Friday, June 29, 2012

වේගයට වැදගත් FLOP/s ගැනත් පොඩ්ඩක් දැනගන්න


මොකකද මේ FLOPS කියන්නෙ කියලා බලන්න පුළුවන් දැන් කස්ටිය...බය වෙන්න එපා අපි වේගය පැයට කිලෝමීටර් වලින් එහෙමත් නැත්නම් පැයට මීටර්...විදියට මනිනවා...නැත්නම් පරිඝනක භාවිතයේදී අපි දත්ත ගමන් කරන වේගය තත්පරයට කිලෝබයිට් නැත්නම් තත්පරයට මෙගාබයිට්...එහෙමත් නැත්නම් තත්පරයට ගිගාබයට්....මෙන්න මේ වියට වේගය අපි එක එක තැන් වලදි මනින්න පාවිච්චි කරන ඒකක තියෙනවා..නමුත් ඒ පුංචි පුංචි වේගයන් මනින්න තමා...අපි අහල තියෙනවා ස(ර්)වර් කියල පරිඝනක කොට්ඨාශයක් ගැන...ඇත්තටම ඒවා සාමාන්‍ය පරිඝනක වලට වඩා ගොඩක් වේගවත් ඒවගේම පහසුකම් වැඩි ඒ වගේම අපේ සාමාන්‍ය ජීවිතයේදී අපිට අඩුවෙන් දකින්න අඩුවෙන් අහන්න ලැබෙන පරිඝනක විශේෂයක්...ගොඩක් වෙලාවට පරිඝනක විද්‍යාව හා වෙනත් පරිඝනක සම්බන්ධ පාඨමාලා හදාරන අයට නම් මේ වචනෙ විටෙක ඇහෙන්න පුළුවන්...ඇත්තටම මමත් මේ ගැන පොඩ්ඩක් හරි දැනගත්තේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ තමා...අපි අන්තිමට කථා කර කර හිටියෙ ස(ර්)වර් කියල පරිඝනක ගැනනේ...මේ පරිඝනක එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන පරිඝනක වලට වඩා ටිකක් වෙනත් වගේම ටිකක් වෙනස් කටයුතු වලට තමා යොදගන්නේ...ඒවා ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මිනිසුන්ට කරන්න අපහසු ඒ වගේම ගොඩක් වෙලාව ගත වන ඒ වගේ සංකීර්ණ වැඩ වලට තමා..ඒත් මතක තියා ගන්න මේ හැම සංකීර්ණ යන්තර සුත්තර වගේ දෙවල් බිහි වෙන්නේ මිනිස් මොලේම තමා කියන එක..ඒක හින්ද මේ දේවල් තේරුම් ගන්නත් මනුස්සයට මහ ලොකු වෙලාවක් යන්නෙ නැහැ...කොහොම උනත් ස(ර්)වර් කියල පරිඝනක අපේ ජීවිතේ අපි දකින පරිඝනක වලට වඩා වේගය වැඩි..දෘඩ ධාරිතාවය වැඩි ඒවගේම මතක ශක්තිය වැඩි කියන එකත් මතක තියාගන්න. අන්න ඒවගේ වැඩි ධාරිතායන් සහිත ස(ර්)වර් කියල පරිඝනකවල වේගය මනින්න භාවිතා කරන මැනුම් ඒකකයක් විදියට තමා මේ FLOPS කියන ඒකකය භාවිතා කරන්නේ...එක අතකින් ගත්තහම මේ ස(ර්)වර් පරිඝනක සුපිරි පරිඝනක විදියටත් කියන්න පුළුවන්..

*ස(ර්)වර් පරිඝනක භාවිතා කරන්නෙ ඇයි ?

* විශාල දත්ත ගබවා හා අනෙකුත් වටිනා දත්ත හැසිරවීමට හා සුරැකීමට

* විශාල වශයෙන් දත්ත හා පරිඝනක ගත කරන ලද සමාගම් හී දත්ත ගබඩා කිරීමට
* අන්තර්ජලයේ දී වටින ලිපිගෙනු හා දත්ත සුරැකීමටත් බෙදා දීමටත්
උදාරණයන් - පින්තූර, සිංදු, ලිපි ආදිය

