Saturday, September 22, 2012

මම පොඩි කාලේ - 3 වන කොටස
(ලොවෙත් නැහැ මෙහෙම කාලයක්)

අලෝස් අලෝස් ....බැක් ටු දි ස්ටෝරි පාට් තුන..... මෙන්න ගෙනවා අච්චාරි පැණි බූන්දි....කොත්තු එක්කලා එකට කලවම් කරපු ලොවෙත් නැති අබිලිත් අප්සැට්.... කතාන්දර මාලාවේ ඊළඟ කොටස  - මම පොඩි කාලේ 3 වන කොටස



මම දෙවනි කොටසේ  මගේ ජීවිතේ පල්ලම් බැහැගෙන බැහැගෙන ඇවිදින් බස් එක එක පාරටම හෝල්ට් එකකට ගැහුවා...ආහ් ලොවෙත් නැහැ.... අත් දිගට කකුල් දිගට අඳින්න ලැබෙන ජීවිතේට එක පාරක් විතරක් යන්න ලැබෙන වසරවල් වලින් එකක උනු 10 වසර....හ්ම්... අදත් මම වැඩ... ආෆ් ඩේ..... ඒ උනාට කොච්චි අයියලට පින් සිද්ධ වෙන්න 1.45 විතර දෙමටගොඩින් කොච්චියට නගින හිතාගෙන ආපු මට කොච්චිය එනකොට 2.43යි අනේ වාසනාවන්... ආසියාවේ ආශ්චර්ය... රේද්***මා ..ඇවිදින් මීරිගමින් බහිනකොට 5.05යි... කොච්චියේ එකා ඒක එලවන්නේ මිනිස්සුන්ව ගෙදර එක්කන් යන්න හිතාගෙන නම් නෙවෙයි මනුස්සයා පිකිනික් යනවා වගේ.....හිමීට හිමීට එළවන්නේ... ඒ අස්සේ ප්‍රවාහන ඇමති ටෝක් කරනවා සම්පූර්ණයෙන්ම පරිඝණක ගත තරන ලද ප්‍රවාහන සේවයක් 2015 දි මිනිස්සුන්ට දෙන්න... ප්‍රවාහන ඇමති ලොවෙත් හිනයක්ද කොහෙද දැකලා....

අයියෝ සල්ලි කිව්වලු... කථාවෙන් කථාවෙන් අපි අබිලික් කතාවෙන් ඔළියට පැනල නේද ?සොරි ආහ්.... මොනවා කරන්නද ආද කාලේ පාරේ තොටේ ගිහින් එනකොට අම්බානෙකට ලේ උණු වෙලා එන්න වෙලා තියෙන්නේ....හ්ම්... අනේ මන්දාමෙහෙමත් ලංකාවක්...

ඔන්න ඉතින් මට ඉස්කෝලේ 10 වසරට ආවා. ඒ කියන්නේ ලොකු අයියලගේ පන්තිය .ලොකු අයියල කිව්වට වයසින් නෙවෙයි අනිත් පැත්තෙන් ආහ්. ඔය චන්ඩින් පවා මෙල්ල වන ලේ උණු විප්ලව වාදින් හිටිය 10 වසර. ඇත්තට කිව්වොත් ඔයාලටත් සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම පරිස්සම් කරගන්න ඕනි කාලේ ආහ්. කොල්ලෙක් නම් ටිකක් විතර ලේ කෝප උනු ගමන් හිංදා. මචං අරූට දෙකක් අනිමු** කියද්දිම අනේ අරූට දිල ඉවරයි. ගන්න දෙයක් නැහැ ....... ආය් ලොවෙත් නැහැ. කෙල්ලෙක් නම් ඉතින් කියනවා වගේ නොතේරෙන වයසට අපි හැමෝම ඔය හොයන ආදරේ කියලා එකක් ඔය10 වසරේ ඉන්න කාලේදි මල් වට්ටියේ දාල පුද පූජා පවත්තනවනේ... ඒක හිංදා 10 වසරේ ඔයාලගේ මල්ලිලා නංගිලා ඉන්නවා නම් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මෙනම විදියකින් හරි 10 වසරෙදි නිසි විදයට ආතල් එකේ දැහැමින් සෙමින් පොඩ්ඩක් විතර පොඩි පොඩි වලියකුත් දාගෙන කාට හරි දෙකක් ඇනලා, ඒවගේම තව එකෙක්ගෙන් ගුටි කාල ඒහෙම නිවැරදි විදියට 10 වසරෙන් 11 වසරට ගෙනාවොත් ආයේ අල්ලන්න දෙයක් නැහැ ලොවෙත් නැතිවෙන්න ඉගෙන ගන්නවා ඈහ්... අත්දැකීමෙන් කියන්නේ ආහ්... මමත් ඔය කියන ජාතියේ පොරක්.... 10 වසරෙදි අපි කාලේම 1 වසරේ වැඩ. අපේ ඉස්කෝලේ ලොක්ක අපිට කියන්නේ එහෙමයි.

" ඉස්කෝලේ ලොකු අයියයලා අක්කලා ඉන්න ඕනි නංගිලා මල්ලිලාට ආදර්ශයක් වෙන්න කියලා "

මොන පිස්සුද'........
 ඒ පොඩි උන් අපි දිහා බලන් හැදුනොත් අපි වගේම අන්ඩ පාලයෝ තමා. මොකද ආයේ ජීවිතයක් නැති වෙයි. ලොකු අයියලා අක්කලා උනාට 10 වසරට එනකොට 10 කියන අංකේ තියෙන බිංදුව හැලිලා 1 වසරේ ළමයි වෙනවා. කොයි වෙලාවෙක් පිට්ටනියේ.. එනිත ඉගනෙ ගන්නකොටත් මේ ලෝකේ සිහියක් නැහැ ඉන්නෙම හීන ලෝක වල. අපිට ඒකා කරපු සෙල්ලම් දෙක තුනක් කියන්නම්කෝ

ගැහැණු පිරිමි Cricket මැච්

ගස් පැන්නා

කොට්ටන් තැලුවා (එදාට ගෙදර ගිහිල්ලත් ඉවරයි.. ඇත්තම පොඩි උන්ගේ වගේ කමිස කලිසම් පුරාම දම්පාට පැල්ලම්....ඒවා හේදුවට යන්නෙත් නැහැ)

අල්ලන සෙල්ලම් කලා 

ආහ් කියන් අමතක උනා... අපි උන්නේ 10 වසරේ අනත් ඒ කාලේ තිබ්බ පට්ට ආසම සෙල්ලමක් තමා හැංගිමුත්තන් සෙල්ලම. පොඩි උන් වගේම එකේ ඉඳන් සීයට ගණන් කරලා පිරියඩ් දෙක තුනක් ඉවර වෙනකංමුළු ඉස්කෝලේ පුරාව හැංගිලා ඉන්න අනිත් එවුන් හෙයන එක. මේක කණ්ඩායම් සෙල්ලමක්.... 10 දෙනෙකේ ගණන් කරනකොට 10 දෙනෙකේ හොයන්න බැරි තැනක් හැංගෙනවා. 

මරේ මරු ආහ් මතක් වෙනකො හිතට මාර දුකයි. මට ආයෙත් ඉස්කෝලෙ යන්න ඕනි කියලා හිතෙනවා.

අපිට ඒකාලේ පුදුම ඇමේනියා තිබ්බේ. හැම වෙලේම පුදුම අත්හදා බැලීම් කලේ. ඔන්න දවසතක් අපි පන්ති කාමරේ දොර අඩවල් කරලා දෙර උඩින් කුණු පුරවපු කුණු බාල්දියක් තියලා දෙන්නෙක්ව යැව්වා එකෙක්ව එක්කන් එන්න. පට්ට අදහස්. හැබැයි මොංගල් අසික්කිත අත්හදා බැලීම්. අපේ ඉල්ලක්කය එනකන් අපි බලාගෙන හිටියා. හුටා මෙන්න බෙලේ පිනා ආපි පන්තියට....කියන්නත් දුකයි...ඒත සතුටුයි. විද්‍යාවෙන් කියනවා නම් අපි සාර්ථක ඇටවුමක් පරික්ෂාවට භාජනය කරා. ඒක සාර්ථකයි. දුකයි කිව්වේ අවේ ඉලක්කය උනු එකා ආවේ ඊට පස්සේ හිංදා.



" ලොක්කා - ඔක්කොලමලාම යනවා මගේ ඔෆිස් එකට..... මම ඇවිත් මේ ගැන බලාගන්නම් "

ඇත්තමට ඒ අතින් අපේ පන්තියේ කෙල්ලෝ ටික අදහන්න ඕනි. උන් එකෙක්වත් පිනා ඇහුවට කව්ද කලේ කියලා අපිව පාවා දුන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔක්කොම කෙල්ලෝ කොල්ලන්ට එන්න කියලා තරු පේන්න වේවැල් පාරක් දුන්නා. අනේ ඉතින් අපේ පන්තියේ කෙල්ලෝ ටික මෙනදේ කලාත් අපිට බැන බැන පන්තියට යනවා. ඒ එක කථාවක්...

මෙන්න ඒ වගේම තවත් මොංගල් අසික්කිත සිදුවීමක්...

මේක උනේ අපි අපේ දෙවනි වාරේ පටන් ගත්තු දවසේ අද වගේ මතකයි. එදා හැබැයි වැහි බර දවසක් අපි පුරුදි විදියට වැස්සටවත් ඉස්කෝලේ නොගිය අපි හැමෝම පුරුද්දට වගේ වාරේ පටන් ගන්නකොටයි... වහනි දවසටයි අනිවාර්යෙන්ම ඉස්කෝලේ ආවා. ඒක පුරුද්දට වගේම බෙහොම ආසාවෙන් අපි කලේ.... ඒකට හේතුවක් තිබ්බා

ඒ තමා...

1. හයියෙන් සිංදු කියන්න ලැබුනු හිංදා
2. ඉස්කෝලේ පුරාම ඇවිදින්න ලැබෙන හිංදා
3. කොල්ලෙක්ගේ භාෂාවෙන් කියනවා නම් කෙල්ලන්ට ටෝක් කරන්න බැබුනු හිංදා
4. දවසේ වැඩි හරියක් කැන්ටින් එකේ ඉන්න ලැබෙන හිංදා....(පිනා වහින දවසට එළියට බහින්නේ නැහැ....උගේ සුදු දික් කිලිසම තෙමෙයි කියලා....හිකිස්......)

5. අපිට ඔහේ වල්පල් දොඩව දොඩව ඉන්නයි කැමති වෙලාවක් කන්න පුළුවන් හිංදයි.

ඔන්න ඉතින් දෙවනි වාරේ පටන් ගත්තු හිංදා අපේ පන්තියේ ඔක්කොම වගේ ඇවිත්... ලොකු නිවාඩුවකට හිංදා අපිටත් කියවන්න සෑහෙන්න දේවල්...වහින නිසා මිදුල් අතුගාන්න දේකුත් නැහැ. නියමයි. අපිත් ආසාවෙන් හිටියා. ඔන්න ඉතින් එළියට පැනලා අනිත් පන්ති අස්සෙත් කරක් ගහන ගමන් නිවුස් එකක් ආවා ලොක්කා එළියට බැහැල අපි ඉන්න පැත්තට එනවා කියලා. පොඩි උන් කියපු නිසා අපි හිතුවේ විහිළුවක් කියලා. මොකද අපි ඒ වෙනකොට ශිෂ්‍ය නායකයෝ හිංදා. ඒ උනාට අපිතමා අන්ඩපාලම වැඩ කලේ... පන්තිවල වලි යනකොට අපි කරන්නේ බේරන්න ගියලා බැජ් ගහගෙන එතනට දිවනවා.පිනා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට බැජ් සාක්කුවල...අපි රජ ඉබ්බෝ කාටුන් එකේ වගේ තමා වටේටම නෙලනවා....හරියට උඩරට පැතේ තේ අක්කලා නැන්දලා තේ දළු නෙලනවා වගේ බලන්නත් ආසයි රමණියයි... දන්න එකාටයි නොදන්න එකාටයි..... ඒකාලේ අර ඉස්සේලාම කිව්ව වගේ විප්ලව වාදි යුගයක්.. අපි වලිවලට ගියහම අහලා ගහන්නේ නැහැ ගහල අහන්නේ හේතුව මොකක්ද තියලා. ඒකෙත් අමුතුම ආත්ල් එකක් තිබ්බා.....

ඔන්න අපිත් ලොක්කෝ වගේ ලොක්ක එනවා කිව්ව දිහාවටම ඇදුනා. ආසනේ සරෝජිනි කිව්වලු... යකෝ වලියක්... අපිටත් ඉතින් දැක්කහම කහනවා කහනවා වගේ... ගැලෙව්වා බැජ්..දැගත්ත සාක්කුවට.. පැන්නා වලිය මැදටම... දන්න විදියට 10 වසරේම වලියක්...ආදර හුටපටයක්.... එක මලයි බඹරු දෙන්නයි. පොදු ගුණාකාරයක් නැති සීන් එකක්... ඒ කියන්නේ කෙල්ලට විච්ච දෙයක් නැහැ වලියක් විතරයි. අපිට ඒ කිසිම දෙයන් අදාල නැහැ... අපිත් ඉතින් අදිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා... පැන්න වලිය මැද.... වටේට වෙලා සීන් එක දිහා බලාගෙන ඉන්න එවුන්ගෙන් පුල් සප් එක....විසිල් එකයි බල්ටි දෙකයි....ෆිල්ම් එක ලොවෙත් හිට් වෙනවා....

