මේ පොස්ට් එක ලියන්න ටික දවසක් වෙනාව දවස හරියට කිව්වොත් 2010 ඔක්තොම්බර් මාසෙ 3 වූ ඉරිදා දිනය....කලින් දා රාත්රියේ යොදාගත් පරිදි අපේ 5 දෙනෙක් යුත් අපේ කල්ලියතුත් අරගෙන උදෙන්ම අම්බුළුවාව බලා යාමට ගමන ආරම්භ උනා....ගමනට කොහාමත් පැය 1 1/2 ක් පමණ ගත විය...කෙසේ හෝ වෙලාව උදෑසන 10.30 විතර වෙද්දි අපිට අම්බුළුවාවට එන්න පුළුවන් උනා....ඒත් අම්බුළුවාවට යනා වාරටක් නම් නොවයි....කොටින්ම කිව්වොත් අපි මේ කරන්න යන්නෙ අවාරෙ අම්බුළුවාව තරණයක්....ගමන අවදානම් උනත් අපි ඔක්කොම එක යායක කියල ගමන අරම්භ කළා...කිව්වට මොකද ගමන නම් ලේසි උනේ නැහැ....මොකද ඒ වෙද්ද අම්බුළුවාවට වැස්සෙන් ගොඩක් අවහිරයන් සිද්ධ වෙමින් තිබ්බෙ...අපි යද්දිත් පෙම්වතුන් පිරිස් 2ක් පමණයි හිටියෙ....ඒත් ඒ වෙද්දි නම් එච්චර වැස්සෙන් බාධාවක් උනේ නැහැ...පස්සෙ පස්සෙ තමා අපිට ටිකෙන් ටික බාධාවන් ආවේ...කොහොම උනත් අපි ඒ ඔක්කොම කාගෙන නාගෙන අම්බුළුාවට ගෙඩ උනා....ඒත් හැබැයි අම්බුළුවාවට යද්දි අපි ඔක්කොම තෙමිච්ච කාක්කො වගේ.......ගමන ගොඩක් අවදානම් වගේම ගොඩක්ම වෙනස් අද්දැකීමක් උනා....ඔන්න මං ගානෙ ඔයාලටත් ඒ ගැන දැනගන්න කියල එහෙදි ගත්ත ඡායාරූප ටික දැම්ම බලන්නකෝ....

මේ ඉන්නෙ අපේ රියදුරු තැන වගේම අපි හැමෝගෙම අතිජාත මිත්තරයා.....අවංකයා......නම - තරිඳු ජයසංක
මෙය හුදෙක් උත්සාහයක් පමණක් බව කරුණාවෙන් සලකන්න...!
සහෝදරත්වය....!
අපෙන් එකෙකි මේ මිනිසා....! ඔහුගේ තවත් උත්සාහයක්
උඩ දාල තියෙන බෝඩ් කෑල්ල කියවලම බලන්නකෝ.....(ලොකුවට බලන්න ඒක උඩ කොටන්න)
අපේ අනාරාදිත අමුත්ත......
සොබාදහමත් අලසයිද මංද කාලගුණයේ වැරැද්දෙන්
අපේ කස්ටිය......
මෙතනින් එහාට තනිකරම මීදුමේ තමා......!
ආපහු එන්න උනෙත් මේ මීදුම මැදින්ම තමා....