PETAFLOPS ගැන දැනගන්න  මෙනනින් 
FLOPS ගැන වැඩි විස්තර දැනගන්න  මෙනනින් 

මේ තියෙන්නෙ ස(ර්)වර් පරිඝනක පද්ධතියක් නොදන්න අයටත් දැනගන්න එක්කම



* මේ තියෙන්නේ ලොකයේ දැනට භාවිතා වන වේගවත්ම ස(ර්)වර් පරිඝනක 10 සහ එහි වේගයන් 

10. IBM Roadrunner | 1.04 petaflop/s

09. Tera 100 | 1.05 petaflop/s

08. Hopper | 1.054 petaflop/s

 

07. Pleiades | 1.09 petaflop/s

 

06. Cielo | 1.11 petaflop/s


05. Tsubame | 1.19 petaflop/s


04. Nebulae | 1.27 petaflop/s

 

03. Jaguar | 1.75 petaflop/s


02. Tianhe-1A | 2.6  petaflop/s


01. K Computer | 8  petaflop/s  *


K Computer ගැන වැඩි විසතර මෙනතනින් බලන්න

Monday, June 25, 2012

පියවර දහයෙන් කාර්යාලීය සහකාරයෙක් | Office Assistant in 10 Steps


මෙයා කව්ද කියලා දන්න අය ඉන්නවද ? අත උස්සන්න....බලන්න...මම දන්නවා ගොඩක් අය මෙයාව දන්නවා...ඔයත් MS Office 2000 එහෙම නැත්නම් Microsoft Office 2000 කියන මෘදුකාංගයක් එකක් හිටපු කෙනෙක් නම් මෙයාව දන්නවා.....මෙයව හඳුන්වන්නේ  Office Assistant එහෙම නැත්නම් කාර්යාල සහකාර විදියට....එහෙම කියන්න හේතුව තමා මෙයා අපේ පරිඝනකයේ ඇතුලට වෙලා අපේ කාරයාලීය ලිපි ගෙනු එක්ක වැඩ කරන්න උදව් කරන එක...බොහොම වටිනා කියන කෙනෙක්...මෙයාට පුළුවන් අපිට අමතක උනු දෙයක් මතක් කරල දෙන්න...මෙයා ඒවා කියල දෙනවා....අපිට අපේ කාර්යාලීය වැඩ ලේසියෙන් ඉක්මනට කරන්න පුළුවන් වෙන්න තමා මෙයාව  Microsoft Office 2000  මෘදුකාංගය අතුලට දාල අපට පාවිච්චි කරන්න දුන්නේ....මෙයාව වෙස් මුහුණු ගොඩක් තියෙනවා....ඒත් අපේ කස්ටිය මෙයාව දන්නේ ෆයිල් කට්ට කියන නමින් දැන් දන්වා ඇති මෙයාව....

එත් මෙයා අපිත් එක්ක හිටියේ 2000 වර්ෂයේ විතරයි..මොකද මෙයාව ඊට පස්සේ ආපු   Microsoft Office 2003, Microsoft Office 2007 හා   Microsoft Office 2010  මෘදුකාංග එක්ක දකින්න ලැබුනේ නැහැ .ඇයි මෙයාව අයින් කලේ කියන්න හේතුවක් දන්නේ නැහැ....ඒත් ඔයාල දන්නෙ නැතුව ඇති මෙයා මේ වෙනකන් අපිට ලැබුනු ඔෆිස් මෘදුකාංගයක 2003 කට්ටල ඇතුලේ හැංගිලා හිටියා කියන එක....හැබැයි මතක තියාගන්න මෙයා හිටියේ වෙනස් නොකල මුල් ඔෆිස් මෘදුකාංග කට්ටල වල විතරයි.....එයා බලාගෙන හිටියා එයාගේ වාරය එනකන් වැඩ පෙන්නන්නන....ටිකක් රැස්පොට් පොරක්ද වෙලා.....හිකිස්....


කොහොම උනත් අද මම කියලා දෙන්නම් මේ ෆයිල් කට්ටව අපේ අනෙක්  Microsoft Office 2003  මෘදුකාංග කට්ටල එක්ක අපේ පරිඝනක ඇතුලට දාගන්නේ කොහොම කියලා පියවරෙන් පියවර....සරල පියවර 10 කින්......


1. මුලින් කරන්න තියෙන්නේ අපිට කැමති  Microsoft Office මෘදුකාංග කට්ටලය අපේ පරිඝනකයට ස්ථාපනය කරලන්න....

2. දැන් කරන්න තියෙන්නේ මම පහත දෙන ලින්ක් එකෙන් ගිහින් Office Assistant Setup.exe එක අපි Download කර ගෙන Install කරගන්න එක...


