Friday, July 30, 2010

මේ ටික කාලය.....!!




මුලින්ම මම සමාව ඉල්ලනවා මගෙ බ්ලොගයේ ලිපි පළ නොවීම සම්බන්ධයෙන්..ගිය දවස් ටික ගැන කියනව නම් ජීවිතේ ගොඩක් වෙනස් වෙනස් දේවල් ගොඩක් ආපු ගොඩක් දේවල් නැති උනු කාලයක් කිව්වොත් හරි ගොඩක් හැල හැප්පීම් අභියෝග එක්ක ගත උන කාලයක් විදියට දකින්න පුළුවන්,කරදර නැතිවාමත් නෙවෙයි...කොහොම උනත් එක එක සිද්ධි හේතුවෙන් මගේ බ්ලොගියේ වැඩ කෙරුනෙ නැහැ...ඔන්න ඉතින් ආයෙන් එන්න ලැබුන දැක්කහම දුකේ බෑ....ඉතින් හිතුව බ්ලොග් එක ආයෙ ගොඩදාන්න ඕනි කියල..ගිය දවස ටිකේ ගොඩක් දිව්වා...ආහ් කියන්නත් අමතක උනා...මොකද අපේ ගෙදර කස්ටියගෙ සෞඛ්‍යය පොඩ්ඩක් අස්පට් ගියා...මටත් එසේමය,මේ ලිපිය ලියද්දිත් අම්බානෙකට උණ ,මොනව කරන්නද ඉතින් ඔන්න කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ ගොඩ ඇවිල්ල....මේ වෙද්දි යාන්තන් පණ තියෙන ගානට ඉන්න කිව්වොත් හරි.....අපාරාදෙ කියන්න දෙයක් නැහැ ඩිස්පැන්සරි කාරායො මගෙන් ගොඩක් පොහොසත් උනාකොහොම උනත් මගේ උපරිමයෙන් මගේ ජීවිතය මගේ බ්ලොගය වෙනුවෙන් කැපකරීමටත් එය පණහා සුරුකීමටත් මම පොරොන්දු වෙමි,මේ ටික කාලය හරියට තේරුම් ගන්න බැරි පොතක් කියෙව්ව වගේ....... අපි ඉක්මනටම හම්බ වෙමුකෝ....

Friday, June 18, 2010

පාපන්දු පිටියේ එදත් සූරයෝ.....අදත් සූරයෝ.......‍‍‍‍‍‍
Fifa Champions..............

ඔයාල බලනව ඇති මොනවද මම මේ කියන්න යන්නෙ......ඇත්තටම මම කියන්න යන්නෙ මම මීට ඉස්සෙල්ල දාපු ලිපියේ දෙවන කොටසක් වශයෙන්......මට හොයාගන්න ලැබුනා පාපන්දු ක්‍රීඩාවෙ සූරයන් ගැන තොරතුරු කිහිපයක්...කෙලින්ම කියනව නම් ලෝකයේ විවිධ රටවල් කොහොමද පාපන්දු ලෝක කුසලානය ලබාගන්න සමත් උනේ කියන එක....




පොඩ්ඩක් පෙනෙනවා පැහැදිලි මදි නම් ඒ රූපෙ උඩ Click කරන්න එතකොට පැහැදිලිව බලන්න පුළුවන් වෙයි....

Wednesday, June 16, 2010

පාපන්දු ලෝක කුසලානයේ උණුසුම අතරින්
පාපන්දු ලෝක කුසලානයේ අතීතයට
Back to "Football (soccer) History"

මේ දවස් වල මුළු ලොක්යම පාපන්දුවක් පස්සෙ දුවන බව කව්රුත් දන්න රහසක්නෙ නේද ?
ඔන්න ඉතින් මම ඔයාලට අපි හැමෝම පිස්සුවෙන් වගෙ මේ දවස්වල බලන ලොක් පාපන්දු කුසලානයේ ඉතිහාසය ඔයාලට පොඩ්ඩක් පෙන්නල දෙන්න කියල හිතුවා....

