Saturday, August 25, 2012

මගේ අර්ධ ශතකය | Half Century

මේ මම බ්ලොග් ලියපු ජීවිතේ 51 වන බ්ලොග් ලියවිල්ලයි....දර්ශන මලයයි කණි සහොයි දෙන්නගේ උදව්වෙන් මම 2009 දෙසැම්බර් මාසේ බ්ලොග්කරනයට ආවා.... අදටත් මගේ බ්ලොග්කරන ජීවිතේ වීරයෝ දෙන්න තමා දර්ශන මලයයි කණි සහොයි  කියන මගේ මිත්තරයෝ දෙන්නා. මාස 30ක් තිස්සේ මගේ ජීවිතේ මට හම්බ උනු ඔයාලට වැදගත් වෙයි කියන හැමදේම ඔයාලත් එක්ක හිතට අවංකව බෙදා ගත්තා....මේ බ්ලොග්කරනයෙන් ගොඩක් යාළුවෝ හම්බ උනා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බෙදා ගත්තා බොහෝ සතුටුයි ඒ ගැන...අනිත් අයගේ පොස්ට් එකක බලද්දි මම ගොඩක් පාත ඇති..නමුත් මම ඔයාල එක්ක බෙදා ගත්තේ මනසට අසවිද්නයක් කලාවත් එක්ක දැනුමත් ලැබෙන දේවල් තමා.. මගේ මේ බ්ලොග් ලියවිලි වලින් මේ ලෝකෙ කව්රු හරි කෙනෙක් දෙයක් ඉගෙන ගත්ත නම් දෙයක් දැන ගත්ත නම් රසයක් විනෝදයක් ලැබුවා නම්....මට ඕනි අන්න ඒ දේ විතරයි.  දර්ශන මලයයි කණි සහොයි   කියලා දුන්නු අන්න ඒ බ්ලොග්කරනය මට වැරදි දේකට පාවිච්චි නොකර මනුස්සයගෙම යහපතට ගන්න ලැබුනු එක මට  ලොකු දෙයක්.... කොහෙන්වත් කොපි නොකර අවංක ලිපි 50 දැම්මා.... වැරදි ඇති ගොඩක් ඒවා පෙන්නුවා ඒ වගේම කමෙන්ට් නොකලත් කලත් ගොඩක් අය මගේ ලියවිලි බලන්න ඇති ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.. මගේ ගමන අනිත් අයත් එක්ක බලද්දි ඉබි ගමනක් වෙන්න ඇති නමුත් දර්ශන මලයයි කණි සහොයි මට දුන්නු ශාස්තරේ මමත් මේ වගේම ගොඩක් අයට කියලා දුන්නා...ඒ වගේම එයාලත් ඒ දේ ගොඩක් දුරට මට වඩා උසස් විදියට බ්ලොග්කරනය කරගෙන යනවා... ඇත්තටම දකිනකොට ඇස් බර වෙනවා... කොහොම උනත් ඉස්සරහටත් මම මට හම්බෙන මගේ ලෝකේ අරුම පුදුම යහපත් දේවල් විනේද ජනක දේවල් ඔයාල එක්ක බෙදාගෙන ජිවත් දෙන්නයි මගේ බලාපොරොත්තුවා

මේ තියෙන්නේ මගේ පළවෙනි බ්ලොග් ලියවිල්ල


Friday, August 24, 2012

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම් :P


 මේක අපේ ගමේ උනු පට්ට සිද්ධියකි...කනාවට මෙන් මාස 6ක් පමණ පරණය. අපේ ගම ගැනත් කියනවා නම් අපේ ගමේ නම ලින්දර.....මීරිගම - වේවැල්දෙණිය පාරේ තියෙන ගම් අතුරින් වැඩිම පවුල් කොටසක් ඉන්නේ අපේ ගමේලු...  ගමේ වැඩි පිරිසකගේ ජීවන උපාය ගොවිතැන. අපි වගේ වැදගම්මකට නැති අන්ඩපාලයෝ විතරයි ඔය කියන ගොවිතැන් රක්සවා කරන්නේ නැත්තේ. අපේ ගමේ හිටියා වඩු වැඩ රස්සාව කරගත් මනුස්සයෙක් එයාගෙ නම සිමියොන් කියලා තමා හැමෝම කියන්නේ .මනුස්සයගේ ගමන ඉතින් දුප්පතාගේ හිතවතා උනු බයිසිකලේ...ඔයාලා අහලා තියෙනවාද රැලේ කියලා බයිසිකලයක් බොහොම පරණ ජාතියේ එකක් අර අපි ඉස්සර 11 වසරෙදි බයිසිකලේ කියලා සිංහල පොතේ තියෙන කථාවක් මතකද ?

ඔන්න බලන්නකෝ ඒකාලේ රැලේ බයිසිකල් වලට තිබ්බ මාර්කැට් ඇහ්...


