටියා මාත් එක්ක. මට කන්න දුන්නෙත් අච්චී.. අම්ම බෙදලා මේසේ උඩ තියලා යන්න යනවා. තාත්තා නම් දැක්කත් ඇති.... අම්මෝ මට මතන් වෙනකොටත් දැන් වයස 24ක් වෙලත් කකුළ සර සර ගාල හෙල්ලෙනවා... මොනවා කරන්නද කිව්වලු...

හැබැයි ඉතින් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්ව වගේ මගේ ආසාව මොකක්ද කියලා මම දැන ගත්තේ පහ වසරෙන් පස්සේ තමා... මට කොම්පියුටර් කියන වචනේ ඇහුන කාලේ තමා
ඒ... දන්නේ නැති උනත් හොයන්න උත්සහ කරා.. ඒ වෙද්දි මගේ යාළුවන්ට සිස්සත්තේ ඉහළින්ම පාස්වීම කරණකොටෙගෙන උන්ට ඔය කොම්පියුටරේ කියන එක ලැබිලා තිබ්බා. ඒක හින්දා මටත් ඒව අතපත ගාන්න අවස්ථාව හම්බුනා. ඒ ගැන හොයන්න හිතුනා... ඔන්න ඔතනින් තමා මගේ ජීවිතේ කොම්පිටර් කන්න පටන් ගත්තේ... මොනව කරන්නද ඉතින් හිත ගිය තැන මාලිගාවනේ.... අපේ අම්මල නම් ඊට පස්සේ මා ගැන වැඩිය හෙව්වේ නැහැ... යන්න දුන්නා...

හිහ් හිහ්.... ඒක වෙලාව කියන්නේ අපේ ගෙදරටත් තාත්තා කොම්පියුටරයක් ඇන්න ආවා. ඉබ්බ දියට දැම්ම වගේ... මටත් ඉතින් ඊට වඩා දෙයක් නැහැ. ඔතනින් මම කොම්පූටරේ පැත්තට හැරෙනකොට අනිත් පැත්තෙන් මම ටිකෙන් ටික පහ වසරෙන් හය, හත, අට............ඔහොම ඔහොම ඇවිදින් 10 වසරටත් ආවා.. ඔන්න ඉතින් දහය වසර කියන එක කාටවත් කියල දෙන්න ඕනි කාලයක් නෙවෙයිනේ.....

ඒ උනාට.........


"ජීවිතේ ගලාගෙන යනවා - මම ලියාගෙන යනවා" 

පිස්සු මැටි වැඩ හා මොංගල් පාට් රැගත් මම පොඩිකාලේ 3 වන කොටසත්
(10 වසරත් පන්තියක්ද ?) ළඟදීම බලාපොරොත්තු වන්න
!