මුලින්ම කියන්න ඕනි....මම මේ ඔයාලට දක්වන්නෙ පොඩිම පොඩි තොරතුරු කිහිපයක් විතරයි කියන එකයි...

ලෝකෙ මුලින්ම පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් මුලින්ම පැවැත්තුවේ 1930 නමුත් 1928 දී පැවති ග්‍රීෂ්ම සෘතුව හෙවත් "1928 Summer Olympics" වන විටත් පාපන්දු ක්‍රීඩාවක් වශයෙන් පැවැත්වෙමින් තිබිල තියෙනවා,නමුත් මුලින්ම පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් මුලින්ම පැවැත්තුවේ 1930 ජූලි මස 30 වන දිනය ඉන් අනතුරුව පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සැම වර්ශ 4 නටම වරක් ලොව පුරා විවිධ රටවල් තුල පවත්වන ලදි නමුත් 1942 - 1946 යන වර්ශයන් දෙකෙහි යම් හේතුන් මත පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නොපවත්වා ඇත එයට පැහැදිලි හේතුවක් අදටත් දක්වාද නොමැත.පළමු පාපන්දු ලෝක කුසලාන තරඟාවලියහි ශුරතාවය ලබා ගෙන ඇත්තේ "උරුගුවේ" රාජ්‍යය විසින්මය ඒ ආජන්ටිනාවට එරෙහිව ගොල 4 ට ‍2 වශයෙනි,එම තරඟාවලිය නැරඹන්නන්ගේ 93 000 පමණ පිරිසක‍ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි,තවත් විශේෂයක් වනුයේ උරුගුවේ රාජ්‍යය ලොව පළමු පාපන්දු ලෝක කුසලාන තරඟාවලියහි සත්කාරක රට ලෙසද කටයුතු කිරිමට අවස්ථාව ලැබීමයි.......

මේ තියෙන්නෙ ලොව පළමු පාපන්දු ලෝක කුසලාන තරඟාවලියහි නිල දැන්වීමයි




මේ ඉන්නෙ ලොව පළමු පාපන්දු ලෝක කුසලානයේ ශුරයින්......වන "උරුගුවේ" රාජ්‍යයේ ක්‍රීඩකයින් පිරිස....



එතකොට මේ ඉන්නෙ අනුශුරයින් වන ආජන්ටිනා රටේ ක්‍රීඩකයින් පිරිසයි....



එතකොට මේ තියෙන්නෙ ලොකයේ පළමු පාපන්දු ලෝක කුසලානය.........



මේ තියෙන්නෙ අවසන් මහා තරඟායට යොදාගත් පාපන්දුවයි




උරුගුවේ රාජ්‍යයේ ජයග්‍රාහී ගොලය හා ජයග්‍රහනය කැමරා කාචයේ සටහන් වුයේ මෙසේය......




Friday, May 21, 2010

Reset User Account Password in Ubuntu
උබුන්ටු හි මුරපද නැවත පිහිටු වීම

ඔයාලත් උබුන්ටු පාවිච්චි කරන අය නම් ඔයලටත් කවදා හරි ඔයාලගෙ User Account එකේ මුරපදය එහෙම නැත්නම් Password එක අමතක වෙලා තියෙනවද ? බැරිවෙලාවත් එහෙම උනොත් මොකද කරන්නෙ ? Windows සංස්කරණයහි මෙන් උබුන්ටු වල මුරපද වෙනස් කරන්න බැහැනෙ ඒහිංද මම හිතුව ඔයලාට කියල දෙන්න කොහොමද උබුන්ටු වල මුරපද වෙනස් කරන්නෙ කියලා........
හරි මුලින්ම අපිට අපේ User Account එකේ මුරපදය එහෙම නැත්නම් Password එක අමතක උනා කියල හිතමුකො...



