Wednesday, September 12, 2012

කොල්ලො තුන්දෙනෙක්ට එරෙහිව ගොනෙක් !
සුදානමටත් පෙර අවදානම

අලෝස් අලෝස් ....කොහෙමෙයි

ඒ කාලේ ආහ්.... ඒ කාලේ කියන්නේ ඒ...කාලේ.....කළකට පෙර එකමත් එක කාලකෙ.. මතක් වෙනකොට ඇඟ කිළිපොය යන පොළා පනින අතිශය භයන්කර භීතිය උපදවන සීන් එකක් උනාත එතකොට මේකා එහෙම නැත්නම් මම කියන එකා යාන්තන් 11 වසරෙන් 12 වසරට බඩගෑව විතරයි. සා.පෙළින් උ.පෙළට වෙන ඉස්කෝලෙකට ගියා විතරයි. අනේ අප්පේ යාළුව අද නැත වෙන අය එහි ඇත. ඉස්කෝලේ කොච්චර ළමයි   හිටියත් මම තනි උනා වගේ, ඉස්සර වගේ ගොන් වැඩ කරන්න සහය දෙනමගේ යාළුවො එකෙක්වත් නැහැ ඔක්කොම අළුත් මූනු. කරන්න දෙයක් නැහැ ඉන්නම වෙනවා, මොකද ගෙදර ඉන්නවා කියන්නේ ඊට වඩා ඛේදනීය ඉරණමක් වෙන හිංදා. අනේ මංදා කොහොම  කියන්නද නවක වදයටබයෙන් අළුත් ඉස්කෝලෙට ගිහින් සතියක් ගියෙ නැද්ද කොහොද.... ඉස්සර වගේම ගොන් වැඩ කරන්න පුළුවන් සෝක් යාළුවො 2ක් සෙට් උනා. එකෙක් සිසන්ත අපි  කිව්වේ  සසියා... අනිකා කසුන්....අපි කිව්වේ කස්සා කියලා....මොන මගුලක් කරන්න යං කිව්වත් " යාමු මචෝ " කියන යාළුවො දෙනන්නෙක් මගේ ගති ගුණමයි. ඊට පස්සේ තමා මගේ  ජීවිතේ ගෝල්ඩක් ඒජ් එකද මොකක්ද එක ආවේ. මම කියන එකාට ඉස්කෝලෙන් ශිෂ්‍ය නායකකම ලැබුනනේ. මූණට නොකිව්වට ඉස්කෝලේ ලොක්කා කරපු ලොකුම වැරැද්දත් ඒකමයි. ඉබ්බෙක්ට පිහාටු දුන්න වගේ.... ආසයි මං පියාඹන්න..අපි 1 වසරේ හිටිය කාලේ ලොකු අයියල අපිට ටොකු ඇන ඇන හිටිය අප්සැට් යුගේ ඉවරයි. දුප්පත් අපි රජවරු මේ කාලේ තමා.

ඔන්න ඉතින් කාලය ගතවීගෙන යනවා. මගේ ගොන් වැඩත් කෙරීගෙන යනවා. ඉස්කෝලේ ලොක්කගේ ෆයිල් වල අපේ ‍පොරොන්දු කොළත් පිරීගෙන යනවා.

ආහ් කියන්න අමතන උනානේ. ඒ ඉස්කෝලේ තමා මම දැක්කට පට්ටම ඉස්කෝලේ ආහ්. වරදක් කලත් සිතකින් නොවේ. වරදට සමාවක් දෙන්නෙත් අමුතුම විදියට. ඉස්කෝලෙට කිසිම තාප්පයක් නැහැ වැටත් නැහැ.තිබ්බේ පරණ ගේට්ටුවක් ඒකත් 80 දශකයේ. මගේ ජීවිතේ ඉස්කෝලෙන් නිදහසේ පනින්න ලැබුන එකම ඉස්කෝලේ.... අපේ ඉස්කෝලේ.. එහෙමත් නැත්තම් මගේ ඉස්කෝලේ අපි ඔය එක එක වැරදි කරපුවහන අනිත් ඉස්කෝලවල වගේ නෙවෙයි මගේ පළවෙනි ඉස්කෝලේ නම් වදරක් කරපුවහම අපි ලොක්කගේ කාමරේට ගෙන්නලා දොරවල් වහගෙන නෙළුවේ ආහ්.... හරියට උඩරට පැත්තේ තේ දළු කඩනව වගේ. මේ ඉන්නවා මේ නෑ.... හරියට සුදු වෑන් වලින්ඉස්සුවා වගේ ඉස්සර 11 වසරෙදි අපි ඉන්නෙම ලොක්කගේ කාමරේ.. පන්ති කාමරේට වඩා වැඩිපුර හිටියේ ලොක්කගේ කාමාරේ..

කථාව පිට යනවෝ දැන් වරෙල්ලා ආපහු කථාවට... මගේ දෙවනි ඉස්කෝලේ... එහෙම නැත්නම් මම උ.පෙළ ඉගන ගත්තු ඉස්කෝලේ අපි වරදක් කරපු වහම ලොක්කා පන්තියටම ඇවිදින් අපිට ලොක්ගේ කාමරේට එක්කගෙන යනවා. ගිහින් පොතක් ලියන්න තරම් ලෙක්ජර් එකක දෙනවා අපිව හැති වැටෙන්න. ඊට පස්සේ ඒ4 පොලයක් දෙනවා පොරොන්දුවක් ලියන්න..

මෙන්න ඒ කොලේ අඩංගු වෙන්න ඕනි දේවල්.. ඇත්තටම කිව්වෝත් මේක සහසික ලෙස අහිංසක වැරදි කරුගේ පාපොච්චාරණයක්

වරද 
වරදට උදව් දුන් පිරිස
 අයෝ ඒ වැරැද්ද නොකරන බවට දෙනු ලබන පොරොන්දුව (තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන්)

ආහ් කියන්න අමතක උනානේ... අර දඩපොතේ වගේ වැරැද්දේ ස්භාවය අනූව ඔය වැරැද්ද ගැන දෙන පොරොන්දුව වෙනස් වෙනවා.. ගොන් වැඩේ කලේ තිනයෙන් නම් ගොඩක් වෙලාවට එක පාපොච්චාරණයකින් බේරෙන්න පුළුවන්... එහෙම උනොත් ඒකට ගුඩ් ලක් තමා. ලොන්ග් ලයිෆ් තමා
හැබැයි ගොන් වැඩේ කලේ පිරිසක් වශයෙන් නම් ... ඒ කියන්නේ අපි  ගොන්වැඩේ කලේ මෝඩ රැලක් වශයෙන් නම් සිද්ධිය ඉහළ උසාවියට යනවා. ඒ කියන්නේ අපේ අවනඩුව විභාගයට ගන්නේ ඔෆිස් එකේ ආහ්
එක්කෙනෙක් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඊට පස්සේ කණ්ඩායම් වශයෙන් එක පාපොච්චාරණයක් ලියන්නත් ඕනි. ඒවා ඔක්කොම අපේ නම් අනූව ලිපිගොනු වෙනවා.

ඔන්න ඕක තමා අපේ ඉස්කෝලේ නීති රීති මාලාව.....හිකිස්... ඇත්තටම ඉස්තෝලේ ලොක්කා නම් දෙවියෙකි. මම දන්න කාලෙකට ළමයෙක්ට ගහල නැහැ රිදෙන්න.. ගැවුවොත් එදා දවසටම කන්නෙත් නැහැ තනි අවුලෙන් ඉන්නේ. මම දැකලා තියෙනවා දවසක් අපි ඉස්කෝලෙන් පැනල අහු උන වෙලාවක අපිට ගැහුවා.

ඊට පස්සේ අපිට කිව්වා

"පලයල්ල යන්න උඹල මගේ හිත රිද්දුවා..... "

 ඊට පස්සේ කැන්ටිමට ගිහින් තනියෙන් අඬනවා. එදා අපිටත් අවුලෙන් හිටියේ.. අප කරපු වැරැද්ද හිංදාවත් ගුටි කාපු හිංදවත් නෙවෙයි. අපි ලොක්කව අඬවපු හිංදා. ඒක හිංදා වෙන්න ඇති ගමේ හැමෝම වගේ ඉස්කෝලෙට වගේම ලොක්කටත් පට්ට ලෙන්ගුයි. මම මෙහෙම ඉස්කෝලයක් දැකලම නැහැ...

ඔන්න ඉතින් මමයි මගේ බඩියල දෙන්නයි හොරෙන් අටවපු පැලෑනක් උපයොගි කරගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන්න ගියා... ඒ කියන්නේ අපි තුන්දෙනා ඉස්කෝලෙන් පැනල අපේ ගෙදර යන්න. කියපු විදියට එදා ඉස්කෝලේ කස්ටිය අඩු දවසකි. අපිට දේශපාලන විද්‍යාව උගන්නන්න හිටපු මිස් පේපර් මාර්කින් ගිහින්... අපි තුන් දෙනා වෙලාවට කලාවට දෙවනි පීරියඩ් එකේදි ඉස්කෝලෙන් පැනලා අපේ ගෙදර ගියා පාන් රත්තල් 2කුත් අරගෙන. අහෝ ඛේදයකි කිව්වලු...අපේ මව්තුමිය බැහැරක් ගොසියන්... ස්ථානොචිත මෙව්ව එකෙන් ගේ වටේ ඇවිදලා දොරේ යතුර හොයගත්ත අපි හොරා වගේ ගෙට රිංගුවා. ඊට පස්සේ සම්බොලෙකුත් හදාගෙන ගෙනාපු පාන් කාල දොරත් වහලා අපේ ඒරියල් එක පත්තේ රවුමක් ගහන්න පටන් ගත්තා. අපේ ගේ ඉස්සරහා එක නිල්ලට වෙල් යායය... හිලන් පාර බ්රේක් නැති මැස්ස වගේ කෙලින්ම අපේ මිදුලේය. සීත සුලන් අවට හමන්නේ.සනිපයි ආහ්.....

අපේ උන් දෙන්නට වෙලේ ඇවිදන්නම ඕනිලු.... බැරිම තැන් උන් දෙනන්ගේ ආයාචනා මැද මම උන් දෙනනව වෙළට බැස්සුවා. උන් දෙන්නා වෙලේ මඩ කයි. පොඩි උන් දෙන්න වගේ එහෙ මෙහෙ දුවයි. හික් හික්....

