Thursday, May 6, 2010

අහෝ වස්සාන කාලෝ............

මේ දවස් වල ලංතාවෙ එක එක පැති වලට වර්ෂාවෙන් සිද්ධවෙන හානි කව්රු කව්රුත් දකින්න ඇතිනෙ...මම මේ කියන්න යන්නෙ අපේ පැත්තට වර්ෂාවෙන් උන සිද්ධියක්,හැබැයි මේක එක පත්තකින් බැලුවහම...පොඩි අයට බොහොම විනෝදය ගෙන දෙන සිද්ධියයක්....ඔන්න ඉතින් හරියටම දවස කිව්වොත් 2010 අප්‍රේල් මාසෙ 30 වෙනිදා ඒ කියන්නෙ කම්කරු දවසට ඉස්සෙල්ල දවසේ අපේ පැත්තට දරුණුවටම වැස්ස කියන්න දෙයක් නැහැ උළු තියල තිබ්බ අපේ ගෙදරත් එදා පැල්පතක් වගේ තෙමෙන්න පටන් ගත්ත....මට ඉතින් සතුට බොහෝමයි...මොකද වැස්ස දවස් කියන්නෙ නිදාගන්න කියාපු දවස් හිංද,ඉතින් පහුවදා උදේ සුමුරුදු පරිදි උදේ 6.30 විතර නැගිට්ට..ඔන්න දැන් මට ඇහෙනව දිය ඇල්ලක ශබ්දයකට සමාන ශබ්දයක්..මමත් ඉතින් ඇහැරිලා එළියට බැහැල බැලුව මොකක්ද මේ වෙන්න කියල....අම්මේ බලද්දි අපේ ගෙට එහා පැත්තෙ තියෙනවා වෙල් යායක් ඒක වතුරෙන් උතුරල ආයෙ බලන්න දෙයක් නැහැ කොටිම්ම කිව්වොත් පොඩි වැවක් වගේ....මමත් ඉතින් ගිහිල්ල අසිරිය බල බලා හිටිය...මේක අපේ පොඩි උන්ට නම් සැහේන විනෝදයක් උනා....ඒත් වෙල් වැඩ කරන අය නම් ටිකක් නොසන්සුන් වෙලා හිටියේ......මමත් අපේ ගෙදර ගැන්සියත් එක්ක ගිහින් ඔය සිද්ධිය බල බලා ඉද්දි මට හිතුනා දැකපු නොදැකපු අය මේ කොයි කාටත් බලන්න එක්ක මේ පින්තූර ටික ඔයලට පෙන්නන්න...ඉතින් මම මගේ Phone එකෙන් පින්තූර ටිකක් අරගත්ත.ඔයාලත් බලන්නකෝ..එදා අපේ ගමට හරියට ගංවතුර ගලලා වගේ තිබ්බෙ......

පින්තූරෙ ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ කොටන්න





Related Articles

2 comments:

  1. මාළු වවන්න තියෙන්නේ නියර පොඩ්ඩක් උස්සවුවනම්...එල කිරියට මාළු ඇතිකරන්න තිබුනා දැන් ණයත් දේනවානේ

    ReplyDelete
  2. ණය නම් දෙනවා........ඒත් පොලිය ටිකක් වැඩී වගේ...ඒක හිංද දැන් කාලෙ මාළු වවන එකත් පාඩු ලබන ව්‍යපාරයක් වෙලා....

    සණස බැංකුවේ ණය දෙනවලු පොලියත් අඩුයිලු

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...