මමයි අපේ තාත්තයි .....
අතීතය හාරා අවුස්සා ඔබට ගෙනෙයි
ඊයේ මට ලැබුනා කාලෙකින් නොලැබුනු චාන්ස් එකක්. ඒ තමා අපේ තාත්තගේ පරණ බඩු දාපු කබඩ් එක අස් කරන්න. කියලවත් කරන්න බැරි වාසනාවක් ඇහ්. අපේ තාත්ත ඉස්සර කොයි වගේ පොරක්ද ? මොනවද කලේ ? මොනවද ඉගෙන ගත්තේ ? ඉස්සර හිටන් තිබ්බ ආසාවක් ගොඩ ගියා. මේක මෙච්චර කල් මට අල්ලන්න වත් දුන්නේ නැහැ අපේ අම්මා. අම්මා මේ දේවල් වලට ගොඩක් ආදරය කලා. මම ඒක අදින්න ගිය වාර අනන්තයි ඒත් ඒ හැම වෙලාවෙම අම්ම මට කිව්වේ
" ඕක අදින්න එපා ඕවා තාත්තගේ දේවල් "
" තාත්තා දැන ගත්තොත් බනී...."
ඉතින් තාත්තට පොඩි කාලේ හිටන් තිබ්බ බයට මම ඒව ඇල්ලුවෙ වත් නැහැ. ඒත් දැන් වයස 24යි . අපේ අම්මලගේ බාසාවෙන් හින් දෑරි කොලුවෙක් . අපේ සීය කියන වචන වලින් කොළු ගැටයෙක්...එහෙමත් නැත්නම් නැහෙට අහන්නැති එකෙක්... මම දන්නවා අපේ අම්මා කථා කරන තාලෙන් ආදරේටද ? බනින්නද ? එහෙමත් නැත්නම් වැඩක් කරගන්නද ? කියලා.ඊයේ උදේ අම්මා මට කථා කලා. අම්ම ටික තාලබර ඇරල
" චූටි පුතේ........" කිව්වා.
හරි අම්මට සුවර් එකටම මට කියලා වැඩක් කොරගන්න. මමත් ගියා බලන්න. මම කොච්චර ලොකු උනත් අපේ අම්මට මම තාම පොඩි එකා. කොහොමත් ඉතින් මම පවුලේ පොඩි එකා....බඩ පිස්සනේ .... ඒකත් එක අතකින් අන්ත භයානක තානාන්තරයක් මොකද පවුලේ වැඩිහිටි එකාලා ඉන්නවා නම් උන්ගේ අඩන්තේට්ටම් වලටත් පුහුණ දෙන්නේ පවුලේ බඩ පිස්සට නොවැ. ඒකත් වැඩ ටික කරගන්න. කෙල්ලෙක් ඉන්න ගෙදර කොල්ලෙක්ට වෙන්න අන්තිම අසාධාරණ කම් ...අපේ ගෙදර තාත්තා ආදරේ අක්කට... අම්ම මටයි අක්කටයි දෙන්නටම ආදරෙයි. හැබැයි මම කථාවක් අහල තියෙනවා තාත්තා කෙනෙක්ගේ ආදරේ පේන්නේ නැහැ මුහුණෙන් වචනෙන්... ඒ දේ තේරුම් යන්නේ අපිත් තාත්තලා උනු දවසටලු... අපේ අම්මා කියන්නේ එහෙමයි. ඔන්න ඉතින් ගිහින් බලද්දඋ අපේ අම්මා තාත්තගේ කබඩ් එක ඇදගෙන.. මට ආසාවේ බැහැ අවුස්සන්න... දත කට පූට්ටු උනු කතුහලයකුත් එකක් මම අම්ම දිහා බලාගෙන හිටියා... අයියෝ සල්ලි - අලි සෝක් කිව්වලු... අම්ම මං දිහා බලලා කියාපි
"මට මේ තාත්තගේ කබඩ් එක අස් කර දෙන්න මම කඩේට ගිහිල්ලා එන්නං......" කියලා
"හැබැයි විනාස කරන්නේ නැහැ ඕවා අදින්න ගිහිල්ලා..."
ඇත්තටම ඒවායේ දූවිලි ගොඩයි. මම එකින් එක අදින්න පටන් ගත්තා.තාත්තත් නැහැනේ දැන් ඉතින්න මට තාත්තට කියනන්න තියෙන්නේ "අප්පච්චී කොහොද මං අල්ලන්නේ" කියලා තමා.. හික් හික්.....
ඒකේ තිබ්බේ පොත්, ෆයිල් කවර, පරණ පෑන්, තව මෙනවදෝ කවර වගයක් තව..... ආහ් කියන්න අමතක උනානේ.... පරණ පින්තුර ගොඩාක් දාපු කවරයක් තිබ්බා...
