තවත් එකෙක් මෙන්න බලා ගනිල්ලා !
පට්ට ආදරේ කට්ට කරවල උනු කාලොකට අහන්න කියාපු සිංදුවක්. ටිකක් නව තාලෙකට ලියලා කිව්වට...අදහස නම් හරි අපූරුවට තියෙනවා..ගොඩක් වෙලාවට ආදරේ දිනනවා අඩුයිනේ..මොකද හිංදි චිත්තර පටි වල වගේ දුෂ්ඨයෝ වැඩීනේ...එන්න ඒවගේ වෙලාට ලුණු කෑවත් ඇති විස වෙන්න...කොහොමත් අදරේ භයානකයි..
සැ.යු. - කොල්ලන්ගේ පහන් සුව පිණිස මේ ගීය උපහාරයක්ම වේවා !
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....//
අපි අල්ලාගෙන සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන සිටිනවා දුටුවම
කඳුළු නොවැටුනට දුකක් හිතෙයි අපිට
ඒ විතරක්මද හිනත් යනව තවම
සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ......
තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....//
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....//
වෙන කොල්ලන් ගැන අපිට කිව්ව ලෙසම
අප ගැන අද උඹට අන්දා කියලා ඇත
ඔරවාගෙන අපිට අද උඹ හිටියාට
අපිටත් අද වගේම ඔරවයි හෙට උඹට
සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ......
තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....//
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....//
ලස්සන වැඩක් .. දිගටම කරගෙන යන්න
ReplyDelete