Monday, April 1, 2013

මෙච්චර කල් උදේ සවස යන එන මාර්ගයේ තියෙන මේ වගේ පුදබිමක්

කථාවකට කියනවා වගේ අපි දන්නදේට වඩා නොදන්න දේ වැඩී කියලා කථාවක් අහලා ඇතිනේ මටත් කියන් තියෙන්නේ එකම තමා... මෙච්චර කල් උදේ සවස යන එන මාර්ගයේ තියෙන මේ වගේ පුදබිමක් මගේ ඇසට අසු නොවීම පුදුමයකි. ඒත් මට ඒ අවස්ථාව උදා විය. මේ තියෙන්නේ තවත් පන්සලක් යන්න කැමති අයට ගිහින් බලන්න දකින්න පුළුවන් කන්ද උඩ හිදෙකලාව තියෙන බොහොම නිස්කලන්ක පින්බර පුදබිමක්.... පන්සලට කියන්නේ ධාතු කන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරය කියලා...

කැමති අයට එනවා නම් මෙන්න ගමන් මාර්ගය.....බොහෝම ලේසි

කොළඹින් එන අයට කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව පහුකර කෙටි දුරක් නුවර සෙයට යනවිට කලල්පිටිය හමුවේ...කලල්පිටිය හන්දියෙන් පන්සලට යාමට පැහැදිලි ලෙසම නාම පුවරු සවිකර ඇත..කලල්පිටියේ හන්දියේ සිට පන්සලට ඇත්තේ මීටර් 600ක පමණ දුරකි..

එහෙමත් නැත්නම් නුවර,කුරුණෑගල දෙස පැමිණ කෙනෙක් නම් නුවර කොළඹ මාර්ගයෙන් පැමිණි විට පස්යාල පසුකර කිලෝමිටරයක පමණ දුරක් ගිය විට කලල්පිටිය හන්දිය හමුවේ.

ඔන්න පින්තූර ටිකකුත් දාන්නම්....පුළුවන් වෙලාවක ගිහිල්ලම බලන්නකෝ... තාම මේ පන්සල හුදෙකලාවයි තියෙන්නේ..... බොහොම වටිනා කියන සුන්දර පරිසරයක පිහිටලා තියෙන පන්සලක්...

මේ තියෙන්නේ කලල්පිටිය හන්දිය....මෙතනින් බැහැලා පාරේ ඇතුළට යන්න තමා කියෙන්නේ... ඔය බොඩ් එකකුත් ගහලා තියෙන්නේ...!




පන්සලට යන්න තියෙන පඩිපෙළ

ඝන්ඨාර කුළුනත් චෛත්‍යයත්....මනරම් දසුනකි...

කොහොමද වට පිටාව.... සෑහෙන දුරකට වටේ පේනවා...


කන්ද මුදුනේ ඉදි කොට ඇති බුදුරජානන් වහන්සේගේ පිළිමය....


මේ වගේ තවත් දේවල් අරගෙන මම ආයෙත් එනන්නම්.... මේගැන තවත් පින්තූර දකින්න උඩින් තියෙන ලින්ක් එක ක්ලික් කරලා අපේ පිටුවට යන්න...



Related Articles

20 comments:

  1. බලන්න වටින කියන තැනක් වගේ.. පස්යාල පැත්තේ ගිය වෙලාවක යන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් නාඩියා ගිහින්ම බලන්නකෝ....බොහොම ලස්සන තැනක්

      Delete
  2. පොඩි ලිපියකින් ලොකු දනුන්දීමක්... බුදු සරණයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටික්කා..බුදු සරණයි!

      Delete
  3. බො‍හොම ස්තූතී මේ විස්තර බෙදා ගන්නවාට. මම දැනගෙන හිටියෙත් නෑ මෙහෙම පන්සලක් තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම ඒකමයි බං...මෙච්චර අපි ඔය පාරෙ යනවා... දකින්න හම්බ උනේ නැහැනේ බං....

      Delete
  4. නියම ලස්සන තැනක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ලස්සනයි වගේම පින්බරයි. පුඵවන්නම් යන්න උත්සහ කරන්න....

      Delete
  5. අඩෝ අර උඹේ අයිඩියාව අපි ක්‍රියාත්මක කරමු... රජමහා විහාර එක. ගෙදරිනුත් අවුලක් නෑ...යන්නේ පන්සල්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ අයිඩියා එකක් නෙවෙයි රජෝ...මේක අපේ ගවේශකගේ කාලයක් තිස්සේ තිබ්බ අදහසක්... මම ඒ දේට පොඩ්ඩක් පොහොර වතුර දැම්මා විතරයි.

      Delete
  6. මෙතෙන්ට යනවා නම් කලල්පිටියේ රත්නගිරි හොටලෙන් කාල යන්න අමතක කරන්න එපා. නියම තැන.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ හෝටලෙන් කාල නැහැ නලින් අයියේ...ඒත් ගොඩක් අය ඔය කථාව කියනවා අහලා තියෙනවා....

      Delete
  7. කොහොමද බට පිටාව කියලා ලියලා තියෙන්නේ බට දිගේද පිට යන්නේ. කන්ද මුදුනේ සාදා ඇති. ඇයි යකෝ කම්මලක හදලා නෙවෙයි ලියපං කඳු මුදුනේ ඉදිකර ඇති/කඳු මුදුනේ නිර්මාණය කර ඇති වගේ. උඹ සිංහල ඉගෙන ගත්තේ පහේ පන්තියට විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ලේඛන කලාවේ විශිෂ්ඨයෙක් නම් නෙවෙයි. ලියද්දි සිදු වුන වැරදි වලට සමාව ඉල්ලන අතර වැරුද්ද පෙන්වා දීම ගැන ස්තුති කරනවා. මට ඕනි මම දකින දේ අනිත් අයත් එක්ක බෙදාගන්න...
      ඔබ හරියටම හරි.... මම ඉගෙන ගත්තේ 5හේ පන්තියට තමා..
      ඔබට බොහොම ස්තුතියි ඇනෝනිමස් මහත්මයා..

      Delete
    2. ආහ් කියන්න අමතක උනා. මම වැරදි හදන්නම්... ආයෙ ආපු වෙලාවක වැරදි නිවැරදි කිරීම් හරිද කියලා බලලා කියන්න...අනිවාර්යෙන්ම

      Delete
  8. මටත් හිතෙනවා අලව්වේ යන වෙලාවක යන්න

    ReplyDelete
    Replies
    1. යන්න යන්න....අනිවාර්යෙන්ම

      Delete
  9. පන්සලේ ඉතිහාසය ගැනත් යමක් එකතු කළා නම් තවත් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. ඒ දේටත් එක්ක තමා ගියේ.... මම ගිය වෙලාවේ පන්සලේ හිටියේ පොඩි ස්වාමින් වහන්සේ නමක් විතරයි... පොඩිනම ඒ පන්සලට අලුත් නිසා හරියමක් දැන ගන්න බැරි උනා.. ආයෙ දවසක ගිහින්ම ඒ ගැන හොයල දෙන්නම් හසිත...

      Delete
  10. Naleen ඇතුළු පවුලේ සියළුම දෙනාටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...