Friday, May 25, 2012

හිනැහෙන්නෙ මං ඔන්න ආවා.....

වර්ථමාන හිප් හොල් සහ ආර් ඇන්ඩ් බී කළාවේ සංගීතයේ හසළ දැනුමක් ඇති සංගීතවේදියෙකු වූ රනිඳු ලංකාගේ "හිනැහෙන්නේ මං" ගීත ඇල්බමය පසුගියදා වෙළඳ පොලට නිකුත් කරන ලදි.

සැ : යු - මෙය හුදෙක් සංගීතයෙහි රසවිඳින්නන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න


Thursday, May 24, 2012

විරාගික මෙහෙණිය


මගේ කොම්පියුටරේ අස්සෙ තිබිලා මට හම්බු උනා මම කාලෙකට ඉස්සර ගොඩක් වෙලාවට අහපු සිංදුක්...සිංදුවේ ගායකයා සෝමතිලක ජයමහ මහත්මයා, ඉස්සර නම් මේ සිංදුව ගොඩක් වෙලාවට ඇහුව...සිංදුවේ කථාව මේකයි.....මම කථාව ගෙතන්නම් ඔයාලා හිතෙන් සිද්ධිය මවා ගන්න....මුලින්ම කියන්න ඕනි මේකත් එක්තරා ආදරයක අවසනායක් ගැනයි....අපි ගොඩක් වෙලාවට දැකල තියෙන් දුශ්ඨයෙක් ඉන්න ආදර කථානේ...කථාවේ අවසානයට වීරය ඇවිල්ල අර අහිසකය වගේ ඉන්න දුශ්ඨයට අම්බානෙකට තඩිබාග තඩිබාල කෙල්ලව බේරගෙන පොරක් වෙනවා....ඔය සිදුධියට අතරට ඉතින් කථාව ගොතන කෙනා කඩු කිණිසි අමෝරගෙන එන දුශ්ඨයගෙ ගොලබාලයො ටිකකුත් ඔබලා...දරුණූ ගැටුමකුත් ගැට ගහලා...තව කොල්ලට අම්බානෙකට වට කරගෙන තලලා...අඩුපාඩු තියන්නෙ නැතුව කැපුම් පාරවල් දෙකතුනකුත් වීරයට දීල...ඔය අස්සෙ කොල්ල අර සෙට් එකටත් ලේ පෙරාගෙන ගහල දුශ්ඨයටත් දෙකක් ඇනලා...පට්ට ටොක් එකක් දීල එහෙමනෙ අපි දන්න විදියට කොල්ල තමන්ගෙ ආදරය දිනාගන්නේ......

ඒත් ඔයලා දන්න ඇතිනේ ලෝකෙ දිනාගන්න බැරි උන...හිතේ තියාගන කියාගන්න බැරුව....කියලත් ආදරෙ වෙන කබරයෙක් ඩැහැගෙන ගිය සිද්ධිත් තියෙනව කියලා......අද මම කියන කථාවත් අන්න ඒ වගේ පිස්සු හැදෙන සීන් එකක්.....මට මේක කිව්වෙත් විස්ස විජ්ජාල අයිය කෙනෙක් කැළණියේ...එයා ගැන මම පස්සේ කියන්නං....දැන් කස්ටිය පොඩක් මවා ගන්න...අපි වගේ සාමාන්‍ය කොල්ලෙක් යද්දි පාරෙ එපා පැත්තේ වීදියේ මෙහෙණින් වහන්සේ නමක් පාරෙ වඩිනවා...කොල්ලත් නැවතිලා බලාගෙන ඉන්නවා.....මෙහෙණින් වහන්සේ නමත් බොහොම ශාන්ත ගමනින් මහ මග වඩිනවා....පෙනුම අතින් ගත්තහෙම බොහෙම ප්‍රසන්න පෙනුමක් තියෙන මෙහෙණීන් වහන්සේ නමක් කිවුවොත් හරියටම හරි...කොල්ලත් ටිකක් අවුලෙන් ඉන්නේ මොකද කොල්ලයි කොල්ල යාළුවෙලා හිටිය කෙල්ලයි අතර අඩදබර වීමක් හේතුවෙන් දෙන්න විරසක වෙලා හිටියේ....ටික දවසක් වෙනාව කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයකුත් නැහැ...මොබයිල් එකත් වැඩ නැහැ.....කොහෙම හරි...කොල්ලට පාරෙ ඔහේ ඇවිද ඇවිද ඉන්නකොට තරුණ කපල්ස් එහෙම දකින කොට අප්සෙට්...මිනිහත් ඔහේ ඉස්සරහට ඇවිදගෙන යනකොට තමා ආර මෙහෙණින් වහන්සේව පාරෙන් එහා පැත්තෙදි දකින්නේ...ඔය අස්සෙ කොල්ලගෙ මතකය ඒ දෙන්න ආදරේ කරපු කාලයට එක්කගෙන යනවා...ගිහින් නවතින්නේ ඒ දෙන්න රණ්ඩු උන මොහොතක ....දෙන්න තරහවෙන්න හේතුව දැන්කාලේ වගේම තමා...ගෙවල් වලින් අකමැත්ත පෙන්නපු හිංද...කොහොම හරි සිංදුවේ හැටියට මේ කොල්ලගෙ මතකය ගොඩක් මතකයන් අතරට එක්කරගෙන යනවා...ගොඩක් සිද්ධින් එක්ක මෙයා දැන් ඇවිදනවා....

