Tuesday, March 26, 2013

හෙළ ලාංකික උරුමයක් දැකීමට මෙන්ම රසවිඳිනු වස් ඔබට

මේ කියන්න යන්නේ මම දැකපු බොදු උරුමයන්ගෙන් එකක් ගැනයි.ඇත්තටම මේ ගැන ගොඩක් අය දන්නවා ඇති මම හිතන්නේ කොහොම උනත් නොගිය අයත් ඇතිනේ... ඒක හිංද මෙන්න දත් නොදත් සියළු දෙනා වෙනුවෙන්...

මේ පන්සලට කියන්නේ තලපම පන්සල කියලා. වලගම්බා රජ්ජුවන්ගේ තවත් නිර්මාණයක්.. බොහොම පැරණි ඉතිහාසයක් තියෙන තැනක්. හැමදාම වගේ මේ පන්සලට ගොඩක් සෙනග එනවා වනවා කියලා තමා ගමේ උදවිය නම් කියන්නේ.. මටත් අහම්බෙන් ලැබුනා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මේ පන්සලට ගොඩවෙලා සිරි අසිරි දකින්න... කෙටියෙන්ම කියනවා නම් මං ගාව හරිහමන් සුදානමක්වත් තිබ්බ් නැහැ. මේ ඔයාලට පෙන්නන පොටෝ සියල්ල ඡායා ගතකරන ලද්දේ සෝනි එරික්ෂන් කේ800 දරණ ජංගම දුරකථනයෙනි. ඒක හිංදා පොඩ්ඩක් පොටෝ අවුල් වෙලා ඇති. කොහොම උනත් රසවින්දයට වැඩි ඉඩක් දෙන්න ඕනි හිංදා මම මේ ගැන වැඩි විස්තර ලියපු ලක්දසුන්ලගේ විස්තරේ පහළින් දාන්නම් ගිහින් බලන්නකෝ..

මෙන්න ලක්දසුන්ලගේ රිපෝට්ටුව මෙතනින්

සැ.යු. - මේ පොටෝ ලොකු කරලා බලන්න ඕනි නම් මේ පොටෝ උඩ ක්ලික් කරන්න 

මෙතනින් තමා ගමන ආරම්භ වෙන්නේ ? ඉහළට තව යන්න තියෙනවා 

මේ තියෙන්නේ පන්සල මුදුනට යන්න වගේම බෝධියට විහාරගෙට පවා යන්න තියෙන පඩි පෙළ

පුරාණ සිතුවම්

පන්සලේ උඩටම ගියහම වටපිටාව

මේ තියෙන්නේ විහාර ගේ එක්ක තියෙන බෝධිය


තලගම පන්සලේ මුදුනේ ඇති සාන්චි ස්තූපය

පුරාණ නිරිමාණයක කොටසක් 



මේ තියෙන්නේ තලගම මුදුනේ කෙලවර.. කොහොද වට පිටාව පේන ලස්සන.. කොච්චර බන් හිටියත් මදි

තනි පහනින් ආලෝකමත් වු පිළිම වහන්නේ ඇති සාන්චි ස්තූපය..

තව ගොඩක් දේවල් බලන්න පුළුවන් මේ තලගම පන්දලට ගියෝතින්....ඉතින් ඔන්න කස්ටිය බලන්න ඉඩ දීම මම ගිහින් එන්නම්....

Thursday, March 21, 2013

නටබුන් වු අතීතයට වර්මනයේ සංස්කෘතික ගම්මානයක් මැදින් පාගමනක් !

හැමදම අරවා මෙව්වා ලියනවා වගේම මේ දින වල මා හට සෑදී ඇති හයික් උන රෝගයේ අතුරු ළුලයක් වශයෙන් මෙම ලිපිය මා මෙසේ සටහන් තබමි.

මීට කෙටි කලකට පෙර වෙන්ඩ මස්සිනා නොහොත් දැන් මස්සිනා පදිංචි වෙලා ඉන්න රඹුක්කන මීදුම කියන අලංකාර ගම්මනයේ කරක් ගැසීමට මා හට වරම් ලැබුනි. මම එක පයින්ම නොව දෙපයින්ම කැමති විය.ඔන්න කොල්ල ගියාලු ගමන.... රඹුක්කන ගැන රඹුක්කනින්ම අහන්න ඕනි.. එක පැත්තකින් සරු සාර ගොයම්..අනිත් පැත්තෙන් අලගල්ල කන්ද... ඇත්තටම ලස්සන පැත්ත. ඔන්න දවසක් මස්සිනා හා ඔහුගේ පෙම්වතිය වන මගේ අක්කාගේ කතා බහකට උදැල්ල දෑමිමට යාමේදී පදියගම්පල පුරාණ ගල් මැස්ස නම් පුරාණ ගල් පුවරුවක කථාවක් ඇසීමට හැකිවිය.. සරලවම කියනවා නම් මේකත් වලගම්බා රජාගේ තවත් වැඩක් එය ගස් ගල් ගානේ ඇවිදින මට මේ වගේ දෙයක් දකින කොට කජ්ජක් සේ පෙනුනි.
කොහොම හරි මස්සිනාට අම්බානෙකට වද දීමෙන් පසු ගමනක් සෙට් කරගන්නා ලදි. මස්සිනාගේ කථාවට අනූව ඒ පුරාණ ගල්මැස්සට උඩින් රහතන් වහන්සේලා වැඩ සිටි කුටි පවා ඇති බවට වාචිකා සාක්ෂි මට ලැබීම මා මොරාල් කිරීමට හේතුවක් විය. කෙසේ හෝ පසු දින මස්සිනාගේ හිතවතෙකු වෙන මාමා කෙනෙකු හා ගමන යෝජනා කරගෙන ගමන උදෑසන 7ට පරණ ආරම්භ කරන ලදි.