ඔහොම අපි ඉතින් වෙලේ ඈතින් ඈතට..... ඈතින් ඈතට.... ඈතින් ඈතට.... ගියා...
හැහ්.... මොකෙක්දෝ ඉදිරියට දුවගෙන එනවා වගේ පේනවා. මගේ පෙනීමත් අන්තිම පොට්ටය...කෙලින්ම කියනවා නම් මට දුර පෙනීම අවුල්ට කොම්පීතර් හේතුවෙන් මා පොට්ටයෙකු වී හමාරය.. අපේ උන් දෙන්නාට ගානක්ම නැත. අම්ම ගහයි තමා...



 ඒ අපේ ගමේ හිටිය එකම දරුණුම මීහරකා නේද ? මට සිංහල සාහිත්‍යායේ නාලාගිරි දමනය මතක් උනා. අපේ ගොන් ඩබලට සීන් එක සෙට් වෙනකොට මීහරකායි අපි අතර මීටර් 100ක් දරම් දුරක් තිබ්බේ. අපි තුන් දෙනාගෙන් ඉස්සර උනේ සසියාය ඌ මාවයි කස්සවයි පොරලගෙන දුවන්නට විය.. කස්සා නොවැටී බේරුණු අතර මම වැටි බේරුනි. මෙන්න මේ වෙලාවේ හුසේන් බොල්ට් හිටියා නම් අනිවා සසියගේ දිවිල්ලට පොර පරාදයි ආහ්... දැන් කරන්න දෙයක් නැහැ.. එකම දේ දුවන එක විතරයි. මට ඇත්තටම කිව්වොත් අම්ම මතක් උනා. පට්ට මනෝ පාරක් ආවේ.. ඒක ඉවර වෙනකොට මීහරකා අපිට පේන මානයේය.

මම - " කස්ස දුවපං දුවපං යකෝ....අරූ නං අයිනනමයි එන්නේ... "

ඒ පාර මූ කියනවා

කස්ස - " පිස්සුද මීහරක් ඔහොස තමා උන්ගෙ හැටි බං ඔය "

මම - " යකෝ බලපං මොන පිස්සුද බං ඌ එන්නේ අපේ පැත්තට ගොරකයෝ "




අසුරු සැනින් කස්සාගේ පාද පණගැන් වුනි.... ඌ ඕෆ් රෝඩ් කැබ් එකක් වගේ දුවන්නට විය.සසියා ඒ වන  විටත් අප පහුකර මද දුරක් ගොස් ඇත. ඉන් පසු කස්සත්... පසු පෙල නියොජනය මගෙන්ය... මේ ඔක්කොම වෙන්න ගියේ තත්පර කිහිපයකි. අපි තුන් දෙනාම දැන් එක පිම්මේ වහු පැටව් වගේ වෙළ  පුරා දුවයි. කස්ස අම්බානෙකට බයවී ඇත. සසියට කිසිවක් මතක නැත.. ඌ එකෙන්ම දුවයි. හරකාගේ වේගය පොඩ්ඩක්වත් අඩු නැත්.... ඌ නම් නාලාගිරිම තමා . ඇත්තටම කිව්වොත් ආන්තිම කැමැත්තත් මතක් උනා. අපිට පාන් කියාගන්න බැරි ගානට හැති. සසියා නැවති නැවතිත් දුවයි.කස්සා පිස්සුවෙන් වගේ දුවයි. හරකට නං කිසිමා ගානක් නැති පාටයි. කොහොම හරි වෙලෙන් මහ පාරට ගොඩවෙලා පිටි පස්ස බැලුවේ. හුටා මේකගේ ඒත පස්සෙන් පන්නවා. මේක ලොක්කද දන්නෙත් නැහැ. අමාරුවෙන් අපි තුන්දෙනා ගෙදරකට දුවලා ගිහින් සිද්ධිය කියනකොට ගෙදර එවුන්ට පිස්සුද මන්ද උන් කට ඇරන් බලාගෙන ඉන්නවා. බොහොම අමාරුවෙන් මීහරකව මගඇරගත්තු අපි තුන්දෙනා ගෙදර බඩගානකොට 3 විතර උනා. යනකොට මව්තුමි සාලේ.. මොකෝ වෙල් ගානේ දුවන්නේ...වස ලැජ්ජායි රෙද්ද වැලේ....කිව්වලු.. ගමේ එකාල අපේ සිද්ධිය අම්මගේ කනේ තියලා.. මොනව කරන්නද ඉතින් කොරන්න දෙයක් නැහැ....

ඊට පස්සෙත් සසියය් කස්සයි අපේ ගෙදර ආවට වෙල පැත්තේවත් ගියේ නැහැ... අම්බෝ ඒ වෙලාව මතක් වෙනකොටක් බොක්ක ගර ගර ගාල ගැහෙනවා...

ඉස්කෝලේ කාලේ සුන්දරකම තියෙන්නෙම ඉස්කෝලෙ ඇතුලේ ඉන්නකම්ම තමා එළියේ ඒ ආතල් එක නැහැ නොවැ

Saturday, September 8, 2012

ඒ බං බලපංකෝ මේ පන්සලේ උස බං


මේකත් ඉස්සෙල්ලා කිව්වා ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් වගේ එකක් තමා. මට මේක මතක් උනේ මගේ ඉස්කොල කාලේ පින්තූර බල බල ඉන්නකොට. මේක වෙනකොට මම උ.පෙළ කරන්න රදාවඩුන්න ඉස්කෝලෙට ගිය මුල් කාලයේ තමා. ඔන්න ඉතින් උ.පෙළ අපි ඉගෙන ගන්න කාලේ අපි තමා ඉස්කෝලෙ පොරවල් ඈහ් හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා තමා අපි නම් හිතාගෙන හිටියේ. මොන පිස්සුද ඒ කතා 11 වසර එවුන් කෙලින්න බලාගෙන මයි ඉන්නේ. අපි හිටිය සේනාංකෙත් එක්ක බලනකොට අපි කෑව නම් තාමත් උන් ගෙන් කනවා. බලන් ඉන්න එවුන්ට කියන්න වෙන්නේ පව් කියලා තමා.කොහොම උනත් අපි 11 වසරේ එවුන්ව බොහොම සමගියෙන් තියාගෙන ඉන්න උත්සහ කලා. සමහර වෙලා වැඩේ ගොඩත් ගියා. සමහර වෙලාවට ඉතින් සම"හරක්" ම තමා යකෙකුටවත් මෙල්ල කරන්න බැහැ. අපේ ලොක්ක වලි වලට බය හින්දා 11 වසරේ ගුටි කෙලි මෙල්ල කරන්න 12 වසරේ සිංහයොන්ට තමා කියන්නේ , හික්ස්... අපිනේ දන්නේ අපි දාන සෙල්ලං. අපි ඉතින් පුටු පෙරලගෙන දුවනවා වලි බේරන්න. එතන යනකොට ඉස්කෝලෙන් අපිට දුන්නු ශිෂ්‍ය නායක බැජ් ඔක්කොම සාක්කු වල හැංගෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම එක යායක තමා. අපේ අත පයෙත් හිරි ඇරගන්න මේ වගේ උත්සව අවස්ථා අපි අතාරින්න කැමති නැහැ.බොහොම ජයට සමරනවා. අපිත් වලිය බේරන මුවාවෙන් එකෙක්ට හය හතක් අයිනවා.

පට්ටම කාලයක් ඒ කාලේ. අපි ටීචර්ලට නොවෙයි ටීචර් අපිට වඳිනවා " අනේ පුතේ ඉස්කෝලේ එන්න 80% සම්පූර්ණ කරගන්න " කියලා. ඒත් ඉතින් හිත දුවන්නේම 11 වසරට. ඇයි ඉතින් වලි බේරනවා ඉවරයක් නැහැ. ඇත්තටම කිනවා නම් අපි ඒකට ඒක නම් කිව්වේ හිතවත්කම් අලුත් කරගන්නවා කියලා. ඒකෙත් අමුතු විනොදයක් තියෙනවා. අපි ඉතින් 11 වසරට යනකොට කොල්ලො ගහ මරා ගත්තට 11 වසරෙන් උන්ට පහල පන්තිවල පොඩි උන් තොප්පිය දීල ඉවරයි. අපි එනකොට සීන් එකේ සුපිරි ජවනිකා ඔක්කොම ඉවරයි. අපි ඉතින් ඉතුරු කොටස් ටික පෙන්නලා එනවා. පස්සේ පස්සේ මේ තත්වය ගොඩක් වෙනස් උනා. අපිට 11 වතර තහනම් කලාපයක් උනා මොකද අපි වලි බේරන්න යන මුවාවෙන් 11 වසරෙ නංගිලගේ දුක සැප බෙදාගන්න යනවා කියලා ඉස්කෝලෙ පුරාට කත කථා පැතිරුනු හිංද. හැබැයි ඇත්තට අපි එවුගි ගියේ එකට තමා. ඒවගෙන් සමහර ඒවා මේ වෙනකොට සුභ මංගලම් වලින් කෙලවර උනු සිද්ධිත් තියෙනවා. ඒවා  පස්සේ කියන්නම්.

මම කිය කියා හිටියේ අපේ ඉස්කෝලේ කාලේ ගැනනේ. මම මේ කියන්න හිටිය කථාව සිද්ධ උනේ 2008 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ තිබ්බේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ. අපි ඉස්කෝලේ පුස්ථකාලෙට පොත් ගන්න පාසැල් පොලක් තිබ්බා. අතහිත උසස් පෙළ අංශයෙන්. ඒ කියන්නේ අපෙන්. අපිටත් හැමදාම හිස් අතෙන් මේ ජීවිතෙන් යන්න බැරි හිංදා ලකුණු ටිකක් දාගන්න හිතාගෙන වැඩේට බැස්සා. අපි හිතුවට වඩා අපි සංවිධානය කරපු පොළ මහා පරිමාණයෙන් සිද්ධ උනා. මට මතකේ හැටියට 125,000 ක විතර මුදලක් එකතු උනා. ලොක්කගෙනුත් අපිට උපරිමෙම්ම උපහාර. ආසානෙ අක්කේ කිව්වලු. අපිට ඉතින් දකින දකින තැන ලකුණු. ඔන්න ඉතින් අපි ඒ සල්ලිත් අරගෙන පොත් ගෙන්න පැලෑනක් ගැහුවා. ලොක්කත් එනවා කිව්වා එයාගේ වාහනෙත් අරගෙන අපිත් එක්ක පොත් ගේන්න.