මේ කථාවෙ අන්තිමට වෙන්නේ කොල්ලට සිද්ධ   උන හැමදේම වෙනුවෙන් කෙල්ලගෙන් සමාව ඉල්ලන්න ඔනි වෙනවා...කොල්ල කෙල්ලගෙ ගෙදරට යනවා....ඒක ඒ ගෙදරින් කෙල්ල ගැන කිසිම තොරතුරක් ලැබෙන්නෙ නැහැ.....අපහු එනකොට කොල්ලට අර මෙහෙණින් වහන්සේ ආයෙ මුණගැහෙනවා....විශ්වාස කරන්න පුඵවන්ද මේ කොල්ලගෙ කෙල්ල තමා අර මෙහෙණින් වහන්සේ විදියට වඩින්නේ කියලා....ඒකයි කෙල්ලගෙ ගෙදරින් කොල්ලට කෙල්ල ගැන තොරතුරු නොදෙන්නේ...කෙල්ලට ජීවිතේ කළකිරිලා හැමදේම අත් හරලා සසන ගතවෙලා...කථාවත් අක්කම සිංදුවත් මෙතනින් ඉවර වෙනවා....මම දන්නෙ නැහැ මේ කථාවෙ අවසානය ගුණ දොස් කියන්න..එක පැත්තකින් යහපත් තවත් පැත්තකින් අයහපත්....ආදරෙයි ජිවිතේයි හැටි තමා

ඔයාලත් සිංදුව අහලම බලන්නකෝ - http://www.mediafire.com/?qy0u44lq0tlyq38
සිංදුව මෙතනින් බාගන්න

ඔයාලත් සිංදුව අහල බලන්නකෝ ලොකු වෙනසක් දැනෙයි අනිත් සිංදු වලට වඩා අනිවාර්යෙන්ම

Tuesday, May 22, 2012

ජීවිතේ දෙපාරක් ලැබෙන්නේ නැහැ.....
Zindagi Na Milegi Dobara.....

කාලෙකට පස්සෙ ලිපියක් අරගෙන ඔයාලත් එක්ක බෙදාගන්න අවස්ථාවක් හම්බ උනා කිව්වොත් හරියටම හරි. මොකද ගොඩක් කාලෙකින් බ්ලොග් එකේ මොකුත්ම ලිව්වෙ නැති හිංද...අනිත්දේ තමා ලියන්නත් රසවත් ලියන්න ආසා හිතෙන දෙයක් වෙන්නත් එපැයි නේද ? මෙන්න මට හම්බ උනා....චිත්තරට පටියක්...නම නම් මුලින්ම දාල ඇති...ගොඩක් අය සමහරවිට බලලත් ඇති චිත්තරපටියෙ නම තමා Zindagi Na Milegi Dobara...(2011)ඒ කියන්නේ ජීවිතේ කියනදේ දෙපාරක් ලැබෙන්නේ නැහැ කියන එක.....මුලින්ම මට නම් නම අහනකොටම හිතුනෙ දත කට පූට්ටුවෙන එකක්වත් වෙන්න ඇති කියලා....සිද්ධිය පටන්ගන්නේ මංගල අවස්ථාවකින්.....ටික දුරක් යනකොට මේ කථාවේ වීරයො කිව්වොත් හරි...මේ කථාවේ වීරයෝ තුන් දෙනා එකතුවෙනවා....කස්ටිය Road Trip: Beer Pong (2009)film එක බලල ඇති නේද ? බලලා නැත්නම් බලන්න.....බලන එක හරියට බලන්න මොකද එහෙම නොවුනෙත් මම වැඩිහිටයන්ට පමණයි කියන ඒවා පෙන්නනවා කියල හිතන්න පුළුවන්.....



