Thursday, December 6, 2012

මම පොඩි කාලෝ - 5 වන කොටස
( ඇත්තටම මට මොකද උනේ ? - 2 කොටස)

අලොස් මයි ඩියර් ප්රෙන්ස්......හප්පේ කාලෙකින් මේ පැත්තට ආවේ බ්ලොග් එකේ මකුළු දැල් පිරිලා...අලේ මාත් එක්ක තලහා වෙන්න එපා ඈහ්. සිද්ධි ගොඩක් ආහ් කියන්නම් කියන්නම් ඉස්සරහට ඔක්කෝම..ඔන්න ඉතින් කිව්වා වගේ මගේ අබ්ලික් බ්ලොග් රෝලේ තවත් එක කොටසක් ලියන්න කියලා හිතපු නැති විදියට ලියන්න උනා ඈහ්...ඒකත් මංගල කරුණකි කියලා හිතගෙන් ඔන්න මම අපේ අබ්ලික් සිද්ධි මලාවේ දැනට විකාශය වීමට නිවමිත කොටසට සැට් වෙනවා.

ඔන්නි මගේ අබ්ලික් පස්ට ජීවන චක්කරේ ඔයාකාරයෙන් ඉස්සරහට ගෙවීගෙන ගෙවීගෙන ඉස්සරට යනකොට.....

ආහ් කියන්න අමතක උනේනේ.....පිස්සු අෆ්ෆා බං.....ගෙදරට වෙලා කකා කකා බි බී අම්මගෙන් අම්බානෙකට බැනුම් අහ අහා තාත්තගෙන් සත්තු වත්තේ සත්තු ඔක්කොම මතක් කරගෙන වේලි වේලි හිටය කොල්ලා දැන් ජොබ් එකක් කොරනවා.. පුංචි සන්දියේ හිටන් කොම්පියුටර් එකත් එක්ක දිවෙන් දිව ගාගෙන මිත්තරත්වයෙන් හිටිය හිංදම ඔන්න කොල්ලට කොම්පියුටර් ජොබ් එකක්ම සැට් උනා...සතුටයි බොවෙන්නේ කියාල ඇත්තටම සතුට බොයි....අපි නොබොයි....මට ඉතින් ඔය අනිත් උනට වගේ කට ගෙන්නක් වීගෙට ගෙදරට වාර්තා කොරන්න බැහැ නොවැ... ඒකටත් හේතු බොහෝයි

හේතු අංක 1 - මෙලො සංසාරේකට අද වෙනකන් කොච්චර පුරස්න අකරතැබ්බ දුක් දොම්නස් යෝජනා (ලැජ්ජයි වගේ මෙයාලා) එතකොට චෝදනා හේතුකොටාගෙන හීනෙන්වත් සුරාවට සිරාවට බර උන්නැති අහිංසක කොල්ලෙක් හිංදා

හේතු අංක 2 - බැරි වෙලාවත් බේබද්දෙක් උනා නම් බීලා ගෙදර යාමට ඇති අපහසුතාවයක් අපේ මව් පිය පාර්ශවයෙන් ලැබෙන්නා වු අපමණ අකමැත්තත් හේතු කරගෙන .....අනිත් එක කෙටියෙන්ම කියනවා නම් බීපු එවුන් කොරන පිස්සු දැක්කහම මාව පරණ බස් ඇන්ජිමක් වගේ වෙවුලන්න ගන්නවා... අනික දවසක් අපේ අම්මා ඔය සම්බන්ධයෙන් දවසක් මට කිව්වා... තෝ එහෙම එක එකා වගේ බීලා අවොත් දැනගනින් තොව හමගහනවා කියලා කිව්වා...

කරුමෙට ඒ කාලේ අර සත්තු හමගහහු පොටෝ අපේ එකාලා මූණු පොතේ තැන තැන එල්ලලා තියෙනවා දැක්කහම දෙයනේ මේ අහිංකයා බය නොවී හිටීද ? 

ආහ් අපි කථාව කියන්න ඇවිත් අපි ඩොටේ ගිහිලා වගේ...කමක් නැහැ ......මම පොඩි කාලේ කිව්වට මේ දේවල් වෙනකොට කොල්ලා ලාංකීය පුරවැසි භාවය ලැබුනා විතරයි ඇහ්... යකෝ තොපිට පිස්සුද මම හිටපු එකෙක් නෙවෙයි මම කිව්වේ මට 18 සම්පූර්ණ උනා කියලා. නොදකින් විතරක් ගොරකයෝ රැළ...ඔන්න ඇහ්....පොතේ හැටියට හිතේ හැටියට කොල්ලා දඩවතේ ගාටන කාලේ ඇහ්... ඒ කියන්නේ උසස් පෙළට පූණ දීපු කාලේ ඒ කියන්නේ අරයත් නැති කාලේ... මට නිකන් හිනියට කනාවට වගේ මතකේ හැටියට ඔය කාලේ තමා කොල්ලා කෙල්ලොන්ව තේරුන් ගන්න කාලේ.... හිකිස්..... ඒ කාලෙත් කෙල්ලෝ අද කාලේ රජයේ බඩු මිල වගේ මයි... පොඩ්ඩක් එහා මෙහා වෙන්න බැහැ ඉහළ යනවා ආයේ අල්ලනවා බොරු ඇහ්...මටත් ඉතින් ඒ කාලේ සල්ලිත් නැහැ සනීපත් නැහැ අහල පහලට වෙලා හිටිය කෙල්ලත් නැති කාලේ.... අර මිල්ටන් මල්ලවාරච්චි කිව්වට හිම මෙන් පිරිසිදු ඔබේ ආදරයේ කියලා හිමත් කාලෙකට දියවෙනවා කියන එක අමතක උනා මේ ටකරන් මොලේට බොලව්

