Saturday, May 1, 2010

Linux හී ලාංකීය නියෝජනය........
"හන්තාන Linux | Hunthana Linux 11.1"

ඔන්න ඉතින් මමත් සුපුරුදු පරිදි අන්තර්ජාලයේ අතරමං වෙලා ඇවිද ඇවිද ඉද්දි දකින්න ලැබුන "Hanthana Linux 11.1" කියන වචනෙ,කිව්වට මොකද අහග තිබ්බත් දැක්කෙ අද තමා.....මේක Fedora කියන විවෘත මෙහෙයුම් පද්ධතිය යම් යම් වෙනස් කිරීමකින් හා යම් යම් ගති ගුණ වෙනස් කිරීමකින් අනතුරුව එළිදක්වා ඇති නිර්මාණයක් කිව්වොත් හරි යයි මට හිතුනා...මට ,ඔන්න ඉතින් මමත් පණ දාගෙන Download කරගෙන කොම්පියුටර් එකට දාල බැලුව.ෂා......කියන්න දෙයක් නැහැ....කෙටියෙන්ම කිව්වොත් උපරිමයි,ඉතින් මටත් හිතුන ඔයාලත් එක්ක මේ බෙදාගන්න,ඔයාලත් බලන්නකො මේක කොහොමද කියලා....හැබැයි මේ ගැන මට මුලින්ම කියල දුන්නෙ අපේ දක්ෂ Blog ලියන්න් දෙන්නෙක් වන සංජය සහ දර්ශන කියන සහෝදරයො දෙන්න තමයි..



Go to Hanthana Linux Home page
(හන්තාන ලිනක්ස් වෙබ් අඩවියට පිවිසෙන්න)



මේ තියෙන්නෙ හන්තාන Linux මෙහෙයුම් පද්ධතියෙ Desktop එකේ රූපයක්





තවත් හන්තාන Linux මෙහෙයුම් පද්ධතියෙ රූප බලන්න ඕනි නම් මෙන්න ඒකට ඉඩ



Go to Hanthana Linux Screenshots
(හන්තාන ලිනක්ස් හි පින්තූර දකින්නට පිවිසෙන්න)

Related Articles

11 comments:

  1. මේකත් බැලුවනම්... www.lankanet.org
    මට පුදුමයි ඔයා LankaNet.Org Linux ගැන අහලා නැති එක ගැන..
    වැඩි විස්තර මගේ බ්ලොග් එකේ තියෙනවා http://tharaka-lankanet.blogspot.com
    අපි මේක අන්තර්ජාලය නැති අයට නොමිලේ තැපැල් කරලත් යැව්වා.

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි සහෝදරය නොදන්න දෙයක් මටත් කියල දුන්නට
    ඇත්තටම මමත් බ්ලොග් කලාවට ගොඩක් අලුත් බැලුව ඕනිම කෙනෙකුට පේන‍වනෙ ඒක
    ඉතින් මේ වගේ දෙයක් කියල දුන්න එක ලොකු දෙයක්
    මටත් ඕනි උනේ මම දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදාගන්න
    මේ ගැන කියලා දීල කරපු දිරිගැන්වීමට බොහෝම ස්තුතියි !

    ReplyDelete
  3. මගෙන් උණුසුම් සුභ පැතුම්!!

    ReplyDelete
  4. බොහෝම ස්තුතියි....!! සහෝ....

    ReplyDelete
  5. ලංකානෙට් එක කරන්නේ හන්තාන එක කරන දේම කොපි කිරීම නේද හැඹැට?

    ReplyDelete
  6. ලංකානෙට් එහෙම දේවල් කරනවද ?

    ReplyDelete
  7. @ජෝෂප්
    වැරදියි! ලංකානෙට් එක මුලින්ම ලිනක්ස් එකක් හැදුවේ 2007දී. ලංකානෙට් එක ලිනක්ස් වර්ග 5 ක් විතර LankaNet.Org Linux v.1 නිකුත් කිරීමට කලින් හැදුවා. ඒත් ඒවා බාහිර කාටවත් නිකුත් කළේ‍ නෑ. (ප්‍රධානම හේතුව ඒවා තැපැල් කරන්න සල්ලි තිබ්බේ නැති එකයි)

    ලංකානෙට් ලිනක්ස් උබුන්ටු මූලිකවයි නිපදවා තිබෙන්නේ. හන්තාන මූලික වී තිබෙන්නේ ෆෙඩෝරා ආශ්‍රිතවයි.

    කමෙන්ට් දැමීමට පෙර යම්කිසි අධ්‍යයනයක් කළානම් හොදයි.
    ලංකානෙට් ආයතනය විවෘතමූලාශ්‍රිත මෘදුකාංග ආශ්‍රිත නොයෙක් දේවල් විශාල ප්‍රමාණයක් 2000 සිටම කළා.

    අනිත් එක ලංකානෙට් එක ෆෙඩෝරා සහ ලංකානෙට් ලිනක්ස් පද්ධති නොමිලයේ තැපැල්මගින් අන්තර්ජාලය නැති අයට නොමිලයේ සපයනවා. ලංකාවේ වෙන කවුරුවත් එහෙම නොමිලයේ කරනවද? මම නම් දන්නේ නෑ.

    ලංකානෙට් සහ හන්තාන අතර අහසට පොලොව වගේ වෙනස්කම් තියෙනවා. ඒදෙකම පාවිච්චි කරලා වෙනස තේරුම් ගන්න. තවත් ටිකක් දැනුවත් වෙන්න. ඔබට සුභ පැතුම්!


    @ලක්ෂිත චින්තන රණසිංහ

    අනේ නෑ. ගොඩක් අය අපිව කොපි කළා මිසක්! මෙච්චර කාලයක් අපේ සේවාවන් ලබා දුන්නේ සමාජ සංවිධාන හරහායි සහ සමාජසේවා කරන ආයතන අතරේ පමණයි. ඉතාම මෑත කාලයකදී විතරයි අපි මෙහෙම කෙලින්ම මිනිස්සු අතරට ගිහිල්ලා වැඩ කරන්න ගත්තේ. මෙච්චර කාලයක් එහෙම නොකලා නෙමෙයි.

    ReplyDelete
  8. දැන් මට දැන ගන්න ආසයි ඇත්තටම මේ දෙකෙන් මොකක් හොඳ කියලා.......

    ReplyDelete
  9. හන්තාන ලිනක්ස් 14 නිකුත් උනා :)
    http://danishkanavin.blogspot.com/2011/02/blog-post_21.html

    ReplyDelete
  10. කමෙන්ට් එක එක උඩ නැගලා කමෙන්ට් ‍කරන්න අමාරුයි. ලිපි ටික නං බැලුවා.සුබපැතුම් , කමෙන්ට් බොක්ස් එක පෙන්නේ නැ නොපෙනි මේ කමෙන්ට් කරන්නේ මොනවා හ ලියවැන්්‍ලාද දන්නැ මොනවාහරි කරලා අපිට පහසු කරන්න

    ReplyDelete
  11. සමාවෙන්න ...ඒත්මම උපරිම උත්සහාය දෙන්නම්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියන්න..හැමදෙයක්ම.....වටින්නේ අදහසයි...