"මචං අරූ තමා උඹට ගැහුවේ......"

"මචන් අන්න අරූ පැනල යන්න හදන්නේ..."

"අඩේ කවුද අපේ උන්ට ගහන්නේ.... හු*** *තා..... අහුවෙයන්කෝ පිටදී දෙන්නම්..."
(ඒවා ලියන්න බැහැ මාව අසැබි ඒවා ලිව්ව කියලා බ්ලොගියෙන් එළියට දායි....එන්න එදාට තමා වීරපුරන් අප්පු වගේ කොල්ලෙක් හිතේ ආමාරුවටම මලා කියලා පත්තරේ පොටෝ කෑලිත් එක්ක කථාවක් ලියවෙන්නේ......)


ඔය අතේ අපි හය හතක් අනින කොට අපිට දහයක් විතර වදිනවා...

ඔය අස්සේ..එකෙක්... දුවපාන් ලකියෝ පිනා එනවා... අපිටත් එච්චරයි ඇහුනේ ඊට එහා පැත්තේ තිබ්බ පන්ති කාමරේ වෙන් කරන තාප්පෙට අඩි දෙකයි අපි 5 දෙනෙකේ පැන්න එළියට... දුන්නා චන්ඩී ටෝක් එකක්... දිව්වා.... හැබැයි දන්නේ නැහැ පිනා කොහෙන්ද එන්නේ කියලා...කියන්න දෙයක් නැහැ සිද්ධිය සෑඩ්...අපේ වෙලාවටම අපි දුවල තියෙන්නේ දුවන්න  දිශාවට නෙවෙයි විරුද්ධ දිශාවට... අර විද්‍යාවේ තියෙන්නේ සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ මොකක්ද එකක ගැන.... අන්නඒ වගේ තමා... අපි දුවලා ගියේ පිනා එන පැත්තටමයි.... අපේ පන්තියට හැරෙන්න තියෙන්නේ පොඩි වංගුවත් හැඩේට.....අපි 3 දෙනෙකේ කනේ වැලි ගැවෙන් වංගුවක් ගත්තා...ඒ අතර අපෙන් තවත් 2 ක් පාරෙන් ඉවතට පැන පන්තිය පිටි පස්සට දිව්වා. හුටා මෙන්න බොලේ පිනා දෙපා මුල.. ඇත්තටම අම්මව මතක් විය... අපේ දිශාවේ වේගය පැයට සැතපුම් 40ත් 50ත් අතර තිබ්බ හිංදා කරගන්න දෙයක් නැහැ ලොක්කා ගැවම බේරේක් පාරක් ගහලා රිවස් ගියර් එක දැම්මා විතරයි... පිනා අසිපත ආමොරාගෙන ඉදිරියට පැනපු එළාර වගේ වේවැලත් උස්සන් අපේ මාර්ගය හරස් කරා... එසැනින් අපි අපේ මාර්ගය වෙනස් කරන්නට උත්සහ ගත්තත් වෙලාව මදිය.. පළමු පහර වැරෙන් මගේ පිට පුරා වදින්ට විය. දෙවනියට උන්නේ මගේම සගයාය පොර මට වඩා අඩි භාගයක් පමණ දුරකිනි. පිනාගේ  වේවලේ වෙගය අඩාල කරමින් මගේ සගයා පැත්තට පනිනට විය. හපොයි වැස්සක් ඉවර වෙලා තිබ්බත් ...කෙහෙල් ලෙල්ලක් තිබූ මහ පොලොවේ පිනා වැටුනා... පස්ස පැත්ත ලස්සනට මඩ පාටය...ඒ එකක්ම 11 වසරේ අයියලා අක්කලාගෙන් උපහාරාත්මක හූවක්.... පිනාගේ ඇස් කොපයෙන් දිදුලන්නට විට... හරියට අපි රජ ඉබ්බෝ එකේ "සාකියා" වගේ...එදා නම් අපි තුන් දෙනෙක් ආයේ මාසා ගානකට හරියන්න ගුටි කෑව...

දැන් කොහෙද එහෙම කරන්නේ... කරත් එවෙලෙම ජොබ් එකෙන් දොට්ට....හ්ම්.........

ඔන්න ඔය වගේ ඉන්නකොට පාසැලේ 10 වසර කලහාකාරී විදියට ගෙවිලා...අවුරුද්දත් ඉවර වෙලා අපිව 11 වසරට යන්න කාලේ ආවා. විභාග ගැන නම් මම මේකේ ලියන්නේ නැහැ මොකද විභාගේ ගැන ලියලා මම මේ ලිපිය චාටර් කරගන්න කැමති නැහැ. එන්න 10 වසරේ අන්තිම දවස ඒ කියන්නේ තුන් වෙනි වාරේ අන්තිම දවස අපිට නිවාඩු දෙන දවස .....

මේ තමා මගේ ජීවිතේ මම ආසාම දවස...අද දවසම තියෙන්නේ අලුත් අවුරුද්දේ වගේ සැනකෙළි සහ ජන ක්‍රීඩා... ඒ කියන්නේ.... වතුර හරි නිල් හරි ගහගන්න එකයි පාටි මැද ගෙවෙන සංගීත සාජ්ජයි. මතක් වෙනකොට මාව විකසිත වෙලා මොංගල් වෙලා කැරකිලා.... 

"අනේ මට අයෙත් ඉස්කෝලේ යන්න ඕනියෝ.... එක්කන් යන්න කවුරුත් නැද්දෝ...."

එදා දවසකට මුළු ඉස්කෝලේ පුරාම ඇවිදලා....වතුර ගහගෙන කාල සිංදු කියලා ගෙවල් වලට යනකොට හවස 5ට විතර තමා... ඒකත් සිකුරුට්ටා පැන්නුවේ නැත්නම් ඉස්කෝලෙම අස්සේ තමා......
ඔන්න ඔහෙමයි ලොවෙත් නැති විදියට ගෙවුනු මගේ 10 වසරේ ජීවිතේ.....


ආදරය විරහාව සහ වැදගත් මොංගල් අසික්කිත සිදුවීම් මැද ගෙවුනු 
මම පොඩි කාලේ -4 වන කොටස  (11 වසරක අභිමාණය) ඟදීම.....!

Thursday, September 20, 2012

මම පොඩි කාලේ - 2 වන කොටස (දරුණුම කාලේ...)

අලො අලෝ ... නොහිතපු විදියට මේ පොස්ටුව මගේ ජීවන චක්රේ වෙලා දිගටම ලියවෙනවා.. මක්කක් කරන්නද ? හිතට එනවා මම ලියනවා....අලේ සොලි ඈහ්...




සිංහලෙන්ම කියනවා නම් " අයි ඈම් බැක්  "  සිංහල දන්න අය ඉන්නවා නම් දනී. නොදන්න අය අර පන්ති යන කාලේ වගේ එහා පැත්තේ එකාගෙන් අහ ගන්න නැත්නම් කොප්පක් ගහන්න. ඔන්න ඉතින් මම ඔයාලට කිව්වනේ මම පොඩි කාලේ ගෙවුනේ කොහොමද කියලා... ඔන්න ඉතින් කාලය ගෙවිලා ගෙවිලා ගියා අම්මපා මටවත් දැනුනේ නැහැ මම ලොකු එකෙක් කියලා. අර අම්මල කියන්නේ නහයට අහන්නැති වයස කියලා. අන්න ඒ වයස ආහ්... ඔන්න ඉතින් මම කොයින් කොහොමෙන් හරි ඉස්කෝලේ 5 වසරේ නැත්නම් සිස්සත්ත පන්තියට බඩගාගෙන ආවා. එය කාලේ තමා කොල්ලෙක්ට සාමාන්‍යෙයන් නම් කියන කාලේ... තව කොල්ලෝන්ට කෙල්ලන්ගේ නම් ගැට ගහලා.. නැත්නම් කෙල්ලන්ට කොල්ලන්ගේ නම් ගැට ගහලා...නම් හදන කාලේ.. ඉස්සර නම් මට සෑහෙන්න තරහා යනවා. ඒත් කාල කාල ඇඟ පත හැදිලා තිබ්බට මම අලියෙක් වගේ පුංචිම පුංචි මොලයක් තියෙන පිස්සු මැන්ටල් පොරක්. ඔය කියනවා වගේ මගේ යාළුවෝ ගොඩක් අය මට කියන්නේ ලකියා කියලා.  ඔය නමත් මට ගැට ගැහුවේ මේ කාලේදී තමයි . මුල් දවස්වල මම ඒ නම කියනකොට තරහත් යනවා. ඒත් මෙනවා කරන්නද ? මට තරහා ගියාට ඊට පස්සේ මොකද කරන්නේ කියලා දැනීමක් තිබ්බෙම නැහැ. මම හිටියේ 5 වසර A පන්තියේ. අපේ පන්තියේ හරියටම ළමයි 72ක් හිටියා. ඒක නම් මතකයි. අර කථාවට කියනවා වගේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ ඉගෙන ගන්න ළමයි ඉස්සරහටත් පිස්සු කෙලින මොට්ටයෝ පිටිපස්සටත් ඇදෙන්න උනා. මටත් මං වගේම මැට්ටෝ සෙට් එකක් අහු උනා. අන්න සබන් ආහ්.... වලි....කෙළි....සිංදු සාජ්ජ. ......නඩු.....ගුරු දෙගුරු රැස්වීම්......පාසැල් පොළ.....කාරිඩා උළෙලවල්.... ඔය වගේ දහකුත් දේවල් ඔලුව අස්සේ රිංගනකොටම කෙලිය තාප්පෙට කිව්වලු... අපේ මේ පුංචි පණුගාය තියෙන මොලේට සිස්සත්තේ කියන මහා අපරාදයක් ගෙනත් දැම්මා.



අපිට ලැබුනු ලාභ

කැමති කැමති හම්බ වීම

ඉල්ලන දේවල් ගොඩක් වෙලාවට ඉල්ලන්න කලින් ලැබීම
කැමති කැමති කෑම අම්ම ගානේ ලැබීම

එයවගේ දේවල් තමා

ඒ වගේම 

අපිට උනු අලාභ

සෙල්ලම නැති වීම
ගෙදරටත් ගෙදරින් ඉස්කෝලෙටත් ඉස්කෝලෙන් පන්තියට හරක් දක්කන්නා මෙන් දැක්කීම
යාළුවෝ අහිමි වීම
නිදහස සීම වෙනවා කියලා දැන් ඔය එක එක ඒවායේ කිව්වට නිදහස සම්පූර්ණයෙන්ම භාදා වීම
අධික ලෙස බිය ගැන්වීම් අඩන් තේට්ටම් වලට ලක්වීම..

ඇත්තටම කිව්වොත් සිස්සත්තේ නිසා අපිව අපයෝජනයට ලක් උනාද මන්දා....හෑහ්..
කොහොද ඉතින් ඒකාලේ අපිට ඔළුවක් කියලා තිබ්බ එකක් යෑ. ඒ කාලේ අපේ පන්තිවල උගන්නන උදවිය අපිට අපේම නමකින් කථා කලේ සෑහෙන කාලෙකින්නේ.. ගොඩක් වෙලාවට "ගොනා.....මොඩයා.... මැට්ටා.....බූරුවා.... " ඔය වගේ ආදර බර හුරතල් නම් වලින්නේ කථා කලේ... ඒකද අපේනේ වැරුද්ද... අපිට දාන්ගලේලු... හත් දෙයියනේ ළමයෙක් නොවී මහ එකෙක් වෙලාද දාන්ගලේ තියෙන්න ඕනි...

හරි හරි ඒවයෙන් වැඩක් නැහැ.... ඔන්න සිස්සත්තෙත් ආවා... ඔහේ යන්නන් වලේ අපිත් ඕක ලිව්වා. අම්මල නම් බෝධී පූජාත් තිබ්බා.. ඒත ළමයෙකුගේ ජීවන රටාව බලලා ඒවා කොරන්න එපැයි නේ... අපි පව්නේ... ඉතින් කිව්ව වගේ රිසල්ට ආවා.. අයියෝ සල්ලි...



 මට ශතකයක් වත් ගහන්න නොදී මාව පිට්ටනියනේ අයින් කොරලා... මගේ වටේ හිටපු උන් ද්විත්ව ශතකත් ගහලා. ඇත්තටම කිව්වොත්මම 98ක් ලාබා සිටියදී සිස්සත්තෙන් මම පේල් උනා. ගෙදරින් ලොවෙත් නැති වෙන්න කෑමකුත් හම්බුනා. අම්මා තාත්තා එහෙම කථා නොකරත් හිටියා මාත් එක්ක. මට කන්න දුන්නෙත් අච්චී.. අම්ම බෙදලා මේසේ උඩ තියලා යන්න යනවා. තාත්තා නම් දැක්කත් ඇති.... අම්මෝ මට මතන් වෙනකොටත් දැන් වයස 24ක් වෙලත් කකුළ සර සර ගාල හෙල්ලෙනවා... මොනවා කරන්නද කිව්වලු...

