Monday, December 20, 2010

අවාරේ අම්බුළුවාවට ගිය ගමන

මේ පොස්ට් එක ලියන්න ටික දවසක් වෙනාව දවස හරියට කිව්වොත් 2010 ඔක්තොම්බර් මාසෙ 3 වූ ඉරිදා දිනය....කලින් දා රාත්‍රියේ යොදාගත් පරිදි අපේ 5 දෙනෙක් යුත් අපේ කල්ලියතුත් අරගෙන උදෙන්ම අම්බුළුවාව බලා යාමට ගමන ආරම්භ උනා....ගමනට කොහාමත් පැය 1 1/2 ක් පමණ ගත විය...කෙසේ හෝ වෙලාව උදෑසන 10.30 විතර වෙද්දි අපිට අම්බුළුවාවට එන්න පුළුවන් උනා....ඒත් අම්බුළුවාවට යනා වාරටක් නම් නොවයි....කොටින්ම කිව්වොත් අපි මේ කරන්න යන්නෙ අවාරෙ අම්බුළුවාව තරණයක්....ගමන අවදානම් උනත් අපි ඔක්කොම එක යායක කියල ගමන අරම්භ කළා...කිව්වට මොකද ගමන නම් ලේසි උනේ නැහැ....මොකද ඒ වෙද්ද අම්බුළුවාවට වැස්සෙන් ගොඩක් අවහිරයන් සිද්ධ වෙමින් තිබ්බෙ...අපි යද්දිත් පෙම්වතුන් පිරිස් 2ක් පමණයි හිටියෙ....ඒත් ඒ වෙද්දි නම් එච්චර වැස්සෙන් බාධාවක් උනේ නැහැ...පස්සෙ පස්සෙ තමා අපිට ටිකෙන් ටික බාධාවන් ආවේ...කොහොම උනත් අපි ඒ ඔක්කොම කාගෙන නාගෙන අම්බුළුාවට ගෙඩ උනා....ඒත් හැබැයි අම්බුළුවාවට යද්දි අපි ඔක්කොම තෙමිච්ච කාක්කො වගේ.......ගමන ගොඩක් අවදානම් වගේම ගොඩක්ම වෙනස් අද්දැකීමක් උනා....ඔන්න මං ගානෙ ඔයාලටත් ඒ ගැන දැනගන්න කියල එහෙදි ගත්ත ඡායාරූප ටික දැම්ම බලන්නකෝ....


මේ ඉන්නෙ අපේ රියදුරු තැන වගේම අපි හැමෝගෙම අතිජාත මිත්තරයා.....අවංකයා......නම - තරිඳු ජයසංක












මෙය හුදෙක් උත්සාහයක් පමණක් බව කරුණාවෙන් සලකන්න...!

සහෝදරත්වය....!


අපෙන් එකෙකි මේ මිනිසා....! ඔහුගේ තවත් උත්සාහයක්





උඩ දාල තියෙන බෝඩ් කෑල්ල කියවලම බලන්නකෝ.....(ලොකුවට බලන්න ඒක උඩ කොටන්න)



අපේ අනාරාදිත අමුත්ත......




සොබාදහමත් අලසයිද මංද කාලගුණයේ වැරැද්දෙන්







අපේ කස්ටිය......

මෙතනින් එහාට තනිකරම මීදුමේ තමා......!






















ආපහු එන්න උනෙත් මේ මීදුම මැදින්ම තමා....

Saturday, December 18, 2010

හෙට දවස ගැන හිතට දුකයි....!



හ්ම් හෙට දවස...ගොඩක් බලාපොරොත්තු තියාගෙන තිබ්බ දවසක්.....අනේ කියන්න දේවල් බොහෝමයි.ඔයාල දන්නව ඇතිනෙ 2010 දෙසැම්බර් 19 කියන දවස කොච්චර වැදගත්ද බ්ලොග් ලියන්නන්ට ඒත් මට ඒ තරම් වාසනාවක් නැහැ....මම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ ඒත් ඒකත් නැති වුනා....මොනව කරන්න ? අපි බලාපොරොත්තු වෙන හැමදේම අපිට ලැබෙන්නෙ නැහැනෙ නේද ? ඒක හිංච අමාරුවෙන් හරි මම හිත හදාගන්න වෙනවා...අනේ මට 2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට යන්න වෙන්නෙ නැතෝ......හපෝයි මට යන්න ඕනි ඒත් යන්න බැහැ.....එත් ජොබ් එක කියන එකත් කරන්න එපැයි නේද....නැත්නම් ජීවත් වෙලා හමාරයි.....කමක් නැහැ යන්න හිතාගෙන ඉන්න අයට සතුටින් ගිහින් එන්න කියල පතනවා......

