අවුරුදු 6 පසු නැවතත් සංගීත ප්‍රසංග අත්දැකීමක් !
දවස - 2012 ජූලි 28
ස්ථානය - දිවුලපිටිය ප්‍ර.සේ. ක්‍රීඩාංගනයි
විශේෂය - හිරු මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංග
වේලාව රැ 8.30 පමණ වන වෙනකොට අපේ සහෝදරයා ගෙදර ආවා වාහනෙන්. යමන් Musical Show එකක් තියෙනවා බලන්න කියලා. කරන්න දෙයක් තිබුනෙත් නැහැ. මමත් ගෙදරින් පනින්න විදියක් නැතුව හිටියේ. පට්ට ආවස්ථාවකි....එකෙන්ම හායි කියාගෙන මමත් වාහනේට ගොඩ උනා....මම මේ Show එකක බලන්න යන්නේ සාමාන්‍ය පෙළ කාලෙන් පස්සේ ඒකියන්නේ 2004 අවුරුද්දෙන් පස්සේ (8 අවුරුද්දකට පස්සේ )......අම්මෝ කාලය ගියා හිතාගන්නවත් බැහැ..මමයි අපේ රියදුරු වගේම අපේ සහෝගෙ වාහනේ ආරක්ෂකයා , අයිතිකාරයා සහෝ වගේ බොක්කක් නම නුවන්...අපේ සැට්එකේදි මිනිහට කියන්නේ අලස් එහෙම නැත්නම් ඩගී කියලා සහ මගේ සහෝ සුපිරි අවංකයෙක් මරාගෙන මැරෙන්න හරි කථා කලොත් එන පොරක්...අපේ පිරිසේ පසු පෙළ නියෝජනය ගේ සහෝදරයි (පුදුමෙ කියන්නේ අපේ තාත්තාත් ආවා නොවැ...) හප්පේ මම හිතුවෙම ආතල් කුඩු තමා...මොකද මම ඉස්සර හිටන්ම අපේ තාත්තට බයයි(හික්ස්....කොයි වෙලාවෙක් කෑගහ ගත්තු ගමන්..ඒකයි ).....ඔන්න ඉතින් චන්ඩි ගොඩකට මැදිඋනු අහිංසකයා වගේ මමත් ගියා Show එක බලන්න. බොහොම අමාරුවෙන් වාහනේ දිවුලපිටියේ වාහාන Park එක අස්සට වාහනේ ඔබා ගත්තා...ශා....නියම දර්ශනේ...දැක්ක ගමන් මට මතක් උනේම යුද්ධ පිටියක්...අපේ කොල්ලෝ...නිදහසේ සෙනසුරාද නිදහස සමරනවා....අපාරාදෙ කියන්න බැහැ 1000ක් ආවත් නෙලයි නිකං මල් නෙලනවා වගේ...හයිය හත්තිය උපරිමයි....අහිංසකලා ඔක්කොම අංගුලිමාලල වෙලාද මංද....ඔන්න එකෙක් කෙලගෙන ඇවිල්ල හෙනයක් ගැහුවා වගේ මගේ ඇඟේ හැප්පුනා...මනුස්සය අතේ දැකලා පුරුදු බොතයක්...අයි අම්මා සියරටදේ සිරි සැපදේ කිව්වලු...(අරක්කු බොතගයක්)..සීන් එකේ හැටියට කොටු කොටු දන්න වෙන දර්ශනයක් උනත් කොටු දැම්මට පෙන්නෙ නැහැනේ රෑ හිංද...ඒ පාරමේ බොලේ මේ ගොතයා මගෙන් අහනවා..."ෂෝ එක කොයි පැත්තෙද මල්ලි කියලා"...යකෝ මේකට මැන්ටල්ද අපි හිටිය පැත්තට Musical Show එක හෙණ ගහනවා වගේ ඇහෙනවා....මේක මගෙන් අහනවා ෂෝ එක කොයි පැත්තෙද කියලා...