හැබැයි ඉතින් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්ව වගේ මගේ ආසාව මොකක්ද කියලා මම දැන ගත්තේ පහ වසරෙන් පස්සේ තමා... මට කොම්පියුටර් කියන වචනේ ඇහුන කාලේ තමා
ඒ... දන්නේ නැති උනත් හොයන්න උත්සහ කරා.. ඒ වෙද්දි මගේ යාළුවන්ට සිස්සත්තේ ඉහළින්ම පාස්වීම කරණකොටෙගෙන උන්ට ඔය කොම්පියුටරේ කියන එක ලැබිලා තිබ්බා. ඒක හින්දා මටත් ඒව අතපත ගාන්න අවස්ථාව හම්බුනා. ඒ ගැන හොයන්න හිතුනා... ඔන්න ඔතනින් තමා මගේ ජීවිතේ කොම්පිටර් කන්න පටන් ගත්තේ... මොනව කරන්නද ඉතින් හිත ගිය තැන මාලිගාවනේ.... අපේ අම්මල නම් ඊට පස්සේ මා ගැන වැඩිය හෙව්වේ නැහැ... යන්න දුන්නා...

හිහ් හිහ්.... ඒක වෙලාව කියන්නේ අපේ ගෙදරටත් තාත්තා කොම්පියුටරයක් ඇන්න ආවා. ඉබ්බ දියට දැම්ම වගේ... මටත් ඉතින් ඊට වඩා දෙයක් නැහැ. ඔතනින් මම කොම්පූටරේ පැත්තට හැරෙනකොට අනිත් පැත්තෙන් මම ටිකෙන් ටික පහ වසරෙන් හය, හත, අට............ඔහොම ඔහොම ඇවිදින් 10 වසරටත් ආවා.. ඔන්න ඉතින් දහය වසර කියන එක කාටවත් කියල දෙන්න ඕනි කාලයක් නෙවෙයිනේ.....

ඒ උනාට.........


"ජීවිතේ ගලාගෙන යනවා - මම ලියාගෙන යනවා" 

පිස්සු මැටි වැඩ හා මොංගල් පාට් රැගත් මම පොඩිකාලේ 3 වන කොටසත්
(10 වසරත් පන්තියක්ද ?) ළඟදීම බලාපොරොත්තු වන්න
!



Monday, September 17, 2012

මගේ පොඩි කාලේ....

අලෝ අලෝ කොහොමද ?
ඔන්න අද හිටන් මම මගේ ජීවතේ අප්සට් වැදගත් මොංගල් අසික්කිත සිදුවීම් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා. මම පොඩි කා‍ලේ...

ආවේ කොහොමද ? (අම්ම කියන විදියට බොහොම දුශ්කර ගමනක්ලු ඇහ්... මට තේරෙන එකක්යෑ)

හ්ම්..අපේ අම්ම කියන විදියට පොඩිකාලේ මම ඉපදුන වෙලාවේ අඬල නැහැල්ලලු... අඩුම ගානේ මගේ පපු කැනැත්තවත් ඩක ඩක ගාල හෙලවිලා නැහැල්ලු... ඉස්පිරිතාලේ බුවාලා හිතල තියෙන්නේ මම මලා බොරක් කියලලූ. ඊට පස්සේ මට දෙන්න තියෙන ඔක්කොම වද දීල... ඒත් කිසිම චාරයක් නැහැල්ලු.. අම්ම ගොඩක් බය උනාලු... ඊට පස්සේ අම්මට අනතුරක් වෙයි අම්මා මානසිකව වැටෙයි කියන බයට ඩොක්ටර්ලා මාව අම්ම ගාවින් තියලා ගියාළු... එයාලා මාව අම්මට දීල තාත්තවත් එක්කගෙන ඈතට ගිහින්... මෙනවද කියලා තියේ... අම්මා ඒවා දන්නේ නැහැල්ලු.... අම්ම මං දිහා බලන් හිටලා බැරිම තැන මාව අරගෙන තුරුල් කරගෙන තියෙනවලු...එහෙම ඉන්නකොට විනාඩියක් විතර පහුවෙනකොට එක පාරටම මුලු වාට්ටුවම දෙදරන්න මම හයියෙන් අඬන්න පටන් ගත්තලු.. අම්මට එතකොටලු හිතේ බය ඇරිල තියෙන්නේ....ඊට පස්සේ මට එක එක ඒව ඇනලා ලේ අරන් එක එක දේවල් ඩොකාල කොරල තියෙනවා. අම්මපා අහු උනා නං එකෙක් වත් අතාරින්නේ නැහැ.. සලකනවා සැලකිල්ලක්... ලොවෙත් නැති විදියට....හිකිස්.. (මම අම්මගෙන් කිරි බොනකොට මගේ බෙල්ල දිගේ ලා කහ පාටට කිරි යනවා පේනවලු... ඔය ගිය දවස් ටිකේ මොටර් බයිසිකලේ පෙරල ගෙන ගෙදරට වෙලා ඉන්නකොට අම්ම කිරි එකක් හදලා මට ගෙනත් දීල මගේ කකුල් කකුලේ තුවාලේ ගාව අතගාන ගමන් මට ඒක කිව්වේ..... )

මට තේරෙන කාලේ.....

මට යාන්තම් මතකයි මම දකිනකොට උඩයට මාරුවෙලා පේන්නේ....තව පැත්තටත් පේනවා.... ඒ දේවල් නිකං හීනෙන් හීනෙන් වගේ මතකයි . මම ඒ ගැන කියනකොට අම්මා කියනවා... මම ඇවිදින්න පටන් ගත්තු මුල් කාලේ මම බිත්ති අල්ලලා නැගිටලා ඇවිදලා දුරට ගිහින් නැවිලා කකුල් දෙක අස්සෙන් ඔලුව නවලා බලලා හයියෙනි හිනා වෙනවලු...


ඒ කාලෙත් දැන් වගේම ටිකක් සොට් වගේම මොංගල්.... තව දෙයක් මට හොරට කිරි පොවන්න බැහැල්ලු... ඒවා මම ටක්කෙටම ඕනිලු.... නැත්නම් ලතොනි තිය තිය අඬනවලු... (නොදකින් මං වගේ පෙරේතයෙක්) ඉස්සර අපේ තාත්ත වැඩට ගියේ පාන්දර 5.30ට විතරලු... ඒක හිංදා අම්මා පාන්ද 4 වෙනකොට මට කිරිදීලා තාත්තට කෑම හදන්න යනවලු... බැරි වෙලාවත් මට බාගෙට කිරි දීල අම්ම ගියොත් සොරිම තමාලු... අම්ම එනකම්ම එක දිගටම එකම සිංදුවලු.... තව දෙයක් මට බෙල්ලට දාපු පංචායුදේ දෙතුන්පාරක්ම හපල හපලා කඩාගෙන තියෙනවා. මට ඒ මාලේ ආයෙ හදලා බෙල්ලට ලං කරනකොටම මම හයියෙන් කෑගහනවලු.... හැබැයි ඒකනම් ඇත්ත තමා.. මට අදටත් ඔය සුකුරුත්තන් ආභරණ අරහන් ඇයිද දන්නේ නැහැ...

මොටටසොරි යන්න කලින් මම මොකද කලේ ඈහ්....?

මම ඉඳුල්කට ගාපු කාලේ..... (කෑම පෙරේතයෙක්ලු.... අයියෝ.....ච්ක්කේයියා...)
ඔන්න දැන්මට ටිකක් කතා කොරන්නත් පුළුවන්ලු... මටම කියලා භාසාවක්ලු තිබ්බේ.. අම්මලටත් වෙලාවකට තේරෙන්නේ නැහැල්ලු.. මාව තොටිල්ලේ තියලා තිබ්බහම තනියෙන් මෙනවදෝ කියවලා හයියෙන් හිනාවෙනවලු... මේක ලියන වෙලාවෙත් ඒ දේවල් අම්ම කියපු හැටි මතක් වෙල මූණට හිනාවක් ආවා... මම ඒ කාලෙත් දැන් වගේම මොංගල් බුවෙක්ද කොහොද.. නැත්නම් තිනියෙන් කියවයි යෑ. ඔන්න ඉතින් ඉඳුල්කට ගාන වෙලාවට තාත්තා මාව ඔඩොක්කුවේ තියාගෙන පන්සිල් අරගෙන... අර කෑම ගොඩක් මැද්දේ ඉන්දවලා පොත් සල්ලි ආභරණ කෑම එහෙම තියලා මාව එතනින් තිබ්බලු... ඊට පස්සේ එයාල බලාගෙන හිටියලු මම ඉස්සෙල්ලාම මම මොනවද ගන්නේ කියලා... අම්මලගේ දහසක් බලාපොරොත්තුවලට කෙලවමින් මම ලොකූ කිරිබත් කැටයක් අතට අරගෙන අම්ම දිහා බලල හිනාඋනාලු.. මට ඒ දේවල් නං මතක නැහැ ඒ‍ත් අර මාව කෑම ගොඩක් වටේට තියාලා කියපු හැටිනම් ලාවට මතකයි. හැබැයි ඉතින් ඒ දේවල් ටක්කෙටම හරි ආහ්. කන්න කැමකිම කෑම කිරි බත්... අකමැතිම දේවල් වලින් මුලින්ම තියෙන්නේ ආභරණ

අලුත් යාළුවෝ... පළවෙනි වතාවට අම්මගෙන් ඈත් උනේ....


මේ කියන්න යන්නේ මම මොට්ටසොරි ගිය කාලේ... කොහෙද කියලා මතක නැහැ.. ඒත් මොට්ටසොරිය තිබ්බේ රේල් පාරක් අයිනේ... ලොකු මාරගහක් යට. අම්ම කියන විදියට ඒ මොට්ටසොරිය තිබිලා තියෙන්නේ මීරිගම YMBA ගොඩනැගිල්ලේ පිටිපස්සේ....අද නම් එතන තනි මාන කැලයක්... එහෙදි තමා මට මුලින්ම යාළුවෙක් හම්බුනේ.... නම කසුන් නන්දන  ...හ්ම්.. අද වෙනකොට ලංකාවෙන් පිට ඉන්නේ.. අනිවාර්යෙන්ම කථා කරනවා හොයලා බලනවා.. කියන්න බැරි ලොකූ බැඳීමක් එක්ක සහෝදරකමක්.. තව හිටිය අයගෙන් මතකයි සුමාලි ගායාත්‍රී කියලා දෙන්නෙක් ඒකෙනුත් සුමාලි තාම ලංකාවේ ඉන්නවා ගායාත්‍රී ජපානේ පැත්තේද කොහෙද ගියාලු.. දන්නේ නැහැ... ආහ් කියන්න බැරි උනු බොක්කෙම ෆිට් එකක් ඉන්නවා.ඒ තමා ගයාන් කියලා. ඔය විදියට කාලයක් තිස්සේ යාළුවොත් එකක් ජීවිතේ ගෙවුනා. ජීවිතේ ගැන බරක් දැනුනේම නැහැ
ඔන්න ඒ කාලේ මම කරපු මොංගල් වැඩක්
දවසක් අම්ම කඩේ ගිහින් හාල්මැස්සෝ ගෙනත් භාජනේකට දාලා වෙන වැඩකට ගිහින් එනකොට භාජනේ තිබ්බ හාල් මැස්සෝ ටික නැහැල්ලු.. මම විතරක් ඉන්නවලු.. පස්සේ මගෙන් ඇහුවලු.. 

අම්ම -" කෝ පුතේ මෙතන තිබ්බ හාල් මැස්සෝ " කියලා.

මම කිව්වලු.. " උන්ට පීන්න කියලා අන්න අලකට දැම්මා " කියලා වතුර බොන කලේ පෙන්නුවලු..

මම හාල්මැස්සෝ ටික ඔක්කොම කලේට දාල වහලා.....


මොට්ටසොරියෙන් ලොකු ඉක්කෝලෙට

ඒ කාලේ ම ඉස්කෝලේ කියන්න බැහැලු.. කියන්නේම ඉක්කෝලේ කියලලු... මම ඉක්කෝලෙට ගිය මුල්ම දවසේ මතකයි . කාටද ඒක අමතක නේද ? එතනින් තමා පොඩ්ඩක් හරි මගේ ජීවිතේ අද දිග අරින්න ලැබුනේ. ඒකත් වෙලාව කියන්නේ මගේ බොක්කෙම ෆිට් එකක් උනු කසුනයි මායි එකම පන්තියේ හැබැයි මේස දෙකක. අපිට අපේ පුටු මේස පෙන්නල දුන්නට මම හැමදාම ටීචර් ඇවිත් බලනකොට මම කසුනගේ මේස ඉන්නවලු... ටික දවසක් බැලුවට වෙනසක් වෙන්නේම නැහැල්ලු.. පස්සේ මාවයි කසුනවයි පන්තියේ ඉස්සරහම මේසෙකට දැම්ම... අයි අම්මා අලි සෝක් කිව්වලු.. අපි දෙන්නට ඒකත් වෙනසක් නැහැ මොට්ටසොලිය වගේමයි. ඒ ඩෙස්ක් එකේ තුන් දෙනෙක්ට ඉඩ තිබ්බා. ඔන්න එක දවසක් අපේ මේසේ අඩුව පුරවන්න කෙනෙක්ව දැම්ම. නම අසංක.... වෙනසක් නැහැ ඒකත් අපි දෙන්න වගේමයි පට්ට ආහ් අසංකයගේ සම්පූර්ණ නම අසංක ඉන්දික  අපි තුන්දෙනාවම මුදා නොගත් පැත්තකට දැම්මා. හැමවෙලෙම ටීචර්ලා අපි තුන්දෙන ගැන ඇහැ දාගෙන හිටියේ...