Wednesday, September 12, 2012

කොල්ලො තුන්දෙනෙක්ට එරෙහිව ගොනෙක් !
සුදානමටත් පෙර අවදානම

අලෝස් අලෝස් ....කොහෙමෙයි

ඒ කාලේ ආහ්.... ඒ කාලේ කියන්නේ ඒ...කාලේ.....කළකට පෙර එකමත් එක කාලකෙ.. මතක් වෙනකොට ඇඟ කිළිපොය යන පොළා පනින අතිශය භයන්කර භීතිය උපදවන සීන් එකක් උනාත එතකොට මේකා එහෙම නැත්නම් මම කියන එකා යාන්තන් 11 වසරෙන් 12 වසරට බඩගෑව විතරයි. සා.පෙළින් උ.පෙළට වෙන ඉස්කෝලෙකට ගියා විතරයි. අනේ අප්පේ යාළුව අද නැත වෙන අය එහි ඇත. ඉස්කෝලේ කොච්චර ළමයි   හිටියත් මම තනි උනා වගේ, ඉස්සර වගේ ගොන් වැඩ කරන්න සහය දෙනමගේ යාළුවො එකෙක්වත් නැහැ ඔක්කොම අළුත් මූනු. කරන්න දෙයක් නැහැ ඉන්නම වෙනවා, මොකද ගෙදර ඉන්නවා කියන්නේ ඊට වඩා ඛේදනීය ඉරණමක් වෙන හිංදා. අනේ මංදා කොහොම  කියන්නද නවක වදයටබයෙන් අළුත් ඉස්කෝලෙට ගිහින් සතියක් ගියෙ නැද්ද කොහොද.... ඉස්සර වගේම ගොන් වැඩ කරන්න පුළුවන් සෝක් යාළුවො 2ක් සෙට් උනා. එකෙක් සිසන්ත අපි  කිව්වේ  සසියා... අනිකා කසුන්....අපි කිව්වේ කස්සා කියලා....මොන මගුලක් කරන්න යං කිව්වත් " යාමු මචෝ " කියන යාළුවො දෙනන්නෙක් මගේ ගති ගුණමයි. ඊට පස්සේ තමා මගේ  ජීවිතේ ගෝල්ඩක් ඒජ් එකද මොකක්ද එක ආවේ. මම කියන එකාට ඉස්කෝලෙන් ශිෂ්‍ය නායකකම ලැබුනනේ. මූණට නොකිව්වට ඉස්කෝලේ ලොක්කා කරපු ලොකුම වැරැද්දත් ඒකමයි. ඉබ්බෙක්ට පිහාටු දුන්න වගේ.... ආසයි මං පියාඹන්න..අපි 1 වසරේ හිටිය කාලේ ලොකු අයියල අපිට ටොකු ඇන ඇන හිටිය අප්සැට් යුගේ ඉවරයි. දුප්පත් අපි රජවරු මේ කාලේ තමා.

ඔන්න ඉතින් කාලය ගතවීගෙන යනවා. මගේ ගොන් වැඩත් කෙරීගෙන යනවා. ඉස්කෝලේ ලොක්කගේ ෆයිල් වල අපේ ‍පොරොන්දු කොළත් පිරීගෙන යනවා.

ආහ් කියන්න අමතන උනානේ. ඒ ඉස්කෝලේ තමා මම දැක්කට පට්ටම ඉස්කෝලේ ආහ්. වරදක් කලත් සිතකින් නොවේ. වරදට සමාවක් දෙන්නෙත් අමුතුම විදියට. ඉස්කෝලෙට කිසිම තාප්පයක් නැහැ වැටත් නැහැ.තිබ්බේ පරණ ගේට්ටුවක් ඒකත් 80 දශකයේ. මගේ ජීවිතේ ඉස්කෝලෙන් නිදහසේ පනින්න ලැබුන එකම ඉස්කෝලේ.... අපේ ඉස්කෝලේ.. එහෙමත් නැත්තම් මගේ ඉස්කෝලේ අපි ඔය එක එක වැරදි කරපුවහන අනිත් ඉස්කෝලවල වගේ නෙවෙයි මගේ පළවෙනි ඉස්කෝලේ නම් වදරක් කරපුවහම අපි ලොක්කගේ කාමරේට ගෙන්නලා දොරවල් වහගෙන නෙළුවේ ආහ්.... හරියට උඩරට පැත්තේ තේ දළු කඩනව වගේ. මේ ඉන්නවා මේ නෑ.... හරියට සුදු වෑන් වලින්ඉස්සුවා වගේ ඉස්සර 11 වසරෙදි අපි ඉන්නෙම ලොක්කගේ කාමරේ.. පන්ති කාමරේට වඩා වැඩිපුර හිටියේ ලොක්කගේ කාමාරේ..

කථාව පිට යනවෝ දැන් වරෙල්ලා ආපහු කථාවට... මගේ දෙවනි ඉස්කෝලේ... එහෙම නැත්නම් මම උ.පෙළ ඉගන ගත්තු ඉස්කෝලේ අපි වරදක් කරපු වහම ලොක්කා පන්තියටම ඇවිදින් අපිට ලොක්ගේ කාමරේට එක්කගෙන යනවා. ගිහින් පොතක් ලියන්න තරම් ලෙක්ජර් එකක දෙනවා අපිව හැති වැටෙන්න. ඊට පස්සේ ඒ4 පොලයක් දෙනවා පොරොන්දුවක් ලියන්න..