හරි දැන් මේකයි සීන් එක...තමන්ගෙ ඉස්කෝල ජීවිතේ කී දෙනෙක් පිස්සු නටල තියෙනවද ? කියන්න බලන්න....ආයෙ අහන්නත් දෙයක්ද ගොඩක් දෙනෙක් පිස්සු නටල ඇති සුපිරියටම......නේද ? ඔය මම මුලින් කියපු Road Trip: Beer Pong (2009) අන්න ඒ වගේ එකක් අම්බානෙකට ජීවිතේ පිස්සු නටන කොල්ලො කෙල්ලො සෙට් එකකගෙ සීන් එකක්......දැන මම කියන්නම් Zindagi Na Milegi Dobara....(2011) කියන හිංදි චිත්තරපිටියත් අන්න ඒ වාගේම එකක්....කොල්ලො තුදෙන්දෙනෙක් වටේ කැරකෙන කොල්ලන්ගෙ භාෂාවෙන්ම කිව්වොත් පට්ට සීන් එකක්......ඉස්කෝටෙ කාලේ ඔගොල්ලො වචනයක් අහල ඇති සෙට් බහිනවා කියලා....එහෙම නැත්නම් ගැන්සි ගහනවා....කියලා....හරි අපේ අම්මල තාත්තල නම් මේකට කියන්නේ කල්ලි ගැහෙනවා කියලා...මේවා කියනකොට අපේ කස්ටියගේ ජීවිතේ පාසල් කාලෙට අපහු දුවගෙනයන්න පුළුවන්...එහෙම නේද ? ආයෙත් පොඩි එකෙක් වෙලා ඉස්කෝලේ යන්න ලැබෙනව නං පට්ට කියලත් හිතෙන්න පුළුවන්.....Zindagi Na Milegi Dobara....(2011)කියන්නෙත් අන් ඒ වගේ තමා ඉස්කොල කාලේ එකටම හිටිය කොල්ලො තුන්දෙනෙක්ගෙ හීනයත් තමා....සිද්ධිය පටන් ගන්නෙ මෙහෙමයි.....

මම මුලින්ම කිව්වනේද මේ කථාව පටන් ගන්නේ මංගල අවස්ථාවකින් කියලා...ඔන්න දැන් මංගල අවස්ථාව යනවා...කස්ටිය සතුටින් ඉන්නවා කථා පවත්තනවා....එකම සැනකෙළියයි....දැන්මේ මංගල අවස්ථාවට මූලික වුන කොනා මේ කොල්ලො තුන්දෙනාගෙන් එකක්කෙනෙක්.....කොහොම උනත් මේ තුන්දෙනා අවසානයට තීරණයකට එනවා.... Road Trip එකක් යන්න.....කථාවෙ හැටියට කස්ටිය එකතැනට එකතු වෙලා යන තැන් තොරගෙන ගමන යනවා....ඒ මේ තුන්දෙනාගේ හිත් එක එක තැන්වල තියෙන්න.....ජීවිතේ සිද්ධවෙන කරදර බාධක ඔක්කොම අස්සෙන සති දෙකක් තිස්සේ දිවෙන මේ කස්ටියගෙ Trip එක තාමා මේ චිත්තරපටියට අරගෙන තියෙන්නේ....ඇත්තටම කිව්වොත් අපේ කොල්ලො සෙට් සෙට් එකතුවෙලා Trip ගිහින් ඇත්නෙ නේද ? මේකත් අන්න ඒ වගේ Trip එකක් තමා...යාළුවො උනහම යාළුවෙනවා තරහ වෙනවා ගහමරා ගන්නවා....ඔය මොන දේ උනත් මොනදේ කරත් හිරේයන්න බලාගෙන හිරි එක බත්පත කාගෙන එකා වගේ එකට ඉන්නවා.....අන්න ඒකයි නියම යාළුකම කියන්නේ...මේකත් අන්න ඒ වගේ කථාවක්....අපේ යාළුවො දන්නවා ඇති එක සෙට් එකේ ඉද්දි එක කෙල්ලෙක් ලයින් දාන්න ගිහිල්ල ගහමරා ගත්ත කථා එහෙම මතක අය ඇති......කෙටියෙන්ම කිව්වොත් කල්ලිගැහුන් නැති යාළුවො නැති තරම්...ඇත්තටම මටත් හිතෙන්නේ මේ හැමදේම කරන්න ජීවිතේටම අපිට ඉඩ ලැබෙන්නෙ එකා පාරයිනේද කියාල...