3. දැන් යන්න අපේ පරිඝනකයේ  Control Panel  Add or Remove Program කියන කොටසට Windows 7 මෙහෙයුම් පද්ධතියෙනම්  Programs and Features කියන කොටසට ....ගියා නම් ඔයාලට මෙන්න මේ විදියට ඔය කියන තැන පෙන්න තියෙයි...බල වෙන්න දෙයක් නැහැ ඇතුලට යන්න.....

Windows XP 
__________________________________


Windows Vista
__________________________________



Windows 7
__________________________________ 

සැ:යු: - රූප පෙන්නෙ නැත්නම් රූප උඩට ගිහින් Click කරල බලන්න

මෙතනින් එහාට වැඩේ යන පිළිවෙල ගොඩක් දුරට සමානයි....මම යොදාගන්නේ  Windows 7 මෙහෙයුම් පද්ධතිය..

වැඩේ කරන්න ටිකක් හිතට බයයි නම් සිංදුවකුත් දාගන්න 

හරි දැන් අපි වැඩේට බහිමු...

4. අපි දැන් ඉස්සෙල්ල කියපු තැනට ඒ කියන්නේ Control Panel  Add or Remove Program කියන කොටසට Windows 7 මෙහෙයුම් පද්ධතියෙනම්  Programs and Features කියන කොටසට ගිහිල්ල ලැබෙන ලිස්ට් එකේ බලන්න අපි පරිඝනකට ස්ථාපනය කරපු  Microsoft Office  මෘදුකාංගය තියෙනවද කියලා....හම්බ උනා නම් ඊළඟට කරන්න තියෙන්නේ ඒක Right Click උඩ කරලා Change කියන එක Click කරන්න....


මෙන්න මේ විදියට 

5. වැඩේ හරි නම් මෙන්න මෙහෙම එකක් එයි ඒකේ Add or Remove Features කියන එක තෝරලා Next කියන එක Click කරන්න.


6. දැන් අපිට පෙන්නයි අපි පරිඝනකයේ ස්ථාපනය කරල තියෙන ඔෆිස් මෘදුකාංග කොටස් මොනවද කියාල....දැන් කරන්න තියෙන්නේ ලැබුනු පිටුවේ පහල තියෙන choose advanced customization applications එක තෝරලා  Next කියන එක Click කරන්න.

මෙන්න මේ විදියට


7. දැන් අපිට පෙන්නයි ලිස්ට් එකක් අන්න ඒ ලිස්ට් එකේ පහලට වෙන්න ඇති කොටසක් office shared features කියලා...අන්න ඒ කොටස දිග ඇරගත්තහම ඒ  ලිස්ට් එකෙත් පහලට වෙන්න අපිට පෙන්නයි 

Office Assistant  කියල එකක්....අන්න ඒක උඩ Click කරලා Run from my Computer කියන එක තෝරල Update කියන එක Click කරන්න.



වැඩේ කියපු විදියටම උනා නම් මෙහෙම දෙයක් වෙලා.....එන්න ඔය විදියට OK කරන්න එකක එයි ඒකත් OK කරන්න.....




8. ඔන්න දැන් ෆයිල් කට්ටව අපි පරිඝනකයට දාගත්ත දැන් මනුස්සයව Active කරගන්න තමා තියෙන්නේ...

ඒකට කරන්න තියෙන්නේ අපිට කැමති Office Application එකක් Open කරගන්න...

උදාහරණයක් විදියට : Microsoft Word / Microsoft Excel / Microsoft PowerPoint


9. ඒකේ Help කියන කොටසට ගිහයහම බලන්න Show the Office Assistant කියල කොටසක් තියෙනවද කියලා...තියෙනව නම් අපේ වැඩේ හරි...ඒක Click කරන්න

ඊට පස්සේ බලාගෙන ඉන්නකොට පොඩි පොඩි කෑලි බෑලි ඇවිත් යයි මෙන්න මේ විදියට....වැඩේ හරි නම් අපේ ෆයිල් කට්ට බයිසිකලේක නැගල ඇවිත් බහී....හික්ස්...




10. දැන් කරන්න තියෙන්නේ එයා උඩ Right Click කරලා Option කියන එකට ගිහිල්ලා...ඔය පේන්න තියෙන විදියට වැඩ කෑලි (Settings) ටික වෙනස් කරලා OK කරන්න....වැඩේ ඉවරයි ...