මෙන්න ඒ කොලේ අඩංගු වෙන්න ඕනි දේවල්.. ඇත්තටම කිව්වෝත් මේක සහසික ලෙස අහිංසක වැරදි කරුගේ පාපොච්චාරණයක්

වරද 
වරදට උදව් දුන් පිරිස
 අයෝ ඒ වැරැද්ද නොකරන බවට දෙනු ලබන පොරොන්දුව (තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන්)

ආහ් කියන්න අමතක උනානේ... අර දඩපොතේ වගේ වැරැද්දේ ස්භාවය අනූව ඔය වැරැද්ද ගැන දෙන පොරොන්දුව වෙනස් වෙනවා.. ගොන් වැඩේ කලේ තිනයෙන් නම් ගොඩක් වෙලාවට එක පාපොච්චාරණයකින් බේරෙන්න පුළුවන්... එහෙම උනොත් ඒකට ගුඩ් ලක් තමා. ලොන්ග් ලයිෆ් තමා
හැබැයි ගොන් වැඩේ කලේ පිරිසක් වශයෙන් නම් ... ඒ කියන්නේ අපි  ගොන්වැඩේ කලේ මෝඩ රැලක් වශයෙන් නම් සිද්ධිය ඉහළ උසාවියට යනවා. ඒ කියන්නේ අපේ අවනඩුව විභාගයට ගන්නේ ඔෆිස් එකේ ආහ්
එක්කෙනෙක් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඊට පස්සේ කණ්ඩායම් වශයෙන් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඒවා ඔක්කොම අපේ නම් අනූව ලිපිගොනු වෙනවා.

ඔන්න ඕක තමා අපේ ඉස්කෝලේ නීති රීති මාලාව.....හිකිස්... ඇත්තටම ඉස්තෝලේ ලොක්කා නම් දෙවියෙකි. මම දන්න කාලෙකට ළමයෙක්ට ගහල නැහැ රිදෙන්න.. ගැවුවොත් එදා දවසටම කන්නෙත් නැහැ තනි අවුලෙන් ඉන්නේ. මම දැකලා තියෙනවා දවසක් අපි ඉස්කෝලෙන් පැනල අහු උන වෙලාවක අපිට ගැහුවා.

ඊට පස්සේ අපිට කිව්වා

"පලයල්ල යන්න උඹල මගේ හිත රිද්දුවා..... "

 ඊට පස්සේ කැන්ටිමට ගිහින් තනියෙන් අඬනවා. එදා අපිටත් අවුලෙන් හිටියේ.. අප කරපු වැරැද්ද හිංදාවත් ගුටි කාපු හිංදවත් නෙවෙයි. අපි ලොක්කව අඬවපු හිංදා. ඒක හිංදා වෙන්න ඇති ගමේ හැමෝම වගේ ඉස්කෝලෙට වගේම ලොක්කටත් පට්ට ලෙන්ගුයි. මම මෙහෙම ඉස්කෝලයක් දැකලම නැහැ...