ඉදිරි කොටසෙන්... එක වසරේ ඉඳන් පහ වසරට වෙනකන් ලොකු ගමනක්.... ඉක්මනටම ලියන්නම්


Saturday, September 15, 2012

මල්ලියෙ මොටද කෙල්ලන්ගේ උප්පැන්න ?

මේ සිද්ධිය වෙනකොට මම ඒකාලේ...ඒ කියන්නේ ඒ කාලේ...එහෙම නැත්නම් ඉස්කෝලේ කාලේ.. පුන්සඳ පායල ඇති රෑක....... මමයි මගේ අසික්කිත සහාසිකයෝ... ඒ අම්මගේ බාසාවෙන්.. මගේ භාෂාවෙන් මගේ බොක්කේ මිතුරෝ රැලයි ගිය පන්සල්. ආහ් අමතක උනානේ. එදා පෝය දවසක්, අපි පන්සල් ගියේ පන්සල්. පිළිගන්නව නම් පිළිගන්න පින්වතුනී... එදා තමයි එදා.. සෑහෙන කාලෙකට පස්සේ අපි පන්සල් ගියේ.මුලින්ම අපේ මව්තුමියව ඇගේ මිතුරියක් එක්කලා පන්සල් යන්න පිටත් කොරා. අපි හවස් වෙලා පන්සල පැත්තට ඇදුනා. මයෙ අම්මේ මුළු පන්සලම මිනිස්සුගෙන් පිරිලා. ඔක්කොමල පිං කරන්න.. ඒ අස්සේ

"සුදු පාට මල් 
මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල්ලී
මල් සෙවන මට තාම මතකයි"


ලස්සන ලස්සන නංගිලා ගොඩායි.. ඔක්කොම පන්සල් ඇවිල්ල.මට එක පාරට මතක් උනේ අට පට්ටමේ කියවන ජේ. ආර්. පී. සුරියප්පේරුම මහත්තයි. ඇයි අර හැව වෙලේම කියන්නේ. "හසන්ත මහත්තයෝ මේව දකින්න අපේ ඇස් පිං කරල කියෙන්න ඕනි !" කියලා.මටත් එහෙම්මයි හිතුනේ. මේ දෑස මගේ පිංවන්තයි - තේරුනේ දැන් තමයි.. අපි ඉතින් නාඹර වයසේ කොල්ලො කුරුට්ටොනේ. අපේ එවුන්ටත්  පිස්සු ආහ්. තව පොඩ්ඩෙන් බෙල්ලේ පොට යනවා ඈහ්. දුක තමා.

මේ මොනා උනත් ආවේ බුදුන් වඳින්නනේ.. වත්තට යන්නම් මලක්ක කඩන්නම් කියලා කඩපු මල් පූජ කරලා. මතක් කරලා කරලා අමාරුවෙන් පන්සිල් අරගෙන බෝ ගහ යටට ගියා. එතන තමා අපි ඒ කාලේ නිවී සැනසිල්ලේ වාද විවාද එළියට ඇදගෙන කියවන්නේ.මතකේ හැටියට එදා එලියට ඇදුනේ බෝ ගස් යට භාවනා කරනකොට අර මොකක්ද දැනෙනවලුනේ... මටත් හරියටහ මතක නැහැ ඒ කේස් එක... අපි ඔක්කොම බෝ ගහ යට වාඩි වෙලා වට වෙලා ඒක ගැන කියෙව්වා. අපි පන්සල ඇතුලට ආවේ හවස 5 විතර. මල් පහන් පුජා කරලා පන්සලෙන් එළියට එන්න එනකොට 6.30 හෝ 6.45 විතර ඇති. පන්සල් වත්තේ දන්සලකි. එය අවාරේ දුන් අර තිත්තමෙව්වා දන්සලකි. ආහ් මතක් උනා කොත්ත මල්ලි දන්සලක්. නික්ං දෙනවා නම් තණකොල හරි කමක් නැහැ කිව්වලු. අපිත් පෝලිමට එකතු උනා. මට පිටිපස්සේ මගේ සගයෝ දෙන්නෙක් සහ ඉදිරියෙන් තුන් දෙනෙක්... මම අහිංසක ලෙස මැදීවුයෙකි. ඒකත් හොඳ මොකද අද කාලේ ආරස්සාව අතින් අන්තිමයිනේ. මැදුම් පිළිවෙත සෝක්. අපිට ඉස්සරහින් ලස්සන නංගියෙකි. නංගි අතේ තවත් නංගියෙකි. අයියෝ සල්ලි. කිමද මේ අරුමේ ...ඇත්තටම තේරුම් ගන්න බැහැ. ඒ අතර තුර අපේ එකෙකුගේ රබර් ඇහැක් ඒ නංගී දෙසට ඇස මරයි. නොදකින් ගොරකයා. මෙනවා කරන්නද යාළුවොනේ.. පොර නමින් චාමර ය. පෙනුමෙන් අහිංසකය... මා මෙන් නාඹර වයසේ එකෙකි. වෙනස නම් කෙල්ලන් දුටු විට පොර සිරා එකෙක් වෙයි. හිත උනුවෙයි. සියාරු වෙයි. හරියට රොබියලැක් තීන්ත වගේ. එන පොට කොහෙත්ම සිරා නැත. මේක පිට එකෙක් හෝ ඒ නංගියගේ පව්ලේ අයෙකු දැක්කොත් බොන්න කෙසේවෙතත් කන්න දන්සල නොමිලේම ලැබෙයි.

තැනට සුදුසු  මගේ අප්ලික් මොලේ ඇහැරිනි

මම - ඒ චාමරයෝ මොකක්ද බං කරන්නේ.. ළමයි ඉන්න අම්මලනේ පව් වැඩ කරන්න එපා යකෝ

චාමරයා - අඩේ පිස්සුද ලකියෝ මේ ඒකිගේ ළමයෙක් නෙවෙයි, මේ එකිගේ නංගියෙක් වෙන්න ඇති බං

මම - යකෝ මොඩ වැඩ කරන්නේ නැතුව මෙන්න මෙහාට වරෙන්.. උඹ කොහොමද එහෙම කියන්නේ

චාමරයා - බලපංකො බං මූනෙම්ම පේනවා වයස නැහැ කියලා, උඹ පොඩ්ඩක් පාඩුවේ හිටපං

සික්කේයියා. අද මූ අපේ හම ගලවයි වගේ. අහිංසක අපිව උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනි. මම හිතින් මටම කියා ගන්න ගමන් චාමරයා දිහා බැලුවා. හෑහ්.. ඒක පොලිමෙන් ඉස්සරහට පැනලා අර නංගිගේ අතේ ඉන්න පොඩි එක හුරතල් කරනවා. අනේ අම්මියෝ... අද නම් කෑමක් සෙට් වෙයි රිදෙන්නම. කොයික්ටත් අපේ එකෙක් නෙවෙයි වගේ අහක බලන් ඉන්න ඕනි. අපේ අනිත් සගයොත් වෙන වෙන වැඩ වලය. අහිංසක මම තිනකඩය. අපිට කොයිද බූල් බල්ලෝ...

මේන්න ටික වෙලාවකින් චාමරයා ආපහු අපි ඉන්න තැනට ආවා.

මම - අනේ බං වඳින්නම් බං ඔය මගුල නවත්තපං . තෝ අපිටත් කෑම සෙට් කරයි වගේ...

චාමරයා - නැහැ බං මම ඒකිට පොඩ්ඩත් ඇහැ දැම්ම බං...ඒකිත් හිනාව දැම්මා.

මම - ඔය ඇති බං .. තේරෙනවනේ බං දරුවෙකුත් අතේ...කෑවොත් එකෙක් දෙන්නෙක්ගෙන් නං කමක් නැහැ බං අනික අද පෝය දවසක් ... අපිට කන්න වෙන්නේ තොග ගානට...බං

චාමරයා - හිටපංකෝ මම ඒකිගෙන් අහන්නං....

අසුරු සැනින් චාමරයා පොලිමේ ඉස්සරහට වෙන්න හිටපු නංගි ගාවට ගියා...

චාමරයා - නංගී මේ ළමයා ඔයාගෙද ?
(හපොයි නොදකින් ගෝතයා මූ ඉඳළ ඉඳළ ඇහුව මචනේ බලපං, අපේ උන් පුදුමෙව් වගේ බලාගෙන හිටියේ...)

ඒ නංගී හැරිල බැලුවා බැලිල්ලක් චාමරයගේ මූන අප්පයක් වගේ උනා. දැන් අපිත් බය වෙලා.



නංගි  - ඇයි තමුසේ තාත්ත වෙන්නද ?

හැහ්....හූ.... ඇත්ද ? සනිපද ? ...... පොලිමේ හිටපු ඔක්කොම එක පාරට හිනා උනා. අපි අසරණ වෙලා වගේ හිට දැනෙනවා...... මේ වන විට අමාරුවෙන් ඉතුරු කරගත් නම්බුවත් බම්බුවක් වී හමාරයි.. පොරකා තුවාලුවූ පුසෙකුමෙන් චාමරයා අපේ පැත්තට ආවේය. මම පරණ ඩීසල් එන්ජිමක් වගේ ගැහෙන්නට විය. ඇයි යකෝ ඒ වෙලාවෙ එකෙක් අඩෝ කිව්වනං ඇති. සුපිරි මැච් එකක් බලන්න තිබ්බා. අපි කනවා එහෙනම් අම්බානෙකට. කොහොම හරි කොත්ත මල්ලි කෝප්ප දෙක තුනක් වංචනික ලෙස පෝලින් පැන රසබලපු අපි ගෙදර ආවෙම චාමරයව බයිට් බයිට් කර කර.... දචස් දෙක තුනක් යනකම්ම පොර ලෙසටම බයිට් උනා.

කොරන්න දෙයක් නැහැ බල මාළු කෑව නං විඳවපං බළලෝ කිව්වළු.....

Wednesday, September 12, 2012

කොල්ලො තුන්දෙනෙක්ට එරෙහිව ගොනෙක් !
සුදානමටත් පෙර අවදානම

අලෝස් අලෝස් ....කොහෙමෙයි

ඒ කාලේ ආහ්.... ඒ කාලේ කියන්නේ ඒ...කාලේ.....කළකට පෙර එකමත් එක කාලකෙ.. මතක් වෙනකොට ඇඟ කිළිපොය යන පොළා පනින අතිශය භයන්කර භීතිය උපදවන සීන් එකක් උනාත එතකොට මේකා එහෙම නැත්නම් මම කියන එකා යාන්තන් 11 වසරෙන් 12 වසරට බඩගෑව විතරයි. සා.පෙළින් උ.පෙළට වෙන ඉස්කෝලෙකට ගියා විතරයි. අනේ අප්පේ යාළුව අද නැත වෙන අය එහි ඇත. ඉස්කෝලේ කොච්චර ළමයි   හිටියත් මම තනි උනා වගේ, ඉස්සර වගේ ගොන් වැඩ කරන්න සහය දෙනමගේ යාළුවො එකෙක්වත් නැහැ ඔක්කොම අළුත් මූනු. කරන්න දෙයක් නැහැ ඉන්නම වෙනවා, මොකද ගෙදර ඉන්නවා කියන්නේ ඊට වඩා ඛේදනීය ඉරණමක් වෙන හිංදා. අනේ මංදා කොහොම  කියන්නද නවක වදයටබයෙන් අළුත් ඉස්කෝලෙට ගිහින් සතියක් ගියෙ නැද්ද කොහොද.... ඉස්සර වගේම ගොන් වැඩ කරන්න පුළුවන් සෝක් යාළුවො 2ක් සෙට් උනා. එකෙක් සිසන්ත අපි  කිව්වේ  සසියා... අනිකා කසුන්....අපි කිව්වේ කස්සා කියලා....මොන මගුලක් කරන්න යං කිව්වත් " යාමු මචෝ " කියන යාළුවො දෙනන්නෙක් මගේ ගති ගුණමයි. ඊට පස්සේ තමා මගේ  ජීවිතේ ගෝල්ඩක් ඒජ් එකද මොකක්ද එක ආවේ. මම කියන එකාට ඉස්කෝලෙන් ශිෂ්‍ය නායකකම ලැබුනනේ. මූණට නොකිව්වට ඉස්කෝලේ ලොක්කා කරපු ලොකුම වැරැද්දත් ඒකමයි. ඉබ්බෙක්ට පිහාටු දුන්න වගේ.... ආසයි මං පියාඹන්න..අපි 1 වසරේ හිටිය කාලේ ලොකු අයියල අපිට ටොකු ඇන ඇන හිටිය අප්සැට් යුගේ ඉවරයි. දුප්පත් අපි රජවරු මේ කාලේ තමා.

