Monday, February 28, 2011

Jackhammer දෙසොහොයුරෝ සංගීත ලොව කළඹයි !



දැන් කට්ටිය හිතන්න පුළුවන් කව්ද මේ කියන දෙන්න කියලා....ඇත්තටම මම මේ කියන්න යන්නේ තාක්ෂණය අතින් සංගීතයේ තැබූ තවත් පියවරක් ගැනයි....මුලින්ම කියන්නම් මේ දෙන්නගෙ ගෙදර තමා MTX Audio ආයතනය..විනෝදාංශයක් වශයෙන් සපීකර් නිර්මාණයේ යෙදුන කොළුවෙක් උනු ඇමරිකාවේ Winslow, Illinois ප්‍රදේශයේ ජීවත් වූ වයස යන්තම් 26 පිරුණ Loyd Ivey විසින් 1979 MTX Audio ආයතනය නමින් තමගේම සංගීත උපකරණ නිර්මාණ ආයතනයක් විවෘත කරන ලදි....

                                              දිනෙන් දින ඉහල යන තාක්ෂණය උපයෝගී කරගනිමින් සංගිතයේ උන්නතිය උදෙසා බොහෝ සපීකර් පද්ධති නිර්මාණයක කළ ආයතනයක් වශයෙන් මේ වන විට MTX Audio ආයතනය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වි ඇත...මොවුන්ගේ නවතම නිර්මාණයක් වු Jackhammer ගැනයි මම මේ කියන්න යන්නේ...නමින් දෙදෙනාටම එක නමක් තමා තියෙන්නෙ...ඒ නම Jackhammer , අඟල් 22 හා 24 යන ප්‍රමාණයන් වලින් මේ දෙදෙනා සන්නද්ධ වෙමින් මෙලොව එළිය දකින්නේ .....ඒ 2007 - 2010යන වර්ෂ දෙක අතර මන්ද මොවුන් දෙදෙනාගේ උප්පත්තිය පැහැදි‍ලි නොවන හින්දයි.....

මේ ඉන්නෙ ඒ දෙන්න තමා
~ මේ දෙන්නගේ විශේෂත්වය තමා MTX Audio ආයතනය නිර්මාණය කරල තියෙන්නෙ රථ වාහාන වලට වීමයි ~


මෙයා අඟල් 22 Jackhammer 9922
______________________________________________________



එතකොට මේ ඉන්නෙ අඟල් 24 Jackhammer

~ මෙන්න මේ දෙන්න ගැන විස්තර පොඩ්ඩක් ~

Impedance
Dual 2Ω
RMS Power (Watts)
6,000
Rec. RMS Amplifier
Power (Watts)
3,000 - 6,000
Sensitivty
-
Voice Coil
6.5"
Magnet Weight (oz.)
900
Mounting Depth
21-1/16"
Cut Out Diameter
20-1/4"
Sealed Enclosure Net Volume
TBD
Vented Enclosure Net Volume
TBD
Speaker Displacement
1.8ft3
Volume Displacement (SD x XMAX) (in3)
267.84
Tuning Frequency
TBD

මේ තියෙන්නෙ මේ දෙන්න එළිමහනෙ ඉන්නකොට ගත්ත පින්තූර දෙකක්









































~ | මේ දෙන්නගෙ වැඩ බලන්න මෙන්න වීඩියෝ කිහිපයක්
| ~






"MTX Audio ආයතනය"
ගැන තවදුරටත් බලාගන්න මෙන්න ලින්ක් එකක් ගිහිල්ලම බලන්න


http://www.mtx.com/

Friday, February 25, 2011

Photosop වල Brushes වලින් වැඩදාන්න !


ඔයාලත් Photoshop එක්ක වැඩ කරනවනම් Brushes ගැන නොදැන ඉන්න විදියක් නම් නැහැ.මොකද
Photoshop වලට නැතුවම බැරි දෙයක් තමා මේ කියන කොටස මටත් හම්බුනා ඒ වගේ අළුත් Brushes ටිකක් කොහොමද කියල බලන්නකෝ....ඔයාලට තියෙන්නේ මේ වලින් කැමැති ඒව උඩ Click කරගෙන ඒ ලිපිගොනු ටික Copy කරලා අරගෙන ගිහිල්ල ඔයාලගේ පරිඝණකයේ ස්ථාපනය කරල තියෙන කෙටසේ

Program Files\Adobe\Adobe Photoshop xx \Presets\Brushes

කියන Folder ඇතුළට Paste කරන්න ඊට පස්සෙ මෘදුකාංගයට ගිහින් බැලුවොත් ඔයාලටත්  පෙනෙයි ඒකෙ ඇතුලේ Glow Brushes කියල අළුතින්
Brush එකක් එකතුවෙලා කියෙනවා...දැන් ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලම බලන්නකෝ......