නව පන්නයේ වාහන කෙරෙහි ඔබ තුලත් ඇත්තේ උන්මාදයක් ?


ඔබත් නව පන්නයේ වාහනේ වාහන නව පන්නයට සැකසීම කෙරෙහි උන්මාදයකින් පෙලෙන්නෙක්ද ??
කෙටියෙන්ම පැවසුවහොත් ඔබත් රථගාය ඇති අයෙක්ද ?

මම මේ කියන්න යන්නෙ කව්රු උනත් ආසයි නව පන්නයේ මාහනයක හිමිකැරයෙක් වන්න ,එසේ නැත්නම්  ඔබට පැරණි වාහන නවපන්නයට හැඩගස්වීමට අවැසි නම් ඔබ ඒ කෙරෙහි දක්වන්නේ උන්මාදයක් නම් ආසාවක් නම් මම මේ කිය  වැඩ සටහන් මාලය ආනිවාර්යයෙන්ම දන්නාවට කිසිඳු සැකයක් නැත..1980 වර්ශයන් හෝ 1990 ආදී විවිධ වර්ශයන් වල නිශ්පාදනය කර ඇති බොහෝ රථවාහන මෙන්ම 2000 වර්ශයේ මෙන්න එතැන් පටන් අදවන තෙක් ලොව ලිහිවූ බොහෝ නවීන පන්නයේ රථ වාහන පෙර කිසිම දිනක නොදුටු ආකාරයේ සිත් ගන්නා සුළු පන්නට හරවන ආකාරයේ වැඩ සටහන් මාලාවක් ගැනයි මම මේ කියන්න යන්නෙ....මෙම වැඩසටහන් මාලාව නමින්   Pimp My Ride නමින් ලොවපුරා බොහෝ වාහන කෙරෙහි උන්මාදටයන් පෙලෙන්නන්ට රසවිද්නය වෙනුවෙන් දේශ දේශන්තරයන් තම අණසක පතුරවන විදේශීය MTV නම්වු නාලිකාවක් ඔස්සේ ලොව පුරා විසිරුවා හරී.....ලාංකිකයන් වන අපට  මෙම වැඩසටහන් මාලාව Dialog TV  නම්වු සැටලයි රූපවාහිනි සම්බන්ධතා හරහා ලබාදෙන විදේශීය MTV නාලිකාව ඔස්සේ නැරඹීමට මේනව විට නරම් ලැබී ඇත....එසේ නැරඹීමට හැකියාවක් නැති නම් එහි සියළු වැඩසමහන් මාලාවක්  1,2,3,4,5,6 කොටස් වශයෙන් Torrent හරහා බාගත කර ගෙන නැරඹීමට රසිකයන්ට අවකාශය ලබා දී ඇත.

පහත දක්වා ඇති ටොරන්ට් මාර්ග උපයෝගී කරගෙන එම වැඩසටහන් ඔබට ටොරන්ට් හරහා බාගත කරගැනීමට හැකියාවක් ඇත.

Pimp My Ride (US) Season 1

Pimp My Ride (US) Season 2

Pimp My Ride (US) Season 3

Pimp My Ride (US) Season 4

Pimp My Ride (UK) Season 5

Pimp My Ride (US) Season 6

Wednesday, December 15, 2010

එක් උපුටා ගැනීමක් ගැන ......!

මේක මගේ Google Buzz මගින් මගේ ඊ-මේල් ගිණුමට ලැබුනු දෙයක් ගොඩක් වෙලාමට මම මේ කියන පුද්ගලයගෙ Buzz කියවන්න පුරුදු උන කෙනෙක් ...ඉගෙන ගන්න ගොඩක් දේවල් මම මෙයාගෙන් දැක්ක...මෙයා කව්ද කියල දැකල නැහැ කොයි වගේ කෙනෙක්ද කියලවත් අද වෙනකං දන්නෙ නැහැ ඒත් මම මේ කියන පුද්ගලයගෙ නිර්මණ වලට ඇබ්බැහි උන කෙනෙක්.....මම මේ දේ ඔහු විසින් පලකර ටික දවසකට පස්සෙ දැක්කෙ.....ඒක මගෙ හිතට යම් තාක් දුරට මාව වෙනස් කලා කිව්වොත් හරි.......මම ගොඩක් දුරට කල්පාන කලා....නමුත් මම අවංකවම මේ පුද්ගලයගෙ තේරීමට හිස නවනවා....එක තැනක ඔහුගෙ රසිකයෙක් මෙසේ සඳහනක් කර ඇත.....එනම් "සෝරෝ | - මම පට්ටගහන සිංදුවක්............Dec 13"

ඇත්තටම මමත් මේ සටහන ලියද්දි ඒ සිංදුව එකදිගටම ගොඩක් වාර ගණනක් සවන් දෙමින් සිටියේ.....

ඇත්තටම ඒක ගොඩක් අර්ථාන්විතයි "
ඔබ ආයෙමත් ඇවිදින්"
මීට වඩා මම කියන්නෙ නැහැ ඔයාලට ගිහින් බලන්නකෝ......ඔයාලටම තේරෙයි


Original Size එකෙන්ම බලන්න පහල තියෙන පින්තූරෙ උඩ Click කරන්න 

 



Saturday, December 11, 2010

සංවේගයෙන් දන්වා සිටිමි......!




මම මේ ගැන කියන්න හිටිය දෙයක් නෙවෙයි.....බොහෝ කාලයක් හරියටම කිව්වොත් ආසන්න වශයෙන් අවුරුදු 7 ක් මා එක්ක එකට කා වීගෙන,විකාර නටාගෙන.පිස්සු නටාගෙන....මරාගෙන සහෝදරත්වයෙන් හිටිය එදා මෙදාතුර ගොඩක් අයට මාව අමතක වෙද්දි මා මග දාල නොගියා.....මගේ හැම සැපදුකක්ම බෙදාගත්ත මගේ සහෝදරයෙක් වගේ මං එක්ක රෑ එළිවෙනකං මගෙ තනියට හිටිය මගේ පරණම ආදරණීය සහෝ....ඔබ අමරණීයයි....!

ඔහු නම්න් Asrock P4i45GV .......











Sunday, December 5, 2010

මමත් පොටෝකාරයෙක් උනා.....

මේ පොස්ට් එක ලියද්ද රෑ 11.56යි එකපැත්තකින් අපේ අම්ම පොඩි කන්කෙඳරියක් දානවා...."ඕකෙ එල්ලිල හිටිය ඇති දැන්වත් ඕක වහල ගිහින් නිදාගන්න" කියලා කොහොම උනත් මේ වෙද්දි මගේ මූණූ පොතේ යාළුවෙක් වෙන චමිල් විමුක්ති මලයගේ අදහසක් හේතුකොටගෙන මම මෙච්චරකල් මං ගාව හංගෙන හිටිය මා විසින් ගත් පින්තූර අන්තර්ජාලය වෙත මුදාහැරීමට තීරනයක් ගත්ත......ගිහිල්ලම බලන්නකෝ......තව ටික දවසකින් තව ගොඩක් පින්තූර එළියට එයි



මතු සම්බන්ධයි....!

මගේ දෙසැම්බරයට වෙච්ච දෙයක් අනේ.....!!!!!!



මුලින්ම කියන්න ඕනි කියන්න තරම් සුභවාදි තොරතුරක් නෙවෙයි මට නම් මේක මොකද මේ දවස් වල මම වෙඩ්න් එකට ලෑස්තිවෙනවා නොවැ. දැන් කස්ටිය බලන්න පුළුවන් මම මේ මොකක්ද කරන්න යන්නෙ කියලා....මගේ අම්මො දැන්ම මට නම් බැහැ ජීවිතේ විනාසකරගන්න මේ වෙන්නෙ අපේ අක්කගෙ වෙඩින් එකක්.....මේ දවස් වල ටිකක් කියන්නත් බැහැ අම්බානෙකට ම‍ගෙ ඔලුව ගිනි අරගෙන ඉන්නෙ කිව්වොත් හරි..කොහොම උනත් අක්කනෙ ඉතින් අහකබලන්නත් බැහැනෙ නේද ?, ඔන්න කස්ටිය දැන් වෙඩිං කේක් ඉල්ලන්න පුළුවන් ඔන්න කලින්න කියන්න තියන්නෙ මගේ වැඩ සටහනත් දැන් කේක් වෙලා තියෙන්නෙ.....ඒ තරම්  jam වෙලා ඉන්නෙ.....අනේ මංද