වැඩි විස්තර මෙතනින් බලන්නකෝ..

Zindagi Na Milegi Dobara(2011)

Tuesday, February 14, 2012

මම ආවා...!!



අම්මෝ මගේ බ්ලොග් එක පුරාම දූවිලි වහලා....ගොඩක් කාලෙකින් මේ පැත්තට ආවේ....මගේ යාළුවන්ට මාව මතකද දන්නෙ නැහැ...කොහොම උනත් ගොඩක් කාලෙකින් ආවේ නැත්තෙ ජීවිතේ ගොඩක් දේවල් උනා....වෙලාවකට ජීවිතෙත් පුංචි ඩිස්නිලන්තයක් වගේ උනා....තවත් වෙලාවකට එළාර දුටු ගැමුණු යුද්ධයක් වුනා.....තවත් වෙලාවකට පොඩි එකෙකේ වගේ පිස්සුත් නැටුවා....ඔය අස්සෙ නව කථා කෙටි කථ ආදර කථා එහෙමත් සෑහෙන්න තිබ්බා...කාලයක් බූට් කාරයෙක් විදයටත් ඇට් කරා...අම්මේ ඒකෙ තේරුම මම දැන් ආතල් එකේ ඉන්නවා කියන එක නෙවේ...ඕනෙම කෙනෙක් තමන් කියල හිතෙන දෙයක් තමන්ගෙම කරගන්න ගොඩක් උත්සහ දරනවා...අන්තිම මොහොත වෙනකම්ම....බැරිම උනොත් ඒ දේ ලැබෙන්නෙම නැත්නම් අඬල අඬල ඉල්ලනවා....ඒහෙමත් ලැබෙන්නෙ නැත්නම් පොඩි එකෙක් වගේ  හිතුවක්කාරත් වෙනවා....එහෙම කරලත් ලැබුනෙ නැත්නම්.....ඉතින් ඒදේ ලැබෙන්න දෙනවාද නැද්ද කියන එක උඩට වෙලා අපේ ජීවිතත් එක්ක සෙල්ලම් ලොකු උන්නැහේටම බාර දීල ඔහේ බලාගෙන ඉන්නවා.....දැන් මේ මමත් කොරන්නෙ ඒකම තමා...ලොකු උන්නැහේට මාව දැන් අමතක වෙලාද කොහෙද ..කමක් නැහැ....ඒක උන්දැගෙ කැමැත්තනේ......ලොකු අන්දැ එහෙම කොලාට යාළුවො කියන කොට්ටාසේ එහෙම නැහැ...මාරාගෙන මරුනත් ගණන් ගන්න එපා මචං ලකියා ඕක මේ ලෝකෙ හැටි කියලා කරට උඩින් අතක් දාගෙන වරෙන් මචං තේකක් බොන්න...එහෙම නැත්නම් ලකියා වරෙන් රවුමක් දාන්න...කියලා...අපේ කුණුගොඩවලුත් එක්ක බොහොම අගේට හිනාව පෙන්නගෙන අපේ පස්සෙන උන්න කොට්ටාසෙකුත් උන්නා....අම්මේ ඒ වෙලාවට තමා හිතෙන්නේ මගේ පිං පොතෙත් පොඩ්ඩක් මන්ඩියේ ඉතුරු වෙලා තියෙනවා කියලා.....ඇත්තටම මම උන්ට පිං දෙනවා....මම කියන එකාව ආයෙක් යහපත් මාරුගයට ගත්තට...නැත්නං මෙලහකටත් මේක මක්කොර කොරගෙනද කියල දන්නෙ උඩ ඉන්න ඇත්තොම විතරයි....