දැන් අපිට බය නැතුව අපේ ඔෆිස් වැඩ කරන්න නියම අත්උදව් කාරයෙක් ඉන්නවා...


Friday, June 8, 2012

සංගීතයත් රසාස්වදයත් හරහා එස්රාජයට (Esraj) පෙම් බැඳි මගේ කථාව...!

අහා මෙන්න ගෙනවා වෙනස්ම දෙයක් අරන්.....සංගීතය...දන්නවද කියල අහන්න දෙයක් නැහැ ඉතින්....ඔක්කොම දන්නවා....බල්ලොයි කොල්ලොයි නොදන්න එකෙක් නැහැ ආයෙ...සංගිතය ඒ තරම් පුරසිද්ධයි. ආහ් තව දෙයක් ඔය කියන සංගීතයට රටක් රාජ්ජයක් දේය සීමාවක් එහෙම නැහැ නෙවැ..මම අහල  තියෙන විදියට අමෘතයක්ලු...මම ඉතින් එය කියන දෙය සංගීතට කියන එක හරියට නොදන්න කාලෙ පවා....යටි ගිරියෙන් කෑගගහ සිංදු කවි කරපු කාලයක් තිබ්බ නොවැ...තමුන්නාසෙලාටත් එහෙම කාලයක් තියෙන්න ඇති...ආයෙ අහන්න දෙයක් නැහැ....පොඩි කාලෙ යටි ගිරියෙන් කෑගහගෙන සිංදු කිව්ව....ඊටත් පස්සේ ඉස්කොලෙ කාලෙ පොඩ්ඩක් තාලෙ අල්ලගෙන පොඩි පොඩි සිංදු කිව්ව....ඔන්න එතකොට තමා අපිත් දැන ගන්නෙ ඔය කියන සංගීතයටත් තාලයක් තියෙනවා....ඒත් ඉතින් ඒක ඉස්කොලෙට විතරයි....ආයෙත් ගෙදර ගිහින් මලාට කියන්න බැරි දරුණු සිංදු දත කට පූට්ටු කරගෙන දොඩවන්න පටන් ගන්නවා....අපේ අම්මලට නං ඔය කාලෙ මහ එපා කරපු කාලයක්....අපේ කාලෙදි ඔය කාලෙට අපේ අම්මල කිව්වෙ දැඟලිල්ල කියල නොවැ....