මුලින්ම කරන්න තියෙන්නෙ අපේ පරිඝණකය නැවත පණ ගන්වන්න එහෙම නැත්නම් කොම්පියුටර් භාෂාවෙන් කියනව නම් Restart කරන්න

ඔයා උබුන්ටු විතරක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මේ වගේ GRUB Loading Screen එකක් ( GRand Unified Bootloader) එකක් එයි බයවෙන්න දෙයක් නැහැ එතකොට ඔයාලගෙ keyboard එකේ "Escape" kay එක ඔබන්න...



නමුත් ඔයාල උබුන්ටු එක්කම වින්ඩෝස් මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරනව නම්....ඔයාලට අර මුලින්ම පෙන්නපු GRUB Loading Screen එක හෝ මම මේ පහතින් පෙන්වන ආකාරයෙ මුහුණක් ලැබෙයි....



ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉහත මා දක්වා ඇති ආකාරයටම "Recovery Mode" එක Select කරල Enter කරන්න....

එතකොට මෙන්න මේ වගේ මුහුණතක් ඔයාලට ලැබෙනු ඇත......




ඊට පස්සෙ ඒ ලැබෙන මෙනු එකේ “Drop to root shell prompt” කියන පහසුකම Select කරල enter key එක ඔබන්න....

ඒ එක්කම ඩොස් මුහුණතකට පැමිණ නවතිනු ඇත....

එහි බොහෝවිට ඔබේ ගිණුමෙහි නම ඉදියෙන් පෙන්වන්නට ඉඩ ඇත....කෙසේවෙතත් දැන් මුලින්ම

1. passwd කියල Type කරල හිස්තැනක් (Space) එකක් තියල ඔබේ ගිණුමේ නම Type කරල enter key එක ඔබන්න

2. ඊට පස්සෙ මුර පදය ඉල්ලයි....බය වෙන්න දෙයක් නැහැ ඔයාලට කැමති මුරපයක් (password) එක Type කරන්න

3. දැන් ආයෙ enter key එක ඔබන්න

4. ආයෙත් පාරක් මුලින්ම Type කරපු password එක Type කරල enter key එක ඔබන්න

සැලකිය යුතුයි - (බොහෝවිට ඔබ විසින් Type කරනු ලබන මුර පදය ඔබට නොපෙනෙනු ඇත)

වැඩේ හරියටම සිද්ධ උනා නම් මෙන්න මේ වගේ පණිවිඩක් එයි



ඊට පස්සෙ කරන්න තියෙන්නෙ

"reboot" Type කරල enter key එක ඔබන්න



එවිට නැවතත් පරිඝණකය නැවත පණ ගැන්වීමක් සිදුවනු ඇත......ඉන්පසු සුපුරුදු පරිදි ඔයට ඔබේ ගිණුමට පැමිණ මුරපදය ඉල්ලනු ඇත...එවිට පෙර ඔබ ලබා දුන් මුර පදය ලබා දෙන්න......

දැන් එයාලට පෙර ආකාරයෙන්ම සුපුරුදු පරිදි ඔබේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත....

වැඩි පුර අවබෝධය ලබා ගන්නත් එකක් මේ විඩියෝ එකත් බලන්නකෝ....

විඩියෝ බලන්න

Thursday, May 13, 2010

කවියෙන් සුභ පැතුම්.....!!!!!!!!

මුලින්ම මේ කියන්න යන්නෙ මේ දිනවල කාගෙත් කථා බහට ලක්වෙන ලාංකීය සිතුවිලි-කවි මඩුවගැනයි....කොහොම උනත් මේ වෙද්දි ගොඩක් දෙනා මේ වෙදිදි වේදිකාවෙ පුහුණු වෙමිනුවි ඉන්නෙ ඉතින් මට හිතුනා ඒ සියළුදෙනාටම මේ කාර්යය යහපත් අයුරින් කරගෙන යන්න ශක්තිය වාසනාව පතන්න......මම සහභාගි වේන්නට බලාපොරොත්තුවකි තියෙනවා....කොහොම උන්ත අපි මේ දේ කරන්නෙ බොහෝම සතුටින් විනෝදෙන්....ඒක ඒ හැමදෙනාම දන්නවා......