මෙන්න Link එක ගිහිල්ලම බලන්නකෝ !!

Sunday, February 20, 2011

SSD දන්නවදෝ ????
ඔන්න ලංකාවටත් ඇවිල්ලා....


ඔන්න බලන්න ලෝකෙ හැටි කියන්නේ ??? දැන් ඉතින් හැමදේම එන්න එන්න පොඩිවේගෙන යනවා... ඉස්සරනං කොම්පියුටර් කියද්දිත් කස්ටිය සට සට ගාල වෙව්ලනවා...ඒත් අද වෙනකොට ඒවයෙ ගානක්වත් නැහැ..ඔන්න මටත් අහුවුනා ඒ වගේ පොඩි උන කොම්පියුටර් කෑල්ලක් පෙනුමෙන් වගේම වැඩ කරනකොටත් මෙයා ගෙඩක් ගණන් කෑල්ලක්,කස්ටියට මතක නම් මම මේ ගැන මීට ඉස්සෙල්ල ලිපියකිනුත් කිව්වා...ඔන්න කිව්ව වගේම දැන් ලංකාවට ඇවිල්ලා... ඔන්න බලන්නකෝ හැබැයි බලල ඔළුව එහෙම අවුල් කරගන්න එපා...හරිද ???

මම මේ ලිපිය ලියන්නෙ දැනගනීම පිණිසයි බව කරුණාවෙන් සලකන්න


මෙන්න (ලින්ක් | Link) එක ඔයාලම ගිහින් බලන්නකෝ !

Thursday, February 17, 2011

බෝපත් ඇල්ල දෙසට


බෝපතක හැඩයක් ලබාදෙමින් ඉතා මනරම්ව ඇද හැලෙන බොපත් ඇල්ල අපේ රටේ අලංකාරය කියාපාන අලංකාර දිය ඇලි එකතුවේ එක් මනරම් දිය ඇල්ලකි, කොළඹ - රත්නපුර මාර්ගයේ කුරුවිට පොලීසිය අසලින් හැරී මද දුරක් ගියවිට අගලවත්ත ගම්මනයෙන් බොපත් ඇල්ල අපට හමුවේ..දෙස් විදෙස් සංචාරයන්ට අශ්වාදය ලබා දෙමින් කඩා හැලෙන බොපත් ඇල්ල හෙක්ටයාර 6ක් පමණ රක්ෂිතය පුරා පැතිර ඇති බොපත් ඇල්ල විවිධ කඩ ඉම් කිහිපයකින් යුක්තය.මූලික වශයෙන් ඇල්ල ගලා එන දිය දහර  ගොඩබිම්  තීරයක් මැදි කරමින් දෙපැත්තකින්  ගලා විත් එකතු වී පහතට ගලා බසී, මෙහි ඇති විශේෂය වන්නේ ඉතා කුඩා වයසේ සිට වැඩිමහල් පිරිස් දක්වා දිය කෙලියෙහි යෙදෙන්නන්ට බොහෝම ආරක්ෂිත ස්ථාන බොහෝමයක් මෙහි තිබීමයි...
                                                එමෙන්ම මෙහි දියනෑමට නිරන්තරයෙන්ම මෙහි ඇදී එන පිරිස්ද බොහොමය.එ තරම්ම මෙම බොපත් ඇල්ල දෙස් විදෙස් වශයෙන් ජනාදරයට පත්වී තිබීමය...නමුත් ඇල්ල ඇද හැලෙන ඇල්ලේ පාමුල දියනැමට එතරම් සුදුසු ස්ථානයක් නොබන බව මතකයේ තබා ගන්න,එමෙන්ම වැසි කාලගුණයක් පවතින කාලයන්හී ඇතිවට අධිත සැඩ ජල පහරවල් හේතුවෙන් ඇල්ලේ පිහිට පර්වතයට නැගීමත් ඉතා අවදානම් කටයුත්තකි..එසේ කිරීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූවෝද බොහෝය.තවද බොපත් අසල පෙදෙස් තුළ මත්පැන් ගෙනයාමත් පානය කිරීමත් තහනම් කර ඇති නිසා මෙහි මත්පැන් පානය කරමින් සිටින පිරිස් දක්නට නොලැබෙන අතර ඒ හේතුවෙන් මෙහි වට පිටාව බොහෝසෙයින් සාමනාමී ස්වරූපයක් ගනී. කුරුවිට ප්‍රදේශිය සභාව විසින් බොපත් ඇල්ලට ඇතුල්වන පුද්ගලයින්ගෙන් රුපියල් 20ක මුදලක් අය කරන අතර කුරුවිට ප්‍රදේශිය සභාවෙහි අනුදැනුම මත සිදුවන සංචාරක ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් විදෙස් සංචාරකයින් අතර බොපත් ඇල්ල බොහෝසෙයින් ප්‍රසිද්ධියට පත්වී ඇත.එහෙත් දේශීය සංචාරකයින්ගේ නොමනා කටයුතු හේතුවෙන් බොපත් ඇල්ල මේවන විට විනාශ මුඛයට යාමේ අවදානක් දක්නට ලැබේ,බොපත් ඇල්ල හා  ඒ අසල වන වදුල පුරා බොහෝ කැලි කසල දක්නට ලැබීම බොපත් ඇල්ලේ සුන්දරත්වටය හානිකරය.එහෙයින් ඔබත් බොපත් ඇල්ලේ සුන්දරත්වය දකින්නට යන සංචාරකයෙකුනම් ඒ සම්බන්ධයෙක් මදක් සැලිකිලිමත් වී අනාගතයට සුන්දර බොපත් ඇල්ලක් ලබාදීමට ඔබත් සැලකිළිමත් වන්න