කොහොම හරි අපි සැට් එක ගියා Ground එකට ...ඒ වෙනකොට Ground එක පට්ට සෙනගක් ඇවිත් හිටියා..අපිත් ඔන්න ගිහින් හිටගත්ත පිටි පස්සට වෙන්න...ඒ වෙනකොට Ground එකට වේග සීමා ඉස්මවු කොල්ලො සෙට් සෙට් වගේම මල් මල් ගවුම් ඇඳපු නංගි බාබාලත් ඇවිත් හිටියා අම්මලා තාත්තාල වගේම අත දරුවොත් අතින් කටින් එල්ල ගෙන...අපිත් ඔය පිරිස් අස්සෙන් ගිහිල්ල හිටගෙන අහගෙන හිටියා....ඔන්න සංගීත දෙන්නේ Flashback සංගීත කණ්ඩායම ...නායකයා විදියට රොෂාන් අයියා...සිංදුව කියාගෙන යනවා....එන්න එන්න සැහෙන්න පිරිස් Ground එකට ඇදෙනවා....ඔය අතර අර ඉස්සෙල්ල කිව්ව වගේ පොඩ්ඩක් මතකෙ එහා මෙහා උනු අයියලා මගේ මල්ලිලා (වේග සීමා ඉස්මවු කොල්ලො සෙට් ) ....ඒවගේම මල්ලිලා වගේ අයියලත් ජැව්ඩියට කිට දාගෙන ඇවිල්ල හිටියා....ඔන්න එක සිංදුවක් ඉවරයි...රොෂාන් අයියා...බේරේක් නැති මැස්සෙක් වගේ කියවගෙන යනවා...හැබැයි වෙනසක් දැක්කා...සමහර කොල්ලෝ ඇවිල්ලා හිටියේ Film එකක ඉන්න නළුවො වගේ...ඒ එක්ක බලද්දි අපි පිස්සෝ වගේ දැනුනේ...(හික් හික්...ලැජ්ජාව කිලෝ ගානට) ටිකක් වෙලා කියවලා ඉවර උනා විතරයි බොනික්කියෙවක් වගේ නංගි බබෙක් ආවා Stage එකට ...ඒ ටික ඇති ආපේ කොල්ලන්ට..ඔන් මේ වෙනකොටත් ටිකක් විතර හාන්න පොලවක් හොයනවා වගේ කොල්ලෝ අර කෙල්ලවා බලාගන්න බැරුව එහාට මෙහාට කැරකෙනාව..ඔය අස්සේ ඔන්න එකෙක් කියනවා.. "අම්මට සිරි මචෝ අර බලනංකේ පට්ට කෑල්ලක් බං" කියලා...ඒ අස්සේ බොනික්කියෙවක් වගේ නංගි බබාව බලන්න බැරි මිනිස්සු යාළුවන්ගේ කරදිගේ බඩගානවා..
Ground එකේ සැලැස්ම දැණුනු විදියට මෙන්න මේ වගේ
අටවල තිබ්බ බඩුමට්ටු නම් ගැන්න මොකද මම ඉස්සරත් Musical Show බලන්න ගියහම එහෙමයි....ඉස්සෙල්ලාම ස්පීකර් ගණිනවා......ඒක පුරුද්දක් වෙලා....තිබ්බ විදියට නම් මෙහෙමයි
Mid බෆල් එක පැත්තකට 26 බැගින් දෙපැත්තෙම 52යි
Treble ස්පීකර් 2කේ සෙට් 10 බැගින් එකපැත්තකට 20 ගානේ දෙපැත්තටම 40යි
Bass බෆග් එකපැත්තකට 10 බැගින් දෙපැත්තටම 20යි