                            කොහොම උනත් මට වෙච්ච හැමදේම කියන් මගේ තුන් හිතකවත් බලාපොරොත්තුවක් නැහැ...මොකද උඩ ඉන්න ඇත්තොටත් ඇට් කොරන්න මේ ජීවිත ජවනිකාවෙ කොටහක් ඉතුරු කරන්න එපෑයැ....අනිත් දේ ....තමා ඉතින් අර සිංදු කියන එක්කෙන්ක ඉන්න සුනිල් එදිරිසිංහ කියලා...අන්න එයා එක සිංදුවක කියන විදියට (මට වන් දුකක් වෙන කෙනෙකුට වෙන්න එපා..) කියලා මේ අත් දෙක එකට තියලා වන්දනාමාන කරල කියනවා....මෙච්චර කාලයක් මා එක්ක එකට හිටිය හැමෝගෙන්ම මම ඉල්ලන්නේ...ඉස්සරහමත් මේකගෙ පිටිපස්සෙන් හිටපල්ල කියාලා....මොකද යාළුවො කියන්නේ අම්මට තාත්තට ගුරුන්ට පස්සෙ ඉන්න විස්වාසවන්තම කස්ටිය හිංදයි...ඔක්කොටම ජය වේවා......දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි !!

Monday, February 28, 2011

Jackhammer දෙසොහොයුරෝ සංගීත ලොව කළඹයි !



දැන් කට්ටිය හිතන්න පුළුවන් කව්ද මේ කියන දෙන්න කියලා....ඇත්තටම මම මේ කියන්න යන්නේ තාක්ෂණය අතින් සංගීතයේ තැබූ තවත් පියවරක් ගැනයි....මුලින්ම කියන්නම් මේ දෙන්නගෙ ගෙදර තමා MTX Audio ආයතනය..විනෝදාංශයක් වශයෙන් සපීකර් නිර්මාණයේ යෙදුන කොළුවෙක් උනු ඇමරිකාවේ Winslow, Illinois ප්‍රදේශයේ ජීවත් වූ වයස යන්තම් 26 පිරුණ Loyd Ivey විසින් 1979 MTX Audio ආයතනය නමින් තමගේම සංගීත උපකරණ නිර්මාණ ආයතනයක් විවෘත කරන ලදි....

                                              දිනෙන් දින ඉහල යන තාක්ෂණය උපයෝගී කරගනිමින් සංගිතයේ උන්නතිය උදෙසා බොහෝ සපීකර් පද්ධති නිර්මාණයක කළ ආයතනයක් වශයෙන් මේ වන විට MTX Audio ආයතනය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වි ඇත...මොවුන්ගේ නවතම නිර්මාණයක් වු Jackhammer ගැනයි මම මේ කියන්න යන්නේ...නමින් දෙදෙනාටම එක නමක් තමා තියෙන්නෙ...ඒ නම Jackhammer , අඟල් 22 හා 24 යන ප්‍රමාණයන් වලින් මේ දෙදෙනා සන්නද්ධ වෙමින් මෙලොව එළිය දකින්නේ .....ඒ 2007 - 2010යන වර්ෂ දෙක අතර මන්ද මොවුන් දෙදෙනාගේ උප්පත්තිය පැහැදි‍ලි නොවන හින්දයි.....

මේ ඉන්නෙ ඒ දෙන්න තමා
~ මේ දෙන්නගේ විශේෂත්වය තමා MTX Audio ආයතනය නිර්මාණය කරල තියෙන්නෙ රථ වාහාන වලට වීමයි ~


මෙයා අඟල් 22 Jackhammer 9922
______________________________________________________



එතකොට මේ ඉන්නෙ අඟල් 24 Jackhammer

~ මෙන්න මේ දෙන්න ගැන විස්තර පොඩ්ඩක් ~

Impedance
Dual 2Ω
RMS Power (Watts)
6,000
Rec. RMS Amplifier
Power (Watts)
3,000 - 6,000
Sensitivty
-
Voice Coil
6.5"
Magnet Weight (oz.)
900
Mounting Depth
21-1/16"
Cut Out Diameter
20-1/4"
Sealed Enclosure Net Volume
TBD
Vented Enclosure Net Volume
TBD
Speaker Displacement
1.8ft3
Volume Displacement (SD x XMAX) (in3)
267.84
Tuning Frequency
TBD

මේ තියෙන්නෙ මේ දෙන්න එළිමහනෙ ඉන්නකොට ගත්ත පින්තූර දෙකක්









































~ | මේ දෙන්නගෙ වැඩ බලන්න මෙන්න වීඩියෝ කිහිපයක්
| ~






"MTX Audio ආයතනය"
ගැන තවදුරටත් බලාගන්න මෙන්න ලින්ක් එකක් ගිහිල්ලම බලන්න


http://www.mtx.com/

Friday, February 25, 2011

Photosop වල Brushes වලින් වැඩදාන්න !