ඔන්න ගමන පිටත් උනා උදෙන්ම ගල් මැස්ස දැක බලාගෙන එහෙම.... ඒ කැලේට ගමේ අය කියනවා කියන්නේ කොස් කැලේ කියලලු... ආහ් තව දෙයක්.. ඒ කැලේ පැරණි නටබුන් මෙන්ම නිධානත් තියෙනවලු... ඒක මමත් විශ්වාස කලේ නැති නිසා අර අපේ ගයිඩ් මාමා ඇදගෙන ගිහින් කල් පොත්තක් උඩට මට පෙන්නපු සලකුණෙන් මගේ අවිශ්වාස සියල්ල විශ්වාස බවට පෙරලෙන්නට ගත වුයේ කෙටි කාලයකි. ඒ තමා නයි පෙන 3ක් ඇති නයෙක්... මම දැන් ඒ පොටෝ එක දාන්නේ නැහැ ඒත් පස්සෙ කාලෙක දාන්න අදහසක් තියෙනවා.ඒත් මේ දේවල් වලට හානිකරන බලාගෙන ඉන්න මොකෙක් හරි කුප්පයෙක් මේක කියොලා මේ දේවල් වලට ගානියක් කලොත් මට දහ ගහයි. ඒක හිංදා ඒ ගැන අපි කතා නොකර ඉමු.

පදියගම්පල පුරාණ ගල් මැස්ස ගැන ලක්දසුන්ගෙන් ලද පොස්ටුවක් ඔන්න යන්න කැමති අයට සුපිරි ගමනක්

ගමනට සහභාගි වුවෝ...

අපේ මස්සිනයි එයාගේ කෙල්ලයි

මමයි
මස්සිනගේ නංගියි
අර මම කියපු මාමයි
මස්සිනාලගේ ගෙදර බොඩි ගාඩ් නොහොත් බලු තඩියයි..

එකතොට ගමනට ඕනි කරන කියලා ගත්ත බඩු මුට්ටු..


පිහියක්

වතුර බොතල් කිහිලයක්
උදේට හා දහවල් ආහාර ලෙස කෙසෙල් කොලේ ඔතන ලද බත් මුල්....

ගමනේ ආරම්භය....

අනිත් දේ නම් සැලකිය යුතුයි - කැලේ ගැන නොදන්න අයෙක් නම් මේ ගමන යෑම අවදානම්වේ.... එයට නිසි උදව් ලබා ගෙන ගමන යන්න. අපි ගමන ආරම්භ කර හරියටම අඩපැයක් ගිය තැන කුඩා ගල් පොත්තකට සේන්දු විය. අවටින් මනරම් දසුන් නෙත ගැටෙද්දී. අපි මද විවේකයකට ගමන නවතන ලදි. අපට මෙන්ම අපේ බලු රාලටත් බොහෝ සෙයින් කෙහෙට්ටුවක් දැක ගැනීමට අපට හැකිය. උගේ දිව අඩියක් පමණ එළියට පැන ඇත.. හුස්ම ගන්නා සද්දේ සැහෙන දුරකට ඇසේ..
මේ ඉන්නේ බොඩිගාඩ් බව්වා !

ටික වෙලාවකින් අපේ ගමන අපි පටන් ගත්තා. ආහ් නම නොකිව්වොත් හරි නැහැ. අපේ ගමනට අතහිත දුන් මාමාගේ නම බණ්ඩා මාමාය. මුළු ගමම ඔහුව ඒ නමින් දනි. රජයේ රක්ෂිතයක් වුවත් මෙම වන ලැහැබ ගැන ඔහු වනජීවී අධිකාරියට වඩා මේ මාවිමේ වෙන දේ ඔහු දනි. පෙනුමෙන් ඔහු සරදියෙල් වගේ පුද්ගලයෙකි. 

බණ්ඩා මාමා කියන පරිදි කොස් කැලේ අතරින් පෙනෙන කුරුණෑගල මායිම...