ඔන්න ඉතින් කාලය ගතවීගෙන යනවා. මගේ ගොන් වැඩත් කෙරීගෙන යනවා. ඉස්කෝලේ ලොක්කගේ ෆයිල් වල අපේ ‍පොරොන්දු කොළත් පිරීගෙන යනවා.

ආහ් කියන්න අමතන උනානේ. ඒ ඉස්කෝලේ තමා මම දැක්කට පට්ටම ඉස්කෝලේ ආහ්. වරදක් කලත් සිතකින් නොවේ. වරදට සමාවක් දෙන්නෙත් අමුතුම විදියට. ඉස්කෝලෙට කිසිම තාප්පයක් නැහැ වැටත් නැහැ.තිබ්බේ පරණ ගේට්ටුවක් ඒකත් 80 දශකයේ. මගේ ජීවිතේ ඉස්කෝලෙන් නිදහසේ පනින්න ලැබුන එකම ඉස්කෝලේ.... අපේ ඉස්කෝලේ.. එහෙමත් නැත්තම් මගේ ඉස්කෝලේ අපි ඔය එක එක වැරදි කරපුවහන අනිත් ඉස්කෝලවල වගේ නෙවෙයි මගේ පළවෙනි ඉස්කෝලේ නම් වදරක් කරපුවහම අපි ලොක්කගේ කාමරේට ගෙන්නලා දොරවල් වහගෙන නෙළුවේ ආහ්.... හරියට උඩරට පැත්තේ තේ දළු කඩනව වගේ. මේ ඉන්නවා මේ නෑ.... හරියට සුදු වෑන් වලින්ඉස්සුවා වගේ ඉස්සර 11 වසරෙදි අපි ඉන්නෙම ලොක්කගේ කාමරේ.. පන්ති කාමරේට වඩා වැඩිපුර හිටියේ ලොක්කගේ කාමාරේ..

කථාව පිට යනවෝ දැන් වරෙල්ලා ආපහු කථාවට... මගේ දෙවනි ඉස්කෝලේ... එහෙම නැත්නම් මම උ.පෙළ ඉගන ගත්තු ඉස්කෝලේ අපි වරදක් කරපු වහම ලොක්කා පන්තියටම ඇවිදින් අපිට ලොක්ගේ කාමරේට එක්කගෙන යනවා. ගිහින් පොතක් ලියන්න තරම් ලෙක්ජර් එකක දෙනවා අපිව හැති වැටෙන්න. ඊට පස්සේ ඒ4 පොලයක් දෙනවා පොරොන්දුවක් ලියන්න..

මෙන්න ඒ කොලේ අඩංගු වෙන්න ඕනි දේවල්.. ඇත්තටම කිව්වෝත් මේක සහසික ලෙස අහිංසක වැරදි කරුගේ පාපොච්චාරණයක්

වරද 
වරදට උදව් දුන් පිරිස
 අයෝ ඒ වැරැද්ද නොකරන බවට දෙනු ලබන පොරොන්දුව (තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන්)

ආහ් කියන්න අමතක උනානේ... අර දඩපොතේ වගේ වැරැද්දේ ස්භාවය අනූව ඔය වැරැද්ද ගැන දෙන පොරොන්දුව වෙනස් වෙනවා.. ගොන් වැඩේ කලේ තිනයෙන් නම් ගොඩක් වෙලාවට එක පාපොච්චාරණයකින් බේරෙන්න පුළුවන්... එහෙම උනොත් ඒකට ගුඩ් ලක් තමා. ලොන්ග් ලයිෆ් තමා
හැබැයි ගොන් වැඩේ කලේ පිරිසක් වශයෙන් නම් ... ඒ කියන්නේ අපි  ගොන්වැඩේ කලේ මෝඩ රැලක් වශයෙන් නම් සිද්ධිය ඉහළ උසාවියට යනවා. ඒ කියන්නේ අපේ අවනඩුව විභාගයට ගන්නේ ඔෆිස් එකේ ආහ්
එක්කෙනෙක් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඊට පස්සේ කණ්ඩායම් වශයෙන් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඒවා ඔක්කොම අපේ නම් අනූව ලිපිගොනු වෙනවා.

ඔන්න ඕක තමා අපේ ඉස්කෝලේ නීති රීති මාලාව.....හිකිස්... ඇත්තටම ඉස්තෝලේ ලොක්කා නම් දෙවියෙකි. මම දන්න කාලෙකට ළමයෙක්ට ගහල නැහැ රිදෙන්න.. ගැවුවොත් එදා දවසටම කන්නෙත් නැහැ තනි අවුලෙන් ඉන්නේ. මම දැකලා තියෙනවා දවසක් අපි ඉස්කෝලෙන් පැනල අහු උන වෙලාවක අපිට ගැහුවා.

ඊට පස්සේ අපිට කිව්වා

"පලයල්ල යන්න උඹල මගේ හිත රිද්දුවා..... "

 ඊට පස්සේ කැන්ටිමට ගිහින් තනියෙන් අඬනවා. එදා අපිටත් අවුලෙන් හිටියේ.. අප කරපු වැරැද්ද හිංදාවත් ගුටි කාපු හිංදවත් නෙවෙයි. අපි ලොක්කව අඬවපු හිංදා. ඒක හිංදා වෙන්න ඇති ගමේ හැමෝම වගේ ඉස්කෝලෙට වගේම ලොක්කටත් පට්ට ලෙන්ගුයි. මම මෙහෙම ඉස්කෝලයක් දැකලම නැහැ...

ඔන්න ඉතින් මමයි මගේ බඩියල දෙන්නයි හොරෙන් අටවපු පැලෑනක් උපයොගි කරගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන්න ගියා... ඒ කියන්නේ අපි තුන්දෙනා ඉස්කෝලෙන් පැනල අපේ ගෙදර යන්න. කියපු විදියට එදා ඉස්කෝලේ කස්ටිය අඩු දවසකි. අපිට දේශපාලන විද්‍යාව උගන්නන්න හිටපු මිස් පේපර් මාර්කින් ගිහින්... අපි තුන් දෙනා වෙලාවට කලාවට දෙවනි පීරියඩ් එකේදි ඉස්කෝලෙන් පැනලා අපේ ගෙදර ගියා පාන් රත්තල් 2කුත් අරගෙන. අහෝ ඛේදයකි කිව්වලු...අපේ මව්තුමිය බැහැරක් ගොසියන්... ස්ථානොචිත මෙව්ව එකෙන් ගේ වටේ ඇවිදලා දොරේ යතුර හොයගත්ත අපි හොරා වගේ ගෙට රිංගුවා. ඊට පස්සේ සම්බොලෙකුත් හදාගෙන ගෙනාපු පාන් කාල දොරත් වහලා අපේ ඒරියල් එක පත්තේ රවුමක් ගහන්න පටන් ගත්තා. අපේ ගේ ඉස්සරහා එක නිල්ලට වෙල් යායය... හිලන් පාර බ්රේක් නැති මැස්ස වගේ කෙලින්ම අපේ මිදුලේය. සීත සුලන් අවට හමන්නේ.සනිපයි ආහ්.....

අපේ උන් දෙන්නට වෙලේ ඇවිදන්නම ඕනිලු.... බැරිම තැන් උන් දෙනන්ගේ ආයාචනා මැද මම උන් දෙනනව වෙළට බැස්සුවා. උන් දෙන්නා වෙලේ මඩ කයි. පොඩි උන් දෙන්න වගේ එහෙ මෙහෙ දුවයි. හික් හික්....

ඔහොම අපි ඉතින් වෙලේ ඈතින් ඈතට..... ඈතින් ඈතට.... ඈතින් ඈතට.... ගියා...
හැහ්.... මොකෙක්දෝ ඉදිරියට දුවගෙන එනවා වගේ පේනවා. මගේ පෙනීමත් අන්තිම පොට්ටය...කෙලින්ම කියනවා නම් මට දුර පෙනීම අවුල්ට කොම්පීතර් හේතුවෙන් මා පොට්ටයෙකු වී හමාරය.. අපේ උන් දෙන්නාට ගානක්ම නැත. අම්ම ගහයි තමා...



 ඒ අපේ ගමේ හිටිය එකම දරුණුම මීහරකා නේද ? මට සිංහල සාහිත්‍යායේ නාලාගිරි දමනය මතක් උනා. අපේ ගොන් ඩබලට සීන් එක සෙට් වෙනකොට මීහරකායි අපි අතර මීටර් 100ක් දරම් දුරක් තිබ්බේ. අපි තුන් දෙනාගෙන් ඉස්සර උනේ සසියාය ඌ මාවයි කස්සවයි පොරලගෙන දුවන්නට විය.. කස්සා නොවැටී බේරුණු අතර මම වැටි බේරුනි. මෙන්න මේ වෙලාවේ හුසේන් බොල්ට් හිටියා නම් අනිවා සසියගේ දිවිල්ලට පොර පරාදයි ආහ්... දැන් කරන්න දෙයක් නැහැ.. එකම දේ දුවන එක විතරයි. මට ඇත්තටම කිව්වොත් අම්ම මතක් උනා. පට්ට මනෝ පාරක් ආවේ.. ඒක ඉවර වෙනකොට මීහරකා අපිට පේන මානයේය.

මම - " කස්ස දුවපං දුවපං යකෝ....අරූ නං අයිනනමයි එන්නේ... "

ඒ පාර මූ කියනවා

කස්ස - " පිස්සුද මීහරක් ඔහොස තමා උන්ගෙ හැටි බං ඔය "

මම - " යකෝ බලපං මොන පිස්සුද බං ඌ එන්නේ අපේ පැත්තට ගොරකයෝ "




අසුරු සැනින් කස්සාගේ පාද පණගැන් වුනි.... ඌ ඕෆ් රෝඩ් කැබ් එකක් වගේ දුවන්නට විය.සසියා ඒ වන  විටත් අප පහුකර මද දුරක් ගොස් ඇත. ඉන් පසු කස්සත්... පසු පෙල නියොජනය මගෙන්ය... මේ ඔක්කොම වෙන්න ගියේ තත්පර කිහිපයකි. අපි තුන් දෙනාම දැන් එක පිම්මේ වහු පැටව් වගේ වෙළ  පුරා දුවයි. කස්ස අම්බානෙකට බයවී ඇත. සසියට කිසිවක් මතක නැත.. ඌ එකෙන්ම දුවයි. හරකාගේ වේගය පොඩ්ඩක්වත් අඩු නැත්.... ඌ නම් නාලාගිරිම තමා . ඇත්තටම කිව්වොත් ආන්තිම කැමැත්තත් මතක් උනා. අපිට පාන් කියාගන්න බැරි ගානට හැති. සසියා නැවති නැවතිත් දුවයි.කස්සා පිස්සුවෙන් වගේ දුවයි. හරකට නං කිසිමා ගානක් නැති පාටයි. කොහොම හරි වෙලෙන් මහ පාරට ගොඩවෙලා පිටි පස්ස බැලුවේ. හුටා මේකගේ ඒත පස්සෙන් පන්නවා. මේක ලොක්කද දන්නෙත් නැහැ. අමාරුවෙන් අපි තුන්දෙනා ගෙදරකට දුවලා ගිහින් සිද්ධිය කියනකොට ගෙදර එවුන්ට පිස්සුද මන්ද උන් කට ඇරන් බලාගෙන ඉන්නවා. බොහොම අමාරුවෙන් මීහරකව මගඇරගත්තු අපි තුන්දෙනා ගෙදර බඩගානකොට 3 විතර උනා. යනකොට මව්තුමි සාලේ.. මොකෝ වෙල් ගානේ දුවන්නේ...වස ලැජ්ජායි රෙද්ද වැලේ....කිව්වලු.. ගමේ එකාල අපේ සිද්ධිය අම්මගේ කනේ තියලා.. මොනව කරන්නද ඉතින් කොරන්න දෙයක් නැහැ....

ඊට පස්සෙත් සසියය් කස්සයි අපේ ගෙදර ආවට වෙල පැත්තේවත් ගියේ නැහැ... අම්බෝ ඒ වෙලාව මතක් වෙනකොටක් බොක්ක ගර ගර ගාල ගැහෙනවා...

ඉස්කෝලේ කාලේ සුන්දරකම තියෙන්නෙම ඉස්කෝලෙ ඇතුලේ ඉන්නකම්ම තමා එළියේ ඒ ආතල් එක නැහැ නොවැ

Saturday, September 8, 2012

ඒ බං බලපංකෝ මේ පන්සලේ උස බං


මේකත් ඉස්සෙල්ලා කිව්වා ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් වගේ එකක් තමා. මට මේක මතක් උනේ මගේ ඉස්කොල කාලේ පින්තූර බල බල ඉන්නකොට. මේක වෙනකොට මම උ.පෙළ කරන්න රදාවඩුන්න ඉස්කෝලෙට ගිය මුල් කාලයේ තමා. ඔන්න ඉතින් උ.පෙළ අපි ඉගෙන ගන්න කාලේ අපි තමා ඉස්කෝලෙ පොරවල් ඈහ් හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා තමා අපි නම් හිතාගෙන හිටියේ. මොන පිස්සුද ඒ කතා 11 වසර එවුන් කෙලින්න බලාගෙන මයි ඉන්නේ. අපි හිටිය සේනාංකෙත් එක්ක බලනකොට අපි කෑව නම් තාමත් උන් ගෙන් කනවා. බලන් ඉන්න එවුන්ට කියන්න වෙන්නේ පව් කියලා තමා.කොහොම උනත් අපි 11 වසරේ එවුන්ව බොහොම සමගියෙන් තියාගෙන ඉන්න උත්සහ කලා. සමහර වෙලා වැඩේ ගොඩත් ගියා. සමහර වෙලාවට ඉතින් සම"හරක්" ම තමා යකෙකුටවත් මෙල්ල කරන්න බැහැ. අපේ ලොක්ක වලි වලට බය හින්දා 11 වසරේ ගුටි කෙලි මෙල්ල කරන්න 12 වසරේ සිංහයොන්ට තමා කියන්නේ , හික්ස්... අපිනේ දන්නේ අපි දාන සෙල්ලං. අපි ඉතින් පුටු පෙරලගෙන දුවනවා වලි බේරන්න. එතන යනකොට ඉස්කෝලෙන් අපිට දුන්නු ශිෂ්‍ය නායක බැජ් ඔක්කොම සාක්කු වල හැංගෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම එක යායක තමා. අපේ අත පයෙත් හිරි ඇරගන්න මේ වගේ උත්සව අවස්ථා අපි අතාරින්න කැමති නැහැ.බොහොම ජයට සමරනවා. අපිත් වලිය බේරන මුවාවෙන් එකෙක්ට හය හතක් අයිනවා.

පට්ටම කාලයක් ඒ කාලේ. අපි ටීචර්ලට නොවෙයි ටීචර් අපිට වඳිනවා " අනේ පුතේ ඉස්කෝලේ එන්න 80% සම්පූර්ණ කරගන්න " කියලා. ඒත් ඉතින් හිත දුවන්නේම 11 වසරට. ඇයි ඉතින් වලි බේරනවා ඉවරයක් නැහැ. ඇත්තටම කිනවා නම් අපි ඒකට ඒක නම් කිව්වේ හිතවත්කම් අලුත් කරගන්නවා කියලා. ඒකෙත් අමුතු විනොදයක් තියෙනවා. අපි ඉතින් 11 වසරට යනකොට කොල්ලො ගහ මරා ගත්තට 11 වසරෙන් උන්ට පහල පන්තිවල පොඩි උන් තොප්පිය දීල ඉවරයි. අපි එනකොට සීන් එකේ සුපිරි ජවනිකා ඔක්කොම ඉවරයි. අපි ඉතින් ඉතුරු කොටස් ටික පෙන්නලා එනවා. පස්සේ පස්සේ මේ තත්වය ගොඩක් වෙනස් උනා. අපිට 11 වතර තහනම් කලාපයක් උනා මොකද අපි වලි බේරන්න යන මුවාවෙන් 11 වසරෙ නංගිලගේ දුක සැප බෙදාගන්න යනවා කියලා ඉස්කෝලෙ පුරාට කත කථා පැතිරුනු හිංද. හැබැයි ඇත්තට අපි එවුගි ගියේ එකට තමා. ඒවගෙන් සමහර ඒවා මේ වෙනකොට සුභ මංගලම් වලින් කෙලවර උනු සිද්ධිත් තියෙනවා. ඒවා  පස්සේ කියන්නම්.

මම කිය කියා හිටියේ අපේ ඉස්කෝලේ කාලේ ගැනනේ. මම මේ කියන්න හිටිය කථාව සිද්ධ උනේ 2008 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ තිබ්බේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ. අපි ඉස්කෝලේ පුස්ථකාලෙට පොත් ගන්න පාසැල් පොලක් තිබ්බා. අතහිත උසස් පෙළ අංශයෙන්. ඒ කියන්නේ අපෙන්. අපිටත් හැමදාම හිස් අතෙන් මේ ජීවිතෙන් යන්න බැරි හිංදා ලකුණු ටිකක් දාගන්න හිතාගෙන වැඩේට බැස්සා. අපි හිතුවට වඩා අපි සංවිධානය කරපු පොළ මහා පරිමාණයෙන් සිද්ධ උනා. මට මතකේ හැටියට 125,000 ක විතර මුදලක් එකතු උනා. ලොක්කගෙනුත් අපිට උපරිමෙම්ම උපහාර. ආසානෙ අක්කේ කිව්වලු. අපිට ඉතින් දකින දකින තැන ලකුණු. ඔන්න ඉතින් අපි ඒ සල්ලිත් අරගෙන පොත් ගෙන්න පැලෑනක් ගැහුවා. ලොක්කත් එනවා කිව්වා එයාගේ වාහනෙත් අරගෙන අපිත් එක්ක පොත් ගේන්න.

ඕකට තමා කියන්නේ දෙන දෙයියො පන්න පන්න දෙනවා කියලා. අපේ ප්‍රවාහන ගාස්තුත් ඉතුරුයි. ඔන්න දවසක් අපිට ඉස්කෝලේ ලොක්කා. නැත්නම් පිනා එහෙමත් නැතනම් පින්සිබැල් තුමා එන්න කිව්වා පුස්ථකාලෙට. අපි ගියා බලන්න මොකද මේ එන්න කිව්වේ කියලා. වෙනදට නම් එන්න කියන්නේ ලොක්කගේ කාමරේට මට මතකයි දවසක් අපි දවසක් ඉස්කෝලෙන් පැන්නා. කථා කරගත්තේ 2 .00 වෙනකොට ආපහු ඉස්කෝලෙට එන්න. (මතකද ඉස්සර ඉස්කෝලේ ඉවර උනේ හවස 2.00ට.) 

ලොක්කා - ඔක්කොම ඇවිද්ද ඉන්නේ ? කවුරුහරි පන්ති වල ඉන්නවා නම් ඉක්මනට එන්න කියන්න. මට මේ වෙනුවෙන් ගොඩක් වෙලා ගන්න බැහැ

අපි - ඔක්කොම ආව සාර්

ලොක්කා - හරි මෙන්න මේකයි අපි එන්න කිව්වේ (ලොක්කගේ ජතික කථනය පටන් ගත්තා.)
මේ දරුවො බොහොම මහන්සි වෙලා ගමේ අයලෙනුත් උදව් අරගෙන කරපු ඉස්කෝලෙ පොලෙන් රුපියල් 125,000 ආසන්න මුදලක් එකතු වෙලා තියෙනවා.දැන් අපි මමත් මේ ගුරු මන්ඩලයත් එක්ක කථා කරගත්තු විදියට අපි ඔය ලමයින්ගෙත් සහය අරගෙන මේ ඉස්කෝලෙට වටිනා කියන පොත් පත් ටිකක් ගෙන්න.

(අපිත් හිනා උනා විතරයි මොකුත් තියන්න ගියෙ නැහැ. ඇත්තට හිත යටින් අපි හැමෝම ඇත්තටම සතුටක් තිබුනා.)

ටික් වෙලාවක් සද්දයක් නැතුව හිටපු ලොක්කා එයාගේ කථාවේ ඉතුරු කොටස  කියන්න පටන් ගත්තා.

ලොක්කා - හරි දැන් මෙන්න මෙහෙවයි වෙන්නේ. අපි හෙට හවසට ඔයාලගෙන් ගේන්න ඕනි පොත් ලැයිතුවක් ගන්නවා. ඉස්සල කරපු වැඩ වගේම මේකත් බොහොම ඕනැ කමින් කරයි කියලා හිතනවා.

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වලු. ලොක්ක අපිට මුළු පුස්ථකාලෙම පොත් ටික බලලා අඩු පොත් මොනවද නැත්නම් ගේන්න ඕනි පොත් මොනවද කියලා ලැයිතුවක් හදන්න දුන්නා. අපි පොත් පෙරල පෙරල බලන අතරේ තවත් කොනක තව කොටසක් පොත් පෙරලනවා.

අර පෝලෝ ඇඩ් එකේ වගේ ගම් පෙරළිය නෙවෙයි පෙම් පෙරළිය. 

මට මතක හැටියට අපිට ඕනි කියන පොත් ඇරෙන්න ගත්ත පොත් අතර අදටත් මතක පොත් කිහිපයක් තියෙනවා

ශාර්ලොක් හෝම්ස්
ඇන කැරනිනා
තිලක සහ තිලකා
ඳඟ මල්ල මහ අමුතු ඉස්කෝලේ
ගුරු ගීතය
සරසවියක දවසක්
ඈන්
මා දුටු මාර්ක්ස්වාදියා (මේ පොත මං අතින් නැති උනා, තාමත් මතක් වෙනකොට හිතට ගොඩක් දුකයි )
පිටසක්වල ජීවීන් (U.F.O)

පොත් ගොඩක් ගත්තා උනාට මතක ඔය ටික විතරයිනේ. දුක තමා සොරි ඈහ් මතක් උනොත් අනිවාර්යෙන්ම දාන්නම්. ඔන්න ඉතින් කියපු විදියට අපිට ඕනි පොත් එක්ක පහළ පන්ති වල ඉන්න ලමයින්ට ඕනි කියන පොත් ලැයිතුවත් එක්ක අපේ 12 වසරේ 5 දෙනෙකුයි උදෙන්ම කොළඹ එන්න පිටත් උනා.අපි කොළඹට එනකොට උදේ 8.15 විතර උනා. අපි පොත් අරගෙන එළියට එනකොට දවල් 2 විතර උනා. කොහොම හරි කොටසකගේ ඉල්ලීමක් උඩ අපේ සෙට් එකට කොළඹ වටේ රවුමක් එක්ක යන්න අපේ ලොක්ක කැමැත්ත දුන්නා. අපේ සෙට් එකේ කොළඹ දැකපු නැති අයත් ඉන්නවා කිව්වොත් පිළිගන්න එකක් නැති වෙයි ඔයාලා. ඒත් එක තමා ඇත්ත. කොළඹ වටේ කරක් ගහපු අපේ සෙට් එකව එක්කගෙන ආවා Twin Tower (ටුවින් ටවර් ) එක ගාවට.. අර නිවුන්නු බිල්ඩින් දෙක. ලංකා බැංකු ගොඩනැගිල්ලට එහා පැත්තෙන් පේන්නෙ..... අන්න ඒතනට...






ඔන්න ඉතින් අපේ කස්ටිය බැස්සා. නොදන්න සෙට් එකට මැජීක් ඈහ්. නොදන්න එකෙක් නම් අහල දැන ගනිල්ලා අපේ ඔක්කෝම දැන් සියල්ල දත්තෝ වගේ ඒක දිහා බලාගෙන ඉන්නවා. එහෙම ටික වෙලා ඉන්නකොට අපේ රැලේ එකෙක් අනිත් එකාගේ පැත්තට හැරිලා කියාපි

" ඒ බං බලපංකෝ මේ පන්සලේ උස බං . මාර උසක්නේ තියෙන්නේ " කියලා

අනිත් ගොරකයා ඒ එක්ම කිව්වෙ නැතෑ

" එතකොට බං හාමුදුරුවෝ උඩට වඩින්නේ ලිෆ්ට් එකේද බං " කියලා

අයියෝ සල්ලි මුන් නං මහ මැටි පූසෝ දෙන්නෙක්ම තමා. කට ඇරියොත් ඉවරයි. බොහොම අමාරුවෙන් ලැජ්ජාව වහගෙන උන් දෙන්නවත් පටවගෙන ආපහු ඉස්කෝලෙට ආවේ. එතකොට වේලාව හවස 5.40 විතර වෙලා තිබ්බා. මම මේක මගේ සගයෝ දෙන්නගේ නම ලිව්වේ නැත්තේ උන් දෙන්නා මේක දැක්කොත් පහවදාට මට අනිච්චාවත සංඛාරා තමා. ඒ උනාට අපේ සෙට් එකේ සෑහෙන කාලයක් උන් දෙන්ව අම්බානෙකට බයිට් උනා. උන් දෙන්නා කොහොමත් යන්නේ එන්නේ එකටමයි මරු ගජයෝ දෙන්නේක්. උන් දෙන්නා එනවා දකිනකොට අපේ එවුන් කියනවා " මචෝ අන්න ටුවින් ටවර් එනවා " කියලා. කෙරන්න දෙයක් නැහැ ඕකට තමා කියන්නේ ඉල්ලන් කනවා කියලා

 යකෝ මොකෙක් උනත් තමන් නොදන්න දෙයක් තියෙනවා නම් අහල දැන් ගත්තා කියලා ලැජ්ජාවක් වෙන්නේ නැහැනේ.   

Wednesday, September 5, 2012

මමයි අපේ තාත්තයි .....
අතීතය හාරා අවුස්සා ඔබට ගෙනෙයි


ඊයේ මට ලැබුනා කාලෙකින් නොලැබුනු චාන්ස් එකක්. ඒ තමා අපේ තාත්තගේ පරණ බඩු දාපු කබඩ් එක අස් කරන්න. කියලවත් කරන්න බැරි වාසනාවක් ඇහ්. අපේ තාත්ත ඉස්සර කොයි වගේ පොරක්ද ? මොනවද කලේ ? මොනවද ඉගෙන ගත්තේ ? ඉස්සර හිටන් තිබ්බ ආසාවක් ගොඩ ගියා. මේක මෙච්චර කල් මට අල්ලන්න වත් දුන්නේ නැහැ අපේ අම්මා. අම්මා මේ දේවල් වලට ගොඩක් ආදරය කලා. මම ඒක අදින්න ගිය වාර අනන්තයි ඒත් ඒ හැම වෙලාවෙම අම්ම මට කිව්වේ

" ඕක අදින්න එපා ඕවා තාත්තගේ දේවල් "

" තාත්තා දැන ගත්තොත් බනී...."

ඉතින් තාත්තට පොඩි කාලේ හිටන් තිබ්බ බයට මම ඒව ඇල්ලුවෙ වත් නැහැ. ඒත් දැන් වයස 24යි . අපේ අම්මලගේ බාසාවෙන් හින් දෑරි කොලුවෙක් . අපේ සීය කියන වචන වලින් කොළු ගැටයෙක්...එහෙමත් නැත්නම් නැහෙට අහන්නැති එකෙක්... මම දන්නවා අපේ අම්මා කථා කරන තාලෙන් ආදරේටද ? බනින්නද ? එහෙමත් නැත්නම් වැඩක් කරගන්නද ? කියලා.ඊයේ උදේ අම්මා මට කථා කලා.  අම්ම ටික තාලබර ඇරල

" චූටි පුතේ........" කිව්වා.

හරි අම්මට සුවර් එකටම මට කියලා වැඩක් කොරගන්න. මමත් ගියා බලන්න. මම කොච්චර ලොකු උනත් අපේ අම්මට මම තාම පොඩි එකා. කොහොමත් ඉතින් මම පවුලේ පොඩි එකා....බඩ පිස්සනේ .... ඒකත් එක අතකින් අන්ත භයානක තානාන්තරයක් මොකද පවුලේ වැඩිහිටි එකාලා ඉන්නවා නම් උන්ගේ අඩන්තේට්ටම් වලටත් පුහුණ දෙන්නේ පවුලේ බඩ පිස්සට නොවැ. ඒකත් වැඩ ටික කරගන්න. කෙල්ලෙක් ඉන්න ගෙදර කොල්ලෙක්ට වෙන්න අන්තිම අසාධාරණ කම් ...අපේ ගෙදර තාත්තා ආදරේ අක්කට... අම්ම මටයි අක්කටයි දෙන්නටම ආදරෙයි. හැබැයි මම කථාවක් අහල තියෙනවා තාත්තා කෙනෙක්ගේ ආදරේ පේන්නේ නැහැ මුහුණෙන් වචනෙන්... ඒ දේ තේරුම් යන්නේ අපිත් තාත්තලා උනු දවසටලු... අපේ අම්මා කියන්නේ එහෙමයි. ඔන්න ඉතින් ගිහින් බලද්දඋ අපේ අම්මා තාත්තගේ කබඩ් එක ඇදගෙන.. මට ආසාවේ බැහැ අවුස්සන්න... දත කට පූට්ටු උනු කතුහලයකුත් එකක් මම අම්ම දිහා බලාගෙන හිටියා... අයියෝ සල්ලි - අලි සෝක් කිව්වලු... අම්ම මං දිහා බලලා කියාපි

"මට මේ තාත්තගේ කබඩ් එක අස් කර දෙන්න මම කඩේට ගිහිල්ලා එන්නං......" කියලා

"හැබැයි විනාස කරන්නේ නැහැ ඕවා අදින්න ගිහිල්ලා..."


ඇත්තටම ඒවායේ දූවිලි ගොඩයි. මම එකින් එක අදින්න පටන් ගත්තා.තාත්තත් නැහැනේ දැන් ඉතින්න මට තාත්තට  කියනන්න තියෙන්නේ "අප්පච්චී කොහොද මං අල්ලන්නේ" කියලා තමා.. හික් හික්.....

ඒකේ තිබ්බේ පොත්, ෆයිල් කවර, පරණ පෑන්, තව මෙනවදෝ කවර වගයක් තව..... ආහ් කියන්න අමතක උනානේ.... පරණ පින්තුර ගොඩාක් දාපු කවරයක් තිබ්බා...

"යකෝ මේක ඇන්ටික් ලෝකයක්නේ ..... " මම හිතින් මටම කියා ගත්තා'

එහෙම හිතන ගමන් මම අපේ තාත්තගේ ඇන්ටික් ගෙඩ අවුස්සන්න පටන් ගත්තා.....ඉස්සෙලාම අහුවුනේ මෙන්න මෙයා...දැන් නම් මේව ගොඩක් දියුණු වෙලා. ඒත් මෙයා නම් තාමා කිරි ටොයිවගේ ...හ්ම්..... පාවිච්චියම තමා

දන්නව ඇතිනේ දැක්කහම මේ මොකක්ද කියලා ?

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


දන්නවද MS-DOS කියලා එකක්, ඒක කොම්පුටයක් භාවිතා කරන්න යොදාගත්ත භාෂා රටාවක් අපේ භාෂාව එයාට නොතේරෙන හිංදයි එයාගේ විදියට ලියපු අපේ භාෂාවක් හැදුවේ.. මේකේ පළවෙනි කොටස මට හොයාගන්න බැරි උනා නමුත් දෙවැනි කොටස මට හම්බ උනා

එම්.එස් ඩොස් නොට් හි 2 කොටස

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔයාලා ලොටස් කියලා මෘදුකාංගයක් ගැන අහලා තියෙනවද ? ගොඩක් අයට කියයි නැහැ කියලා. දන්න අයත් ඇති නැහැ කියන්න බැහැනේ.හරි මම කියලා දෙන්නම් මම දන්න දේ ....කෙනෙක් මීට වඩා දේවල් දන්වා නම් කියලා දෙන්න කැමතී නම් කියලා දෙන්න.ඒක එයාටත් යහපතක් වෙයි කියලා හිතෙනවා...

ලොටස් කියන්නේ මොකක්ද ?

ඔයාල දන්නවා ඇති ලෝකේ පුද්ගල පරිඝණක ඉස්සෙල්ලාම දුන්නේ IBM සමාගම කියලා. අන්න ඒ පරිඝණක එක්ක මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ගන්නත් පරිඝණකය මෙහෙයවී වීමේදී වඩාත් පහසු වෙන්නත්  IBM සමාගම එයාලගේ පුද්ගල පරිඝණක එකට ඔබලා එව්වා මෘදුකාංග කට්ටලයක් එන්න ඒක තමා මේ ලෝටස් කියන්නේ..

ලොටස් උපත ගැන 

ලොටස් කියන මෘදුකාංග කට්ටලය මුල්වරට මෙලෙව එළිය දකින්නේ 1982 අවුරුද්දේ....එහි නිරවුල් සංස්කරනයන් එළිය දකින්නේ 1983 ජනවාරි 26 වෙනිදා. මේක හැමෝම දන්න රහසක් තියෙනවා. ඒ තමා මේ ලොටස් මෘදුකාංග මුලින් මිනිසා අතරට එන්නේ ඇපල් 2 (Apple II)  පුද්ගල පරිඝණක ඇතුලට දාලා. අන්න එතනින් තමා මිනිස්සු ලොටස් ගැන දැන ගන්න පටන් ගන්නේ. කොහොම උනත් ලොටස් ඔයින් මෙයින් ඇපල් පරිඝණකයෙන් ගැලවීපලා පූර්ණ වශයෙන්ම Lotus 1-2-3 නමින් එහි සංස්කරණය කළ මෘදුකාංගය එළියට එනවා 1983 ජනවාරි 26 වෙනිදා.


මේ තියෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයෙන් ඒකාලේ දුන්නු  Lotus 1-2-3 ගැන ලියවුනු පොතක්

ලොටස් 1-2-3 පොතේ මුල් පිටුවක්


ඒ කාලේ ලොටස් ගැන ඉගෙන ගන්න ඕනි නම් කොම්පියුටරය කියෙන්න ඕනි මූලික සුදුසුකම් මෙන්න බලන්නකෝ....


ලොටස් ගැන නොට් එකක්

ලොටස් පොතක පටුන

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒ කාලේ ..... ඒ කියන්නේ 1992 වර්ෂය කාලේ තමා Zip Drivers වල ස්වර්ණමය යුගයලු... බලන්නකෝ ඒ කාලේ ඒවගේ තිබ්බ මිල ගණන්..... ඇත්තටම දැන ගන්න වටින දෙයක්...

අපේ තාත්තලගේ කාලේ පොත් කඩේකින් ගේන්න සැලසුම් කරපු  බඩු ලැයිස්තුවක්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අපේ තාත්තාගේ පොත්ලත්.. ඇත්තම කියන්නම් මම මේ පොත ගැන නම් දන්නේ නැහැ අපේ තාත්තා තමා එදා හවස මම ඇහුවහම කිව්වේ මේකේ සිංහල පොත කියවල තාත්තට ලොකු ආසාවක් ඇවිල්ල ඒ පොත හොයල හොයලා අන්තිමට ඒකේ ඉංගිරීසි පොත අරන් තියාගෙන තියෙන්නේ. තාත්තට සිංහල පොත හොයා ගන්න ලැබිලා නැහැ

දුප්පත් පීටර් හී ඉංගිරීසි පෙරළුම

මේ අපේ තාත්තලගේ කාගේ තිබ්බ ලියන පොත්......195X ගණන් වල

අපේ තාත්තලගේ කාලේ ඉස්කෝලේ ලියන්න ගත්ත නොට් පොතක්

අපේ තාත්තා උ.පෙළ ට කරලා තියෙන්නේ විද්‍යා අංශයෙන් කියලා මම දැනුයි  දන්නේ  !

අපේ තාත්තගේ කතාන්දර අතර මගේ සිත් ගත් පොත් කිහිපයක්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒකාලේ සෙල්ලම් කරපුවා........

පොකර් සෙල්ලම් කරන්න මැනුවල් ඕනිද ? හැබැයි අපේ තාත්තලගේ කාලේ දීල තියෙනවා

අපේ තාත්තා මට බැන්නට එයත් ඉස්සර ගේම් ගහල තියෙනවා. මේවා දැන්නේ අහුවෙන්නේ හත් දෙයියනේ !


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


කැසට් පීස් එකක් කියන්නෙත් ලේසි නැහැ ආහ්....

මැග්නට් ටේප් කැසල් එකක් එක්ක ඉස්සර දුන්නු අත් පත්තිරිකාවක් ඒකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා


බලන්නකෝ ඔයාලටත් දැන ගන්න ගොඩක් දේවල් තියෙයි. ඇත්තටම කිව්වොත් අතීතය කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා හිතෙනවා මේවා දැක්කම 

ඔය දේවල් අතර මෙන්න මේ වගේ දේවල් ටිකකුත් තිබ්බා....

මේ මම ගොඩක් පොඩි කාලේ.... අම්මා කිව්වේ මොන්ටිසොරි කාලේලු

මමයි , අක්කයි , අම්මයි , තාත්තයි , සීයයි
හ්ම්.... ටිකක් දිග පෝස්ට් එකක්... කියවන්න පුළුවන් කෙනාට ගොඩක් දේවල් දැන ගන්නත් පුළුවන්...

ලංකාවේ අපේ පොලිසිය....
සියළු දෙනාගේ දැන ගැනීම පිණිසයි !

ලංකාවේ රථ වාහන ගත්තොත් වැඩි පුරම තියෙන්නේ රෝද තුනේ එවායි රෝද දෙකේ ඒවයිනේ...ඒකෙනුත් රෝද දෙකේ ඒවා වැඩිපුර ඇති කොහොම උනත් අද වෙනකොට ලංකාවේ රේද දෙකේ වාහනයක් උනු මොටර් බයික් ගැන අහන්න ලැබෙන්නේ ඇස් දෙක උඩයන දත කට එකට පූට්ටුවෙන කේස් නේ... මේ දකින කොට මටත් මතක් උනා මට විච්චි අජූත අභුත බයික් කේස් එකක්.. අපේ  තාත්තට ඉස්සර තිබ්බා.. Honda Benly 90 CC මොටර් බයික් එකක්. පරණ හෝ අලුත් පරම්පරාවේ වේවා දන්නෝ දනිත් බයික් එක ගැන තොල් කරනවා සුපිරියටම.. ආයේ තෙල් සුවඳටත් සැහේන්න දුරක් යන්න පුළුවන්...ෆුල් ටෑන්ක් ගැහුව කියන්නේ ලාංකාව වටේම යන්න පුළුවන්.

Honda Benly 90 බයිසිකලයක්
ඔන්න ඉතින් අපේ තාත්තත් ඔහොම ඉඳල පොඩි අඩව්වක් ඇල්ලුවා.. පොඩි කිව්වට පොඩිත් නැහැ...දනහිසට පහලින් කොටස් 3කට කකුළ කැඩුනා... ඔපරේෂන් කොරලා අමාරුවෙන් ආයෙ ජොයිට් කරා.. ඊට පස්සේ අපේ තාත්තට එපා උනා එයා TVS Star Sport ES 100CC බයික් එකක් ඇන්න ආවා...සෙල්ෆ් ස්ටාට්ලු අර දකුණු පැත්තෙන් බොත්තමක් ඔබනකොට සුරුස් ගාල බයික් එක ඉස්ටාට් වෙන්න  අන්න එහෙම තියෙන එකක්... හ්ම්...නරකමත් නැහැ... කොහාම උනත් පරම්පරාවෙන් පරම්පරාවට කියන අර මොකක් දෝ වෙළඳ දැන්වීම වගේ මට අපේ තාත්තගේ පරණ බයික් එක ලැබුනා.. එක් මට ඒක තිබ්බ තත්වෙන් ගොඩ ගන්න ප්‍රතිපාදන හම්බුනේ නැහැ. කොහොම උනත් බයික් එක අහක දාන්න අදහසක් තිබ්බෙත් නැහැ. මොකද ගොඩක් අය කිව්වා

"මල්ලියේ ඕක නියම බයික් එක හදල ගනින්" කියලා....

ඇත්තටම පිට එකාල මේකට පොරකන්නේ ඇයි කියලා ඒකාලේ අදහසක් තිබ්බේ නැහැනේ මට. මම ඒ කාලේ වැඩ කලේ අපේ තරංග අයියගේ කොම්පුටර් ෂොප් එකේ.. UserMax Technology න්න ප්ලේස් ආහ්.. නිදහසේ වැඩ කරගෙන හිටියා. ගොඩක් කොම්පුටර් ගැන ඉගෙන ගත්තා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. හිස් මොලේට වටිනා කියන දත්ත පිරෙන්න පටන් ගත්තා. අලුත් දේවල් ගැන හොයන්න පටන් ගත්තා. තරංග අයියා ඒ අතින් දෙයියෙක් ආහ්. නොදන්න හැම දේම වගේ කියලා දුන්නා.

එතකොට මේ තියෙන්නේ TVS Star Sport ES 100CC  වර්ගයේ බයික් එකක් බොලව්

මේක තමා දැන් භාවිතා කරන්නේ ?
මොන දේ උනත් මට නම් පරණ බයික් වලින් කිසිම වදයක් නැහැ. මම එයාව අරගෙන ගියා ගැරිජ් අයිය කෙනෙක් ගාවට. ගිහින් පෙන්නුවා. අනේ පං රෙපෙයාර් ගොඩායි. ඉතින් මම ගැරිජ් අයියට කිව්වා

" අයියේ මට මේ බයික් එක හදල ඕනි තිබ්බ විදියට 

ඒ පාර ගැරිජ් අයියා කිව්වා

"මල්ලි ටිකක් වියදම් යයි. අඩුමා ගනේ 35,000 වත් කියලා 

මොනව කරන්නද ඉතින් වැඩේ කෙරෙන්නත් එපැයි. විකුණන්න බැරි  නම් කරන්න තියෙන එකම දේ හදන එක තමා. කොහොම හරි බයික් එකේ ඇන්ජින් එක හදා ගත්තා ඒත් මගේ කරුමෙකට වහින්න පටන් ගත්තා. ඔයින් මෙයින් අන්තිමට බයික් එකේ පේන්ට් එක ආපහු ගහලා බයික් එක පරණ පෙනුමම ගන්න මට මාස 8ක් තිස්සේ ගැරිජ් එකට බඩ ගාන්න උනා . ඒ මාස 8 ට බයික් එක 3 න් පාරක් පෙන්ට් කපලා ආපහු පෙන්ට් කරන්න උනා. මාස 8 කට පස්සේ බයික් එක ගැරිජ් එකෙන් මහා පාරට අරගත්තා. දැන් ඉතින් පදින්න තමා තියෙන්නේ.

යකෝ මේ මොන කරුමයක්ද යන යන තැන දකින එකාල අහන්න පටන් ගත්තා

මල්ලි බයික් එක විකුණන්නේ නැද්ද  

"  
කීයට ද බයික් එක ගත්තේ 


ඇත්තටම කිව්වොත් අපේ තාත්තට පරණ බයික් එක ගන්න ගියේ 35,000 යි ඒත් මට බයික් එක හදන්නම 35,000 ක් වියදන් උනා. ඒත් මොනා කරන්නද විසික් කරන්න අදහසකුත් නැහැ විකුණන්න අදහසකුත් නැහැ ඒක හැදුවේ. ඔය විදියට බයික් එක අවුරුද්දක් විතර බොහොම  පරිස්සමෙන් මම තාත්තගේ පරණ බයික් එක පාවිච්චි කොලා. ඔන්න ඉතින් දවසක් මම මගේ සහෝදරයට බෙහෙත් ගේන්න ගිරිඋල්ලට එහා තියෙනවා යක්විල කියලා ගමක තියෙන වෙද පොට් එකකට බඩගෑවා. ගියේ බෙහෙක් ගන්නනේ. ඉතින් බෙහෙතුන් අරගෙන අපි දෙදෙනා සුරුස් ගාල ගෙදර එන්න අවා. පාරත් එක නිල්ලට කෙලින්,වාහනත් නැහැ. අපි දෙනක් තණ නිල්ල දිගේ ඇදිලා යනවා.....වෙගේ වේගෙන් ආවා. ඔන්න ගිරිඋල්ල නගරයට සැපත් වෙනවාත් එක්ක අපි අධිවේගි රිය අමාරුවෙන් පාලනය කරගෙන ගියා. ගිහින් ගිරිඋල්ල බස් නැවතුම් පොළ ඉස්සර තියෙන කහ ඉරට ඉස්සරහින් පොඩ්ඩත් වේගය අඩු කලා.

ඔන්න අපේ වාහනේ කුටු කුටු ගාගෙන ඉස්සරහට ඇදේනවා වාහන පෙල අස්සෙන්. ඒ අස්සේ එක පාරටම ඩෝං...... ගාල කොහෙදේ ඉඳලා ආපු අපතයෙක් අපිව පිටි පස්සේන් හැප්පුවා. මාවයි අයියවයි වාහන වලට යට නොවී පාර අයියේ පතබෑවුනා. මගේ හිසට ඉහළින් අයියා විසිවෙනවා හීනේන් මෙන් මතකය. ඉන්පසු සිද්ධ උනේ දේවල් අමතකය. මොහොතකින් ඇස් අරින විට මිනිස්සු ගොඩක් වට වෙලා ඉන්නවා දැක්කා. මම නැගිට්ටා. ඒ එක්කම අයියත් නැගිට්ටා. අයියගේ කකුලට තුවාලය මට ඒ කිසිම අමාරුවක් දැනුනේ නෑනේ. මම නැගිටල ඇවිදින්න අඩිය තිබ්බා විතරයි. අනේ අම්මියෝ...දණහිස ලෙල්ලටම හීරිලා. කොහොම හිරි අපි දෙන්න බැරි බැරි ගාතේ නැගිටල ගිහින් බයික් එක කෙලින් කොලා...මේ පොස්ට් එක ලියන වෙලාවෙත් බයික් එක ආයේ පාරක් පෙරලගෙන කකුළත් තුවාල කරගෙන කකුළ උඩතියාගෙන ඉන්නේ. කකුළ ටිකක් කඩියා කනවා වගේ. අපරාදේ තුවාලේ ගැන නෙවෙයි දුක . ගවේශකයයි පොඩි මහත්තයයි එකක් යන්න යොදාගෙන තිබ්බ නකල්ස් හයික් එක නැවතුන එක ගැන. ගවේශකයටත් හිතේ ආමාරුව ඇතිවැඩේට ඔක්කොම ලෑස්ති එකා මුළු දවසම අපි දෙන්න මහන්සි වෙලා.

ඔන්න බැක් ටු දි ස්ටෝරි ...... අපි දෙන්න නැගිටින කොට අපි ගාවට ඒ වෙලාවේ එතන සේවයේ වියුතු රථා වාහන හසුරුවන නිලධාරී දෙන්නා ආවා. ඇවිල්ලා කිව්වා

මල්ලී මොකද උනේ ...? අමාරුයිද....?

බයවෙන්න එපා අපි වාහනේ දැක්කා.. ඔයාලා ගිහින් තුවාල වලට බෙහෙත් දාගෙන එන්න...

අපි පොලිස්සියට ඇන්ටිරියක් දාමු.. උන්ට පැනල යන්න බැහැ අපිත් එක්ක කියලා...

 මගේ මතකෙ හැටියට අපි දෙන්නට කෙටපු හැලපයා පලා ගිහින්. වටේ අයගේ කයියට අනූව ඒක ගිරිඋල්ල පාක් එකේ වාහනයක්. වාහනේ කිව්වට ඒක ටුක් ටුක් එකක්. ඒ පාර අපි දෙන්නත් නැගිටල ගිහින් බෙහෙත් දාගෙන වාහනෙත් අරගෙන ගියා ගිරිඋල්ල පොලීසියට මේ අවනඩුව කියන්න. යනකොට රථවාහන අංශයේ ලොකු මහත්තයා ඉන්නවා පුටුවක් උඩට වෙලා. අපි දෙන්න දැක්ක ගමන් හිනා වෙලා එහෙම ඇහුවා

ආහ් මොකෝ මේ තුවාල වෙලා අක්සිඩන්ට් එකක් වගේ

යකෝ මේකගේ මෙලේ හෙල්ලිලාද මෙහෙම අහන්නේ. නැත්නම් අපි ඕනකමින් ගිහින් වාහනේ අයිනව යෑ. පිස්සෙක්ද කොහෙද ? අපි ඉතින් ලැබුන පුටුවෙන් වාඩිවෙලා අපේ වින්නැහිය කිව්වා. ඒ පාර මේ මනුස්සයා අපි දිහා බලල අහනවා

ඔයාලට ගොඩක් තුවාලද  ? ඇන්ටිරියක් දාන්න තරම් ? එහෙම නැත්නම් දාන්නම ඕනිත් නැහැ.. 

අනිත් එක දැන් වාහනේ ගිහිල්ලත් ඇති.."

" ඔයාලා වාහනේ දැක්කේ නැද්ද...."

යකෝ මූ මොකෙක්ද ? අපි කොහොම වාහනේ බලා ගන්නේ. අපිවනේ වාහනෙන් හැප්පුවේ. මම කිව්වා

බලා ගන්න බැරි උනා සාර්...." 

ඒ පාර මනුස්සය එතට හිටිය පොලිස් බට්ටෙකුට කථා කරා... කියපු ගමන් කොස්තාපල් කෙනෙක් ආවා. ඔව් සාර්.... කියාගෙන

බලනවා කව්ද පාලම ගාව  ඩිවුටි හිටිය දෙන්න .. බලලා එන්න කියනවා දෙන්නට"  .... කියලා

අපිත් හිතුවා වැඩේට සහනයක් ලැබෙයි කියලා.  ඒ පාර ඒ දෙන්න ආවා, අපිට කලින් කිව්වානේ වාහනේ දැක්කා කියාලා. අපි හිතුවා දැන් වැඩේ හරි කියලා. ඊට පස්සේ ලොක්ක ඇහුවා...

ඔයාල දෙන්න දැක්කද  මේ දෙන්නව හප්පල ගිය වාහනේ ... "

ඊට පස්සේ රජ කාරියේ හිටපු නිළධාරීන් දෙන්න

අපි දැක්කේ නැහැ සාර්...අපි දැක්කේ මේ දෙන්න පාරේ වැටිලා ඉන්නවා විතරයි "

එතන හිටපු අය තමා කිව්වේ මේ දෙන්නව හැප්පුවේ වීල් එකකින් කියලා "

දැන් ඉතින් කෙලපංකෝ හැලප. අපි දෙන්න දැනගත්තා මේකෙන් අපිට වෙන්නේ ගෙදර යන්න පරක්කුවෙන එක විතරයි කියලා. ඊට පස්සේ අපි දෙන්න ඇන්ට්රිය දාල කට උත්තරත් දීල අපහු ගෙදර එනකො හවස 7ත් වෙලා. ඇත්තටම කිව්වේ අපි දෙන්නව ටුක් ටුක් එකෙන් හැප්පුවේ 4.30 විතර. ඇත්තටම  ගිරිඋල්ල පොලීසිය හෙලා දකින්න ඕනි මේ වගේ ශත පනහේ වැඩ කරන. මනුස්යෙක් නීතියේ පිහිට පතන්නේ ඒ මනුස්සයා අසරණ උනහම. ඒකට තමා නීතියක් කියලා. ඇත්තම කියනවා නම් ගිරිඋල්ලේ පොලීසියේ නීතිය අන්ධයි.  මෙලෝ සංසාරෙකට වැඩක් නැහැ.