ඔන්න ඉතින් මමයි මගේ බඩියල දෙන්නයි හොරෙන් අටවපු පැලෑනක් උපයොගි කරගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන්න ගියා... ඒ කියන්නේ අපි තුන්දෙනා ඉස්කෝලෙන් පැනල අපේ ගෙදර යන්න. කියපු විදියට එදා ඉස්කෝලේ කස්ටිය අඩු දවසකි. අපිට දේශපාලන විද්‍යාව උගන්නන්න හිටපු මිස් පේපර් මාර්කින් ගිහින්... අපි තුන් දෙනා වෙලාවට කලාවට දෙවනි පීරියඩ් එකේදි ඉස්කෝලෙන් පැනලා අපේ ගෙදර ගියා පාන් රත්තල් 2කුත් අරගෙන. අහෝ ඛේදයකි කිව්වලු...අපේ මව්තුමිය බැහැරක් ගොසියන්... ස්ථානොචිත මෙව්ව එකෙන් ගේ වටේ ඇවිදලා දොරේ යතුර හොයගත්ත අපි හොරා වගේ ගෙට රිංගුවා. ඊට පස්සේ සම්බොලෙකුත් හදාගෙන ගෙනාපු පාන් කාල දොරත් වහලා අපේ ඒරියල් එක පත්තේ රවුමක් ගහන්න පටන් ගත්තා. අපේ ගේ ඉස්සරහා එක නිල්ලට වෙල් යායය... හිලන් පාර බ්රේක් නැති මැස්ස වගේ කෙලින්ම අපේ මිදුලේය. සීත සුලන් අවට හමන්නේ.සනිපයි ආහ්.....

අපේ උන් දෙන්නට වෙලේ ඇවිදන්නම ඕනිලු.... බැරිම තැන් උන් දෙනන්ගේ ආයාචනා මැද මම උන් දෙනනව වෙළට බැස්සුවා. උන් දෙන්නා වෙලේ මඩ කයි. පොඩි උන් දෙන්න වගේ එහෙ මෙහෙ දුවයි. හික් හික්....

ඔහොම අපි ඉතින් වෙලේ ඈතින් ඈතට..... ඈතින් ඈතට.... ඈතින් ඈතට.... ගියා...
හැහ්.... මොකෙක්දෝ ඉදිරියට දුවගෙන එනවා වගේ පේනවා. මගේ පෙනීමත් අන්තිම පොට්ටය...කෙලින්ම කියනවා නම් මට දුර පෙනීම අවුල්ට කොම්පීතර් හේතුවෙන් මා පොට්ටයෙකු වී හමාරය.. අපේ උන් දෙන්නාට ගානක්ම නැත. අම්ම ගහයි තමා...



 ඒ අපේ ගමේ හිටිය එකම දරුණුම මීහරකා නේද ? මට සිංහල සාහිත්‍යායේ නාලාගිරි දමනය මතක් උනා. අපේ ගොන් ඩබලට සීන් එක සෙට් වෙනකොට මීහරකායි අපි අතර මීටර් 100ක් දරම් දුරක් තිබ්බේ. අපි තුන් දෙනාගෙන් ඉස්සර උනේ සසියාය ඌ මාවයි කස්සවයි පොරලගෙන දුවන්නට විය.. කස්සා නොවැටී බේරුණු අතර මම වැටි බේරුනි. මෙන්න මේ වෙලාවේ හුසේන් බොල්ට් හිටියා නම් අනිවා සසියගේ දිවිල්ලට පොර පරාදයි ආහ්... දැන් කරන්න දෙයක් නැහැ.. එකම දේ දුවන එක විතරයි. මට ඇත්තටම කිව්වොත් අම්ම මතක් උනා. පට්ට මනෝ පාරක් ආවේ.. ඒක ඉවර වෙනකොට මීහරකා අපිට පේන මානයේය.

මම - " කස්ස දුවපං දුවපං යකෝ....අරූ නං අයිනනමයි එන්නේ... "

ඒ පාර මූ කියනවා

කස්ස - " පිස්සුද මීහරක් ඔහොස තමා උන්ගෙ හැටි බං ඔය "

මම - " යකෝ බලපං මොන පිස්සුද බං ඌ එන්නේ අපේ පැත්තට ගොරකයෝ "




