Showing posts with label ආගමික. Show all posts
Showing posts with label ආගමික. Show all posts

Monday, April 1, 2013

මෙච්චර කල් උදේ සවස යන එන මාර්ගයේ තියෙන මේ වගේ පුදබිමක්

කථාවකට කියනවා වගේ අපි දන්නදේට වඩා නොදන්න දේ වැඩී කියලා කථාවක් අහලා ඇතිනේ මටත් කියන් තියෙන්නේ එකම තමා... මෙච්චර කල් උදේ සවස යන එන මාර්ගයේ තියෙන මේ වගේ පුදබිමක් මගේ ඇසට අසු නොවීම පුදුමයකි. ඒත් මට ඒ අවස්ථාව උදා විය. මේ තියෙන්නේ තවත් පන්සලක් යන්න කැමති අයට ගිහින් බලන්න දකින්න පුළුවන් කන්ද උඩ හිදෙකලාව තියෙන බොහොම නිස්කලන්ක පින්බර පුදබිමක්.... පන්සලට කියන්නේ ධාතු කන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරය කියලා...

කැමති අයට එනවා නම් මෙන්න ගමන් මාර්ගය.....බොහෝම ලේසි

කොළඹින් එන අයට කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව පහුකර කෙටි දුරක් නුවර සෙයට යනවිට කලල්පිටිය හමුවේ...කලල්පිටිය හන්දියෙන් පන්සලට යාමට පැහැදිලි ලෙසම නාම පුවරු සවිකර ඇත..කලල්පිටියේ හන්දියේ සිට පන්සලට ඇත්තේ මීටර් 600ක පමණ දුරකි..

එහෙමත් නැත්නම් නුවර,කුරුණෑගල දෙස පැමිණ කෙනෙක් නම් නුවර කොළඹ මාර්ගයෙන් පැමිණි විට පස්යාල පසුකර කිලෝමිටරයක පමණ දුරක් ගිය විට කලල්පිටිය හන්දිය හමුවේ.

ඔන්න පින්තූර ටිකකුත් දාන්නම්....පුළුවන් වෙලාවක ගිහිල්ලම බලන්නකෝ... තාම මේ පන්සල හුදෙකලාවයි තියෙන්නේ..... බොහොම වටිනා කියන සුන්දර පරිසරයක පිහිටලා තියෙන පන්සලක්...

මේ තියෙන්නේ කලල්පිටිය හන්දිය....මෙතනින් බැහැලා පාරේ ඇතුළට යන්න තමා කියෙන්නේ... ඔය බොඩ් එකකුත් ගහලා තියෙන්නේ...!




පන්සලට යන්න තියෙන පඩිපෙළ

ඝන්ඨාර කුළුනත් චෛත්‍යයත්....මනරම් දසුනකි...

කොහොමද වට පිටාව.... සෑහෙන දුරකට වටේ පේනවා...


කන්ද මුදුනේ ඉදි කොට ඇති බුදුරජානන් වහන්සේගේ පිළිමය....


මේ වගේ තවත් දේවල් අරගෙන මම ආයෙත් එනන්නම්.... මේගැන තවත් පින්තූර දකින්න උඩින් තියෙන ලින්ක් එක ක්ලික් කරලා අපේ පිටුවට යන්න...