Saturday, August 25, 2012

මගේ අර්ධ ශතකය | Half Century

මේ මම බ්ලොග් ලියපු ජීවිතේ 51 වන බ්ලොග් ලියවිල්ලයි....දර්ශන මලයයි කණි සහොයි දෙන්නගේ උදව්වෙන් මම 2009 දෙසැම්බර් මාසේ බ්ලොග්කරනයට ආවා.... අදටත් මගේ බ්ලොග්කරන ජීවිතේ වීරයෝ දෙන්න තමා දර්ශන මලයයි කණි සහොයි  කියන මගේ මිත්තරයෝ දෙන්නා. මාස 30ක් තිස්සේ මගේ ජීවිතේ මට හම්බ උනු ඔයාලට වැදගත් වෙයි කියන හැමදේම ඔයාලත් එක්ක හිතට අවංකව බෙදා ගත්තා....මේ බ්ලොග්කරනයෙන් ගොඩක් යාළුවෝ හම්බ උනා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බෙදා ගත්තා බොහෝ සතුටුයි ඒ ගැන...අනිත් අයගේ පොස්ට් එකක බලද්දි මම ගොඩක් පාත ඇති..නමුත් මම ඔයාල එක්ක බෙදා ගත්තේ මනසට අසවිද්නයක් කලාවත් එක්ක දැනුමත් ලැබෙන දේවල් තමා.. මගේ මේ බ්ලොග් ලියවිලි වලින් මේ ලෝකෙ කව්රු හරි කෙනෙක් දෙයක් ඉගෙන ගත්ත නම් දෙයක් දැන ගත්ත නම් රසයක් විනෝදයක් ලැබුවා නම්....මට ඕනි අන්න ඒ දේ විතරයි.  දර්ශන මලයයි කණි සහොයි   කියලා දුන්නු අන්න ඒ බ්ලොග්කරනය මට වැරදි දේකට පාවිච්චි නොකර මනුස්සයගෙම යහපතට ගන්න ලැබුනු එක මට  ලොකු දෙයක්.... කොහෙන්වත් කොපි නොකර අවංක ලිපි 50 දැම්මා.... වැරදි ඇති ගොඩක් ඒවා පෙන්නුවා ඒ වගේම කමෙන්ට් නොකලත් කලත් ගොඩක් අය මගේ ලියවිලි බලන්න ඇති ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.. මගේ ගමන අනිත් අයත් එක්ක බලද්දි ඉබි ගමනක් වෙන්න ඇති නමුත් දර්ශන මලයයි කණි සහොයි මට දුන්නු ශාස්තරේ මමත් මේ වගේම ගොඩක් අයට කියලා දුන්නා...ඒ වගේම එයාලත් ඒ දේ ගොඩක් දුරට මට වඩා උසස් විදියට බ්ලොග්කරනය කරගෙන යනවා... ඇත්තටම දකිනකොට ඇස් බර වෙනවා... කොහොම උනත් ඉස්සරහටත් මම මට හම්බෙන මගේ ලෝකේ අරුම පුදුම යහපත් දේවල් විනේද ජනක දේවල් ඔයාල එක්ක බෙදාගෙන ජිවත් දෙන්නයි මගේ බලාපොරොත්තුවා

මේ තියෙන්නේ මගේ පළවෙනි බ්ලොග් ලියවිල්ල


Friday, August 24, 2012

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් :P


 මේක අපේ ගමේ උනු පට්ට සිද්ධියකි...කනාවට මෙන් මාස 6ක් පමණ පරණය. අපේ ගම ගැනත් කියනවා නම් අපේ ගමේ නම ලින්දර.....මීරිගම - වේවැල්දෙණිය පාරේ තියෙන ගම් අතුරින් වැඩිම පවුල් කොටසක් ඉන්නේ අපේ ගමේලු...  ගමේ වැඩි පිරිසකගේ ජීවන උපාය ගොවිතැන. අපි වගේ වැදගම්මකට නැති අන්ඩපාලයෝ විතරයි ඔය කියන ගොවිතැන් රක්සවා කරන්නේ නැත්තේ. අපේ ගමේ හිටියා වඩු වැඩ රස්සාව කරගත් මනුස්සයෙක් එයාගෙ නම සිමියොන් කියලා තමා හැමෝම කියන්නේ .මනුස්සයගේ ගමන ඉතින් දුප්පතාගේ හිතවතා උනු බයිසිකලේ...ඔයාලා අහලා තියෙනවාද රැලේ කියලා බයිසිකලයක් බොහොම පරණ ජාතියේ එකක් අර අපි ඉස්සර 11 වසරෙදි බයිසිකලේ කියලා සිංහල පොතේ තියෙන කථාවක් මතකද ?