බොපත් ඇල්ලේ දසුන් කිහිපයක්





Friday, December 31, 2010


මේ ලියන්නෙ මගේ ජීවිතේ 33 වැනි බ්ලොග් පොස්ට් එකයි.......හ්ම්.......අවුරුද්දකුත් ගියා හරියට අද ඊයේ වගේ කියල දැනෙන්නේ.......මොනව කරන්නද ඉතින්....ගතවුන කාලය ඇත්තු දාලවත් අද්දනන බැහැනේ....කරන්න තියෙන්නෙ නැතුවුන දේවල් වලට වඩා ලැබෙන දෙයක් ගැන හිතාගෙන ඉදිරිය සාර්ථක කරගන්න හිතාගෙන මේ අවුරුද්දෙවත් සුභ වෙන්න කියලා පතන එක තමා....ඔයාල හැමෝටම සාමය සතුට පිරුණු ......ආදරය කරුණාව.....දයාව.....ලෙංගතුකම...සියල්ල එක්තැන් උණු කිසිම කරදරයක් නැති....සුභම සුභ නව වසරක් වේවා.....කියල පතනවා....

Saturday, December 25, 2010


ඔන්න හැමෝටම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා.....!!!!

Friday, December 24, 2010

වාහනේ කළු පෙට්ටිය බිම ඕයි...!!!

හික් හික්.....දැන් කස්ටිය බලනව ඇති මම ගුවන් ගතවෙන්නද හදන්නෙ කියලා.....නේද ??? අනේ මම තාම හඳවත් දැකපු නැති බෝ පැල වැගේ හැදුන කොල්ලෙක්....මම  මේ කියන්න යන්නෙ මට උන සිද්ධියක්......කොටින්ද කිව්වොත් මම කාපු කට්ටක්....මේ සිද්ධිය වෙලා දැන් දවස් කිහිපයක් වුනා....වේලාව හවස 6.30 විතර වැඩ අහවර වෙලා ගෙදර එන්න කියල වේවැල්දෙණියේ සිට මීරිගම බලා ධාවනය වෙන 196 මාර්ග අංකයට අයත් මගී ගෙනයන රථයකින් ගෙවල් පැත්තට යන ගමං හිටියෙ...පොඩ්ඩක් විතර ක්ලයිමේට් එක චාටර් වෙලා තිබ්බෙ....අම්බානෙකට නාගනෙ ඇවිල්ල නැග්ග බස් එකට....බස් රථය ගැන කිව්වොත් ඒක Mitsubishi Rosa Bus එකක්.. වාහනේ නම් හොඳ ත්තවයේ තියෙනවා...කොහෙම හරි හවස 6.40ට විතර වේවැල්දෙණියෙන් අපේ වාහනේ පිටත් උනා...ඔන්න දැන් යනගමන් මගින් ටිකක් අම්ස්ට්‍රෝන් ලොක්ක වගේ...පදමට ගුවන්ගත උනු අයියල දෙන්නෙකුත් ගොඩ උනා......තව ඉතින් ඒ වෙද්දි වාහනේ 12ක් විතරත් හිටියා.....වට පිටාව දැන් නුවර එළිය වගේ......බොහෝම මංද ගාමී...ඔන්න ඊයෙ යන්න තිබ්බ ගමනක් අද යන්න වගේ ඇට මැස්සෙක් වගේ බයිසිකල් කට්ටක් රූං ගාල ඇවිල්ල අපි යන වාහානෙත් ඉස්සර කරගෙන යන ගමං ඩැයිවර් අයියන්ඩිට මොනවදෝ කියල ගියා...අයියත් ඉක්මනව වාහනේ නැවැත්තුව....අපි අම්බානෙකට හොල්මං සීන් එක හිංද.....