කොයින් කොහොම උනත්...ඔහොම ඔහොම අපි 1 වසරෙ හිටන් යාන්තන් සිංදුවක් කියාගන්න පුළුවන් වයසට එනවා...ඒ කියන්නේ 5 නැත්නම් 6 පන්තිය...අපි කාලෙනං කොට්ටන් තල තලා ටීච කෙනෙක් සෑර් කෙනෙක් නැත්නම් එළියට පැනලා මුළු දවසම ඉස්කොලේ පිට්ටනියෙ කාස්ටක අව්වෙ දුවන කාලේ....ඒකාලෙ තමා අපි ප්ලාටික් පෙට්ටි වලට කොටු කෑලි වලින් එහෙමත් නැත්නම් පෑන් පැන්සල් වලින් සද්දෙට තට්ටු කර කර සිංදු කියන කාලෙ ගෙවන්නේ.....ඔන්න එතනින් අපි කොල්ලො කෙල්ලො එනවා පෙම් කෙලින වයස නැත්නම් ගැටවර කාලෙට....ඔය කාලෙ වෙද්දි ඔය කවි සිංදු ජාති ගොඩක් දන්නවා ඒව රස කර කර කියන්නත් දන්නවා....ඔය අස්සෙ ලිවුන් කඩදහි අස්සෙත් ලිය ලියා පොතෙන් පොතට කොලෙන් කොලේට යන්නත් සංගීතය කියන එකට කියල දැනගන්නවා....මගේ ජීවිතේ 9, 10, 11 වසර කියන්නේ වන්ශොට් අයියලගෙ වගේ ගහමරා ගන්න කාලයක්...ඔය කාලෙ මැදකදි ආදරය කියන වයිරස් එක ගෙදුරු වෙනවා....කාලයත් එක්ක එකත් යහපත් අතට හැරෙනවා...11 වසර අන්තිම කාලය ටිකක් දුශ්කර කාලයක් නොවැ....අපේ අම්ම පාඩන් කරපන්.....පාඩන් කරපන්.....කිය කියා මන්තර ජප කර කර මගේ පස්සෙන් ආපු කාලයක්....ඒත් මට තිබ්බෙ සංගීතය කියන උණ තිබ්බ කාලයක්....බයිසිකල් කටුවකුත් හදාගෙන මම යනවා...සංගීත ප්‍රසංග බලන්න......ඔන්න ඔය කාලෙ වෙනකොට අපේ සිංහල භාෂාව උගන්නන ටීචර් අමුතු වචනයක් උස්සගෙන ඇවිත් පන්තියට අතඅරිනවා...වචනේ නම තමා රසාස්වාදය......මේක මට නම් පිස්සු වචනයක් හත් දෙයියනේ සන්ධි විසංධි අස්සෙ මේ මොන මගුලක්ද ඕයි.....අනිත් එක ලොකු අක්කල අයියල වගේ අපිට සිංහල වලට අපේ කාලෙ පන්ති තිබ්බෙ නැහැනේ....ඒ කාලෙ අපි දන්නෙ සිංහල පන්ති තිබ්බෙ ලොකු අක්කලා .ඒ කියන්නේ උසස් පෙළ කොරාපු අයියල අක්කලට....කොහොම උනත් ඔන්න අපි පිරිසක් ඒ රේල් පීල්ලෙන් පැනලා අනිත් පීල්ලට මාරු උනා....ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළට ආවා......කස්ටියක් කිව්වේ.....කොටසක් සමත් උනා කොටසක් අසමත් උනා.....තවත් පිරිසක් එතනින් ඉස්කොල ජීවිතෙට සමු දීල රැකිය කොරන්න ගිය....තවත් කොටසක් පවුල් පන්සල් උනා.....ඔන්න දැන් අපි ලොකු අයියලා අක්කලා වගේ උස්ස පෙළ.....ඔන්න දැන් අපිට ඉස්සර තරන් විශයන් ගොඩක් නැහැ....4යි....බොහෝම ලේසි කියල හිතාගෙන ගිහින් පන්තියෙන් වාඩි උනා.....

අනේ අම්මෝ.....මේ මොනවද මේ.........මේ මම හිතපු උසස් පෙළ නෙවෙයිනේ.....අනේ මට ගෙදර යන්න ඕනි.....දැන් ඉස්කොලෙ කියන්නේ හිතට අල්ලන් නැති දිරන්නෙම නැති කාලයක්.....ඒත් මතක තියගන්න   සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන කාලයන් දෙක තරම් අපි පිස්සු නටපු කාලයක් තවත් නැතුව ඇති කියලා මම හිතන්නෙ  නැහැ....ඒතරම් සුන්දරයි.....මම දන්නවා ඔයා කස්ටියටත් ඒක එහෙම්මම තමා.....හරි අපි ආයෙ කථාවට එමුකෝ....ඔන්න අපිත් දැන් සිංහල පන්ති යනවා....ඔය ලොකු ලොකු වචන අස්සෙ ආදරය රස්තියාදු ගහන කාලයක් තමා උසස් පෙළ....ආයෙ අලි දාලවත් නවත්තන්න බැරි සිද්ධියක්.....ඔන්න සිංහල පන්තියේ නොදන්න නොදන්න වචන පොත් පිටු අස්සෙ ලියවෙන කොට කනට පුරුදු වචනයක් ඇහෙනවා....අර ඉස්සර අපිටවද දුන්නු වචනය රසාස්වාදය....දැන්නං අම්මෝ නෙවෙයි මගේ අප්පච්චියේ කියවෙනවා....දැන් ඉතින් 10 වසරෙ ඒව මතක් කොරහන්කො ඉතින්...එත් මම අදටත් සතුටු වෙනවා මගේ සිංහල දැනිම මේ තරමට හරි උසස් පෙළ සිංහල පන්තියෙදී හදපු මගේ සිංහල ගුරුතුමා උනු රත්න ශ්‍රී බණ්ඩාර ගුරුතුමාට.....උසස් පෙළට මම හිතුවෙ රසාස්වදය කවි සිංදු නිසඳැස් වලින් බේරුනු එක ගැන මම සතුටු උනා....