ඔන්න බලන්නකෝ ඒකාලේ රැලේ බයිසිකල් වලට තිබ්බ මාර්කැට් ඇහ්...


රැලේ බයිසිකල් ගැන දැන ගන්න  

කොහොම උනත් අපි සිමියොන් කියන නම අගට මාමා දමා සිමියොන් මාමා කියා අමතයි..ගතිගුණ අතින් සිමියොන් මාමා ඉහලයි...පොඩි වැරැද්දකට තියෙන් ඉතින් බීමත්කම තමා...මනුස්සයා පට්ට කලාකාරයෙක්....කොයි වෙලාවෙත් සිංදුවක් කියාගෙනම තමා වැඩ....බොහෝම ගුණ යහපත්....මනුස්සයා බීපු වෙලාවට පොඩි එකෙක් වගේ කියලයි ගමේ අය කියන්නේ...කාටවත් කරදරයක් නැහැල්ලු...ගේ දොර ඉඩ කඩන් ගොඩන් නොතිබුනාට අනිත් හැම අතින්ම පොහොසත්ය මනුස්සයෙකි....ඔන්න දවසක් සිමියොන් මාමා වැඩ කරලා හවස එන ගමන් පොඩ්ඩක් දාගෙන එහෙම හයියෙන් සින්දුවක් කියාගෙන එනවළු....ඔයාල දැකලා ඇති සමහර මිනිස්සු බීපුවහම හයියෙන් සිංදු කියන්නේ....අර අපේ අම්මලා කියන්ගේ ගිරිය කඩාගෙන කෑගහනවා කියලා...අන්න ඒ විදිහ මතක් කරගන්නකෝ...ඉතින් මේ මනුස්සයා ඔය විදියට හයියෙන් සිංදුවකුත් කියාගෙන හිමීට බයිසකයත් පැදගෙන එනවලු....මේ සිද්ධිය උනු කාලේ අපේ ගමේ කොල්ලො සෙට් එකක් ඉන්නවා බොහොම රථ ගාය තියෙන ඇත්තට කිව්වොත් මහ රෑ 12ට 1ටත් මුන් අපේ ගම මැදින් ගමන යනවා මහා සද්දෙන් ....කන්දොස්කිරිය්වේ බැහැ....අන්න ඒ කොල්ලෙක්ගෙ ගාව තියෙනවා ඇස් ගෙඩි දෙක පොල් සයිස් උනු කොල්ලෝ නම් කියන්නේ XXL (එහෙම නැත්නම් ඩබල් එක්ස් එල්) කියලා මේ මොටෝ සයිකලේ තමා ඒ දවස්වල අපේ නින්ද නැති කරන කරදරකාරයා.....බයිසිකලේ එන්නේ කොහෙන්වත් සද්දේ ඇහෙන්නේ කොහෙන්වත්.....හප්පේ සද්දේ...මහා කරුමයක්...ගමේ මිනිස්සු වෙලාවට බයිනවා මුන්ට....එයාලා කියන විදියට ගමේ උදේට කුකුළාගේ සුමිහිරි නාදය වෙනුවට මේ මිනිස්සුන්ට ඇහෙන්නේ මේකා මොටෝ බයිසිකලේ රේස් කරන සද්දේලු..පව් අප්පා අසල්වාසියෝ. අපේ වෙලාවට අපි ගමේ පහල කොලසේ...මේක ඉන්න ඉහල කොටසේ. ඔය ගොතයා ගැන ලියන්න ගියොත් ලේ කෝප වෙන හිංද ඒකව පැත්තකට දැමු. ඔන්න අපේ කථා නයකයා ඒ කියන්නේ අපේ සිමියොන් මාමා දවසක් පාරේ හයියෙන් සිංදුවක් කියාගෙන එනවළු.....