හැමෝටම ජය වේවා....!!!
වාසනා වේවා....!!!



සිතුවිලි එකතු කොට පදමට ගලපාලා
ගෙනනා සැම දෙනට අදහිත දක්වාලා
බලනා සැම දෙනට වින්දයක් දීලා
ජය වේ කවි මඩුව ඉන්නෙමු රොක් වීලා

සැමට මනුෂ්‍යත්වය සමඟ උබන්ටු
UBUNTU with Humanity to others

මම මේ කියන්න යන්නෙ මටත් ලැබුන ආරංචියක්.....මට මේක ගොඩක් හිතට ඇල්ලුව...ඒක හිංද මම මේක ඔයාලටත් දෙන්නම්කෝ.....බලන්නකො ඔයාලත් අහල එහෙම..

සැළතිය යුතුයි - මෙම දැන්වීම Computer Science Society of the University of Colombo නිල වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි

මෙන්න ලින්ක් එක.....




මෙතන කොටන්න | Click Here

Monday, May 10, 2010

කාටත් වද දෙන Error Messages සිනහ මුසු මුහුණින් දකින්න....
"Let's see Funny Error Messages"

ජිවිතයත් අද වන විට කොම්පියුටරයක් වගේ සංකීර්ණ වෙලා තියෙන්නෙ.....මට එහෙම හිතුන වාර අනන්තයි,කොහොම උනත් කොම්පියුටරය කියන්නෙ නම් අද වන විට සෙල්ලම් බඩුවක් මා සමාන වෙලා තියෙන්නෙ..මම කියන්න ඕනෙ නැහැ ඔයාලම දන්නව ඇතිනෙ නේද ?,ගොඩක් අය Error Messages කියපු ගමන් වෙව්ලන්න පටන් ගන්නවා.ඒත් තවත් කෙනෙකුටම් ඒ ගැන කිව්වට ගානක්වත් නැති තරම්....කොහොම උනත් එදිනෙදා ජීවිතයෙදි අපට කොම්පියුටරයක් පාවිච්චි කරන්න වෙන වාර අනන්තයි..බලන්න ඔයාටලටත් මේ වගේ Error Messages හම්බ වෙලා තියෙනවද කියාල..

පින්තූර පැහැදිලි මදි නම් බලන්න ඕනි කරන පින්තූරය උඩ කොටන්න..........












දැන් ඔයාල කොම්පියුටර් වල Error Messages දැක්කනෙ නේද ?
ඒත් කවද හරි දවසක පොතක Error Messages එකක් දැකල තිවෙනවද ?
මේකත් එක්තරා කොම්පියුටර් Error Messages එකක්ම තමා............

Thursday, May 6, 2010

අහෝ වස්සාන කාලෝ............