මම කලේ කළා අංශයෙන් සිංහල, නාට්‍ය හා රංග කලාව, දේශපාලන විද්‍යාව කියන විශයයන්.....දැන් ඉතින් ඔයින් මෙයින පණ ගැයගහ ගෙන උසස් පෙළත් ඇදගෙන යනවා....මම නාට්‍ය හා රංග කලාව තොරගත්තේ වෙන කරන්නම දෙයක් නැති හිංද ඉස්කොලෙ.....ඔන්න දවසක් මම නාට්‍ය හා රංග කලාව පාඩම අහගෙන ඉන්නවා...ඔන්න අපිට නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවේ ජයලත් කියලා සාර් කෙනෙක්....දැන් හිතන්න පුළුවන් මගේ ඉස්කොලෙ මොකක්ද කියලත් ......මගේ උසස් පෙළ ඉස්කෝලෙ තමා රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලය.......ඉස්කොලෙ මැද ලොකු සියඹල ගහක් තියෙනවා....අපේ කාලේ ගෙට්ටුවක් තිබ්බ....වටේට ඉස්කොල මායිමක් නැහැ....ආයෙ අහන්න දෙයක් නැහැ නියම ගමේ ඉස්කොලයක් මට මේ ඉස්කොලෙට ගිය මුල්ම දවසේ අඹ යාළුවෙ කථාව මතක් උනා....ඒ වගේ මේ ඉස්කොලෙ.....මෙන්න මගේ උසස් පෙළ ඉස්කෝලේ මම කවදාවත් මගේ ඉස්කොලෙ පෙඩී කියලා අනිත් අයට මගේ ඉස්කොලෙ ගැන  නොකියා ඉන්නෙ නැහැ.....අපි හැමෝම ඒහෙමයි....මම දන්නවා ඒක....ඒත් සමහරක් පිරිස එහෙම කියන්න කැමති නැහැ....කමක් නැහැ ඒක එයාලගේ කැමැත්තක්.....අපි කථාවට යමුකෝ......

ඔන්න දැන් අපේ රංග කලාවේ නාට්‍ය ගැන කියනකොට ආයෙක් කියාපි රසාස්වදය......මොන කෙහෙල්මලක්ද මේ.......යකෝ මම යන යන තැන රසාස්වසය මගෙ පස්සෙන් පන්නනවා...දැන් මගේ මොලේ කචල්.....ඒ අස්සේ අපේ නාට්‍ය හා රංග කලාව උගන්වන සාර් කියාපි....ඕනෑම කලාත්මක දෙයක රසාස්වදයක් තියනවා....හරියට සංගීතය වගේ නිශ්චිත භාෂාවක් නැහැ....රසාස්වාදයයි සංගීයයි එකට එක් උනවිට උසස් කාලාත්මත නිමාණයක් බිහිවීමට අවකාශය ඇත  කියලා....අම්මටසිරි දැන්නං පිස්සු වගේ.....සංගීතයලු රසාස්වාදයලු භාෂාවක් නැහැයිලු මේ මොනවද මේ කියන්නේ.....පස්සේ මටත් ඒ කියපු දේ ඇත්ත කියල තේරුණා......ඇත්තටම සංගීතයටයි රසාස්වදයටයි භාෂාවටක් නැහැ...තේරුම් ගන්න පුළුවන් ඕනිම කෙනෙක්.......කොහොම උනත් අවුරුදු දෙක හමාරක් තිස්සේ ඉස්කොලෙයි  පන්තියෙයි....ඉගෙන ගත්ත රසාස්වදය අද මාව ගොඩක් දුර එක්කගෙන ඇවිත් තියෙනවා....සතුටුයි ඒ ගැන....මම දෙයක් අහන්නම් ඔයාලාත් පිළිගන්නවද සංගීතයට රසාස්වදයට භාෂාවක් තියෙනවා කියලා....??? මම දෙන්නම් සිංදු කිහිපයක් අහල බලල කියන්නකෝ....මේවායේ වචන නැහැ.....ඔක්කොම සිංදුවල අනුවාදන....එහෙම නැත්නම් ඉංගිරීසියෙන් කියනවා නම් Instrumental Songs.....ඔයාලම අහන්නකො.....ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.....අහන්න....හිතට දැනෙන දේ Comment එකක් විදියට ලියන්න.....ඇත්තටම සංගීතය කියන්නෙ භාෂාවක් නැති එත් භාෂාවකට එහා ගිය ලොකු දෙයක්  කියලා....ඔයාලටම තේරෙයි......


මේ එස්රජ් නම් වූ සංගීත භාණ්ඩයෙන් හා බට නලාවෙන් රස ගැන්වූ ගීත කිහියක්