Monday, May 3, 2010

ඔබේ පරිඝණකයේ Driver ගොනු සුරකින්නට පුංචි මිතුරෙක්
"Little Friend for Save Your Driver Files"

ඔයාලටත් ඔයාලගේ කොම්පියුටර් එකේ Driver Files නැතුව දුක් විඳින්න වෙලා තියෙනවද ?,මට හම්බ උනා ලේසියෙන්ම Driver Files යන්න පුළුවන් විදියක් ඒ මෘදුකාංගයේ එකේ නම "Double Drivers" කියලා..අපිට ‍බොහෝ වෙලාවට Driver මතක් වෙන්නෙ අපේ කොම්පියුටර් එක Format කරහම තමානේ...මේකට තියෙන හොඳම විසිඳුමක් තමා මේ "Double Drivers" මෘදුකාගය.මේක භාවිතය හරිම ලේසියි.අපිට කරන්න තියෙන්නෙ අපේ කොම්පියුටර් එකට මුලින්ම මෙහෙයුම් පද්ධතිය දාපු අළුතම මේ මෘදුකාංගය දාන්න තමා..කෙටියෙන්ම කිව්වොත් මේ මෘදුකාංගය ස්ථාපනය කරන්න ඕනි වෙන්නෙ නැහැ....ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ "Double Drivers" මෘදුකාංගය අන්තර්ජාලයෙන් භාගත කරගන්න එක තමා.මේ මෘදුකාංගයේ තියෙන පහසු දෙයක් වන්නේ මෙම මෘදුකාංගය ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමඟ ලේසියෙන්ම ක්‍රියාකරන එකම තමා

ඒකම මම මුලින්ම ඔයාලට "Double Drivers" මෘදුකාංගය භාගත කරගන්න Link එකකුත් දෙන්නම්‍කෝ...




මෙතන කොටන්න | Click Here


බොහෝවිට මේ මෘදුකාංගය අපිට ලැබෙන්නෙ Zip File එකක් විදියට.අපි ඒක Unzip කරගෙන මෘදුකාංගය Run කරපුවහම මේ වගේ එකක් ආව නම් වැඩේ හරි



දැන් අපිට කරන්න තියෙන්නෙ අපේ පරිඝණකයේ Drivers Back up කරන්න,ඒ කියන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන Driver Files වලින් කොපියක් ලබා ගන්න එක තාමා,මුලන් අපිට කරන්න තියෙන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන Driver list එකක් ලාබා ගන්න එක තමා.මුලින්ම කරන්න තියෙන්නෙ මෘදුකාංයේ තියෙන Scan කියන එක උඩ Click කරන්න,දැන් අපිට අපේ කොම්පියුටරයේ කියෙන Driver ඔක්කොම list එකකට එයි හරියටම මෙන්න මේ වගේ



ඊළඟට කරන්න තියෙන්නෙ අපිට Back up කරන්න ඕනි Driver තොරන්න(Select) තමා ,මම නම් මේකෙ ඔක්කොම Driver තෝරනවා මොකද එතකොට අපිට එකපාරම ආයේ Drivers ස්ථාපනය කරන්න ලේසි හිංද,කොහොම හරි ඔයාලට ඕනි විදියට Drivers තෝරල ඊට පස්සෙ ඒ මෘදුකාංගයේ කියෙන "Backup" කියන එක දෙන්න.දැන් වැඩේ හරි නම් මේ විදියට Save කරන්න ඕනි තැනක් ඉල්ලයි,ඊට පස්සෙ ඔයාලට ඕනි තැන දීල OK කරන්න,දැන් හරියටම වැඩේ උනා නම් මේ විදියට Drivers Backup වෙන්න පටන් ගනී.මේ වැඩේට විනාඩි කිහිපයක් ගනී.






වැඩේ ඉවර උනහම මේ වගේ එකක් එයි ඒක Close කරන්න.


දැන් අපිට දකින්න පුළුවන් මුලින්ම අපි අපේ පරිඝණකයේ Drivers Save කරන්න ඕනි තැනට ගියොත් අපේ Driver ගොනු දකින්න ලැබෙයි මෙන්න මේ විදියට



දැන් මම කියන්න යන්නෙ කොහොමද අපි ‍අපේ කොම්පියුටරයට "Double Drivers" මෘදුකාගය උපයෝගී කරගෙන ප්‍රතිස්ථාපනය කරන්නෙ කියන එකයි



මුලින් පෙර පරිදිම "Double Drivers" මෘදුකාගය විවෘත කරගෙන Scan කරල, අපිට ඕනි ඒව තෝරල Restore තෝරල දෙන්න විතරයි තියෙන්නෙ මේ මෘදුකාංගය පාවිච්චිය බොහොම ලේසී......