ඕකට තමා කියන්නේ දෙන දෙයියො පන්න පන්න දෙනවා කියලා. අපේ ප්‍රවාහන ගාස්තුත් ඉතුරුයි. ඔන්න දවසක් අපිට ඉස්කෝලේ ලොක්කා. නැත්නම් පිනා එහෙමත් නැතනම් පින්සිබැල් තුමා එන්න කිව්වා පුස්ථකාලෙට. අපි ගියා බලන්න මොකද මේ එන්න කිව්වේ කියලා. වෙනදට නම් එන්න කියන්නේ ලොක්කගේ කාමරේට මට මතකයි දවසක් අපි දවසක් ඉස්කෝලෙන් පැන්නා. කථා කරගත්තේ 2 .00 වෙනකොට ආපහු ඉස්කෝලෙට එන්න. (මතකද ඉස්සර ඉස්කෝලේ ඉවර උනේ හවස 2.00ට.) 

ලොක්කා - ඔක්කොම ඇවිද්ද ඉන්නේ ? කවුරුහරි පන්ති වල ඉන්නවා නම් ඉක්මනට එන්න කියන්න. මට මේ වෙනුවෙන් ගොඩක් වෙලා ගන්න බැහැ

අපි - ඔක්කොම ආව සාර්

ලොක්කා - හරි මෙන්න මේකයි අපි එන්න කිව්වේ (ලොක්කගේ ජතික කථනය පටන් ගත්තා.)
මේ දරුවො බොහොම මහන්සි වෙලා ගමේ අයලෙනුත් උදව් අරගෙන කරපු ඉස්කෝලෙ පොලෙන් රුපියල් 125,000 ආසන්න මුදලක් එකතු වෙලා තියෙනවා.දැන් අපි මමත් මේ ගුරු මන්ඩලයත් එක්ක කථා කරගත්තු විදියට අපි ඔය ලමයින්ගෙත් සහය අරගෙන මේ ඉස්කෝලෙට වටිනා කියන පොත් පත් ටිකක් ගෙන්න.

(අපිත් හිනා උනා විතරයි මොකුත් තියන්න ගියෙ නැහැ. ඇත්තට හිත යටින් අපි හැමෝම ඇත්තටම සතුටක් තිබුනා.)

ටික් වෙලාවක් සද්දයක් නැතුව හිටපු ලොක්කා එයාගේ කථාවේ ඉතුරු කොටස  කියන්න පටන් ගත්තා.

ලොක්කා - හරි දැන් මෙන්න මෙහෙවයි වෙන්නේ. අපි හෙට හවසට ඔයාලගෙන් ගේන්න ඕනි පොත් ලැයිතුවක් ගන්නවා. ඉස්සල කරපු වැඩ වගේම මේකත් බොහොම ඕනැ කමින් කරයි කියලා හිතනවා.

ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වලු. ලොක්ක අපිට මුළු පුස්ථකාලෙම පොත් ටික බලලා අඩු පොත් මොනවද නැත්නම් ගේන්න ඕනි පොත් මොනවද කියලා ලැයිතුවක් හදන්න දුන්නා. අපි පොත් පෙරල පෙරල බලන අතරේ තවත් කොනක තව කොටසක් පොත් පෙරලනවා.

අර පෝලෝ ඇඩ් එකේ වගේ ගම් පෙරළිය නෙවෙයි පෙම් පෙරළිය. 

මට මතක හැටියට අපිට ඕනි කියන පොත් ඇරෙන්න ගත්ත පොත් අතර අදටත් මතක පොත් කිහිපයක් තියෙනවා

ශාර්ලොක් හෝම්ස්
ඇන කැරනිනා
තිලක සහ තිලකා
ඳඟ මල්ල මහ අමුතු ඉස්කෝලේ
ගුරු ගීතය
සරසවියක දවසක්
ඈන්
මා දුටු මාර්ක්ස්වාදියා (මේ පොත මං අතින් නැති උනා, තාමත් මතක් වෙනකොට හිතට ගොඩක් දුකයි )
පිටසක්වල ජීවීන් (U.F.O)

පොත් ගොඩක් ගත්තා උනාට මතක ඔය ටික විතරයිනේ. දුක තමා සොරි ඈහ් මතක් උනොත් අනිවාර්යෙන්ම දාන්නම්. ඔන්න ඉතින් කියපු විදියට අපිට ඕනි පොත් එක්ක පහළ පන්ති වල ඉන්න ලමයින්ට ඕනි කියන පොත් ලැයිතුවත් එක්ක අපේ 12 වසරේ 5 දෙනෙකුයි උදෙන්ම කොළඹ එන්න පිටත් උනා.අපි කොළඹට එනකොට උදේ 8.15 විතර උනා. අපි පොත් අරගෙන එළියට එනකොට දවල් 2 විතර උනා. කොහොම හරි කොටසකගේ ඉල්ලීමක් උඩ අපේ සෙට් එකට කොළඹ වටේ රවුමක් එක්ක යන්න අපේ ලොක්ක කැමැත්ත දුන්නා. අපේ සෙට් එකේ කොළඹ දැකපු නැති අයත් ඉන්නවා කිව්වොත් පිළිගන්න එකක් නැති වෙයි ඔයාලා. ඒත් එක තමා ඇත්ත. කොළඹ වටේ කරක් ගහපු අපේ සෙට් එකව එක්කගෙන ආවා Twin Tower (ටුවින් ටවර් ) එක ගාවට.. අර නිවුන්නු බිල්ඩින් දෙක. ලංකා බැංකු ගොඩනැගිල්ලට එහා පැත්තෙන් පේන්නෙ..... අන්න ඒතනට...






ඔන්න ඉතින් අපේ කස්ටිය බැස්සා. නොදන්න සෙට් එකට මැජීක් ඈහ්. නොදන්න එකෙක් නම් අහල දැන ගනිල්ලා අපේ ඔක්කෝම දැන් සියල්ල දත්තෝ වගේ ඒක දිහා බලාගෙන ඉන්නවා. එහෙම ටික වෙලා ඉන්නකොට අපේ රැලේ එකෙක් අනිත් එකාගේ පැත්තට හැරිලා කියාපි

" ඒ බං බලපංකෝ මේ පන්සලේ උස බං . මාර උසක්නේ තියෙන්නේ " කියලා

අනිත් ගොරකයා ඒ එක්ම කිව්වෙ නැතෑ

" එතකොට බං හාමුදුරුවෝ උඩට වඩින්නේ ලිෆ්ට් එකේද බං " කියලා

අයියෝ සල්ලි මුන් නං මහ මැටි පූසෝ දෙන්නෙක්ම තමා. කට ඇරියොත් ඉවරයි. බොහොම අමාරුවෙන් ලැජ්ජාව වහගෙන උන් දෙන්නවත් පටවගෙන ආපහු ඉස්කෝලෙට ආවේ. එතකොට වේලාව හවස 5.40 විතර වෙලා තිබ්බා. මම මේක මගේ සගයෝ දෙන්නගේ නම ලිව්වේ නැත්තේ උන් දෙන්නා මේක දැක්කොත් පහවදාට මට අනිච්චාවත සංඛාරා තමා. ඒ උනාට අපේ සෙට් එකේ සෑහෙන කාලයක් උන් දෙන්ව අම්බානෙකට බයිට් උනා. උන් දෙන්නා කොහොමත් යන්නේ එන්නේ එකටමයි මරු ගජයෝ දෙන්නේක්. උන් දෙන්නා එනවා දකිනකොට අපේ එවුන් කියනවා " මචෝ අන්න ටුවින් ටවර් එනවා " කියලා. කෙරන්න දෙයක් නැහැ ඕකට තමා කියන්නේ ඉල්ලන් කනවා කියලා

 යකෝ මොකෙක් උනත් තමන් නොදන්න දෙයක් තියෙනවා නම් අහල දැන් ගත්තා කියලා ලැජ්ජාවක් වෙන්නේ නැහැනේ.   

Wednesday, September 5, 2012

මමයි අපේ තාත්තයි .....
අතීතය හාරා අවුස්සා ඔබට ගෙනෙයි


ඊයේ මට ලැබුනා කාලෙකින් නොලැබුනු චාන්ස් එකක්. ඒ තමා අපේ තාත්තගේ පරණ බඩු දාපු කබඩ් එක අස් කරන්න. කියලවත් කරන්න බැරි වාසනාවක් ඇහ්. අපේ තාත්ත ඉස්සර කොයි වගේ පොරක්ද ? මොනවද කලේ ? මොනවද ඉගෙන ගත්තේ ? ඉස්සර හිටන් තිබ්බ ආසාවක් ගොඩ ගියා. මේක මෙච්චර කල් මට අල්ලන්න වත් දුන්නේ නැහැ අපේ අම්මා. අම්මා මේ දේවල් වලට ගොඩක් ආදරය කලා. මම ඒක අදින්න ගිය වාර අනන්තයි ඒත් ඒ හැම වෙලාවෙම අම්ම මට කිව්වේ

" ඕක අදින්න එපා ඕවා තාත්තගේ දේවල් "

" තාත්තා දැන ගත්තොත් බනී...."

ඉතින් තාත්තට පොඩි කාලේ හිටන් තිබ්බ බයට මම ඒව ඇල්ලුවෙ වත් නැහැ. ඒත් දැන් වයස 24යි . අපේ අම්මලගේ බාසාවෙන් හින් දෑරි කොලුවෙක් . අපේ සීය කියන වචන වලින් කොළු ගැටයෙක්...එහෙමත් නැත්නම් නැහෙට අහන්නැති එකෙක්... මම දන්නවා අපේ අම්මා කථා කරන තාලෙන් ආදරේටද ? බනින්නද ? එහෙමත් නැත්නම් වැඩක් කරගන්නද ? කියලා.ඊයේ උදේ අම්මා මට කථා කලා.  අම්ම ටික තාලබර ඇරල

" චූටි පුතේ........" කිව්වා.

හරි අම්මට සුවර් එකටම මට කියලා වැඩක් කොරගන්න. මමත් ගියා බලන්න. මම කොච්චර ලොකු උනත් අපේ අම්මට මම තාම පොඩි එකා. කොහොමත් ඉතින් මම පවුලේ පොඩි එකා....බඩ පිස්සනේ .... ඒකත් එක අතකින් අන්ත භයානක තානාන්තරයක් මොකද පවුලේ වැඩිහිටි එකාලා ඉන්නවා නම් උන්ගේ අඩන්තේට්ටම් වලටත් පුහුණ දෙන්නේ පවුලේ බඩ පිස්සට නොවැ. ඒකත් වැඩ ටික කරගන්න. කෙල්ලෙක් ඉන්න ගෙදර කොල්ලෙක්ට වෙන්න අන්තිම අසාධාරණ කම් ...අපේ ගෙදර තාත්තා ආදරේ අක්කට... අම්ම මටයි අක්කටයි දෙන්නටම ආදරෙයි. හැබැයි මම කථාවක් අහල තියෙනවා තාත්තා කෙනෙක්ගේ ආදරේ පේන්නේ නැහැ මුහුණෙන් වචනෙන්... ඒ දේ තේරුම් යන්නේ අපිත් තාත්තලා උනු දවසටලු... අපේ අම්මා කියන්නේ එහෙමයි. ඔන්න ඉතින් ගිහින් බලද්දඋ අපේ අම්මා තාත්තගේ කබඩ් එක ඇදගෙන.. මට ආසාවේ බැහැ අවුස්සන්න... දත කට පූට්ටු උනු කතුහලයකුත් එකක් මම අම්ම දිහා බලාගෙන හිටියා... අයියෝ සල්ලි - අලි සෝක් කිව්වලු... අම්ම මං දිහා බලලා කියාපි

"මට මේ තාත්තගේ කබඩ් එක අස් කර දෙන්න මම කඩේට ගිහිල්ලා එන්නං......" කියලා

"හැබැයි විනාස කරන්නේ නැහැ ඕවා අදින්න ගිහිල්ලා..."