ආයෙත් මොනවත් ලියන්නේ නෑ උඹ වෙනුවෙන්....

ගමකට හිතන්නේ නෑ ...


උඹට ලියු හොර ලියුන් අපරාදේ.....

කසාය නොව අද බොන්නේ සරුවත්.....
මේ සිංදුව අර ස.නි.ධ.පා එකේ සංගීත් කියන පුරසිද්ද සිංදුවක් හරය. සිංදුවක් කිව්වට මේකේ පද කෑලි අඩුයි ඇහ්...මොකද මාමා මේක කියන්නේ සිහියෙන්නේ... : P ඔන්න ඉතින් අර කොල්ලා හෙනයක් ගහන් නැහැ...වේගෙන් ඇවිදින් මාමාවත් පහුකරගෙන ගියාලු....හැබැයි වාහනේ මාමාව පහුවෙනවකත් එක්කම කව්දෝ හයියෙන් බුදු අම්මෝ....  කියනවා ඇහිලත් තියෙනවා.මාර සීන් එක සිමියොන් මාමා පාරේ නෑ....වටේ හිටිය කස්ටිය හිතලා තියෙන්නේ අර බයිසිකල් කොල්ලා අපේ සිමියොන් මාමාව හැප්පුම තමා කියලා.... කස්ටිය දුවගෙන ඇවිදින් හෙයලා බලනකොට අපේ සිමියොන් මාමා බයිසිකලෙත් තල්ලු කරගෙන ගෙඩ වෙනවලු ලොකු ඉලුක් ගාලක් දෙබෑකරගෙන ...වෙලා තියෙන්නේ මාමා අර මොටෝ බයිසිකලේ සද්දේ බයට බයිසිකලේ පාරේ අයිනට කපලා...ඒ එක්කට මාමායි බයිසිකලෙයි දෙන්නම පාලනයෙන් මිදිලා.....යකා ගැහුවා වාගේ ඉලුක් ගාලකුත් දෙබෑකරගෙන ගිහින්....හැබැයි පොඩ්ඩක් පොඩ්ඩක් තුවාලයිලු....හැබැයි මාමාට ගානක් නැහැල්ලු....පාරට ඇවිදින් වට පිටි බලපු මාමා ආයේ බයිසිකලේ නැගලා ආයේ සිංදුවත් කියාගෙන ගියාලු මෙන්න මෙහෙම

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්....

කොහොම උනත් අදටත් සිමියොන් මාමා තාමත් ඒ වගේමලු සිංදුවෙන්මලු ගමන.. කොල්ලො අදටත් ඉතින් බයිසිකල් පෙරලගෙන තුවාල කරගෙන ආපුවහම ගමේ මිනිස්සු විහිළුවට වගේ කියනවා ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් කියලා  බයිටි කරනවා..

Thursday, August 9, 2012

තවත් එකෙක් මෙන්න බලා ගනිල්ලා !

පට්ට ආදරේ කට්ට කරවල උනු කාලොකට අහන්න කියාපු සිංදුවක්. ටිකක් නව තාලෙකට ලියලා කිව්වට...අදහස නම් හරි අපූරුවට තියෙනවා..ගොඩක් වෙලාවට ආදරේ දිනනවා අඩුයිනේ..මොකද හිංදි චිත්තර පටි වල වගේ දුෂ්ඨයෝ වැඩීනේ...එන්න ඒවගේ වෙලාට ලුණු කෑවත් ඇති  විස වෙන්න...කොහොමත් අදරේ භයානකයි..


සැ.යු. -  කොල්ලන්ගේ පහන් සුව පිණිස මේ ගීය උපහාරයක්ම වේවා !


තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//

අපි අල්ලාගෙන සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන සිටිනවා දුටුවම

කඳුළු නොවැටුනට දුකක් හිතෙයි අපිට
ඒ විතරක්මද හිනත් යනව තවම
සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ......

තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//

වෙන කොල්ලන් ගැන අපිට කිව්ව ලෙසම
අප ගැන අද උඹට අන්දා කියලා ඇත
ඔරවාගෙන අපිට අද උඹ හිටියාට
අපිටත් අද වගේම ඔරවයි හෙට උඹට

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ......

තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//