"යකෝ මේක ඇන්ටික් ලෝකයක්නේ ..... " මම හිතින් මටම කියා ගත්තා'
එහෙම හිතන ගමන් මම අපේ තාත්තගේ ඇන්ටික් ගෙඩ අවුස්සන්න පටන් ගත්තා.....ඉස්සෙලාම අහුවුනේ මෙන්න මෙයා...දැන් නම් මේව ගොඩක් දියුණු වෙලා. ඒත් මෙයා නම් තාමා කිරි ටොයිවගේ ...හ්ම්..... පාවිච්චියම තමා
දන්නව ඇතිනේ දැක්කහම මේ මොකක්ද කියලා ? |
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දන්නවද MS-DOS කියලා එකක්, ඒක කොම්පුටයක් භාවිතා කරන්න යොදාගත්ත භාෂා රටාවක් අපේ භාෂාව එයාට නොතේරෙන හිංදයි එයාගේ විදියට ලියපු අපේ භාෂාවක් හැදුවේ.. මේකේ පළවෙනි කොටස මට හොයාගන්න බැරි උනා නමුත් දෙවැනි කොටස මට හම්බ උනා
එම්.එස් ඩොස් නොට් හි 2 කොටස |
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔයාලා ලොටස් කියලා මෘදුකාංගයක් ගැන අහලා තියෙනවද ? ගොඩක් අයට කියයි නැහැ කියලා. දන්න අයත් ඇති නැහැ කියන්න බැහැනේ.හරි මම කියලා දෙන්නම් මම දන්න දේ ....කෙනෙක් මීට වඩා දේවල් දන්වා නම් කියලා දෙන්න කැමතී නම් කියලා දෙන්න.ඒක එයාටත් යහපතක් වෙයි කියලා හිතෙනවා...
ලොටස් කියන්නේ මොකක්ද ?
ඔයාල දන්නවා ඇති ලෝකේ පුද්ගල පරිඝණක ඉස්සෙල්ලාම දුන්නේ IBM සමාගම කියලා. අන්න ඒ පරිඝණක එක්ක මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ගන්නත් පරිඝණකය මෙහෙයවී වීමේදී වඩාත් පහසු වෙන්නත් IBM සමාගම එයාලගේ පුද්ගල පරිඝණක එකට ඔබලා එව්වා මෘදුකාංග කට්ටලයක් එන්න ඒක තමා මේ ලෝටස් කියන්නේ..
ලොටස් උපත ගැන
ලොටස් කියන මෘදුකාංග කට්ටලය මුල්වරට මෙලෙව එළිය දකින්නේ 1982 අවුරුද්දේ....එහි නිරවුල් සංස්කරනයන් එළිය දකින්නේ 1983 ජනවාරි 26 වෙනිදා. මේක හැමෝම දන්න රහසක් තියෙනවා. ඒ තමා මේ ලොටස් මෘදුකාංග මුලින් මිනිසා අතරට එන්නේ ඇපල් 2 (Apple II) පුද්ගල පරිඝණක ඇතුලට දාලා. අන්න එතනින් තමා මිනිස්සු ලොටස් ගැන දැන ගන්න පටන් ගන්නේ. කොහොම උනත් ලොටස් ඔයින් මෙයින් ඇපල් පරිඝණකයෙන් ගැලවීපලා පූර්ණ වශයෙන්ම Lotus 1-2-3 නමින් එහි සංස්කරණය කළ මෘදුකාංගය එළියට එනවා 1983 ජනවාරි 26 වෙනිදා.
මේ තියෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයෙන් ඒකාලේ දුන්නු Lotus 1-2-3 ගැන ලියවුනු පොතක්
ලොටස් 1-2-3 පොතේ මුල් පිටුවක් |
ඒ කාලේ ලොටස් ගැන ඉගෙන ගන්න ඕනි නම් කොම්පියුටරය කියෙන්න ඕනි මූලික සුදුසුකම් මෙන්න බලන්නකෝ....
ලොටස් ගැන නොට් එකක් |
ලොටස් පොතක පටුන |
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒ කාලේ ..... ඒ කියන්නේ 1992 වර්ෂය කාලේ තමා Zip Drivers වල ස්වර්ණමය යුගයලු... බලන්නකෝ ඒ කාලේ ඒවගේ තිබ්බ මිල ගණන්..... ඇත්තටම දැන ගන්න වටින දෙයක්...
අපේ තාත්තලගේ කාලේ පොත් කඩේකින් ගේන්න සැලසුම් කරපු බඩු ලැයිස්තුවක් |
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අපේ තාත්තාගේ පොත්ලත්.. ඇත්තම කියන්නම් මම මේ පොත ගැන නම් දන්නේ නැහැ අපේ තාත්තා තමා එදා හවස මම ඇහුවහම කිව්වේ මේකේ සිංහල පොත කියවල තාත්තට ලොකු ආසාවක් ඇවිල්ල ඒ පොත හොයල හොයලා අන්තිමට ඒකේ ඉංගිරීසි පොත අරන් තියාගෙන තියෙන්නේ. තාත්තට සිංහල පොත හොයා ගන්න ලැබිලා නැහැ
දුප්පත් පීටර් හී ඉංගිරීසි පෙරළුම |
මේ අපේ තාත්තලගේ කාගේ තිබ්බ ලියන පොත්......195X ගණන් වල
අපේ තාත්තලගේ කාලේ ඉස්කෝලේ ලියන්න ගත්ත නොට් පොතක් |
අපේ තාත්තා උ.පෙළ ට කරලා තියෙන්නේ විද්‍යා අංශයෙන් කියලා මම දැනුයි දන්නේ ! |
අපේ තාත්තගේ කතාන්දර අතර මගේ සිත් ගත් පොත් කිහිපයක් |
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒකාලේ සෙල්ලම් කරපුවා........