අපි කොස්කැලේ කන්දේ තිරස් ආකාරයකට බණ්ඩා මාමා එක් කරගෙන යන ලදුව අපට එහිදි විනාශ මුඛයට යන පැරණි එහතන් වහන්සේලා මෙන්ම වනවාසී භීක්ෂුන් වහන්සේලා වැඩ සිටියා යැයි සැලකෙන බොහෝමයක් බණ්ඩා මාමා අපිට පෙන්වන ලදි. අවාසනවාකට මෙන් පෙර කී පරිදි අප දුටු නිදන් ගල් කිහිලයක් ඇරෙන්න අනෙක් නිදන් ගල් යැයි සැලකෙන සියළුම ස්ථාන මේ වන විටත් නිදන් සොරුන්ගේ ඇසට හසුවී විනාශ වී ඇති අයුරු මගේ සිත් සසල කරවන්නට සමත් විය.

මේ එවැනි විනාශ වී ගිය නිදන් තිබූ ස්ථානයක්...තවත් මෙවැනි බොහෝ ස්ථාන මේ ගුහා අවට දක්නට හැකිය..!

උදෑසන මෙන්ම දහවල් ආහාරයද අපට සිදුවුයේ දහවල් 1ට පමණය, ඊට හේතු වුයේ නිදන් ගල් බැලීමට අපට තිබූ ආශාව හේතුවෙන් කොස්කැලේ රක්ෂිතයේ බොහෝ දුර ඇවිද ගිය නිසාය...

වන අරණ මැද පිහිට පැතලි මෙන්ම දිගු වු ගල් තලාවක් මත දහවල් ආහාරය අස බැලු අප සුළු මොහොතක්  එහි තරවී සිට නැවත භාවනා යෝගී භික්ෂූන් හා රහතන් වහන්සේලා වැඩ සිටි ආවාසයන් වෙත ගමන් අරඹන ලදි. හරියට පැය එකහමාරක් ගිය තැන අපිට නටබුන් වී ලිය හා අරධ වශයෙන් ස්භාවික ලෙස නොව මිනිසාගේ නොමනා හැසිරීම් හේතුවෙන් විනාශ වී ගිය ආවාසයන් කිහිලයක්ම දැක ගැනිමට හැකි විය. බණ්ඩා මාමා කියන විදියට ඉස්සර බණ්ඩා මාමලා පොඩි කාලේ මේ කැලේ ඇවිදිනකොට සමහර භික්ෂුන් වහන්සේලා එයලා දැකලා තියෙනවලු දවස් ගණන් එක තැන භාවනා කරනවා. ඒ අයගේ අත පයේ වැල් පවා එතිලා තියෙනවා දැකලා තියෙනවලු... අපිත් ඒ කාලේ දකින්න හිටියනම් කොච්චර පින්වන්තද ? ඒත් ඒ වගේ දෙයක් දකින්න අපි කරපු පිං මදි ඇති..

තුරු සෙවන මනරම් දසුනකි !


විනාශ මුඛයට ගිය භාවනාවට යොදා ගත් ස්ථානයක් !

ගමේ මිනිස්සු සතා සර්පයාගෙන් ආරක්ෂා වීමට භික්ෂූන්ට සාදා දි තිබු ආවාස කුටියක් !

මිනිසුන් හා දෙවියන් ජීවත් වන සමාජයක පාපතරයිද මිනිස් වෙසින් ජීවත් වනට ලැබුනු සාධකයක්(ආවාස කුටියක් විනාශ ඇති අයුරු..)

කොහොම හරි දවසක්ම ගෙවුනා අපිටත් නොදැනි. අපේ ගමන ඉවර වෙලා කැලෙන් එළියට එනකොට වෙලාව සවස 5.30 විතර වෙලා තිබ්බා. මේ ඡායාරූප මා ගනු ලැබුවේ Sony Ericsson K800i මාදිලියේ දුරකථයකින් බව කරුණාවෙන් සලකන්න මන්ද යත් එකල මා හට අනර්ළ ඩිජිටල් කැමරාවත් නොවු හෙයින්....කැලයෙන් එළයට එනකොටම අපිට දකින්න ලැබුන දේ මහා අනර්ඝ දසුනකි. එනම් අප ඉදිරියේ  ඈතින් දිස්වන අලගල්ල කන්දයි.
ඈතින් දිසවන අලගල්ල කන්දත් අපේ ගමනේ අවසානයත් !

ඒ වගේම අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. ඒක මේ මෑතකදි දැනගන්න ලැබුන සුභ ආරංචියක්. ඒ තමා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රඹුක්කන සංස්කෘතික ගම්මානයක් විදියට නම් කරලා.

Thursday, February 14, 2013

මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට - 2 කොටස


සැහ්...කුසුමා මොටද ලංවී රොන් ගන්න බැරි කියලා සිංදුවක් අහන ගමන් බස් රේඩියොවේ... පස්ට සිංදු ටික ඇහ්.....ඒ අස්සේ අහස කුසු කුසු ගානවා....අද වැලෙන් ටයින් දවසක්ලු... අපිට කොයින්ද ආලෙ කිව්වලු...අනික ඔය බඹරු රොන් ගන්නකොට කසුමගෙන් අහලවැ ඕව ගන්නේ....හැහ්.....