ඇත්තටම ඒවායේ දූවිලි ගොඩයි. මම එකින් එක අදින්න පටන් ගත්තා.තාත්තත් නැහැනේ දැන් ඉතින්න මට තාත්තට  කියනන්න තියෙන්නේ "අප්පච්චී කොහොද මං අල්ලන්නේ" කියලා තමා.. හික් හික්.....

ඒකේ තිබ්බේ පොත්, ෆයිල් කවර, පරණ පෑන්, තව මෙනවදෝ කවර වගයක් තව..... ආහ් කියන්න අමතක උනානේ.... පරණ පින්තුර ගොඩාක් දාපු කවරයක් තිබ්බා...

"යකෝ මේක ඇන්ටික් ලෝකයක්නේ ..... " මම හිතින් මටම කියා ගත්තා'

එහෙම හිතන ගමන් මම අපේ තාත්තගේ ඇන්ටික් ගෙඩ අවුස්සන්න පටන් ගත්තා.....ඉස්සෙලාම අහුවුනේ මෙන්න මෙයා...දැන් නම් මේව ගොඩක් දියුණු වෙලා. ඒත් මෙයා නම් තාමා කිරි ටොයිවගේ ...හ්ම්..... පාවිච්චියම තමා

දන්නව ඇතිනේ දැක්කහම මේ මොකක්ද කියලා ?

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


දන්නවද MS-DOS කියලා එකක්, ඒක කොම්පුටයක් භාවිතා කරන්න යොදාගත්ත භාෂා රටාවක් අපේ භාෂාව එයාට නොතේරෙන හිංදයි එයාගේ විදියට ලියපු අපේ භාෂාවක් හැදුවේ.. මේකේ පළවෙනි කොටස මට හොයාගන්න බැරි උනා නමුත් දෙවැනි කොටස මට හම්බ උනා

එම්.එස් ඩොස් නොට් හි 2 කොටස

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔයාලා ලොටස් කියලා මෘදුකාංගයක් ගැන අහලා තියෙනවද ? ගොඩක් අයට කියයි නැහැ කියලා. දන්න අයත් ඇති නැහැ කියන්න බැහැනේ.හරි මම කියලා දෙන්නම් මම දන්න දේ ....කෙනෙක් මීට වඩා දේවල් දන්වා නම් කියලා දෙන්න කැමතී නම් කියලා දෙන්න.ඒක එයාටත් යහපතක් වෙයි කියලා හිතෙනවා...

ලොටස් කියන්නේ මොකක්ද ?

ඔයාල දන්නවා ඇති ලෝකේ පුද්ගල පරිඝණක ඉස්සෙල්ලාම දුන්නේ IBM සමාගම කියලා. අන්න ඒ පරිඝණක එක්ක මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ගන්නත් පරිඝණකය මෙහෙයවී වීමේදී වඩාත් පහසු වෙන්නත්  IBM සමාගම එයාලගේ පුද්ගල පරිඝණක එකට ඔබලා එව්වා මෘදුකාංග කට්ටලයක් එන්න ඒක තමා මේ ලෝටස් කියන්නේ..

ලොටස් උපත ගැන 

ලොටස් කියන මෘදුකාංග කට්ටලය මුල්වරට මෙලෙව එළිය දකින්නේ 1982 අවුරුද්දේ....එහි නිරවුල් සංස්කරනයන් එළිය දකින්නේ 1983 ජනවාරි 26 වෙනිදා. මේක හැමෝම දන්න රහසක් තියෙනවා. ඒ තමා මේ ලොටස් මෘදුකාංග මුලින් මිනිසා අතරට එන්නේ ඇපල් 2 (Apple II)  පුද්ගල පරිඝණක ඇතුලට දාලා. අන්න එතනින් තමා මිනිස්සු ලොටස් ගැන දැන ගන්න පටන් ගන්නේ. කොහොම උනත් ලොටස් ඔයින් මෙයින් ඇපල් පරිඝණකයෙන් ගැලවීපලා පූර්ණ වශයෙන්ම Lotus 1-2-3 නමින් එහි සංස්කරණය කළ මෘදුකාංගය එළියට එනවා 1983 ජනවාරි 26 වෙනිදා.


මේ තියෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයෙන් ඒකාලේ දුන්නු  Lotus 1-2-3 ගැන ලියවුනු පොතක්

ලොටස් 1-2-3 පොතේ මුල් පිටුවක්


ඒ කාලේ ලොටස් ගැන ඉගෙන ගන්න ඕනි නම් කොම්පියුටරය කියෙන්න ඕනි මූලික සුදුසුකම් මෙන්න බලන්නකෝ....


ලොටස් ගැන නොට් එකක්

ලොටස් පොතක පටුන

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒ කාලේ ..... ඒ කියන්නේ 1992 වර්ෂය කාලේ තමා Zip Drivers වල ස්වර්ණමය යුගයලු... බලන්නකෝ ඒ කාලේ ඒවගේ තිබ්බ මිල ගණන්..... ඇත්තටම දැන ගන්න වටින දෙයක්...

අපේ තාත්තලගේ කාලේ පොත් කඩේකින් ගේන්න සැලසුම් කරපු  බඩු ලැයිස්තුවක්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අපේ තාත්තාගේ පොත්ලත්.. ඇත්තම කියන්නම් මම මේ පොත ගැන නම් දන්නේ නැහැ අපේ තාත්තා තමා එදා හවස මම ඇහුවහම කිව්වේ මේකේ සිංහල පොත කියවල තාත්තට ලොකු ආසාවක් ඇවිල්ල ඒ පොත හොයල හොයලා අන්තිමට ඒකේ ඉංගිරීසි පොත අරන් තියාගෙන තියෙන්නේ. තාත්තට සිංහල පොත හොයා ගන්න ලැබිලා නැහැ

දුප්පත් පීටර් හී ඉංගිරීසි පෙරළුම

මේ අපේ තාත්තලගේ කාගේ තිබ්බ ලියන පොත්......195X ගණන් වල

අපේ තාත්තලගේ කාලේ ඉස්කෝලේ ලියන්න ගත්ත නොට් පොතක්

අපේ තාත්තා උ.පෙළ ට කරලා තියෙන්නේ විද්‍යා අංශයෙන් කියලා මම දැනුයි  දන්නේ  !

අපේ තාත්තගේ කතාන්දර අතර මගේ සිත් ගත් පොත් කිහිපයක්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒකාලේ සෙල්ලම් කරපුවා........

පොකර් සෙල්ලම් කරන්න මැනුවල් ඕනිද ? හැබැයි අපේ තාත්තලගේ කාලේ දීල තියෙනවා

අපේ තාත්තා මට බැන්නට එයත් ඉස්සර ගේම් ගහල තියෙනවා. මේවා දැන්නේ අහුවෙන්නේ හත් දෙයියනේ !


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


කැසට් පීස් එකක් කියන්නෙත් ලේසි නැහැ ආහ්....

මැග්නට් ටේප් කැසල් එකක් එක්ක ඉස්සර දුන්නු අත් පත්තිරිකාවක් ඒකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා


බලන්නකෝ ඔයාලටත් දැන ගන්න ගොඩක් දේවල් තියෙයි. ඇත්තටම කිව්වොත් අතීතය කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා හිතෙනවා මේවා දැක්කම 

ඔය දේවල් අතර මෙන්න මේ වගේ දේවල් ටිකකුත් තිබ්බා....

මේ මම ගොඩක් පොඩි කාලේ.... අම්මා කිව්වේ මොන්ටිසොරි කාලේලු

මමයි , අක්කයි , අම්මයි , තාත්තයි , සීයයි
හ්ම්.... ටිකක් දිග පෝස්ට් එකක්... කියවන්න පුළුවන් කෙනාට ගොඩක් දේවල් දැන ගන්නත් පුළුවන්...

ලංකාවේ අපේ පොලිසිය....
සියළු දෙනාගේ දැන ගැනීම පිණිසයි !

ලංකාවේ රථ වාහන ගත්තොත් වැඩි පුරම තියෙන්නේ රෝද තුනේ එවායි රෝද දෙකේ ඒවයිනේ...ඒකෙනුත් රෝද දෙකේ ඒවා වැඩිපුර ඇති කොහොම උනත් අද වෙනකොට ලංකාවේ රේද දෙකේ වාහනයක් උනු මොටර් බයික් ගැන අහන්න ලැබෙන්නේ ඇස් දෙක උඩයන දත කට එකට පූට්ටුවෙන කේස් නේ... මේ දකින කොට මටත් මතක් උනා මට විච්චි අජූත අභුත බයික් කේස් එකක්.. අපේ  තාත්තට ඉස්සර තිබ්බා.. Honda Benly 90 CC මොටර් බයික් එකක්. පරණ හෝ අලුත් පරම්පරාවේ වේවා දන්නෝ දනිත් බයික් එක ගැන තොල් කරනවා සුපිරියටම.. ආයේ තෙල් සුවඳටත් සැහේන්න දුරක් යන්න පුළුවන්...ෆුල් ටෑන්ක් ගැහුව කියන්නේ ලාංකාව වටේම යන්න පුළුවන්.