Sunday, May 2, 2010

උබුන්ටු බිත්ති කඩදාසිය වෙනස් කිරීම
Change the Ubuntu Desktop Wallpaper

ඔන්න මං ගානෙ උබුන්ටු | Ubuntu පාවිච්චි කරන අයටයි....වෙන්ස් ආකාරායට wallpapers හොයට අයටයි....මේ වගේ ඕනිම අයෙකුට මං ගානෙ හොඳ wallpapers ටිකක් දෙන්න අවස්ථාවක් ලැබුනා,මේක මම හොයාගත්තේ අන්තර්ජාලයේ ඇවිදිද්දිම තමා...



වෙනස් දෙයක් විදියට දැකපු හින්ද මට හිතුන ඔයාලටත් පෙන්නන්න කියල
ඔන්න මම Link එකක් දැම්ම බලන්නකො ඔයාලට ගිහිල්ලම.....



මෙතන කොටන්න | Click here

Saturday, May 1, 2010

Linux හී ලාංකීය නියෝජනය........
"හන්තාන Linux | Hunthana Linux 11.1"

ඔන්න ඉතින් මමත් සුපුරුදු පරිදි අන්තර්ජාලයේ අතරමං වෙලා ඇවිද ඇවිද ඉද්දි දකින්න ලැබුන "Hanthana Linux 11.1" කියන වචනෙ,කිව්වට මොකද අහග තිබ්බත් දැක්කෙ අද තමා.....මේක Fedora කියන විවෘත මෙහෙයුම් පද්ධතිය යම් යම් වෙනස් කිරීමකින් හා යම් යම් ගති ගුණ වෙනස් කිරීමකින් අනතුරුව එළිදක්වා ඇති නිර්මාණයක් කිව්වොත් හරි යයි මට හිතුනා...මට ,ඔන්න ඉතින් මමත් පණ දාගෙන Download කරගෙන කොම්පියුටර් එකට දාල බැලුව.ෂා......කියන්න දෙයක් නැහැ....කෙටියෙන්ම කිව්වොත් උපරිමයි,ඉතින් මටත් හිතුන ඔයාලත් එක්ක මේ බෙදාගන්න,ඔයාලත් බලන්නකො මේක කොහොමද කියලා....හැබැයි මේ ගැන මට මුලින්ම කියල දුන්නෙ අපේ දක්ෂ Blog ලියන්න් දෙන්නෙක් වන සංජය සහ දර්ශන කියන සහෝදරයො දෙන්න තමයි..



Go to Hanthana Linux Home page
(හන්තාන ලිනක්ස් වෙබ් අඩවියට පිවිසෙන්න)



මේ තියෙන්නෙ හන්තාන Linux මෙහෙයුම් පද්ධතියෙ Desktop එකේ රූපයක්





තවත් හන්තාන Linux මෙහෙයුම් පද්ධතියෙ රූප බලන්න ඕනි නම් මෙන්න ඒකට ඉඩ



Go to Hanthana Linux Screenshots
(හන්තාන ලිනක්ස් හි පින්තූර දකින්නට පිවිසෙන්න)

Thursday, April 29, 2010

එකෙන්ම ශ්‍රී ලාංකික වෙන්න Ekenma.com

ඔන්න මම මේ කියන්න යන්නෙ අපේ ලාංකික ගතින මුලු ලෝකයටම අරලෙන යන්න අපේම කියල site එකක් ඇව්ල්ල තියෙනව කියල සතුටින් කියන්නයි යන්නෙ.site එකේ නම Ekenma.com.මම කියනවට වඩා ඔයාලම ගිහිල්ල බලන්නකෝ...එතකොට ඔයාලටම නියම ලාංකික ගතියක් දැනෙයි



Ekenma.com යමු


Ekenma.com | එකෙන්ම.com

Tuesday, April 27, 2010

මමත් අලුත් උනා ඔන්න එහෙනම්.........