මේ දවස් වල ලංතාවෙ එක එක පැති වලට වර්ෂාවෙන් සිද්ධවෙන හානි කව්රු කව්රුත් දකින්න ඇතිනෙ...මම මේ කියන්න යන්නෙ අපේ පැත්තට වර්ෂාවෙන් උන සිද්ධියක්,හැබැයි මේක එක පත්තකින් බැලුවහම...පොඩි අයට බොහොම විනෝදය ගෙන දෙන සිද්ධියයක්....ඔන්න ඉතින් හරියටම දවස කිව්වොත් 2010 අප්‍රේල් මාසෙ 30 වෙනිදා ඒ කියන්නෙ කම්කරු දවසට ඉස්සෙල්ල දවසේ අපේ පැත්තට දරුණුවටම වැස්ස කියන්න දෙයක් නැහැ උළු තියල තිබ්බ අපේ ගෙදරත් එදා පැල්පතක් වගේ තෙමෙන්න පටන් ගත්ත....මට ඉතින් සතුට බොහෝමයි...මොකද වැස්ස දවස් කියන්නෙ නිදාගන්න කියාපු දවස් හිංද,ඉතින් පහුවදා උදේ සුමුරුදු පරිදි උදේ 6.30 විතර නැගිට්ට..ඔන්න දැන් මට ඇහෙනව දිය ඇල්ලක ශබ්දයකට සමාන ශබ්දයක්..මමත් ඉතින් ඇහැරිලා එළියට බැහැල බැලුව මොකක්ද මේ වෙන්න කියල....අම්මේ බලද්දි අපේ ගෙට එහා පැත්තෙ තියෙනවා වෙල් යායක් ඒක වතුරෙන් උතුරල ආයෙ බලන්න දෙයක් නැහැ කොටිම්ම කිව්වොත් පොඩි වැවක් වගේ....මමත් ඉතින් ගිහිල්ල අසිරිය බල බලා හිටිය...මේක අපේ පොඩි උන්ට නම් සැහේන විනෝදයක් උනා....ඒත් වෙල් වැඩ කරන අය නම් ටිකක් නොසන්සුන් වෙලා හිටියේ......මමත් අපේ ගෙදර ගැන්සියත් එක්ක ගිහින් ඔය සිද්ධිය බල බලා ඉද්දි මට හිතුනා දැකපු නොදැකපු අය මේ කොයි කාටත් බලන්න එක්ක මේ පින්තූර ටික ඔයලට පෙන්නන්න...ඉතින් මම මගේ Phone එකෙන් පින්තූර ටිකක් අරගත්ත.ඔයාලත් බලන්නකෝ..එදා අපේ ගමට හරියට ගංවතුර ගලලා වගේ තිබ්බෙ......

පින්තූරෙ ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ කොටන්න





Monday, May 3, 2010

ඔබේ පරිඝණකයේ Driver ගොනු සුරකින්නට පුංචි මිතුරෙක්
"Little Friend for Save Your Driver Files"

ඔයාලටත් ඔයාලගේ කොම්පියුටර් එකේ Driver Files නැතුව දුක් විඳින්න වෙලා තියෙනවද ?,මට හම්බ උනා ලේසියෙන්ම Driver Files යන්න පුළුවන් විදියක් ඒ මෘදුකාංගයේ එකේ නම "Double Drivers" කියලා..අපිට ‍බොහෝ වෙලාවට Driver මතක් වෙන්නෙ අපේ කොම්පියුටර් එක Format කරහම තමානේ...මේකට තියෙන හොඳම විසිඳුමක් තමා මේ "Double Drivers" මෘදුකාගය.මේක භාවිතය හරිම ලේසියි.අපිට කරන්න තියෙන්නෙ අපේ කොම්පියුටර් එකට මුලින්ම මෙහෙයුම් පද්ධතිය දාපු අළුතම මේ මෘදුකාංගය දාන්න තමා..කෙටියෙන්ම කිව්වොත් මේ මෘදුකාංගය ස්ථාපනය කරන්න ඕනි වෙන්නෙ නැහැ....ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ "Double Drivers" මෘදුකාංගය අන්තර්ජාලයෙන් භාගත කරගන්න එක තමා.මේ මෘදුකාංගයේ තියෙන පහසු දෙයක් වන්නේ මෙම මෘදුකාංගය ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ ලේසියෙන්ම ක්‍රියාකරන එකම තමා

ඒකම මම මුලින්ම ඔයාලට "Double Drivers" මෘදුකාංගය භාගත කරගන්න Link එකකුත් දෙන්නම්‍කෝ...