ඔයාලත් Photoshop එක්ක වැඩ කරනවනම් Brushes ගැන නොදැන ඉන්න විදියක් නම් නැහැ.මොකද
Photoshop වලට නැතුවම බැරි දෙයක් තමා මේ කියන කොටස මටත් හම්බුනා ඒ වගේ අළුත් Brushes ටිකක් කොහොමද කියල බලන්නකෝ....ඔයාලට තියෙන්නේ මේ වලින් කැමැති ඒව උඩ Click කරගෙන ඒ ලිපිගොනු ටික Copy කරලා අරගෙන ගිහිල්ල ඔයාලගේ පරිඝණකයේ ස්ථාපනය කරල තියෙන කෙටසේ

Program Files\Adobe\Adobe Photoshop xx \Presets\Brushes

කියන Folder ඇතුළට Paste කරන්න ඊට පස්සෙ මෘදුකාංගයට ගිහින් බැලුවොත් ඔයාලටත්  පෙනෙයි ඒකෙ ඇතුලේ Glow Brushes කියල අළුතින්
Brush එකක් එකතුවෙලා කියෙනවා...දැන් ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලම බලන්නකෝ......




මෙන්න Link එක ගිහිල්ලම බලන්නකෝ !!

Sunday, February 20, 2011

SSD දන්නවදෝ ????
ඔන්න ලංකාවටත් ඇවිල්ලා....


ඔන්න බලන්න ලෝකෙ හැටි කියන්නේ ??? දැන් ඉතින් හැමදේම එන්න එන්න පොඩිවේගෙන යනවා... ඉස්සරනං කොම්පියුටර් කියද්දිත් කස්ටිය සට සට ගාල වෙව්ලනවා...ඒත් අද වෙනකොට ඒවයෙ ගානක්වත් නැහැ..ඔන්න මටත් අහුවුනා ඒ වගේ පොඩි උන කොම්පියුටර් කෑල්ලක් පෙනුමෙන් වගේම වැඩ කරනකොටත් මෙයා ගෙඩක් ගණන් කෑල්ලක්,කස්ටියට මතක නම් මම මේ ගැන මීට ඉස්සෙල්ල ලිපියකිනුත් කිව්වා...ඔන්න කිව්ව වගේම දැන් ලංකාවට ඇවිල්ලා... ඔන්න බලන්නකෝ හැබැයි බලල ඔළුව එහෙම අවුල් කරගන්න එපා...හරිද ???

මම මේ ලිපිය ලියන්නෙ දැනගනීම පිණිසයි බව කරුණාවෙන් සලකන්න


මෙන්න (ලින්ක් | Link) එක ඔයාලම ගිහින් බලන්නකෝ !