මමත් ඉතින් හිටපු විදියටම ඉන්න බැරි හිංද මමත් මගේ බ්ලොග් එකේ වැඩ කෑලි පොඩ්ඩක් වෙනස් කලා. ගිය දවස් ටිකේම මගේ ශරීර සෞඛ්‍ය පොඩ්ඩක් අයහපත් උනා ඒත් දැන්නම් ටිකක් අඩු උනා කොහොම උනත් ඔයාලව දාල යන්න නම් කිසිම අදහසක් නැහැ....ඒ හිංදම මම මගේ වැඩ කටයුතු අලුතින් කරන්න කියල හිතාගෙන..නමෝ විත්තියෙන් වැඩ පටන් ගත්ත,ඉතින් මගේ ගුන දොස් කියන්න,ඔයාලා තමයි මගේ සාර්ථකත්වයේ රහස.ඉතින් මේ වගේම මාත් එකක් හැම්‍දාම ඔයාල ඉන්න බව විස්වාස කරමින් මම නවතිනව ඉක්මනටම තවත් අලුත් දෙයක් අරගෙන ඔයාල හම්බ වෙන්න හිතාගෙන

Friday, April 16, 2010

මේ පාර අවුරුද්ද අපිට කොහොමද ?

ඔන්න ඉතින් අවුරුද්දත් ඇවිත් ගියා....රටේ තැන් තැන් වල තාම අවුරුදු උත්සව තියෙනවා..තාම මිනිස්සු විනෝද වෙනවා, අද උදෙන්ම ගොඩක් අය රැකි රක්ෂා වලට පිට වෙලා ගියා..කොහොම උනත් මේ පාර අවුරුද්ද ගොඩක් දුරට සාමකාමීව පැවැත්වුනා කිව්වොත් මම හිතන්නෙ හරි, රටේ උඩහ කොටස....ඒ කියන්නෙ උතුර පැත්තෙ අහිංසක මිනිස්සුට මේ පාර නිදහසේ අවුරුද්ද සැමරන්න අවස්ථාවක් ලැබුනා...මුලු ලංකාවම එකම කාලයක එකම වෙලාටව අවුරුද්ද සමරන්න වාසනාවක් තිබ්බ,ඇත්තටම මේ පාර බොහෝවිට නිදහසේ අවුරුද්ද කිව්වොත් හරියටම හරි

Wednesday, April 14, 2010

සුභ නව වසරක් වේවා .....ශ්‍රී සුභ නව වසරක්....!!!!!





Wednesday, March 31, 2010



උණුසුම් පුවත් ඔබේ දෝතටම ගෙනත් දෙන
ලාංකීය පුවත් පත්

මෙන්න මං ගානේ ඔයාලට දැනට ලංකාවෙ ඉදිරියෙන්ම සිටින ප්‍රධාන පෙලේ
පුවත් පත් කිහිපයක්.......!!!!!






දිවයින පුවත් පත





ඉරුදින පුවත් පත







ලක්බිම පුවත් පත






ලංකාදීප පුවත් පත






රිවිර පුවත් පත







සිළුමිණ පුවත් පත








පුවත් කියවීමට යාමේදී සිදුවන මුද්‍රිත අකුරු සම්බන්ධ ගැටළු සඳහා පිළියමක්......!!!

මුද්‍රිත අකුරු - (Fonts)



Monday, March 22, 2010

ලොව හොඳම ප්‍රති ‍වෛරස මෘදුකාංග 10
(Top 10 Antivirus Guard Software)

අද වන විට ලෝකයේ පරිඝණක භාවිතය බොහෝ සෙයින් ඉහල ගොස් ඇති යුගයක සිටි අපිට අහන්න අකමැතිම දෙයක් සම්බක්ධයෙ මම එයාලත් එක්ක කථා කතා කරන්න කියල හිතුවා

කියන්න දෙයක් නැහැ Blog එක දැකක් ගමන් ඔයාල දන්නව මම මොනවද කියන්න ‍යන්නෙ කියලා
ඇත්තටම මම ඔයාලට කියන්න යන්නෙ ලොව හොඳම ප්‍රති ‍වෛරස මෘදුකාංග ගැනයි
පරිඝණක වෛරස ගැන මම ඔයාලට කියනවට වඩා ඔයාල ඒ ගැන දන්නව කියල හිතෙනවා. කොහොම උනත් මම හිතුව හැමදේටම කලින් මොකක්ද මේ "පරිඝණක වෛරස" කියන්නෙ කියන එක නොදන්න අයටත් එක්ක දැන ගන්න කියල දෙන්න ඕනි කියල.......