තනියට හිටිය යාළුවෝ දෙතුන් දෙනෙකේ විතරයි... ඇත්තටම කිව්වොත් යාළුවො කියාලා හිතපු එවුන් අස් මානයන් වාස්ප උනු කාලේ.. ඇත්තටම කියනවා නම් අවුරුදු දෙකයි අරික්කාලක් ගෙවුනා නොදැනිම. ඔය කාලේ තමා මට ශර්ලොක් හොම්ස් පොත් උණ හැදුන කාලේ විභාග කටේ මම පොත් කියවන්න පුරුදු උනා. මම කොල්ලා කළා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන්න කාලො ඇහ්... ඇස් පියාගෙව එක හුස්මට කියවපු කාලේ.... අන්න සබන් කියවන්න කියවන්න ආසයි ඇහ්...පපුව කීස් ඇදෙනවා නිකන් 9 Sri කාර් එකක් වගේ. පිස්සු ඕයි. ඔන්න විභගෙත් ලිව්වා.. 2007 අවුරුද්දේ.... ඊට පස්සේ අපේ මව් පියෝ දෙපළ මාව නිවාස අඩස්සිවෙන් ටිකෙන් ටික නිදහස් කරල දැම්මා. ආයි අම්මා.... යන්න පුළුවන් හැම තැනම ගියා. ගස් ගල් ගානේ බඩ ගෑව... ඇල දොලවල් ගානේ නෑව... ඒත් ඉතින් හැමදාම අපිටත් දැන් නිවාඩු කාලේ හිංදා නෑ ඉස්කෝලේ - හායි හායි ආපි ඔන්න සෙල්ලන් කාලේ කියලා රින්ග් ටෝන් දාගන්න බැහැනේ.. කෙල්ලා හා හා පුරා කියලා කොම්පියුටර් කෝස් එකක් කොරන්න ගම්පහ පුරවරේට ආවා. අම්මෝ මෙහෙමත් ටවුන් එකක් ඇහ් බලන්නත් ලෝබයි ආහ්.... පිස්සු ඕයි ! කොහෙන් කොහොම හරි කොල්ලා ආපු වැඩේ කරගෙන ශේප් එකේ මාරු උනා. ආයෙත් ගෙදරට වෙලා පිස්සු නටන්න කාලයක් උදා උනා කිව්වොත් වැරදිද් නැහැ මොකද අපි මොන කෝස් ජාති කොලත් වැඩක් නැහැ පැක්ටිස් වෙන්නේ නැතුව. ඔය කාලේ තමා අපේ තරා අයියා දෙයියෝ මූණ බැලුව වගේ ඇවිත් මට ජොබ් එකක් දීල කොල්ලා රියල් බුවෙක් කලේ...ඇත්තටම තරංග අයියා හිටියේ නැත්නම් ලොවෙත් නැහැ ඇහ්.... අපි කොහේද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා. දැන් මම මේ ඉන්න තැනට හරි මාව එක්කගෙන යන්න මට දිරි දුන්නේ තරංග අයියා තමා...


හ්ම්...දැන් මම ඉන්නේ කොතනද කියලා මටවත් හිදා ගන්ක බැරි තරම් දුරක් ඇවිත් තියෙනවා. රෑ එළිවෙනකන් පිස්සු නටලා නටලා නන්නත්තාර වෙලා තිබ්බ ජීවිතේ මේ තරම් දුරක් එයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මට මේ බ්ලොග් රෝල ඇදගෙන යන්නේත් බොහොම අමාරුවෙන් මොකද මේ පෝස්ටුව ලියන්නත් යමහ මහ පෙළහර පන්න වෙලා තියෙන්නේ දැන් ජොබ් එකේ තියෙන වැඩ ගොඩ හිංදා. ඉතින් දැනට ඔය මදෑ... කියොපල්ලා ගන්න තියෙන දෙයක් ගනිලා හැදියල්ලා.... බනින්න ඕනි උන් ඉන්නවා නම් බැනපල්ලා කොල්ලගේ තරහක් නැහැ... අවංකයාලු.......කව්ද දන්නේ ඉතින් !


Related Articles

0 ප්‍රතිචාර:

Post a Comment

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...