හප්පේ කිව්වලු....සද්දෙ නම් තිබ්බ ආයේ අපාරාදෙ නොකියන්න දීල තිබ්බා....බේස් වදිනවා පපුවට මම බයේ හිටියේ දැන් දැන් පපුව ගලවගෙන වැටෙයි කියලා. මට මට එහෙම උනාට සමහරක් අයට ඒකත් මදිවෙලා බෆල් සෙට් එක ඉස්සරහටම ගිහින් නටපු අයත් හිටියා.. ඔන්න දැන්න සංගීත කණ්ඩායමේ සිංදු වෙලා ගායකයන්ට වේදිකාව බාර කලා විතරයි හායි ගාල වේදිකාවට ආවේ ශේහාන් මිහිරංග..... ...ඉවරයි...කොල්ලන්ගේ ආතාල් කුඩු......අපිට පිටිපස්සෙන් හිටිය අයියල සැට් එකේ එකෙක් ඔන්න කියනවා (මම හිතන්නේ මනුස්සයා ශීහාන්ව වත් හරියට දන්නේ නැහැ වගේ)....ඔන්න අර මහ සෙනගක් මැද්දේ කියාපි "කව්ද බං මේ හු**** " (ඔන්න ඒකට නම් කොටු දාන්න බැරි හිංද මම තරු දැම්මා)....කොහොමත් එතන හිටිය නංගින නැන්දල පිරිසට නම් තරු පෙන්න ඇති.. ඇත්තම කියනවා නම් ස්ටූඩියෝ වල දාන වැඩකෑලි දාල සජීවී ප්‍රසංග වල සිංදු කියන්න බැරිබව අද වෙනකොට ගොඩක් අයට තේරුම් ගිහින් ඉවරයි. ඒත් මේ ශිහාන් හාදයට ඒක තේරෙන්නෙ නැති හැටියක්..Stage එකේ වටයක් දුවල උඩ පයිනකොට සිංදුවේ වචන බාගයක්ම ඉවරයි.. කොහෙන් කොහොම හරි අපි කොල්ලෝ මේ වෙනකොට අර මම ඉස්සේලමා කිව්වා වගේ හාන්න තැනක් හොයපු අය ඔන්න දැන් පදමට වයින් වෙලා හානවා හති දාගෙන...ඔය අතර දැකපු ජවනිකා අතර උඩරට, පහතරට, සබරගමු එක්ක කලවම් වෙච්ච අපේ භාෂාවෙන් කියනවා නම් Hip-Hop, Rock වගේ ඒවත් දැන් පිට්ටනිය පුරා පේනවා...ඔය අතර පිරිසක් නංගි බබාල පස්සෙත් ඇදෙනවා හරියට රොනට ඇදෙන බිඟුවගේ කෙල එකයි කටේ (හික්ස්) අපිත් පැත්තක් ගහගෙන හිමීට ප්‍රසංගය බලනවා...සමහර අය ඔය අස්සේ ප්‍රසංග පෙන්නනවා....හරි විනෝදයි....නිදි කිරාගෙන ප්‍රසංගය බලපු අපි 12.00 විතර වෙනකොට Ground එකෙන් එළියට ආවා මොකද දවස් 2කට විතර කලින් බතලේගල රවුමක් ගිහින් ඇවිල්ලා කකුල් දෙක තියන්න කලින් දනිස්දෙක මැඩලින් ගහනවා..හැබැයි හිරු එකෙන් කරපු වැඩේ නම් නියමයි..ඒවගේ වේදිකාට දීල තිබුන ආලෝක කරනය නම් නියමයි...අපේ රටේ රසවින්දය අතින් ගොඩක් පොසත් කියලත් දැනුනා..ඊටත් වඩා ඉස්සර බලපු ප්‍රසංග වලට වඩා කොච්චර වෙනස්ද කියලත් දැනුනා...
මෙන්න ප්‍රසංග අරගෙන අහන්න...
අපිත් ගියා ඕකට සවුන්ඩ්නම් ටිකක් හොදයි නෙ!! ඒත් ෆ්ලෑෂ්බෑක් චානෙ..... කොපි කොපි කොපි. ලස්සන කෙලි පොඩ්ඩවල්නම් ඇවිත් හිටිය තමා.. ඉතිං මමනම් ගෑනු ලමයි දිහා තමා බලන් හිටියේ. මම කොටා හංද මෙලෝකෙ දෙයක් පේන්නෑ.. අනේ මංද. . දුක තමා. දූවිලි නාගෙන හිටියෙ.. සෙනගනම් පට්ටයි නේ..
ReplyDeleteඒක නම් ඇත්ත මලයෝ...සහතික ඇත්ත
ReplyDelete