"පරිඝණක වෛරස" කියන්නෙ එක හරියට සියයට සියයක් නිර්වචනය කරන්න කියොත් ගොඩක් වෙලා යන හිංද මම කෙටියෙන් කියන්නම්....."පරිඝණක වෛරසයක් කියන්නෙ පරිඝණකයේ ක්‍රියාකාරීත්වයට බාධා කරන විනාශකාරී ඕනෑම වැඩසටහනක්" අපිට පරිඝණක වෛරසයක් කියල කියන්න පුලුවනි

ලොව ප්‍රථම වෛරසය බිහිවී ඇති බවට දැනට දැන ගැනීමට ලැබෙන්නේ 1982 දීය,15 වියැති උසස් අධ්‍යපන ලබමින් සිටින නව ශිෂ්‍යයෙක් වන "Richard Skrenta" විසින් ලොව වෛරසය නිශ්පාදනය "wikipedia" තුලින් සෙවීම්දී පෙන්වා දෙයි,නමුත් විවිධ වෙබ් අඩවි තුළ මොහුගේ නාමට විවිධ ආකාරයෙන් දක්වා ඇත.
කෙසේ වෙතත් ලොව ප්‍රථම වෛරසයේ නාමය වී ඇත්තේ "Elk Cloner" යන නාමයයි
එතැන් පටන් අද නව විට රිඝණක වෛරස විවිධ ආකාරයෙන් අද වන විට අන්තර්ජාලය හා අනෙකුත් විවිධ මාධ්‍යයන් හරහා ලොව පුරා පරිඝණක භාවිතා කරන්නන්ගේ අප්‍රසාදය හිමි කර ගැනීමට සමත් වී ඇත

ඔබට තවත් මේ සම්බන්ධයෙන් දැන ගැනීමට සඳහා මා පහත දක්වන වෙබ් අඩවි සම්බන්ධයන් උපයොගී කර ගත හැකිය

Elk_Cloner වෛරසය
පරිඝණක වෛරසයේ ආරම්භය

කෙසේ හෝ මේ වන විට මෙම පරිඝණක වෛරස සඳහා තාවකාලික විසඳුමක් සොයා ගෙන ඇත,අප එය "ප්‍රති ‍වෛරස මෘදුකාංග" - (Antivirus Software)නමින් හඳුන්වයි
දැනට ලොව බොහො ප්‍රසිද්ධ සමාගම් මගින් මෙ‍ම ප්‍රති ‍වෛරස මෘදුකාංග නිශ්පාදනය සිදුකරනු ලැ‍‍බේ
කෙසේ වෙතත් ලෝකයේ අද වන විට ප්‍රති ‍වෛරස මෘදුකාංග නොමැතිව අන්තර්ජාල භාවිතයද අපහසු වී ඇත



දැනට ලෝව ප්‍රසිද්ධම වෙබ් අඩවියක් නව "toptenreviews.com" මගින් මෙම කරදරකාරී පරිඝණක වෛරස සඳහා යෝග්‍ය යැයි ප්‍රකාශ කර ඇති ප්‍රති ‍වෛරස මෘදුකංග 10 කි,





ඒවා නම්

1. Bitdefender AntiVirus





2. Kaspersky AntiVirus



3. Webroot AntiVirus with SpySweeper



4. Norton AntiVirus



5. ESET Nod32 AntiVirus



6. AVG AntiVirus




7. F-Secure AntiVirus



8. G DATA AntiVirus



9. Avira AntiVirus



10. Trend Micro AntiVirus with AntiSpyware

Tuesday, March 2, 2010

මොකක්ද මේ "එටිසෙලාට්".......!

දැන්නම් ඔයාල එටිසෙලාට් කියන නම ගැන ගොඩක් දෙනා දන්නවත් ඇති
කොහොම උනත් දන්න නොදන්න ඔක්කොමලටම දැනගන්න කියල මම හිතුව එටිසෙලාට් ගැන ඔයාලත් එක්ක මම දන්න දේ බෙදාගන්න කියල හිතුවා

මුලින්ම මම අහන්න කැමතී ඔයාල දන්නවද Tigo (ටීගෝ) නමින් ජංගම දුරකථන සේවා ජාලයක් ගැන ?