අහ් කියන්න ආපු දේත් අමතක උනානේ....

අද අර මෙව්ව එකේ දෙවනි දවස....ඒ කියන්නේ මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට දවසක් ! කියන්ට කියලා..... ඔන්න ඉතින් අපි මහියංගනේ නමස්කාර කරලා එහෙම ආවා සොර බොර වැව ගාවට දවල් කෑමට....එතකොට වෙලාව නිකන් 1යි හෝ 2යි වගේ තමා මතක....මම ඉතින් මැද පෙළ නියෝජන කරමින් උද්වේගකර ලෙස පන්දුවට පහර දෙන්නෙක් නිසා...දවල්ට කාලා ඉවරවෙනකොට සෑහීමකට පත්වෙන්න පුළුවන් ඉනිමක් සෙල්ලන් කරලා මහ රූස්ස ගමක් මුල අන තියාගෙන සොර බොර වැවේ බෝට්ටු යන එන දිහා බලාගෙන හිටියේ.... 

මේ තියෙන්නේ අඩු මුදලින් වැඩි දුරක් යන අපේ රටේ මන්දගාමී බොට්ටු සේවයක්..
සොරබොර වැවේ රවුමක් ගහන්න මෙයාලා අපෙන් 250ක් ඉල්ලුවා... 

කොහොම උනත් අපි හැමෝම මනුස්සයොනේ....එක හින්දා කෙවල් කරන්නේ නැතුවම අපි නඩේ සීන් එකට එන්ටර් උනා. මුලදි මුලදි කස්ටිය අදිමදි කරත් පස්සේ අපේ නඩෙන් සෑහෙන්න පිරිසක් සොරබොර වැවේ කරක්ගැහුවා කිව්වොත් හරි...හැබැයි මම ඇරෙන්න...
මම ඉතින් ඕවයේ දස්සයෙක් නෙවෙයිනේ.... මම දස්ස ඉතින් මතුර මට්ටම අඩියේ දෙකේදී ගැඹුරටම කිමිදෙන්නනේ...

අපේ පලවැනි සැට් එක අධිවේගී මන්දගාමී බොට්ටුවෙන් සොරබොර වැවමැද්දට

ඈතින් ඈතට....

ඈතින් ඈතට....

ඈතින් ඈතට........ගියා....


 මම විතරක් කුප්ප විදියට ගොඩ බිම තනි උනා.....වස ලැජ්ජාවයි ඕයි...ඒත් මොනවා කරන්නද අප්පා... මට පුංචි සන්දියේ හිටන් උඩ ගමන් වතුරෙන් ගමන් අපලයි...
ඔන්න ඉතින් ඒ අපේ නඩේ ඒ ආසාවක් ඉෂ්ඨ සිද්ධ කරගෙන අපි කථාකරගත්ත විදියට දඹානට ගන්න පිටත් උනා....එතකොට වෙලාව හවස 3ට විතර ඇති මයෙ හිතේ...පාර නම් කටුකයි....බොහොම දුශ්කරයි...දැන්නම් ඒ පැත්ත පාරට අර කාපට්ද මොකක්ද එකක් දාලලු...සික් විතරක් අපේම කරුමේ...

කොහොමද භාණ්ඩේ.....මට මේක දැක්ක ගමන් මතක් උනේ කව්ද බෝයි කාර්ටුන් එක ඕයි !


මුලින් දඹානේ හොල්ට් එකෙන් බැස්ස ගමන් තියෙන්නේ දඹානේ ඇත්තන්ගේ පොඩි කඩමණ්ඩියක්....ඒකේ මීපැණි.....කිතුල් හතුරු වගේ තවත් ගමේ හැදෙන පළතුරු ජාතී එහෙම තිබ්බා....අහ් තව කොටි දත්....ඇත්දත් වගේම.....පැදුරු ගෝනි එහෙමත් තිබ්බා....මිල නම් ටිකක් වැඩී .....එ උනුට ඔරිමජිනල් මේඩ් ඉන් දඹාන.....ඒ පැත්තේ ළමන් එහෙමත් දැන් දැණුමෙන් පොහොසත්....ලියන් කියන්න එහෙමත් දන්නවා... ඇයි තවයෙක්....කොච්චර උස් මහත් උනත් දැනුමෙන් පොසත් උනත් ඒ පැත්තේ උදවිය නම් එයාලගේ බහ වෙනස් කරලා නැහැ..අපිත් එකකත් හරි හරියට වැදි බාසාවෙන් කථා කරා...(අපි සාමාන්නය විදියට සිංහලෙ කථාකරනකොට ඒ ඇත්තෝ වැදි බාසාවෙන් තමා උත්තර දුන්නේ....) එයාලා හැම වෙලේම කිව්ව දෙයක් තමා එයාලාව අමතක කරන්න එපා කියන එක....ඒක ඇත්ත...අපි කවදාවත් අපේ ජාතියේ අගමුල අමතක කරන්න නරකයි...අම්මපා....