Honda Benly 90 බයිසිකලයක්
ඔන්න ඉතින් අපේ තාත්තත් ඔහොම ඉඳල පොඩි අඩව්වක් ඇල්ලුවා.. පොඩි කිව්වට පොඩිත් නැහැ...දනහිසට පහලින් කොටස් 3කට කකුළ කැඩුනා... ඔපරේෂන් කොරලා අමාරුවෙන් ආයෙ ජොයිට් කරා.. ඊට පස්සේ අපේ තාත්තට එපා උනා එයා TVS Star Sport ES 100CC බයික් එකක් ඇන්න ආවා...සෙල්ෆ් ස්ටාට්ලු අර දකුණු පැත්තෙන් බොත්තමක් ඔබනකොට සුරුස් ගාල බයික් එක ඉස්ටාට් වෙන්න  අන්න එහෙම තියෙන එකක්... හ්ම්...නරකමත් නැහැ... කොහාම උනත් පරම්පරාවෙන් පරම්පරාවට කියන අර මොකක් දෝ වෙළඳ දැන්වීම වගේ මට අපේ තාත්තගේ පරණ බයික් එක ලැබුනා.. එක් මට ඒක තිබ්බ තත්වෙන් ගොඩ ගන්න ප්‍රතිපාදන හම්බුනේ නැහැ. කොහොම උනත් බයික් එක අහක දාන්න අදහසක් තිබ්බෙත් නැහැ. මොකද ගොඩක් අය කිව්වා

"මල්ලියේ ඕක නියම බයික් එක හදල ගනින්" කියලා....

ඇත්තටම පිට එකාල මේකට පොරකන්නේ ඇයි කියලා ඒකාලේ අදහසක් තිබ්බේ නැහැනේ මට. මම ඒ කාලේ වැඩ කලේ අපේ තරංග අයියගේ කොම්පුටර් ෂොප් එකේ.. UserMax Technology අන්න ප්ලේස් ආහ්.. නිදහසේ වැඩ කරගෙන හිටියා. ගොඩක් කොම්පුටර් ගැන ඉගෙන ගත්තා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. හිස් මොලේට වටිනා කියන දත්ත පිරෙන්න පටන් ගත්තා. අලුත් දේවල් ගැන හොයන්න පටන් ගත්තා. තරංග අයියා ඒ අතින් දෙයියෙක් ආහ්. නොදන්න හැම දේම වගේ කියලා දුන්නා.

එතකොට මේ තියෙන්නේ TVS Star Sport ES 100CC  වර්ගයේ බයික් එකක් බොලව්

මේක තමා දැන් භාවිතා කරන්නේ ?
මොන දේ උනත් මට නම් පරණ බයික් වලින් කිසිම වදයක් නැහැ. මම එයාව අරගෙන ගියා ගැරිජ් අයිය කෙනෙක් ගාවට. ගිහින් පෙන්නුවා. අනේ පං රෙපෙයාර් ගොඩායි. ඉතින් මම ගැරිජ් අයියට කිව්වා

" අයියේ මට මේ බයික් එක හදල ඕනි තිබ්බ විදියට " 

ඒ පාර ගැරිජ් අයියා කිව්වා

"මල්ලි ටිකක් වියදම් යයි. අඩුමා ගනේ 35,000 වත් කියලා " 

මොනව කරන්නද ඉතින් වැඩේ කෙරෙන්නත් එපැයි. විකුණන්න බැරි  නම් කරන්න තියෙන එකම දේ හදන එක තමා. කොහොම හරි බයික් එකේ ඇන්ජින් එක හදා ගත්තා ඒත් මගේ කරුමෙකට වහින්න පටන් ගත්තා. ඔයින් මෙයින් අන්තිමට බයික් එකේ පේන්ට් එක ආපහු ගහලා බයික් එක පරණ පෙනුමම ගන්න මට මාස 8ක් තිස්සේ ගැරිජ් එකට බඩ ගාන්න උනා . ඒ මාස 8 ට බයික් එක 3 න් පාරක් පෙන්ට් කපලා ආපහු පෙන්ට් කරන්න උනා. මාස 8 කට පස්සේ බයික් එක ගැරිජ් එකෙන් මහා පාරට අරගත්තා. දැන් ඉතින් පදින්න තමා තියෙන්නේ.

යකෝ මේ මොන කරුමයක්ද යන යන තැන දකින එකාල අහන්න පටන් ගත්තා

" මල්ලි බයික් එක විකුණන්නේ නැද්ද "  

"  
කීයට ද බයික් එක ගත්තේ " 


ඇත්තටම කිව්වොත් අපේ තාත්තට පරණ බයික් එක ගන්න ගියේ 35,000 යි ඒත් මට බයික් එක හදන්නම 35,000 ක් වියදන් උනා. ඒත් මොනා කරන්නද විසික් කරන්න අදහසකුත් නැහැ විකුණන්න අදහසකුත් නැහැ ඒක හැදුවේ. ඔය විදියට බයික් එක අවුරුද්දක් විතර බොහොම  පරිස්සමෙන් මම තාත්තගේ පරණ බයික් එක පාවිච්චි කොලා. ඔන්න ඉතින් දවසක් මම මගේ සහෝදරයට බෙහෙත් ගේන්න ගිරිඋල්ලට එහා තියෙනවා යක්විල කියලා ගමක තියෙන වෙද පොට් එකකට බඩගෑවා. ගියේ බෙහෙක් ගන්නනේ. ඉතින් බෙහෙතුන් අරගෙන අපි දෙදෙනා සුරුස් ගාල ගෙදර එන්න අවා. පාරත් එක නිල්ලට කෙලින්,වාහනත් නැහැ. අපි දෙනක් තණ නිල්ල දිගේ ඇදිලා යනවා.....වෙගේ වේගෙන් ආවා. ඔන්න ගිරිඋල්ල නගරයට සැපත් වෙනවාත් එක්ක අපි අධිවේගි රිය අමාරුවෙන් පාලනය කරගෙන ගියා. ගිහින් ගිරිඋල්ල බස් නැවතුම් පොළ ඉස්සර තියෙන කහ ඉරට ඉස්සරහින් පොඩ්ඩත් වේගය අඩු කලා.

ඔන්න අපේ වාහනේ කුටු කුටු ගාගෙන ඉස්සරහට ඇදේනවා වාහන පෙල අස්සෙන්. ඒ අස්සේ එක පාරටම ඩෝං...... ගාල කොහෙදේ ඉඳලා ආපු අපතයෙක් අපිව පිටි පස්සේන් හැප්පුවා. මාවයි අයියවයි වාහන වලට යට නොවී පාර අයියේ පතබෑවුනා. මගේ හිසට ඉහළින් අයියා විසිවෙනවා හීනේන් මෙන් මතකය. ඉන්පසු සිද්ධ උනේ දේවල් අමතකය. මොහොතකින් ඇස් අරින විට මිනිස්සු ගොඩක් වට වෙලා ඉන්නවා දැක්කා. මම නැගිට්ටා. ඒ එක්කම අයියත් නැගිට්ටා. අයියගේ කකුලට තුවාලය මට ඒ කිසිම අමාරුවක් දැනුනේ නෑනේ. මම නැගිටල ඇවිදින්න අඩිය තිබ්බා විතරයි. අනේ අම්මියෝ...දණහිස ලෙල්ලටම හීරිලා. කොහොම හිරි අපි දෙන්න බැරි බැරි ගාතේ නැගිටල ගිහින් බයික් එක කෙලින් කොලා...මේ පොස්ට් එක ලියන වෙලාවෙත් බයික් එක ආයේ පාරක් පෙරලගෙන කකුළත් තුවාල කරගෙන කකුළ උඩතියාගෙන ඉන්නේ. කකුළ ටිකක් කඩියා කනවා වගේ. අපරාදේ තුවාලේ ගැන නෙවෙයි දුක . ගවේශකයයි පොඩි මහත්තයයි එකක් යන්න යොදාගෙන තිබ්බ නකල්ස් හයික් එක නැවතුන එක ගැන. ගවේශකයටත් හිතේ ආමාරුව ඇතිවැඩේට ඔක්කොම ලෑස්ති එකා මුළු දවසම අපි දෙන්න මහන්සි වෙලා.

ඔන්න බැක් ටු දි ස්ටෝරි ...... අපි දෙන්න නැගිටින කොට අපි ගාවට ඒ වෙලාවේ එතන සේවයේ වියුතු රථා වාහන හසුරුවන නිලධාරී දෙන්නා ආවා. ඇවිල්ලා කිව්වා

" මල්ලී මොකද උනේ ...? අමාරුයිද....?" 

" බයවෙන්න එපා අපි වාහනේ දැක්කා.. ඔයාලා ගිහින් තුවාල වලට බෙහෙත් දාගෙන එන්න..." 

" අපි පොලිස්සියට ඇන්ටිරියක් දාමු.. උන්ට පැනල යන්න බැහැ අපිත් එක්ක කියලා..." 

 මගේ මතකෙ හැටියට අපි දෙන්නට කෙටපු හැලපයා පලා ගිහින්. වටේ අයගේ කයියට අනූව ඒක ගිරිඋල්ල පාක් එකේ වාහනයක්. වාහනේ කිව්වට ඒක ටුක් ටුක් එකක්. ඒ පාර අපි දෙන්නත් නැගිටල ගිහින් බෙහෙත් දාගෙන වාහනෙත් අරගෙන ගියා ගිරිඋල්ල පොලීසියට මේ අවනඩුව කියන්න. යනකොට රථවාහන අංශයේ ලොකු මහත්තයා ඉන්නවා පුටුවක් උඩට වෙලා. අපි දෙන්න දැක්ක ගමන් හිනා වෙලා එහෙම ඇහුවා

" ආහ් මොකෝ මේ තුවාල වෙලා අක්සිඩන්ට් එකක් වගේ" 

යකෝ මේකගේ මෙලේ හෙල්ලිලාද මෙහෙම අහන්නේ. නැත්නම් අපි ඕනකමින් ගිහින් වාහනේ අයිනව යෑ. පිස්සෙක්ද කොහෙද ? අපි ඉතින් ලැබුන පුටුවෙන් වාඩිවෙලා අපේ වින්නැහිය කිව්වා. ඒ පාර මේ මනුස්සයා අපි දිහා බලල අහනවා

" ඔයාලට ගොඩක් තුවාලද  ? ඇන්ටිරියක් දාන්න තරම් ? එහෙම නැත්නම් දාන්නම ඕනිත් නැහැ.. " 

" අනිත් එක දැන් වාහනේ ගිහිල්ලත් ඇති.."

" ඔයාලා වාහනේ දැක්කේ නැද්ද...."

යකෝ මූ මොකෙක්ද ? අපි කොහොම වාහනේ බලා ගන්නේ. අපිවනේ වාහනෙන් හැප්පුවේ. මම කිව්වා

" බලා ගන්න බැරි උනා සාර්...." 