අන්න ඒ ජංගම දුරකථන සේවා ජාලය 2009 වර්ශයේදී ලෝකයේ විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නෙකු වන අබුඩාබියේ පිහිටි එටිසෙලාට් ජංගම දුරකථන සේවා සමාගම මගින් මිලදී ගැනීමෙන් අනතුරුව ටීගෝ නමින් පැවති නාමය වෙනුවට එටිසෙලාට් නමින් වෙනස් විය.ඊට පස්සෙ ඒ ගැන මුලු ලෝකයම මහත් කුතුහලයෙන් කථා කරන්න පටන් ගත්තෙ.

මීට අමතරව ඒ වෙනකොට Tigo (ටීගෝ) හි පැවති තේමා පාඨයද වෙනස් කලා

ඒ කියන්නෙ

"Express Yourself" කියන තේමා පාඨය "It's all about You" කියල වෙනස් උනා

ඒ ගැන විවිධ අන්තර්ජාග වෙබ් අඩවි මගින් ප්‍රකාශයට පත්වෙන්න පටන් ගත්ත

එටිසෙලාට් සම්බන්ධයෙන් Totaltele.com වෙබ් අඩවියේ දක්වා තිබූ ප්‍රවෘත්තිය මම මෙසේ උපුටා දක්වන්න කැමතී

"Etisalat buys Tigo Sri Lanka for $207m
By Stefania Bianchi, Dow Jones Newswires
Monday 19 October 2009

Sri Lanka-based operator has 21% market share, 2.25 million users.
Abu Dhabi-based Emirates Telecommunications Corp., or Etisalat, said Saturday it acquired a 100% stake in Tigo Sri Lanka, a wholly-owned unit of Luxembourg-based Millicom International Cellular S.A., for $207 million as it continues its expansion into new markets.

"This new acquisition is a clear example of Etisalat's international investments strategy of seizing distinctive growth opportunities and maximizing value to shareholders," Etisalat Chairman Mohammed Hassan Omran said in an emailed statement.

Omran said Etisalat plans to invest in Tigo Sri Lanka to ensure that it has the "dynamism" to take the leading position in Sri Lanka's telecom market in the next few years.

Tigo Sri Lanka, which started operations in 1989, is Sri Lanka's second-largest mobile phone operator with a 21% market share and 2.25 million subscribers.

"The acquisition promises attractive returns as the Sri Lankan Government is increasing its effort to promote foreign investment in all sectors," Omran said."It also offers great opportunities for synergy with our other operations in the region, particularly in the U.A.E., Saudi Arabia and India."

Etisalat last week said it is close to finalizing a bond program aimed at financing foreign acquisitions and expanding into new markets.

The bond program - under which the company will be able to sell conventional bonds and Islamic bonds, or sukuk - is in line with "foreign expansion and acquisition activities Etisalat is carrying out in regional and global markets," it said, without specifying which markets it plans to expand into.

Etisalat expects its subscriber base to expand in 2010, from a current 85 million subscribers in Etisalat companies or affiliates across 17 markets in Asia and Africa."

මෙම ප්‍රවෘත්තිය උපුටා ගත් ස්ථානයට යන්න - www.totaltele.com

කෙසේ හෝ අවසාන ප්‍රතිඵලයක් විදියට අපේ ලංකාවට එටිසෙලාට් නම්න් ජංගම දුරකථන ජාලයක් ඇතිවුනා කිව්වොත් හරි








මෙන්න මං ගානෙ ඔයාලට දැන ගන්නත් එක්ක එටිසෙලාට් ගැන ඔබත් අපත් නොදනන්නා හෝ නොදැකපු තොරතුරු ස්වල්පයක්









මේ තියෙන්නෙ අබුඩාබියේ පිහිටි එටිසෙලාට් ප්‍රධාන කාර්යාලය







මේ තියෙන්නෙ අබුඩාබියේ එටිසෙලාට් ලාංජනය (LOGO)


මෙන්න ඉංග්‍රිසි භාෂාවෙන්...............




මෙන්න සිංහල භාෂාවෙන්...............




මේ තියෙන්නෙ එටිසෙලාට් වෙනුවෙන් ලංකාවේ බිහිවුන සංගීත වීඩියෝව