බලන්න මෙයාද දන්න අය ඉන්නවද කියලා... (මෙයා තමා තිසා හාමි කියන්නේ....)
හිටපු සුපිරි වැදි නායක ඇත්තෙක්....හැබැයි දැන්නම් මියපරාලොව ගිහිල්ලා.....


ඔන්න අපි එතනින් ගියා දඹානේ ගම්මුලාදෑනියාගේ ගෙදරට....

අපි එනකොට උන්දෑ බේත් තෙල් බිසිනොස් එකක් පටන් අරන්...බලන්න එපෑයෑ සෙනග...

අපේ ඇන්ට්ක් සෙට් එකටත් ඉතින් ඒ ඇති....ගිය ඔක්කොම වගේ බේත් තෙල් ගත්තා....මම ඇරෙන්න....මොකද මම තාම පොඩි එකානේ..

කොහොමද මගේ ඇහැ....පස්ට ලොකේෂක් එකක් නොවැ....


මේ ඉන්නේ දැන් ඉන්න වැදි නායකයා....ඌරු වරිගේ වන්නිල ඇත්තෝ.....
(ඔය පිටිපස්සෙන් තියෙන පින්තූර උන්දෙලගේ පරම්පරාවේ වරිගේ ඈයොන්ගේ පින්තූරලු.....)

මේ තියෙන්නේ දඹාන ගමේ ගෙදරක්.....

දඹාන ගමේ ජීවත්වෙන දරුවෝ....පව් අප්පා...
(මේ ළමයින්ගේ අඩුපාඩු දැක්කම අපිට මොනවද අඩු කියලා හිතෙනවා)



 ඊට පස්සේ එයාලා එයාලගේ මුතුන්මිත්තෝ සැතපෙලා ඉන්න සොහොනකට එක්කන් ගියා....අපි පොටෝ ගහන්න හදනකොට එයාලා ඒකට තරයේ විරුද්ධ උනා... ඒක ඇත්ත ඒක එයාලගේ නිජ භූමිය.....මේක අපිට වගේම එයාලටත් අයිති....අන්තිමට අපි එයාලට ආයුබෝවන් කියලා දඹානෙන් 5 විතර පිටත් උනු අපි ගෙදර එනකොට රෑ 12ත් පහුවෙලා තිබ්බේ....

කාලෙකින් ගිය සුපිරි ගමනක්...හිතටත් ලොකු විවේකයක් සැනසීමක් දැනුනා...අපි ලංකෑවේ දැකපු දේවල් අඩුයි...නොදැකපු දේවල් වැඩී....පොඩී උනාට මේ ලාංකාව පැරණි උරුමයන් තියෙන උතුම් රටක්...!

Sunday, February 10, 2013

මොඩාර්න් 18 වංගුවෙන් මහියංගනය හා දඹානට දවසක් !

අද ඉරිදා...හ්ම් පට්ට කම්මැලි දවසක්.....බලන්න ෆිලිම් කැල්ලක් නැති තැන ගියා මගේ පින්තූර එකතුව පැත්තට ඔලුව දාල මතකේ හාරා අවුස්සන්න.... ශහ්....පට්ටනේ....මට අහු උනා මම මහියංගනේ ගිය ටිරිප් පොටෝ ටිකක් හැබැයි තිබ්බේ වෙන ෆෝල්ඩර් එකක...අම්මට සිරි සුද්දෙක් වගේ මම ඒව එකින් එක බැලුවා.......කියන්න ලැජ්ජ උනත් කියන්නම වෙනවා.. මම ගියේ වයස 60-70 අතර ඇන්ටික් සෙට් එකක් එක්ක...මේ මට සෙට් උනු පිනට යන ටිරිප් එකක්....

ඒ කාලේ කෙච්චර සීතලද කියනවා නම් මහනුවර වැවෙත් මාළු ගොඩ පීනනවා ඕයි........ මේ




උදේ පාන්දරින් පිටත් උනු අපි 7 වෙද්දි මහනුවර දළදා වහන්සේ වන්දනාමාන කරලා මහියන්ංගන ගමන් පටන් ගත්තා.. ඇනටික්සෙට් එක කුප්ප විහිළුයි කුණූහරපයි මතක් වෙද්ද මගේ සරීරේ වෙවුලනවා. හරිම ගුජුප්සාජනකයි මෙයාලා. ඔන්න 2 විතර වෙනකොට අපි මහියංගනේ....සූර්යා අහසේ තනියෙන් ගේමක් දෙද්දි පුදුම සනීපෙකින් අපි මහියංගනේට ගොඩ උනා... දකින දකින තැන මනම් ගහකොළ වේලිලා.... පොළව අම්බානෙකට වේලිලා....මට ඒ දවසේ මහියංගනේ පෙනුනේ කලහාරී කාන්තාරෙ වගේ....අපේ බස්එක එළවපුඑකා නොදකින් විතරක් හැලපයා.... බස් එක ගිහින් ගැහුවා ගහක් යටින්.....බලනකොට ඒ වටේටම තියෙන්නේ ඒ කොහොඹ ගහ විතරයි.. යකෝ වෙන ඕන තරම් ගහ කොළ තියෙද්දී මේ හැලපයට පෙනුනෙම මේ ගහ විතරද... ඒ අස්සේ ඩේලි කලෙක්ශන් දාන සෙට් එකකුත් ඉන්නවා... ඔක්කොම අතපය හතරම සම්පූර්ණ කොල්ලෝ කුරුට්ටෝ....අනේ මෙහෙමත් ලෝකයක් ඇහ් !