ඒ පාර මනුස්සය එතට හිටිය පොලිස් බට්ටෙකුට කථා කරා... කියපු ගමන් කොස්තාපල් කෙනෙක් ආවා. " " ඔව් සාර්...."  කියාගෙන

" බලනවා කව්ද පාලම ගාව  ඩිවුටි හිටිය දෙන්න .. බලලා එන්න කියනවා දෙන්නට"  .... කියලා

අපිත් හිතුවා වැඩේට සහනයක් ලැබෙයි කියලා.  ඒ පාර ඒ දෙන්න ආවා, අපිට කලින් කිව්වානේ වාහනේ දැක්කා කියාලා. අපි හිතුවා දැන් වැඩේ හරි කියලා. ඊට පස්සේ ලොක්ක ඇහුවා...

" ඔයාල දෙන්න දැක්කද  මේ දෙන්නව හප්පල ගිය වාහනේ ... "

ඊට පස්සේ රජ කාරියේ හිටපු නිළධාරීන් දෙන්න

" අපි දැක්කේ නැහැ සාර්...අපි දැක්කේ මේ දෙන්න පාරේ වැටිලා ඉන්නවා විතරයි "

" එතන හිටපු අය තමා කිව්වේ මේ දෙන්නව හැප්පුවේ වීල් එකකින් කියලා "

දැන් ඉතින් කෙලපංකෝ හැලප. අපි දෙන්න දැනගත්තා මේකෙන් අපිට වෙන්නේ ගෙදර යන්න පරක්කුවෙන එක විතරයි කියලා. ඊට පස්සේ අපි දෙන්න ඇන්ට්රිය දාල කට උත්තරත් දීල අපහු ගෙදර එනකො හවස 7ත් වෙලා. ඇත්තටම කිව්වේ අපි දෙන්නව ටුක් ටුක් එකෙන් හැප්පුවේ 4.30 විතර. ඇත්තටම  ගිරිඋල්ල පොලීසිය හෙලා දකින්න ඕනි මේ වගේ ශත පනහේ වැඩ කරන. මනුස්යෙක් නීතියේ පිහිට පතන්නේ ඒ මනුස්සයා අසරණ උනහම. ඒකට තමා නීතියක් කියලා. ඇත්තම කියනවා නම් ගිරිඋල්ලේ පොලීසියේ නීතිය අන්ධයි.  මෙලෝ සංසාරෙකට වැඩක් නැහැ.


Saturday, August 25, 2012

මගේ අර්ධ ශතකය | Half Century

මේ මම බ්ලොග් ලියපු ජීවිතේ 51 වන බ්ලොග් ලියවිල්ලයි....දර්ශන මලයයි කණි සහොයි දෙන්නගේ උදව්වෙන් මම 2009 දෙසැම්බර් මාසේ බ්ලොග්කරනයට ආවා.... අදටත් මගේ බ්ලොග්කරන ජීවිතේ වීරයෝ දෙන්න තමා දර්ශන මලයයි කණි සහොයි  කියන මගේ මිත්තරයෝ දෙන්නා. මාස 30ක් තිස්සේ මගේ ජීවිතේ මට හම්බ උනු ඔයාලට වැදගත් වෙයි කියන හැමදේම ඔයාලත් එක්ක හිතට අවංකව බෙදා ගත්තා....මේ බ්ලොග්කරනයෙන් ගොඩක් යාළුවෝ හම්බ උනා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බෙදා ගත්තා බොහෝ සතුටුයි ඒ ගැන...අනිත් අයගේ පොස්ට් එකක බලද්දි මම ගොඩක් පාත ඇති..නමුත් මම ඔයාල එක්ක බෙදා ගත්තේ මනසට අසවිද්නයක් කලාවත් එක්ක දැනුමත් ලැබෙන දේවල් තමා.. මගේ මේ බ්ලොග් ලියවිලි වලින් මේ ලෝකෙ කව්රු හරි කෙනෙක් දෙයක් ඉගෙන ගත්ත නම් දෙයක් දැන ගත්ත නම් රසයක් විනෝදයක් ලැබුවා නම්....මට ඕනි අන්න ඒ දේ විතරයි.  දර්ශන මලයයි කණි සහොයි   කියලා දුන්නු අන්න ඒ බ්ලොග්කරනය මට වැරදි දේකට පාවිච්චි නොකර මනුස්සයගෙම යහපතට ගන්න ලැබුනු එක මට  ලොකු දෙයක්.... කොහෙන්වත් කොපි නොකර අවංක ලිපි 50 දැම්මා.... වැරදි ඇති ගොඩක් ඒවා පෙන්නුවා ඒ වගේම කමෙන්ට් නොකලත් කලත් ගොඩක් අය මගේ ලියවිලි බලන්න ඇති ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.. මගේ ගමන අනිත් අයත් එක්ක බලද්දි ඉබි ගමනක් වෙන්න ඇති නමුත් දර්ශන මලයයි කණි සහොයි මට දුන්නු ශාස්තරේ මමත් මේ වගේම ගොඩක් අයට කියලා දුන්නා...ඒ වගේම එයාලත් ඒ දේ ගොඩක් දුරට මට වඩා උසස් විදියට බ්ලොග්කරනය කරගෙන යනවා... ඇත්තටම දකිනකොට ඇස් බර වෙනවා... කොහොම උනත් ඉස්සරහටත් මම මට හම්බෙන මගේ ලෝකේ අරුම පුදුම යහපත් දේවල් විනේද ජනක දේවල් ඔයාල එක්ක බෙදාගෙන ජිවත් දෙන්නයි මගේ බලාපොරොත්තුවා

මේ තියෙන්නේ මගේ පළවෙනි බ්ලොග් ලියවිල්ල


Friday, August 24, 2012

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් :P


 මේක අපේ ගමේ උනු පට්ට සිද්ධියකි...කනාවට මෙන් මාස 6ක් පමණ පරණය. අපේ ගම ගැනත් කියනවා නම් අපේ ගමේ නම ලින්දර.....මීරිගම - වේවැල්දෙණිය පාරේ තියෙන ගම් අතුරින් වැඩිම පවුල් කොටසක් ඉන්නේ අපේ ගමේලු...  ගමේ වැඩි පිරිසකගේ ජීවන උපාය ගොවිතැන. අපි වගේ වැදගම්මකට නැති අන්ඩපාලයෝ විතරයි ඔය කියන ගොවිතැන් රක්සවා කරන්නේ නැත්තේ. අපේ ගමේ හිටියා වඩු වැඩ රස්සාව කරගත් මනුස්සයෙක් එයාගෙ නම සිමියොන් කියලා තමා හැමෝම කියන්නේ .මනුස්සයගේ ගමන ඉතින් දුප්පතාගේ හිතවතා උනු බයිසිකලේ...ඔයාලා අහලා තියෙනවාද රැලේ කියලා බයිසිකලයක් බොහොම පරණ ජාතියේ එකක් අර අපි ඉස්සර 11 වසරෙදි බයිසිකලේ කියලා සිංහල පොතේ තියෙන කථාවක් මතකද ?

ඔන්න බලන්නකෝ ඒකාලේ රැලේ බයිසිකල් වලට තිබ්බ මාර්කැට් ඇහ්...


රැලේ බයිසිකල් ගැන දැන ගන්න  

කොහොම උනත් අපි සිමියොන් කියන නම අගට මාමා දමා සිමියොන් මාමා කියා අමතයි..ගතිගුණ අතින් සිමියොන් මාමා ඉහලයි...පොඩි වැරැද්දකට තියෙන් ඉතින් බීමත්කම තමා...මනුස්සයා පට්ට කලාකාරයෙක්....කොයි වෙලාවෙත් සිංදුවක් කියාගෙනම තමා වැඩ....බොහෝම ගුණ යහපත්....මනුස්සයා බීපු වෙලාවට පොඩි එකෙක් වගේ කියලයි ගමේ අය කියන්නේ...කාටවත් කරදරයක් නැහැල්ලු...ගේ දොර ඉඩ කඩන් ගොඩන් නොතිබුනාට අනිත් හැම අතින්ම පොහොසත්ය මනුස්සයෙකි....ඔන්න දවසක් සිමියොන් මාමා වැඩ කරලා හවස එන ගමන් පොඩ්ඩක් දාගෙන එහෙම හයියෙන් සින්දුවක් කියාගෙන එනවළු....ඔයාල දැකලා ඇති සමහර මිනිස්සු බීපුවහම හයියෙන් සිංදු කියන්නේ....අර අපේ අම්මලා කියන්ගේ ගිරිය කඩාගෙන කෑගහනවා කියලා...අන්න ඒ විදිහ මතක් කරගන්නකෝ...ඉතින් මේ මනුස්සයා ඔය විදියට හයියෙන් සිංදුවකුත් කියාගෙන හිමීට බයිසකයත් පැදගෙන එනවලු....මේ සිද්ධිය උනු කාලේ අපේ ගමේ කොල්ලො සෙට් එකක් ඉන්නවා බොහොම රථ ගාය තියෙන ඇත්තට කිව්වොත් මහ රෑ 12ට 1ටත් මුන් අපේ ගම මැදින් ගමන යනවා මහා සද්දෙන් ....කන්දොස්කිරිය්වේ බැහැ....අන්න ඒ කොල්ලෙක්ගෙ ගාව තියෙනවා ඇස් ගෙඩි දෙක පොල් සයිස් උනු කොල්ලෝ නම් කියන්නේ XXL (එහෙම නැත්නම් ඩබල් එක්ස් එල්) කියලා මේ මොටෝ සයිකලේ තමා ඒ දවස්වල අපේ නින්ද නැති කරන කරදරකාරයා.....බයිසිකලේ එන්නේ කොහෙන්වත් සද්දේ ඇහෙන්නේ කොහෙන්වත්.....හප්පේ සද්දේ...මහා කරුමයක්...ගමේ මිනිස්සු වෙලාවට බයිනවා මුන්ට....එයාලා කියන විදියට ගමේ උදේට කුකුළාගේ සුමිහිරි නාදය වෙනුවට මේ මිනිස්සුන්ට ඇහෙන්නේ මේකා මොටෝ බයිසිකලේ රේස් කරන සද්දේලු..පව් අප්පා අසල්වාසියෝ. අපේ වෙලාවට අපි ගමේ පහල කොලසේ...මේක ඉන්න ඉහල කොටසේ. ඔය ගොතයා ගැන ලියන්න ගියොත් ලේ කෝප වෙන හිංද ඒකව පැත්තකට දැමු. ඔන්න අපේ කථා නයකයා ඒ කියන්නේ අපේ සිමියොන් මාමා දවසක් පාරේ හයියෙන් සිංදුවක් කියාගෙන එනවළු.....

ආයෙත් මොනවත් ලියන්නේ නෑ උඹ වෙනුවෙන්....

ගමකට හිතන්නේ නෑ ...


උඹට ලියු හොර ලියුන් අපරාදේ.....