ඔය තියෙන්නෙ අපේ සීන් එකේ හිටපු ජාතියේ හීරෝ තමා

                                        මොනව කරන්නද ඉතින් අර ඉස්සෙල්ල කියපු අම්ස්ට්‍රෝන් අයියලත් ඩැයිවර් අයියට කලින් වාහනෙන් බැහැල වාහනේ පිටිපස්සට දිව්ව්...දැන ඉතින් ගිහින් විනාඩි දෙකක් විතර වෙනවා...කිසි සද්දයක්වත් නැහැ අර අම්ස්ට්‍රෝන්අයියලත් නැහැ....බැරිම තැන මමත් බැස්ස.....වැස්සෙම....පොඩි පොඩි සද්ද ටික්ක ඇහෙනවා වහනේ පැත්තකින්.....මම සොරා වගේ ගිහින් ඔලුව දැම්ම මොකකද සීන් එක කියල බලන්න......අම්මටසිරි වැඩේ තවත් චාටර් වෙලා වගේ......අර අයියල දෙන්න බලාගෙන ඉන්නවා.....ඩැයිවර් අයිය....වහනනේ යට...මමත් ගිහිං බැලුව සීන් එක මොකක්ද  කියලා....මලලසේකරයි කිව්වලු වාහනේ ඩීසල් ටැංකිය ගෙම්බ පොලේ ගැහුව වහේ බිම......දැන් මට තේරුණා අදත් පුල් නයිට් ඩියුටි වගේ කියලා...වෙලාවත් බැලුවා....වෙලාව 6.54ට විතර ඇති......ඔන්න ඉතින් බස් එකේ හිටිය තවත් දෙන්නෙතක් බැහැල ඇවිදින්.....සියල්ල දත් වගේ උපදෙස් දෙනවා හෝ.... කියලා..... 
ඇත්තටම කිව්වොත් උපදෙස් දෙන්න කස්ටිය හියිට කිලෝ ගානට ඒත් උදව්වට බල්ලෙක්වත් හියියෙ නැහැ...ඒකයි දුක් සීන් එක්....ඔන්න මමත් බෑග් එක පැත්තකින් තියලා...ඩැයිවර් අයියට ගාවට ගියා...ගිහිං අර අම්ස්ට්‍රෝන් අයියලගෙන් සීන් එක ඇහුවා.....ඔන්න එකෙක් කියනවා..(අම්බානෙකට පොර ගුවන්ගත වෙලා හිටියේ ඒ වෙද්ද ඒ වෙරි පිටම මනුස්සය කියනවා)..මට මේ මල්ලි ගැන දුකයි මල්ලී.....මොනා උනත් අවංකයා......  කියලා....මුං දෙන්නට දැන් මේක මළගෙයක් වෙලා වගේ....මමත් ඉතින් ඇහුවා උන් දෙන්නගෙන් අයියා මොකද වෙලා තියෙන්නෙ කියාලා...ඒ පාර  අර මොඩ රාලල දෙන්නගෙන් එකෙක් කියාපි......මල්ල වාහනේ කළු පෙට්ටිය වැටිල ඕයි...! කියලා.....අපි කස්ටියට සෑහෙන වෙලාවක් යනකං අර ගගන ගාමියන්ගෙ ශෝකාකූල කථා අහගෙන ඉන්න උනා...වාහනේ හදල ඉවර වෙකම්ම ඒ දෙන්න දුක්ගන්නාරළල වගේ  මේ මල්ලි ගැන දුකයි මල්ලී..කිය කියා හිටියා....අන්තිමට වාහනෙත් හදාගෙන ගෙදර එද්දි රෑ 8.15 විතර උනා....

Thursday, December 23, 2010

ගමනට අවුරුද්දයි....!!!!

මේ කියන්න යන්නෙ මං ගැන තාම....දැන් ඔයාල නම් මාව දන්නව ඇතිනෙ නේද ???? ගිය අවුරුද්දෙ මේ වගේ දවසක අපේ සහෝදරයො  වගේ ඉන්න දර්ශන මලයයි කනිශ්ක සහෝදරයයි..Usermax පරිඝණක ආයතනයෙන් කරපු TechnoMAX - 2009 එකේ තාක්ෂණික ප්‍රදර්ශනයට වැඩ කරන ගමන් මම අපේ දර්ශන ගේ සටහන කියවන්න අවස්ථාවක් ලැබුනා....කියවගෙන යද්දි තේරුණා.....මේක ගොඩක් වැදගත් ගතියක්...ඊට පස්සෙ මම දර්ශනට කිව්ව..මටත් බ්ලොග්  එකක් ලියන්න ඕනි කියලා....ඊට පස්සෙ මම මේ ගැන කනියටත් කිව්ව....අපරාදෙ කියන්න බැහැ...කියපු ගමන් උදව් කරන්නම් කිව්ව...ඔන්න එතනින් පටන් ගත්තු ගමන මේ වෙනක්ං ගොඩක් දුර අරගෙන ආවා...ඔය අතර සංජය සහෝගෙන එහෙම ගොඩක් උදව් ලැබුනා....මට කියන්න තියෙන්නෙ මගේ බ්ලොග් ජීවිතය වෙනුවෙන් මට උදව් කරපු හැමදෙනාටම....නම් අයුරින් උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං...

Monday, December 20, 2010

අවාරේ අම්බුළුවාවට ගිය ගමන

මේ පොස්ට් එක ලියන්න ටික දවසක් වෙනාව දවස හරියට කිව්වොත් 2010 ඔක්තොම්බර් මාසෙ 3 වූ ඉරිදා දිනය....කලින් දා රාත්‍රියේ යොදාගත් පරිදි අපේ 5 දෙනෙක් යුත් අපේ කල්ලියතුත් අරගෙන උදෙන්ම අම්බුළුවාව බලා යාමට ගමන ආරම්භ උනා....ගමනට කොහාමත් පැය 1 1/2 ක් පමණ ගත විය...කෙසේ හෝ වෙලාව උදෑසන 10.30 විතර වෙද්දි අපිට අම්බුළුවාවට එන්න පුළුවන් උනා....ඒත් අම්බුළුවාවට යනා වාරටක් නම් නොවයි....කොටින්ම කිව්වොත් අපි මේ කරන්න යන්නෙ අවාරෙ අම්බුළුවාව තරණයක්....ගමන අවදානම් උනත් අපි ඔක්කොම එක යායක කියල ගමන අරම්භ කළා...කිව්වට මොකද ගමන නම් ලේසි උනේ නැහැ....මොකද ඒ වෙද්ද අම්බුළුවාවට වැස්සෙන් ගොඩක් අවහිරයන් සිද්ධ වෙමින් තිබ්බෙ...අපි යද්දිත් පෙම්වතුන් පිරිස් 2ක් පමණයි හිටියෙ....ඒත් ඒ වෙද්දි නම් එච්චර වැස්සෙන් බාධාවක් උනේ නැහැ...පස්සෙ පස්සෙ තමා අපිට ටිකෙන් ටික බාධාවන් ආවේ...කොහොම උනත් අපි ඒ ඔක්කොම කාගෙන නාගෙන අම්බුළුාවට ගෙඩ උනා....ඒත් හැබැයි අම්බුළුවාවට යද්දි අපි ඔක්කොම තෙමිච්ච කාක්කො වගේ.......ගමන ගොඩක් අවදානම් වගේම ගොඩක්ම වෙනස් අද්දැකීමක් උනා....ඔන්න මං ගානෙ ඔයාලටත් ඒ ගැන දැනගන්න කියල එහෙදි ගත්ත ඡායාරූප ටික දැම්ම බලන්නකෝ....


මේ ඉන්නෙ අපේ රියදුරු තැන වගේම අපි හැමෝගෙම අතිජාත මිත්තරයා.....අවංකයා......නම - තරිඳු ජයසංක












මෙය හුදෙක් උත්සාහයක් පමණක් බව කරුණාවෙන් සලකන්න...!

සහෝදරත්වය....!


අපෙන් එකෙකි මේ මිනිසා....! ඔහුගේ තවත් උත්සාහයක්





උඩ දාල තියෙන බෝඩ් කෑල්ල කියවලම බලන්නකෝ.....(ලොකුවට බලන්න ඒක උඩ කොටන්න)



අපේ අනාරාදිත අමුත්ත......




සොබාදහමත් අලසයිද මංද කාලගුණයේ වැරැද්දෙන්







අපේ කස්ටිය......

මෙතනින් එහාට තනිකරම මීදුමේ තමා......!






















ආපහු එන්න උනෙත් මේ මීදුම මැදින්ම තමා....