ඔය තියෙන්නේ වංගු 18 පැත්තේදී මගේ පොටෝ කැමරාවට අහු උනු මෙව්වා කිහිපයක්...






ළඟ නැවිල්ලක් ඉදරියෙන්

දුර පේන තැනි තලා - මේ අනුරාධපුරේ නම් නෙවෙයි.. සමහරවි ඒ පැත්තත් පේනව ඇති...ඒත් මේ නම් මහියංගනේ...



වහන එළවන අයට අනිත් පැත්තෙන් එන වහන වල මූණු වලට හාච්චි දෙන්න කලින් දකින්නද කොහෙද කියලා ආර්.ඩී.ඕ එකෙන් හයි කරලා දුන්නු කණ්නාඩි....


අන්තිම වංගුව පහුකරමින් මහියංගනය දෙසට !

ඒ දැක්කේ මහියංගනයට එනකොට දැකපු දේවල්නේ.....දැන් බලන්න මහියංනයෙදි දැකපු දේවල්.....

අපෙනුත් ගන්න මල්.....!

මහියංගනේ චෛතත්‍ය රාජයානෝ....

තොපි කියව කියව ඉන්නේ මට කන්න දෙන්නේ නැද්ද.....මට බඩගිනි...!!

පිං පාට කොඩි වැල....


අපිට සෙවන දුන් එකම බෝ ගස....(මේක යටට තමා අපේ බස්එක ගාල් කොරේ..)


මේවත් බලන්නකෝ ....බෝනස් ෆොටෝ.....ටිකාකාකාක්................

අහක යන ටැප් වතුරෙන් උගුරකට තෙමා ගනනා ගවයෙක්......(පව් අප්පා.....)

කන්න යමක් නැති හෙයින් පූජාසයේ මල් කන ගවයෙක්

වැඩිය දාලා ඔයාලට එපා වෙයි...ඒක හිංදා කථාව මතු සම්බන්ධයි....!
අදීවාසීන් දැක ගන්න ගිය ගමන ඉදිරි පෝස්ටුවෙන් බලාපොරොත්තුවන්න...! 


Friday, December 28, 2012

කියවන්න අමරුයි නම් උදව්වක් !

ඔන්න ගෙනවා බඩ්ඩක් ඇහ්... අපිට කියවන්න අමාරු හැඩ වැඩ දාල එන වෙබ් පිටු කියවන්නම හැකි උපරිමයට පෙන්නන්න වෙබ් පිටුව සකස් කරල දෙන වැදගත් මෙව්වා එකක්



අයිටම් එකේ නම Evernote Clearly කියන Extension
මේක පාවිච්චි කරන්නේ Google Chrome වලට තමා මොකද මම තාම මේ අනිත් ඒවත් එකක් සංසන්දනය කරන නැති හිංදා. කොහොම උනත් ඔයාලත් පාවිච්චි කරනවා නම් මේකෙන් ඕනිම කියවන්න අමාරු වෙබ් පිටුවක් ඇහැට අමරු නැති සරල විදියට සකසලා වර්ණ යොදා වෙනස් කරල දෙනවා. කොටින්ම කිව්වෙත් කියවන්නම කියපු මෙව්වා එකක්

ඔයාලත් බලන්නකෝ මේ පාවිච්චි කොරලම !

මෙතනින් ගිහින් අරගන්න නොමිලේම

එක ඔයාලගේ Google Chrome එකේ Install උනහම මෙන්න මෙහෙම Icon එකක එයි

දැන් කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක් .....

අපිට කියවන්න ඕනි වෙබ් පිටුවට ගිහිල්ලා ඔය උඩ මම පෙන්නපු උඩ ක්ලික් කරන එක විතරයි. එතකොට එයා අපි ඒ වෙබ් පිටුව කියවන්න පුළුවන් සරලම විදියට ඒකේ පෙනුම වෙනස් කරල දෙනවා..

බොහොම සරලයි.....ඒත් වැඩකට බොහොම වටිනවා

ඔන්න බලන්නකෝ මගේ බ්ලොග් එක පෙන්නන විදිය


  
පින්තූරෙ උඩ ක්ලික් කරලා පැහැදිලිවම බලන්න 

Thursday, December 6, 2012

මම පොඩි කාලෝ - 5 වන කොටස
( ඇත්තටම මට මොකද උනේ ? - 2 කොටස)

අලොස් මයි ඩියර් ප්රෙන්ස්......හප්පේ කාලෙකින් මේ පැත්තට ආවේ බ්ලොග් එකේ මකුළු දැල් පිරිලා...අලේ මාත් එක්ක තලහා වෙන්න එපා ඈහ්. සිද්ධි ගොඩක් ආහ් කියන්නම් කියන්නම් ඉස්සරහට ඔක්කෝම..ඔන්න ඉතින් කිව්වා වගේ මගේ අබ්ලික් බ්ලොග් රෝලේ තවත් එක කොටසක් ලියන්න කියලා හිතපු නැති විදියට ලියන්න උනා ඈහ්...ඒකත් මංගල කරුණකි කියලා හිතගෙන් ඔන්න මම අපේ අබ්ලික් සිද්ධි මලාවේ දැනට විකාශය වීමට නිවමිත කොටසට සැට් වෙනවා.

ඔන්නි මගේ අබ්ලික් පස්ට ජීවන චක්කරේ ඔයාකාරයෙන් ඉස්සරහට ගෙවීගෙන ගෙවීගෙන ඉස්සරට යනකොට.....

ආහ් කියන්න අමතක උනේනේ.....පිස්සු අෆ්ෆා බං.....ගෙදරට වෙලා කකා කකා බි බී අම්මගෙන් අම්බානෙකට බැනුම් අහ අහා තාත්තගෙන් සත්තු වත්තේ සත්තු ඔක්කොම මතක් කරගෙන වේලි වේලි හිටය කොල්ලා දැන් ජොබ් එකක් කොරනවා.. පුංචි සන්දියේ හිටන් කොම්පියුටර් එකත් එක්ක දිවෙන් දිව ගාගෙන මිත්තරත්වයෙන් හිටිය හිංදම ඔන්න කොල්ලට කොම්පියුටර් ජොබ් එකක්ම සැට් උනා...සතුටයි බොවෙන්නේ කියාල ඇත්තටම සතුට බොයි....අපි නොබොයි....මට ඉතින් ඔය අනිත් උනට වගේ කට ගෙන්නක් වීගෙට ගෙදරට වාර්තා කොරන්න බැහැ නොවැ... ඒකටත් හේතු බොහෝයි

හේතු අංක 1 - මෙලො සංසාරේකට අද වෙනකන් කොච්චර පුරස්න අකරතැබ්බ දුක් දොම්නස් යෝජනා (ලැජ්ජයි වගේ මෙයාලා) එතකොට චෝදනා හේතුකොටාගෙන හීනෙන්වත් සුරාවට සිරාවට බර උන්නැති අහිංසක කොල්ලෙක් හිංදා

හේතු අංක 2 - බැරි වෙලාවත් බේබද්දෙක් උනා නම් බීලා ගෙදර යාමට ඇති අපහසුතාවයක් අපේ මව් පිය පාර්ශවයෙන් ලැබෙන්නා වු අපමණ අකමැත්තත් හේතු කරගෙන .....අනිත් එක කෙටියෙන්ම කියනවා නම් බීපු එවුන් කොරන පිස්සු දැක්කහම මාව පරණ බස් ඇන්ජිමක් වගේ වෙවුලන්න ගන්නවා... අනික දවසක් අපේ අම්මා ඔය සම්බන්ධයෙන් දවසක් මට කිව්වා... තෝ එහෙම එක එකා වගේ බීලා අවොත් දැනගනින් තොව හමගහනවා කියලා කිව්වා...

කරුමෙට ඒ කාලේ අර සත්තු හමගහහු පොටෝ අපේ එකාලා මූණු පොතේ තැන තැන එල්ලලා තියෙනවා දැක්කහම දෙයනේ මේ අහිංකයා බය නොවී හිටීද ? 

ආහ් අපි කථාව කියන්න ඇවිත් අපි ඩොටේ ගිහිලා වගේ...කමක් නැහැ ......මම පොඩි කාලේ කිව්වට මේ දේවල් වෙනකොට කොල්ලා ලාංකීය පුරවැසි භාවය ලැබුනා විතරයි ඇහ්... යකෝ තොපිට පිස්සුද මම හිටපු එකෙක් නෙවෙයි මම කිව්වේ මට 18 සම්පූර්ණ උනා කියලා. නොදකින් විතරක් ගොරකයෝ රැළ...ඔන්න ඇහ්....පොතේ හැටියට හිතේ හැටියට කොල්ලා දඩවතේ ගාටන කාලේ ඇහ්... ඒ කියන්නේ උසස් පෙළට පූණ දීපු කාලේ ඒ කියන්නේ අරයත් නැති කාලේ... මට නිකන් හිනියට කනාවට වගේ මතකේ හැටියට ඔය කාලේ තමා කොල්ලා කෙල්ලොන්ව තේරුන් ගන්න කාලේ.... හිකිස්..... ඒ කාලෙත් කෙල්ලෝ අද කාලේ රජයේ බඩු මිල වගේ මයි... පොඩ්ඩක් එහා මෙහා වෙන්න බැහැ ඉහළ යනවා ආයේ අල්ලනවා බොරු ඇහ්...මටත් ඉතින් ඒ කාලේ සල්ලිත් නැහැ සනීපත් නැහැ අහල පහලට වෙලා හිටිය කෙල්ලත් නැති කාලේ.... අර මිල්ටන් මල්ලවාරච්චි කිව්වට හිම මෙන් පිරිසිදු ඔබේ ආදරයේ කියලා හිමත් කාලෙකට දියවෙනවා කියන එක අමතක උනා මේ ටකරන් මොලේට බොලව්