කසාය නොව අද බොන්නේ සරුවත්.....
මේ සිංදුව අර ස.නි.ධ.පා එකේ සංගීත් කියන පුරසිද්ද සිංදුවක් හරය. සිංදුවක් කිව්වට මේකේ පද කෑලි අඩුයි ඇහ්...මොකද මාමා මේක කියන්නේ සිහියෙන්නේ... : P ඔන්න ඉතින් අර කොල්ලා හෙනයක් ගහන් නැහැ...වේගෙන් ඇවිදින් මාමාවත් පහුකරගෙන ගියාලු....හැබැයි වාහනේ මාමාව පහුවෙනවකත් එක්කම කව්දෝ හයියෙන් බුදු අම්මෝ....  කියනවා ඇහිලත් තියෙනවා.මාර සීන් එක සිමියොන් මාමා පාරේ නෑ....වටේ හිටිය කස්ටිය හිතලා තියෙන්නේ අර බයිසිකල් කොල්ලා අපේ සිමියොන් මාමාව හැප්පුම තමා කියලා.... කස්ටිය දුවගෙන ඇවිදින් හෙයලා බලනකොට අපේ සිමියොන් මාමා බයිසිකලෙත් තල්ලු කරගෙන ගෙඩ වෙනවලු ලොකු ඉලුක් ගාලක් දෙබෑකරගෙන ...වෙලා තියෙන්නේ මාමා අර මොටෝ බයිසිකලේ සද්දේ බයට බයිසිකලේ පාරේ අයිනට කපලා...ඒ එක්කට මාමායි බයිසිකලෙයි දෙන්නම පාලනයෙන් මිදිලා.....යකා ගැහුවා වාගේ ඉලුක් ගාලකුත් දෙබෑකරගෙන ගිහින්....හැබැයි පොඩ්ඩක් පොඩ්ඩක් තුවාලයිලු....හැබැයි මාමාට ගානක් නැහැල්ලු....පාරට ඇවිදින් වට පිටි බලපු මාමා ආයේ බයිසිකලේ නැගලා ආයේ සිංදුවත් කියාගෙන ගියාලු මෙන්න මෙහෙම

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්....

කොහොම උනත් අදටත් සිමියොන් මාමා තාමත් ඒ වගේමලු සිංදුවෙන්මලු ගමන.. කොල්ලො අදටත් ඉතින් බයිසිකල් පෙරලගෙන තුවාල කරගෙන ආපුවහම ගමේ මිනිස්සු විහිළුවට වගේ කියනවා ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් කියලා  බයිටි කරනවා..

Thursday, August 9, 2012

තවත් එකෙක් මෙන්න බලා ගනිල්ලා !

පට්ට ආදරේ කට්ට කරවල උනු කාලොකට අහන්න කියාපු සිංදුවක්. ටිකක් නව තාලෙකට ලියලා කිව්වට...අදහස නම් හරි අපූරුවට තියෙනවා..ගොඩක් වෙලාවට ආදරේ දිනනවා අඩුයිනේ..මොකද හිංදි චිත්තර පටි වල වගේ දුෂ්ඨයෝ වැඩීනේ...එන්න ඒවගේ වෙලාට ලුණු කෑවත් ඇති  විස වෙන්න...කොහොමත් අදරේ භයානකයි..


සැ.යු. -  කොල්ලන්ගේ පහන් සුව පිණිස මේ ගීය උපහාරයක්ම වේවා !


තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//

අපි අල්ලාගෙන සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන සිටිනවා දුටුවම

කඳුළු නොවැටුනට දුකක් හිතෙයි අපිට
ඒ විතරක්මද හිනත් යනව තවම
සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ......

තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//

වෙන කොල්ලන් ගැන අපිට කිව්ව ලෙසම
අප ගැන අද උඹට අන්දා කියලා ඇත
ඔරවාගෙන අපිට අද උඹ හිටියාට
අපිටත් අද වගේම ඔරවයි හෙට උඹට

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ......

තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//

Sunday, July 29, 2012

අවුරුදු 6 පසු නැවතත් සංගීත ප්‍රසංග අත්දැකීමක් !


දවස - 2012 ජූලි 28

ස්ථානය - දිවුලපිටිය ප්‍ර.සේ. ක්‍රීඩාංගනයි
විශේෂය - හිරු මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංග

වේලාව රැ 8.30 පමණ වන වෙනකොට අපේ සහෝදරයා ගෙදර ආවා වාහනෙන්. යමන් Musical Show එකක් තියෙනවා බලන්න කියලා. කරන්න දෙයක් තිබුනෙත් නැහැ. මමත් ගෙදරින් පනින්න විදියක් නැතුව හිටියේ. පට්ට ආවස්ථාවකි....එකෙන්ම හායි කියාගෙන මමත් වාහනේට ගොඩ උනා....මම මේ Show එකක බලන්න යන්නේ සාමාන්‍ය පෙළ කාලෙන් පස්සේ ඒකියන්නේ 2004 අවුරුද්දෙන් පස්සේ (8 අවුරුද්දකට පස්සේ )......අම්මෝ කාලය ගියා හිතාගන්නවත් බැහැ..මමයි අපේ රියදුරු වගේම අපේ සහෝගෙ වාහනේ ආරක්ෂකයා , අයිතිකාරයා සහෝ වගේ බොක්කක් නම නුවන්...අපේ සැට්එකේදි මිනිහට කියන්නේ අලස් එහෙම නැත්නම් ඩගී කියලා සහ මගේ සහෝ සුපිරි අවංකයෙක් මරාගෙන මැරෙන්න හරි කථා කලොත් එන පොරක්...අපේ පිරිසේ පසු පෙළ නියෝජනය ගේ සහෝදරයි (පුදුමෙ කියන්නේ අපේ තාත්තාත් ආවා නොවැ...) හප්පේ මම හිතුවෙම ආතල් කුඩු තමා...මොකද මම ඉස්සර හිටන්ම අපේ තාත්තට බයයි(හික්ස්....කොයි වෙලාවෙක් කෑගහ ගත්තු ගමන්..ඒකයි ).....ඔන්න ඉතින් චන්ඩි ගොඩකට මැදිඋනු අහිංසකයා වගේ මමත් ගියා Show එක බලන්න. බොහොම අමාරුවෙන් වාහනේ දිවුලපිටියේ වාහාන Park එක අස්සට වාහනේ ඔබා ගත්තා...ශා....නියම දර්ශනේ...දැක්ක ගමන් මට මතක් උනේම යුද්ධ පිටියක්...අපේ කොල්ලෝ...නිදහසේ සෙනසුරාද නිදහස සමරනවා....අපාරාදෙ කියන්න බැහැ 1000ක් ආවත් නෙලයි නිකං මල් නෙලනවා වගේ...හයිය හත්තිය උපරිමයි....අහිංසකලා ඔක්කොම අංගුලිමාලල වෙලාද මංද....ඔන්න එකෙක් කෙලගෙන ඇවිල්ල හෙනයක් ගැහුවා ව‍ගේ මගේ ඇඟේ හැප්පුනා...මනුස්සය අතේ දැකලා පුරුදු බොතයක්...අයි අම්මා සියරටදේ සිරි සැපදේ කිව්වලු...(අරක්කු බොතගයක්)..සීන් එකේ හැටියට කොටු කොටු දන්න වෙන දර්ශනයක් උනත් කොටු දැම්මට පෙන්නෙ නැහැනේ රෑ හිංද...ඒ පාරමේ බොලේ මේ ගොතයා මගෙන් අහනවා..."ෂෝ එක කොයි පැත්තෙද මල්ලි කියලා"...යකෝ මේකට මැන්ටල්ද අපි හිටිය පැත්තට Musical Show  එක හෙණ ගහනවා වගේ ඇහෙනවා....මේක මගෙන් අහනවා ෂෝ එක කොයි පැත්තෙද කියලා...


              කොහොම හරි අපි සැට් එක ගියා Ground එකට ...ඒ වෙනකොට Ground එක පට්ට සෙනගක් ඇවිත් හිටියා..අපිත් ඔන්න ගිහින් හිටගත්ත පිටි පස්සට වෙන්න...ඒ වෙනකොට Ground එකට වේග සීමා ඉස්මවු කොල්ලො සෙට් සෙට් වගේම මල් මල් ගවුම් ඇඳපු නංගි බාබාලත් ඇවිත් හිටියා අම්මලා තාත්තාල වගේම අත දරුවොත් අතින් කටින් එල්ල ගෙන...අපිත් ඔය පිරිස් අස්සෙන් ගිහිල්ල හිටගෙන අහගෙන හිටියා....ඔන්න සංගීත දෙන්නේ Flashback සංගීත කණ්ඩායම ...නායකයා විදියට රොෂාන් අයියා...සිංදුව කියාගෙන යනවා....එන්න එන්න සැහෙන්න පිරිස් Ground එකට ඇදෙනවා....ඔය අතර අර ඉස්සෙල්ල කිව්ව වගේ පොඩ්ඩක් මතකෙ එහා මෙහා උනු අයියලා මගේ මල්ලිලා (වේග සීමා ඉස්මවු කොල්ලො සෙට් )  ....ඒවගේම මල්ලිලා වගේ අයියලත් ජැව්ඩියට කිට දාගෙන ඇවිල්ල හිටියා....ඔන්න එක සිංදුවක් ඉවරයි...රොෂාන් අයියා...බේරේක් නැති මැස්සෙක් වගේ කියවගෙන යනවා...හැබැයි වෙනසක් දැක්කා...සමහර කොල්ලෝ ඇවිල්ලා හිටියේ Film එකක ඉන්න නළුවො වගේ...ඒ එක්ක බලද්දි අපි පිස්සෝ වගේ දැනුනේ...(හික් හික්...ලැජ්ජාව කිලෝ ගානට) ටිකක් වෙලා කියවලා ඉවර උනා විතරයි බොනික්කියෙවක් වගේ නංගි බබෙක් ආවා Stage එකට ...ඒ ටික ඇති ආපේ කොල්ලන්ට..ඔන් මේ වෙනකොටත් ටිකක් විතර හාන්න පොලවක් හොයනවා වගේ කොල්ලෝ අර කෙල්ලවා බලාගන්න බැරුව එහාට මෙහාට කැරකෙනාව..ඔය අස්සේ ඔන්න එකෙක් කියනවා.. "අම්මට සිරි මචෝ අර බලනංකේ පට්ට කෑල්ලක් බං" කියලා...ඒ අස්සේ බොනික්කියෙවක් වගේ නංගි බබාව බලන්න බැරි මිනිස්සු යාළුවන්ගේ කරදිගේ බඩගානවා..