මෙතන කොටන්න | Click Here


බොහෝවිට මේ මෘදුකාංගය අපිට ලැබෙන්නෙ Zip File එකක් විදියට.අපි ඒක Unzip කරගෙන මෘදුකාංගය Run කරපුවහම මේ වගේ එකක් ආව නම් වැඩේ හරි



දැන් අපිට කරන්න තියෙන්නෙ අපේ පරිඝණකයේ Drivers Back up කරන්න,ඒ කියන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන Driver Files වලින් කොපියක් ලබා ගන්න එක තාමා,මුලන් අපිට කරන්න තියෙන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන Driver list එකක් ලාබා ගන්න එක තමා.මුලින්ම කරන්න තියෙන්නෙ මෘදුකාංයේ තියෙන Scan කියන එක උඩ Click කරන්න,දැන් අපිට අපේ කොම්පියුටරයේ කියෙන Driver ඔක්කොම list එකකට එයි හරියටම මෙන්න මේ වගේ



ඊළඟට කරන්න තියෙන්නෙ අපිට Back up කරන්න ඕනි Driver තොරන්න(Select) තමා ,මම නම් මේකෙ ඔක්කොම Driver තෝරනවා මොකද එතකොට අපිට එකපාරම ආයේ Drivers ස්ථාපනය කරන්න ලේසි හිංද,කොහොම හරි ඔයාලට ඕනි විදියට Drivers තෝරල ඊට පස්සෙ ඒ මෘදුකාංගයේ කියෙන "Backup" කියන එක දෙන්න.දැන් වැඩේ හරි නම් මේ විදියට Save කරන්න ඕනි තැනක් ඉල්ලයි,ඊට පස්සෙ ඔයාලට ඕනි තැන දීල OK කරන්න,දැන් හරියටම වැඩේ උනා නම් මේ විදියට Drivers Backup වෙන්න පටන් ගනී.මේ වැඩේට විනාඩි කිහිපයක් ගනී.






වැඩේ ඉවර උනහම මේ වගේ එකක් එයි ඒක Close කරන්න.


දැන් අපිට දකින්න පුළුවන් මුලින්ම අපි අපේ පරිඝණකයේ Drivers Save කරන්න ඕනි තැනට ගියොත් අපේ Driver ගොනු දකින්න ලැබෙයි මෙන්න මේ විදියට



දැන් මම කියන්න යන්නෙ කොහොමද අපි ‍අපේ කොම්පියුටරයට "Double Drivers" මෘදුකාගය උපයෝගී කරගෙන ප්‍රතිස්ථාපනය කරන්නෙ කියන එකයි



මුලින් පෙර පරිදිම "Double Drivers" මෘදුකාගය විවෘත කරගෙන Scan කරල, අපිට ඕනි ඒව තෝරල Restore තෝරල දෙන්න විතරයි තියෙන්නෙ මේ මෘදුකාංගය පාවිච්චිය බොහොම ලේසී......

Sunday, May 2, 2010

උබුන්ටු බිත්ති කඩදාසිය වෙනස් කිරීම
Change the Ubuntu Desktop Wallpaper

ඔන්න මං ගානෙ උබුන්ටු | Ubuntu පාවිච්චි කරන අයටයි....වෙන්ස් ආකාරායට wallpapers හොයට අයටයි....මේ වගේ ඕනිම අයෙකුට මං ගානෙ හොඳ wallpapers ටිකක් දෙන්න අවස්ථාවක් ලැබුනා,මේක මම හොයාගත්තේ අන්තර්ජාලයේ ඇවිදිද්දිම තමා...



වෙනස් දෙයක් විදියට දැකපු හින්ද මට හිතුන ඔයාලටත් පෙන්නන්න කියල
ඔන්න මම Link එකක් දැම්ම බලන්නකො ඔයාලට ගිහිල්ලම.....



මෙතන කොටන්න | Click here