තනියට හිටිය යාළුවෝ දෙතුන් දෙනෙකේ විතරයි... ඇත්තටම කිව්වොත් යාළුවො කියාලා හිතපු එවුන් අස් මානයන් වාස්ප උනු කාලේ.. ඇත්තටම කියනවා නම් අවුරුදු දෙකයි අරික්කාලක් ගෙවුනා නොදැනිම. ඔය කාලේ තමා මට ශර්ලොක් හොම්ස් පොත් උණ හැදුන කාලේ විභාග කටේ මම පොත් කියවන්න පුරුදු උනා. මම කොල්ලා කළා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන්න කාලො ඇහ්... ඇස් පියාගෙව එක හුස්මට කියවපු කාලේ.... අන්න සබන් කියවන්න කියවන්න ආසයි ඇහ්...පපුව කීස් ඇදෙනවා නිකන් 9 Sri කාර් එකක් වගේ. පිස්සු ඕයි. ඔන්න විභගෙත් ලිව්වා.. 2007 අවුරුද්දේ.... ඊට පස්සේ අපේ මව් පියෝ දෙපළ මාව නිවාස අඩස්සිවෙන් ටිකෙන් ටික නිදහස් කරල දැම්මා. ආයි අම්මා.... යන්න පුළුවන් හැම තැනම ගියා. ගස් ගල් ගානේ බඩ ගෑව... ඇල දොලවල් ගානේ නෑව... ඒත් ඉතින් හැමදාම අපිටත් දැන් නිවාඩු කාලේ හිංදා නෑ ඉස්කෝලේ - හායි හායි ආපි ඔන්න සෙල්ලන් කාලේ කියලා රින්ග් ටෝන් දාගන්න බැහැනේ.. කෙල්ලා හා හා පුරා කියලා කොම්පියුටර් කෝස් එකක් කොරන්න ගම්පහ පුරවරේට ආවා. අම්මෝ මෙහෙමත් ටවුන් එකක් ඇහ් බලන්නත් ලෝබයි ආහ්.... පිස්සු ඕයි ! කොහෙන් කොහොම හරි කොල්ලා ආපු වැඩේ කරගෙන ශේප් එකේ මාරු උනා. ආයෙත් ගෙදරට වෙලා පිස්සු නටන්න කාලයක් උදා උනා කිව්වොත් වැරදිද් නැහැ මොකද අපි මොන කෝස් ජාති කොලත් වැඩක් නැහැ පැක්ටිස් වෙන්නේ නැතුව. ඔය කාලේ තමා අපේ තරා අයියා දෙයියෝ මූණ බැලුව වගේ ඇවිත් මට ජොබ් එකක් දීල කොල්ලා රියල් බුවෙක් කලේ...ඇත්තටම තරංග අයියා හිටියේ නැත්නම් ලොවෙත් නැහැ ඇහ්.... අපි කොහේද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා. දැන් මම මේ ඉන්න තැනට හරි මාව එක්කගෙන යන්න මට දිරි දුන්නේ තරංග අයියා තමා...


හ්ම්...දැන් මම ඉන්නේ කොතනද කියලා මටවත් හිදා ගන්ක බැරි තරම් දුරක් ඇවිත් තියෙනවා. රෑ එළිවෙනකන් පිස්සු නටලා නටලා නන්නත්තාර වෙලා තිබ්බ ජීවිතේ මේ තරම් දුරක් එයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මට මේ බ්ලොග් රෝල ඇදගෙන යන්නේත් බොහොම අමාරුවෙන් මොකද මේ පෝස්ටුව ලියන්නත් යමහ මහ පෙළහර පන්න වෙලා තියෙන්නේ දැන් ජොබ් එකේ තියෙන වැඩ ගොඩ හිංදා. ඉතින් දැනට ඔය මදෑ... කියොපල්ලා ගන්න තියෙන දෙයක් ගනිලා හැදියල්ලා.... බනින්න ඕනි උන් ඉන්නවා නම් බැනපල්ලා කොල්ලගේ තරහක් නැහැ... අවංකයාලු.......කව්ද දන්නේ ඉතින් !