අසුරු සැනින් කස්සාගේ පාද පණගැන් වුනි.... ඌ ඕෆ් රෝඩ් කැබ් එකක් වගේ දුවන්නට විය.සසියා ඒ වන  විටත් අප පහුකර මද දුරක් ගොස් ඇත. ඉන් පසු කස්සත්... පසු පෙල නියොජනය මගෙන්ය... මේ ඔක්කොම වෙන්න ගියේ තත්පර කිහිපයකි. අපි තුන් දෙනාම දැන් එක පිම්මේ වහු පැටව් වගේ වෙළ  පුරා දුවයි. කස්ස අම්බානෙකට බයවී ඇත. සසියට කිසිවක් මතක නැත.. ඌ එකෙන්ම දුවයි. හරකාගේ වේගය පොඩ්ඩක්වත් අඩු නැත්.... ඌ නම් නාලාගිරිම තමා . ඇත්තටම කිව්වොත් ආන්තිම කැමැත්තත් මතක් උනා. අපිට පාන් කියාගන්න බැරි ගානට හැති. සසියා නැවති නැවතිත් දුවයි.කස්සා පිස්සුවෙන් වගේ දුවයි. හරකට නං කිසිමා ගානක් නැති පාටයි. කොහොම හරි වෙලෙන් මහ පාරට ගොඩවෙලා පිටි පස්ස බැලුවේ. හුටා මේකගේ ඒත පස්සෙන් පන්නවා. මේක ලොක්කද දන්නෙත් නැහැ. අමාරුවෙන් අපි තුන්දෙනා ගෙදරකට දුවලා ගිහින් සිද්ධිය කියනකොට ගෙදර එවුන්ට පිස්සුද මන්ද උන් කට ඇරන් බලාගෙන ඉන්නවා. බොහොම අමාරුවෙන් මීහරකව මගඇරගත්තු අපි තුන්දෙනා ගෙදර බඩගානකොට 3 විතර උනා. යනකොට මව්තුමි සාලේ.. මොකෝ වෙල් ගානේ දුවන්නේ...වස ලැජ්ජායි රෙද්ද වැලේ....කිව්වලු.. ගමේ එකාල අපේ සිද්ධිය අම්මගේ කනේ තියලා.. මොනව කරන්නද ඉතින් කොරන්න දෙයක් නැහැ....

ඊට පස්සෙත් සසියය් කස්සයි අපේ ගෙදර ආවට වෙල පැත්තේවත් ගියේ නැහැ... අම්බෝ ඒ වෙලාව මතක් වෙනකොටක් බොක්ක ගර ගර ගාල ගැහෙනවා...

ඉස්කෝලේ කාලේ සුන්දරකම තියෙන්නෙම ඉස්කෝලෙ ඇතුලේ ඉන්නකම්ම තමා එළියේ ඒ ආතල් එක නැහැ නොවැ

Saturday, September 8, 2012

ඒ බං බලපංකෝ මේ පන්සලේ උස බං


මේකත් ඉස්සෙල්ලා කිව්වා ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් වගේ එකක් තමා. මට මේක මතක් උනේ මගේ ඉස්කොල කාලේ පින්තූර බල බල ඉන්නකොට. මේක වෙනකොට මම උ.පෙළ කරන්න රදාවඩුන්න ඉස්කෝලෙට ගිය මුල් කාලයේ තමා. ඔන්න ඉතින් උ.පෙළ අපි ඉගෙන ගන්න කාලේ අපි තමා ඉස්කෝලෙ පොරවල් ඈහ් හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා තමා අපි නම් හිතාගෙන හිටියේ. මොන පිස්සුද ඒ කතා 11 වසර එවුන් කෙලින්න බලාගෙන මයි ඉන්නේ. අපි හිටිය සේනාංකෙත් එක්ක බලනකොට අපි කෑව නම් තාමත් උන් ගෙන් කනවා. බලන් ඉන්න එවුන්ට කියන්න වෙන්නේ පව් කියලා තමා.කොහොම උනත් අපි 11 වසරේ එවුන්ව බොහොම සමගියෙන් තියාගෙන ඉන්න උත්සහ කලා. සමහර වෙලා වැඩේ ගොඩත් ගියා. සමහර වෙලාවට ඉතින් සම"හරක්" ම තමා යකෙකුටවත් මෙල්ල කරන්න බැහැ. අපේ ලොක්ක වලි වලට බය හින්දා 11 වසරේ ගුටි කෙලි මෙල්ල කරන්න 12 වසරේ සිංහයොන්ට තමා කියන්නේ , හික්ස්... අපිනේ දන්නේ අපි දාන සෙල්ලං. අපි ඉතින් පුටු පෙරලගෙන දුවනවා වලි බේරන්න. එතන යනකොට ඉස්කෝලෙන් අපිට දුන්නු ශිෂ්‍ය නායක බැජ් ඔක්කොම සාක්කු වල හැංගෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම එක යායක තමා. අපේ අත පයෙත් හිරි ඇරගන්න මේ වගේ උත්සව අවස්ථා අපි අතාරින්න කැමති නැහැ.බොහොම ජයට සමරනවා. අපිත් වලිය බේරන මුවාවෙන් එකෙක්ට හය හතක් අයිනවා.