Thursday, February 17, 2011

බෝපත් ඇල්ල දෙසට


බෝපතක හැඩයක් ලබාදෙමින් ඉතා මනරම්ව ඇද හැලෙන බොපත් ඇල්ල අපේ රටේ අලංකාරය කියාපාන අලංකාර දිය ඇලි එකතුවේ එක් මනරම් දිය ඇල්ලකි, කොළඹ - රත්නපුර මාර්ගයේ කුරුවිට පොලීසිය අසලින් හැරී මද දුරක් ගියවිට අගලවත්ත ගම්මනයෙන් බොපත් ඇල්ල අපට හමුවේ..දෙස් විදෙස් සංචාරයන්ට අශ්වාදය ලබා දෙමින් කඩා හැලෙන බොපත් ඇල්ල හෙක්ටයාර 6ක් පමණ රක්ෂිතය පුරා පැතිර ඇති බොපත් ඇල්ල විවිධ කඩ ඉම් කිහිපයකින් යුක්තය.මූලික වශයෙන් ඇල්ල ගලා එන දිය දහර  ගොඩබිම්  තීරයක් මැදි කරමින් දෙපැත්තකින්  ගලා විත් එකතු වී පහතට ගලා බසී, මෙහි ඇති විශේෂය වන්නේ ඉතා කුඩා වයසේ සිට වැඩිමහල් පිරිස් දක්වා දිය කෙලියෙහි යෙදෙන්නන්ට බොහෝම ආරක්ෂිත ස්ථාන බොහෝමයක් මෙහි තිබීමයි...
                                                එමෙන්ම මෙහි දියනෑමට නිරන්තරයෙන්ම මෙහි ඇදී එන පිරිස්ද බොහොමය.එ තරම්ම මෙම බොපත් ඇල්ල දෙස් විදෙස් වශයෙන් ජනාදරයට පත්වී තිබීමය...නමුත් ඇල්ල ඇද හැලෙන ඇල්ලේ පාමුල දියනැමට එතරම් සුදුසු ස්ථානයක් නොබන බව මතකයේ තබා ගන්න,එමෙන්ම වැසි කාලගුණයක් පවතින කාලයන්හී ඇතිවට අධිත සැඩ ජල පහරවල් හේතුවෙන් ඇල්ලේ පිහිට පර්වතයට නැගීමත් ඉතා අවදානම් කටයුත්තකි..එසේ කිරීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූවෝද බොහෝය.තවද බොපත් අසල පෙදෙස් තුළ මත්පැන් ගෙනයාමත් පානය කිරීමත් තහනම් කර ඇති නිසා මෙහි මත්පැන් පානය කරමින් සිටින පිරිස් දක්නට නොලැබෙන අතර ඒ හේතුවෙන් මෙහි වට පිටාව බොහෝසෙයින් සාමනාමී ස්වරූපයක් ගනී. කුරුවිට ප්‍රදේශිය සභාව විසින් බොපත් ඇල්ලට ඇතුල්වන පුද්ගලයින්ගෙන් රුපියල් 20ක මුදලක් අය කරන අතර කුරුවිට ප්‍රදේශිය සභාවෙහි අනුදැනුම මත සිදුවන සංචාරක ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් විදෙස් සංචාරකයින් අතර බොපත් ඇල්ල බොහෝසෙයින් ප්‍රසිද්ධියට පත්වී ඇත.එහෙත් දේශීය සංචාරකයින්ගේ නොමනා කටයුතු හේතුවෙන් බොපත් ඇල්ල මේවන විට විනාශ මුඛයට යාමේ අවදානක් දක්නට ලැබේ,බොපත් ඇල්ල හා  ඒ අසල වන වදුල පුරා බොහෝ කැලි කසල දක්නට ලැබීම බොපත් ඇල්ලේ සුන්දරත්වටය හානිකරය.එහෙයින් ඔබත් බොපත් ඇල්ලේ සුන්දරත්වය දකින්නට යන සංචාරකයෙකුනම් ඒ සම්බන්ධයෙක් මදක් සැලිකිලිමත් වී අනාගතයට සුන්දර බොපත් ඇල්ලක් ලබාදීමට ඔබත් සැලකිළිමත් වන්න

බොපත් ඇල්ලේ දසුන් කිහිපයක්





Friday, December 31, 2010


මේ ලියන්නෙ මගේ ජීවිතේ 33 වැනි බ්ලොග් පොස්ට් එකයි.......හ්ම්.......අවුරුද්දකුත් ගියා හරියට අද ඊයේ වගේ කියල දැනෙන්නේ.......මොනව කරන්නද ඉතින්....ගතවුන කාලය ඇත්තු දාලවත් අද්දනන බැහැනේ....කරන්න තියෙන්නෙ නැතුවුන දේවල් වලට වඩා ලැබෙන දෙයක් ගැන හිතාගෙන ඉදිරිය සාර්ථක කරගන්න හිතාගෙන මේ අවුරුද්දෙවත් සුභ වෙන්න කියලා පතන එක තමා....ඔයාල හැමෝටම සාමය සතුට පිරුණු ......ආදරය කරුණාව.....දයාව.....ලෙංගතුකම...සියල්ල එක්තැන් උණු කිසිම කරදරයක් නැති....සුභම සුභ නව වසරක් වේවා.....කියල පතනවා....

Saturday, December 25, 2010


ඔන්න හැමෝටම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා.....!!!!