පොකර් සෙල්ලම් කරන්න මැනුවල් ඕනිද ? හැබැයි අපේ තාත්තලගේ කාලේ දීල තියෙනවා |
අපේ තාත්තා මට බැන්නට එයත් ඉස්සර ගේම් ගහල තියෙනවා. මේවා දැන්නේ අහුවෙන්නේ හත් දෙයියනේ ! |
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කැසට් පීස් එකක් කියන්නෙත් ලේසි නැහැ ආහ්....
මැග්නට් ටේප් කැසල් එකක් එක්ක ඉස්සර දුන්නු අත් පත්තිරිකාවක් ඒකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා |
බලන්නකෝ ඔයාලටත් දැන ගන්න ගොඩක් දේවල් තියෙයි. ඇත්තටම කිව්වොත් අතීතය කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා හිතෙනවා මේවා දැක්කම
ඔය දේවල් අතර මෙන්න මේ වගේ දේවල් ටිකකුත් තිබ්බා....
මේ මම ගොඩක් පොඩි කාලේ.... අම්මා කිව්වේ මොන්ටිසොරි කාලේලු |
මමයි , අක්කයි , අම්මයි , තාත්තයි , සීයයි |
හ්ම්.... ටිකක් දිග පෝස්ට් එකක්... කියවන්න පුළුවන් කෙනාට ගොඩක් දේවල් දැන ගන්නත් පුළුවන්...
Freedom at Midnight...... නියම පොතක් හැබැයි කියවන්න කම්මැලියි. තාත්තල විද්‍යා අංශෙන් ඉගෙනගෙන පුතාලත් විද්‍යා අංශයෙන්ම ඉගෙනගන්න එක හෙන අප්සෙට්. එතකොට කරන්න තියෙන්නෙ මොනවද කියල එයාල දන්නවනෙ.
ReplyDeleteමමත් පරිගණක ඉගෙන ගන්න කාලේ (1990 දශකයේ මුල) තිබුනේ දැන් මතක් වෙනකොට හිනා යන තාක්ෂණයක්. ඒ කාලයේ වර්ණ තිරයක් තිබුනේ නැහැ. කළු සුදු පමණයි. කොළ පාටින් හෝ තැඹිලි පාටින් විතරක් පෙනෙන තිර ආවෙත් ඊට පස්සේ. අපි වැඩ කලේ වර්ඩ් පර්ෆෙක්ට් 5.1 කියන මෘදුකාංගයෙන්. ඒ දැන් පාවිච්චි කරන MS Word 2007/2010/2013 පාවිච්චි කරනවා වගේ. ඒ වගේම දැන් තියන MS Excel වෙනුවට තමයි Lotus 123 පාවිච්චි කලේ. මගේ ළඟ අදටත් තියනවා ඒ මෘදුකාංගය ගැන පිට රටින් ගෙන්වූ පොත්. ඒ වගේම අඟල් 5 1/4 Floppy Disk වලිනුත් වැඩ කළා. පරිගනකයේ දෘඪ තැටියේ ධාරිතාව 1 GB, රැම් මතකය 16 MB.
ReplyDeleteපුතේ කවදාවත් 'කැසට් පීස්' කියලා භාවිත කරන්න එපා. ඒවා ඉංග්‍රීසි නොදන්නා අය හදපු හඩු ඉංග්‍රීසි. case කියන වචනයෙන් තමයි cassette කියන වචනය හැදුනේ. කැසට් කියන්නේ ඇතුලේ චුම්බක පටියක් තියන කුඩා පෙට්ටියක් වැනි කොටසයි. එය ක්‍රියා කරවන යන්ත්‍රය cassette player හෝ cassette recorder විය යුතුයි. cassette piece කියන්නේ කැසට් එකකින් කැඩුන කෑල්ල කියන එකයි.
අසමි දකිමි සොයමි ලියන වි
@ chanakalin - අපේ තාත්තා විද්‍යා අංශයෙන් උනාට මම උ.පෙළ. ඉගෙන ගත්තේ කළා අංශයෙන් එක අතකින් ඒකත් ඇත්ත තමා
ReplyDelete@ විචාරක Wicharaka - ලොකු දෙයක් මේ වගේ විද්වත් අදහසක් දැනගන්නට ලැබුනු එක... ඒක තමා මම මුලින්ම ලියන කොට කොටසක් එක් කලේ “කෙනෙක් මීට වඩා දේවල් දන්වා නම් කියලා දෙන්න කැමතී නම් කියලා දෙන්න.ඒක එයාටත් යහපතක් වෙයි කියලා හිතෙනවා...”