පට්ටම කාලයක් ඒ කාලේ. අපි ටීචර්ලට නොවෙයි ටීචර් අපිට වඳිනවා " අනේ පුතේ ඉස්කෝලේ එන්න 80% සම්පූර්ණ කරගන්න " කියලා. ඒත් ඉතින් හිත දුවන්නේම 11 වසරට. ඇයි ඉතින් වලි බේරනවා ඉවරයක් නැහැ. ඇත්තටම කිනවා නම් අපි ඒකට ඒක නම් කිව්වේ හිතවත්කම් අලුත් කරගන්නවා කියලා. ඒකෙත් අමුතු විනොදයක් තියෙනවා. අපි ඉතින් 11 වසරට යනකොට කොල්ලො ගහ මරා ගත්තට 11 වසරෙන් උන්ට පහල පන්තිවල පොඩි උන් තොප්පිය දීල ඉවරයි. අපි එනකොට සීන් එකේ සුපිරි ජවනිකා ඔක්කොම ඉවරයි. අපි ඉතින් ඉතුරු කොටස් ටික පෙන්නලා එනවා. පස්සේ පස්සේ මේ තත්වය ගොඩක් වෙනස් උනා. අපිට 11 වතර තහනම් කලාපයක් උනා මොකද අපි වලි බේරන්න යන මුවාවෙන් 11 වසරෙ නංගිලගේ දුක සැප බෙදාගන්න යනවා කියලා ඉස්කෝලෙ පුරාට කත කථා පැතිරුනු හිංද. හැබැයි ඇත්තට අපි එවුගි ගියේ එකට තමා. ඒවගෙන් සමහර ඒවා මේ වෙනකොට සුභ මංගලම් වලින් කෙලවර උනු සිද්ධිත් තියෙනවා. ඒවා  පස්සේ කියන්නම්.

මම කිය කියා හිටියේ අපේ ඉස්කෝලේ කාලේ ගැනනේ. මම මේ කියන්න හිටිය කථාව සිද්ධ උනේ 2008 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ තිබ්බේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ. අපි ඉස්කෝලේ පුස්ථකාලෙට පොත් ගන්න පාසැල් පොලක් තිබ්බා. අතහිත උසස් පෙළ අංශයෙන්. ඒ කියන්නේ අපෙන්. අපිටත් හැමදාම හිස් අතෙන් මේ ජීවිතෙන් යන්න බැරි හිංදා ලකුණු ටිකක් දාගන්න හිතාගෙන වැඩේට බැස්සා. අපි හිතුවට වඩා අපි සංවිධානය කරපු පොළ මහා පරිමාණයෙන් සිද්ධ උනා. මට මතකේ හැටියට 125,000 ක විතර මුදලක් එකතු උනා. ලොක්කගෙනුත් අපිට උපරිමෙම්ම උපහාර. ආසානෙ අක්කේ කිව්වලු. අපිට ඉතින් දකින දකින තැන ලකුණු. ඔන්න ඉතින් අපි ඒ සල්ලිත් අරගෙන පොත් ගෙන්න පැලෑනක් ගැහුවා. ලොක්කත් එනවා කිව්වා එයාගේ වාහනෙත් අරගෙන අපිත් එක්ක පොත් ගේන්න.