Ground  එකේ සැලැස්ම දැණුනු විදියට මෙන්න මේ වගේ 



අටවල තිබ්බ බඩුමට්ටු නම් ගැන්න මොකද මම ඉස්සරත් Musical Show බලන්න ගියහම එහෙමයි....ඉස්සෙල්ලාම ස්පීකර් ගණිනවා......ඒක පුරුද්දක් වෙලා....තිබ්බ විදියට නම් මෙහෙමයි 

Mid බෆල් එක පැත්තකට 26 බැගින් දෙපැත්තෙම 52යි

Treble ස්පීකර් 2කේ සෙට් 10 බැගින් එකපැත්තකට 20 ගානේ දෙපැත්තටම 40යි 
Bass බෆග් එකපැත්තකට 10 බැගින් දෙපැත්තටම 20යි

හප්පේ කිව්වලු....සද්දෙ නම් තිබ්බ ආයේ අපාරාදෙ නොකියන්න දීල තිබ්බා....බේස් වදිනවා පපුවට මම බයේ හිටියේ දැන් දැන් පපුව ගලවගෙන වැටෙයි කියලා. මට මට එහෙම උනාට සමහරක් අයට ඒකත් මදිවෙලා බෆල් සෙට් එක ඉස්සරහටම ගිහින් නටපු අයත් හිටියා.. ඔන්න දැන්න සංගීත කණ්ඩායමේ සිංදු වෙලා ගායකයන්ට වේදිකාව බාර කලා විතරයි හායි ගාල වේදිකාවට ආවේ ශේහාන් මිහිරංග..... ...ඉවරයි...කොල්ලන්ගේ ආතාල් කුඩු......අපිට පිටිපස්සෙන් හිටිය අයියල සැට් එකේ එකෙක් ඔන්න කියනවා (මම හිතන්නේ මනුස්සයා ශීහාන්ව වත් හරියට දන්නේ නැහැ වගේ)....ඔන්න අර මහ සෙනගක් මැද්දේ කියාපි "කව්ද බං මේ හු**** " (ඔන්න ඒකට නම් කොටු දාන්න බැරි හිංද මම තරු දැම්මා)....කොහොමත් එතන හිටිය නංගින නැන්දල පිරිසට නම් තරු පෙන්න ඇති.. ඇත්තම කියනවා නම් ස්ටූඩියෝ වල දාන වැඩකෑලි දාල සජීවී ප්‍රසංග වල සිංදු කියන්න බැරිබව අද වෙනකොට ගොඩක් අයට තේරුම් ගිහින් ඉවරයි. ඒත් මේ ශිහාන් හාදයට ඒක තේරෙන්නෙ නැති හැටියක්..Stage එකේ වටයක් දුවල උඩ පයිනකොට සිංදුවේ වචන බාගයක්ම ඉවරයි.. කොහෙන් කොහොම හරි අපි කොල්ලෝ මේ වෙනකොට අර මම ඉස්සේලමා කිව්වා වගේ හාන්න තැනක් හොයපු අය ඔන්න දැන් පදමට වයින් වෙලා හානවා හති දාගෙන...ඔය අතර දැකපු ජවනිකා අතර උඩරට, පහතරට, සබරගමු එක්ක කලවම් වෙච්ච අපේ භාෂාවෙන් කියනවා නම් Hip-Hop, Rock වගේ ඒවත් දැන් පිට්ටනිය පුරා පේනවා...ඔය අතර පිරිසක් නංගි බබාල පස්සෙත් ඇදෙනවා හරියට රොනට ඇදෙන බිඟුවගේ කෙල එකයි කටේ (හික්ස්) අපිත් පැත්තක් ගහගෙන හිමීට ප්‍රසංගය බලනවා...සමහර අය ඔය අස්සේ ප්‍රසංග පෙන්නනවා....හරි විනෝදයි....නිදි කිරාගෙන ප්‍රසංගය බලපු අපි 12.00 විතර වෙනකොට Ground එකෙන් එළියට ආවා මොකද දවස් 2කට විතර කලින් බතලේගල රවුමක් ගිහින් ඇවිල්ලා කකුල් දෙක තියන්න කලින් දනිස්දෙක මැඩලින් ගහනවා..හැබැයි හිරු එකෙන් කරපු වැඩේ නම් නියමයි..ඒවගේ වේදිකාට දීල තිබුන ආලෝක කරනය නම් නියමයි...අපේ රටේ රසවින්දය අතින් ගොඩක් පොසත් කියලත් දැනුනා..ඊටත් වඩා ඉස්සර බලපු ප්‍රසංග වලට වඩා කොච්චර වෙනස්ද කියලත් දැනුනා...



මෙන්න ප්‍රසංග අරගෙන අහන්න...

Tuesday, July 10, 2012

අඩු සද්දෙ වැඩි කරගන්න උපක්‍රමයක් !
Amplifier Sound Output

පරිඝනකයේ සද්දෙ අඩුයිද ? එහෙම නැත්නම් Output එකේ කිසිම ගතියක් නැද්ද, මෙන්න තියෙනවා සුපිරි මෘදුකාංගයක් , මේක ඕන දෙයක් එක්ක පහසුවෙන් වැඩ කරන මෘදුකාංගයක්...මේක ගොඩක් වෙලාවට Quality ශබ්දයක් කැමති අයට මේක ගෙඩක් වටිනවා..මේකට කියන්නේ SRS Audio Sandbox මේක ගොඩක් වෙලාවට SRS Sound Drivers තියෙන පරිඝනක එක්ක එන මෘදුකාංගයක්...එහෙම උනත් මේක අපේ අනිත් sound Card එක්කත් සුපිරියට වැඩකරනවා...බය වෙන්න දෙයක් නැහැ ආයෙ අපිට ඕනි විදියට සංගීතයේ වෙනස් කම් කරගන්න පුළුවන්. කැමති කැමති අයට අරගන්න පුළුවන්.....මෙන්න එහෙනම්




Sunday, July 1, 2012

ලෝකයේ කුඩාම මෙහෙයුම් පද්ධතිය
(OS - Operating System) ගැන දැනගන්න

ඔයාලනේ ඇහුවොත් ලෝකයේ කුඩාම මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියලා...සමහර දෙනෙක් කියන්න පුලුවනි Windows 3.1 කියලා...තවත් කෙනෙකේ කියන්න විවිධ උත්තර දෙන්න පුළුවන්...කොහොම උනත් මට හම්බුනා දැනට ලෝකයේ තියෙන කුඩාම මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන Kolibri මෙහෙයුම් පද්ධතිය..අපි දන්න විදියට ලොකයේ DOS (Disk Operating System) කියන මෙහෙයුම් පද්ධතිය තමා මුල්ම මෙහෙයුම් පද්ධතිය විදියට සැලකෙන්නේ...අයි.බී.එම් ආයතනය වර්ෂ 1981 සහ 1995 යන කාලවකවානුව අතරතුර කාලයේදි තමා මේ මෙහෙයුම් පද්ධතිය පුද්ගල පරිඝනක වෙනුවෙන් නිශ්පාදනය වෙන්නේ ඉන් අනතුරුව මේ DOS මත පදනම් වෙමින් Microsoft ආයතනය විසින් Windows 3.1, Windows 95 හා Windows 98 යන ග්‍රාපිකාකාර අතුරු මුහුණතක් (Graphical Interface) සහිත මෙහෙයුම් පද්ධති මෙලොව එළිය දකින්නේ...ඊට අමතරව DOS විවිධාකාරයෙන් වැඩි දියුණු වෙමින් MS-DOS, PC-DOS, DR-DOS, FreeDOS, PTS-DOS, ROM-DOS, Novell DOS, OpenDOS යනුවෙන් බලගන්වෙන්නේ...ඒත් මතක තියාගන්න DOS වලට Graphical Interface තිබ්බෙ නැහැ කියන එක...ඔය විදියට ලොකයේ දියුණුවත් එක්ක මේ පරිඝනක මෙහෙයුම් පද්ධති වෙනස් වෙමින් ඉදිරියට ඇවිත් තියෙනවා...

හරි ඔයාලට මම කියා කියා හිටියේ දැනට ලෝකයේ තියෙන කුඩාම මෙහෙයුම් පද්ධතිය ලෙස පිළිගැනෙන Kolibri මෙහෙයුම් පද්ධතිය ගැනිය...මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන තියෙන විශේෂ ලක්ෂණය තමා මෙයා දැනට ලෝකයේ බිහිවී ඇති Graphical Interface තියෙන මෙහෙයුම් පද්ධති අතරින් පුංචිම ඉඩක් තියෙන Graphical Interface තියෙන මෙහෙයුම් පද්ධතිය වීමයි. මෙහෙයුම් පද්ධතිය මෙලොව එළිය දතින්නේ 2004 මැයි මාසේ 16 වෙනිදා...ඒ වෙනකොට මේ මෙහෙයුම් පද්ධතියේ බර 659.14 KB ඒ මෙහෙයුම් පද්ධතිය විතරයි...නමුත් මෙයට අදාල වැඩසටහන් ඇතුලතු කර වැඩක් ගන්න පුළුවන් තැනට එනකොට මේ මෙහෙයුම් පද්ධතියේ බර 1.44MB උනා ඊට පස්සේ මේ මෙහෙයුම් පද්ධතිය තව දුරටත් විවිධ විවිධ වෙනස්කම් වෙමින් අද වන විට ඉතා යහපත් ගතිගුණ ඇති මෙහෙයුම් පද්ධතියක් විදියට ගොඩනැගිල තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රසිද්ධ නම උනේ "KOS" කියන නමයි..අනිත් මෙහෙයුම් පද්ධති එක්ක බලද්දි මේ මෙහෙයුම් පද්ධතිය ලොකු නිශ්පාදනයක් වෙනවා මොකද Windows 3.1 බර 2.88 MB වෙනකොට Kolibri මෙහෙයුම් පද්ධතිය වෙන්නේ 2.79 MB යි..අනිත් දේ තමා වඩා මෙහෙයුම් පද්ධතියෙන් ගන්න පුළුවන් වැඩත් වැඩී.

ඔන්න බලන්නකො වෙනස
මේ තියෙන්නේ  DOS (Disk Operating System) කියන මෙහෙයුම් පද්ධතියේ පෙනුම


එතකොට මේ තියෙන්නේ Kolibri මෙහෙයුම් පද්ධතියේ පෙනුම



* Kolibri මෙහෙයුම් පද්ධතිය ගැන වැඩි දුර දැනගන්න මෙතනින්
* Kolibri මෙහෙයුම් පද්ධතිය අර ගන්න මෙතනින්
(සැ:යු: මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියකි)