Monday, May 3, 2010

ඔබේ පරිඝණකයේ Driver ගොනු සුරකින්නට පුංචි මිතුරෙක්
"Little Friend for Save Your Driver Files"

ඔයාලටත් ඔයාලගේ කොම්පියුටර් එකේ Driver Files නැතුව දුක් විඳින්න වෙලා තියෙනවද ?,මට හම්බ උනා ලේසියෙන්ම Driver Files යන්න පුළුවන් විදියක් ඒ මෘදුකාංගයේ එකේ නම "Double Drivers" කියලා..අපිට ‍බොහෝ වෙලාවට Driver මතක් වෙන්නෙ අපේ කොම්පියුටර් එක Format කරහම තමානේ...මේකට තියෙන හොඳම විසිඳුමක් තමා මේ "Double Drivers" මෘදුකාගය.මේක භාවිතය හරිම ලේසියි.අපිට කරන්න තියෙන්නෙ අපේ කොම්පියුටර් එකට මුලින්ම මෙහෙයුම් පද්ධතිය දාපු අළුතම මේ මෘදුකාංගය දාන්න තමා..කෙටියෙන්ම කිව්වොත් මේ මෘදුකාංගය ස්ථාපනය කරන්න ඕනි වෙන්නෙ නැහැ....ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ "Double Drivers" මෘදුකාංගය අන්තර්ජාලයෙන් භාගත කරගන්න එක තමා.මේ මෘදුකාංගයේ තියෙන පහසු දෙයක් වන්නේ මෙම මෘදුකාංගය ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ ලේසියෙන්ම ක්‍රියාකරන එකම තමා

ඒකම මම මුලින්ම ඔයාලට "Double Drivers" මෘදුකාංගය භාගත කරගන්න Link එකකුත් දෙන්නම්‍කෝ...




මෙතන කොටන්න | Click Here


බොහෝවිට මේ මෘදුකාංගය අපිට ලැබෙන්නෙ Zip File එකක් විදියට.අපි ඒක Unzip කරගෙන මෘදුකාංගය Run කරපුවහම මේ වගේ එකක් ආව නම් වැඩේ හරි



දැන් අපිට කරන්න තියෙන්නෙ අපේ පරිඝණකයේ Drivers Back up කරන්න,ඒ කියන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන Driver Files වලින් කොපියක් ලබා ගන්න එක තාමා,මුලන් අපිට කරන්න තියෙන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන Driver list එකක් ලාබා ගන්න එක තමා.මුලින්ම කරන්න තියෙන්නෙ මෘදුකාංයේ තියෙන Scan කියන එක උඩ Click කරන්න,දැන් අපිට අපේ කොම්පියුටරයේ කියෙන Driver ඔක්කොම list එකකට එයි හරියටම මෙන්න මේ වගේ



ඊළඟට කරන්න තියෙන්නෙ අපිට Back up කරන්න ඕනි Driver තොරන්න(Select) තමා ,මම නම් මේකෙ ඔක්කොම Driver තෝරනවා මොකද එතකොට අපිට එකපාරම ආයේ Drivers ස්ථාපනය කරන්න ලේසි හිංද,කොහොම හරි ඔයාලට ඕනි විදියට Drivers තෝරල ඊට පස්සෙ ඒ මෘදුකාංගයේ කියෙන "Backup" කියන එක දෙන්න.දැන් වැඩේ හරි නම් මේ විදියට Save කරන්න ඕනි තැනක් ඉල්ලයි,ඊට පස්සෙ ඔයාලට ඕනි තැන දීල OK කරන්න,දැන් හරියටම වැඩේ උනා නම් මේ විදියට Drivers Backup වෙන්න පටන් ගනී.මේ වැඩේට විනාඩි කිහිපයක් ගනී.






වැඩේ ඉවර උනහම මේ වගේ එකක් එයි ඒක Close කරන්න.


දැන් අපිට දකින්න පුළුවන් මුලින්ම අපි අපේ පරිඝණකයේ Drivers Save කරන්න ඕනි තැනට ගියොත් අපේ Driver ගොනු දකින්න ලැබෙයි මෙන්න මේ විදියට



දැන් මම කියන්න යන්නෙ කොහොමද අපි ‍අපේ කොම්පියුටරයට "Double Drivers" මෘදුකාගය උපයෝගී කරගෙන ප්‍රතිස්ථාපනය කරන්නෙ කියන එකයි



මුලින් පෙර පරිදිම "Double Drivers" මෘදුකාගය විවෘත කරගෙන Scan කරල, අපිට ඕනි ඒව තෝරල Restore තෝරල දෙන්න විතරයි තියෙන්නෙ මේ මෘදුකාංගය පාවිච්චිය බොහොම ලේසී......

Related Articles

5 comments:

  1. බොහෝම ස්තුතියි ඔබේ අදහස්වලට

    ReplyDelete
  2. ෙමානව හරි ලැබුණම ෙබදාගන්න හිෙතන්නත් ෙපර භවෙය ෙලාකු පිනක් කරල තිෙයන්න ඹ්න.

    ReplyDelete
  3. top වැඩේ මත් ඔයා වගේ වවුලෙක් තමා

    ReplyDelete
  4. @ Buddhika Karunanayaka ඒ මොකෝ වව්ලෙක් කියන්නෙ ?

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...