ඕකට තමා කියන්නේ දෙන දෙයියො පන්න පන්න දෙනවා කියලා. අපේ ප්‍රවාහන ගාස්තුත් ඉතුරුයි. ඔන්න දවසක් අපිට ඉස්කෝලේ ලොක්කා. නැත්නම් පිනා එහෙමත් නැතනම් පින්සිබැල් තුමා එන්න කිව්වා පුස්ථකාලෙට. අපි ගියා බලන්න මොකද මේ එන්න කිව්වේ කියලා. වෙනදට නම් එන්න කියන්නේ ලොක්කගේ කාමරේට මට මතකයි දවසක් අපි දවසක් ඉස්කෝලෙන් පැන්නා. කථා කරගත්තේ 2 .00 වෙනකොට ආපහු ඉස්කෝලෙට එන්න. (මතකද ඉස්සර ඉස්කෝලේ ඉවර උනේ හවස 2.00ට.) 

ලොක්කා - ඔක්කොම ඇවිද්ද ඉන්නේ ? කවුරුහරි පන්ති වල ඉන්නවා නම් ඉක්මනට එන්න කියන්න. මට මේ වෙනුවෙන් ගොඩක් වෙලා ගන්න බැහැ

අපි - ඔක්කොම ආව සාර්

ලොක්කා - හරි මෙන්න මේකයි අපි එන්න කිව්වේ (ලොක්කගේ ජතික කථනය පටන් ගත්තා.)
මේ දරුවො බොහොම මහන්සි වෙලා ගමේ අයලෙනුත් උදව් අරගෙන කරපු ඉස්කෝලෙ පොලෙන් රුපියල් 125,000 ආසන්න මුදලක් එකතු වෙලා තියෙනවා.දැන් අපි මමත් මේ ගුරු මන්ඩලයත් එක්ක කථා කරගත්තු විදියට අපි ඔය ලමයින්ගෙත් සහය අරගෙන මේ ඉස්කෝලෙට වටිනා කියන පොත් පත් ටිකක් ගෙන්න.

(අපිත් හිනා උනා විතරයි මොකුත් තියන්න ගියෙ නැහැ. ඇත්තට හිත යටින් අපි හැමෝම ඇත්තටම සතුටක් තිබුනා.)

ටික් වෙලාවක් සද්දයක් නැතුව හිටපු ලොක්කා එයාගේ කථාවේ ඉතුරු කොටස  කියන්න පටන් ගත්තා.

ලොක්කා - හරි දැන් මෙන්න මෙහෙවයි වෙන්නේ. අපි හෙට හවසට ඔයාලගෙන් ගේන්න ඕනි පොත් ලැයිතුවක් ගන්නවා. ඉස්සල කරපු වැඩ වගේම මේකත් බොහොම ඕනැ කමින් කරයි කියලා හිතනවා.

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වලු. ලොක්ක අපිට මුළු පුස්ථකාලෙම පොත් ටික බලලා අඩු පොත් මොනවද නැත්නම් ගේන්න ඕනි පොත් මොනවද කියලා ලැයිතුවක් හදන්න දුන්නා. අපි පොත් පෙරල පෙරල බලන අතරේ තවත් කොනක තව කොටසක් පොත් පෙරලනවා.

අර පෝලෝ ඇඩ් එකේ වගේ ගම් පෙරළිය නෙවෙයි පෙම් පෙරළිය. 

මට මතක හැටියට අපිට ඕනි කියන පොත් ඇරෙන්න ගත්ත පොත් අතර අදටත් මතක පොත් කිහිපයක් තියෙනවා

ශාර්ලොක් හෝම්ස්
ඇන කැරනිනා
තිලක සහ තිලකා
ඳඟ මල්ල මහ අමුතු ඉස්කෝලේ
ගුරු ගීතය
සරසවියක දවසක්
ඈන්
මා දුටු මාර්ක්ස්වාදියා (මේ පොත මං අතින් නැති උනා, තාමත් මතක් වෙනකොට හිතට ගොඩක් දුකයි )
පිටසක්වල ජීවීන් (U.F.O)

පොත් ගොඩක් ගත්තා උනාට මතක ඔය ටික විතරයිනේ. දුක තමා සොරි ඈහ් මතක් උනොත් අනිවාර්යෙන්ම දාන්නම්. ඔන්න ඉතින් කියපු විදියට අපිට ඕනි පොත් එක්ක පහළ පන්ති වල ඉන්න ලමයින්ට ඕනි කියන පොත් ලැයිතුවත් එක්ක අපේ 12 වසරේ 5 දෙනෙකුයි උදෙන්ම කොළඹ එන්න පිටත් උනා.අපි කොළඹට එනකොට උදේ 8.15 විතර උනා. අපි පොත් අරගෙන එළියට එනකොට දවල් 2 විතර උනා. කොහොම හරි කොටසකගේ ඉල්ලීමක් උඩ අපේ සෙට් එකට කොළඹ වටේ රවුමක් එක්ක යන්න අපේ ලොක්ක කැමැත්ත දුන්නා. අපේ සෙට් එකේ කොළඹ දැකපු නැති අයත් ඉන්නවා කිව්වොත් පිළිගන්න එකක් නැති වෙයි ඔයාලා. ඒත් එක තමා ඇත්ත. කොළඹ වටේ කරක් ගහපු අපේ සෙට් එකව එක්කගෙන ආවා Twin Tower (ටුවින් ටවර් ) එක ගාවට.. අර නිවුන්නු බිල්ඩින් දෙක. ලංකා බැංකු ගොඩනැගිල්ලට එහා පැත්තෙන් පේන්නෙ..... අන්න ඒතනට...






ඔන්න ඉතින් අපේ කස්ටිය බැස්සා. නොදන්න සෙට් එකට මැජීක් ඈහ්. නොදන්න එකෙක් නම් අහල දැන ගනිල්ලා අපේ ඔක්කෝම දැන් සියල්ල දත්තෝ වගේ ඒක දිහා බලාගෙන ඉන්නවා. එහෙම ටික වෙලා ඉන්නකොට අපේ රැලේ එකෙක් අනිත් එකාගේ පැත්තට හැරිලා කියාපි

" ඒ බං බලපංකෝ මේ පන්සලේ උස බං . මාර උසක්නේ තියෙන්නේ " කියලා

අනිත් ගොරකයා ඒ එක්ම කිව්වෙ නැතෑ

" එතකොට බං හාමුදුරුවෝ උඩට වඩින්නේ ලිෆ්ට් එකේද බං " කියලා

අයියෝ සල්ලි මුන් නං මහ මැටි පූසෝ දෙන්නෙක්ම තමා. කට ඇරියොත් ඉවරයි. බොහොම අමාරුවෙන් ලැජ්ජාව වහගෙන උන් දෙන්නවත් පටවගෙන ආපහු ඉස්කෝලෙට ආවේ. එතකොට වේලාව හවස 5.40 විතර වෙලා තිබ්බා. මම මේක මගේ සගයෝ දෙන්නගේ නම ලිව්වේ නැත්තේ උන් දෙන්නා මේක දැක්කොත් පහවදාට මට අනිච්චාවත සංඛාරා තමා. ඒ උනාට අපේ සෙට් එකේ සෑහෙන කාලයක් උන් දෙන්ව අම්බානෙකට බයිට් උනා. උන් දෙන්නා කොහොමත් යන්නේ එන්නේ එකටමයි මරු ගජයෝ දෙන්නේක්. උන් දෙන්නා එනවා දකිනකොට අපේ එවුන් කියනවා " මචෝ අන්න ටුවින් ටවර් එනවා " කියලා. කෙරන්න දෙයක් නැහැ ඕකට තමා කියන්නේ ඉල්ලන් කනවා කියලා

 යකෝ මොකෙක් උනත් තමන් නොදන්න දෙයක් තියෙනවා නම් අහල දැන් ගත්තා කියලා ලැජ්ජාවක් වෙන්නේ නැහැනේ.