රැලේ බයිසිකල් ගැන දැන ගන්න  

කොහොම උනත් අපි සිමියොන් කියන නම අගට මාමා දමා සිමියොන් මාමා කියා අමතයි..ගතිගුණ අතින් සිමියොන් මාමා ඉහලයි...පොඩි වැරැද්දකට තියෙන් ඉතින් බීමත්කම තමා...මනුස්සයා පට්ට කලාකාරයෙක්....කොයි වෙලාවෙත් සිංදුවක් කියාගෙනම තමා වැඩ....බොහෝම ගුණ යහපත්....මනුස්සයා බීපු වෙලාවට පොඩි එකෙක් වගේ කියලයි ගමේ අය කියන්නේ...කාටවත් කරදරයක් නැහැල්ලු...ගේ දොර ඉඩ කඩන් ගොඩන් නොතිබුනාට අනිත් හැම අතින්ම පොහොසත්ය මනුස්සයෙකි....ඔන්න දවසක් සිමියොන් මාමා වැඩ කරලා හවස එන ගමන් පොඩ්ඩක් දාගෙන එහෙම හයියෙන් සින්දුවක් කියාගෙන එනවළු....ඔයාල දැකලා ඇති සමහර මිනිස්සු බීපුවහම හයියෙන් සිංදු කියන්නේ....අර අපේ අම්මලා කියන්ගේ ගිරිය කඩාගෙන කෑගහනවා කියලා...අන්න ඒ විදිහ මතක් කරගන්නකෝ...ඉතින් මේ මනුස්සයා ඔය විදියට හයියෙන් සිංදුවකුත් කියාගෙන හිමීට බයිසකයත් පැදගෙන එනවලු....මේ සිද්ධිය උනු කාලේ අපේ ගමේ කොල්ලො සෙට් එකක් ඉන්නවා බොහොම රථ ගාය තියෙන ඇත්තට කිව්වොත් මහ රෑ 12ට 1ටත් මුන් අපේ ගම මැදින් ගමන යනවා මහා සද්දෙන් ....කන්දොස්කිරිය්වේ බැහැ....අන්න ඒ කොල්ලෙක්ගෙ ගාව තියෙනවා ඇස් ගෙඩි දෙක පොල් සයිස් උනු කොල්ලෝ නම් කියන්නේ XXL (එහෙම නැත්නම් ඩබල් එක්ස් එල්) කියලා මේ මොටෝ සයිකලේ තමා ඒ දවස්වල අපේ නින්ද නැති කරන කරදරකාරයා.....බයිසිකලේ එන්නේ කොහෙන්වත් සද්දේ ඇහෙන්නේ කොහෙන්වත්.....හප්පේ සද්දේ...මහා කරුමයක්...ගමේ මිනිස්සු වෙලාවට බයිනවා මුන්ට....එයාලා කියන විදියට ගමේ උදේට කුකුළාගේ සුමිහිරි නාදය වෙනුවට මේ මිනිස්සුන්ට ඇහෙන්නේ මේකා මොටෝ බයිසිකලේ රේස් කරන සද්දේලු..පව් අප්පා අසල්වාසියෝ. අපේ වෙලාවට අපි ගමේ පහල කොලසේ...මේක ඉන්න ඉහල කොටසේ. ඔය ගොතයා ගැන ලියන්න ගියොත් ලේ කෝප වෙන හිංද ඒකව පැත්තකට දැමු. ඔන්න අපේ කථා නයකයා ඒ කියන්නේ අපේ සිමියොන් මාමා දවසක් පාරේ හයියෙන් සිංදුවක් කියාගෙන එනවළු.....

ආයෙත් මොනවත් ලියන්නේ නෑ උඹ වෙනුවෙන්....

ගමකට හිතන්නේ නෑ ...


උඹට ලියු හොර ලියුන් අපරාදේ.....

කසාය නොව අද බොන්නේ සරුවත්.....
මේ සිංදුව අර ස.නි.ධ.පා එකේ සංගීත් කියන පුරසිද්ද සිංදුවක් හරය. සිංදුවක් කිව්වට මේකේ පද කෑලි අඩුයි ඇහ්...මොකද මාමා මේක කියන්නේ සිහියෙන්නේ... : P ඔන්න ඉතින් අර කොල්ලා හෙනයක් ගහන් නැහැ...වේගෙන් ඇවිදින් මාමාවත් පහුකරගෙන ගියාලු....හැබැයි වාහනේ මාමාව පහුවෙනවකත් එක්කම කව්දෝ හයියෙන් බුදු අම්මෝ....  කියනවා ඇහිලත් තියෙනවා.මාර සීන් එක සිමියොන් මාමා පාරේ නෑ....වටේ හිටිය කස්ටිය හිතලා තියෙන්නේ අර බයිසිකල් කොල්ලා අපේ සිමියොන් මාමාව හැප්පුම තමා කියලා.... කස්ටිය දුවගෙන ඇවිදින් හෙයලා බලනකොට අපේ සිමියොන් මාමා බයිසිකලෙත් තල්ලු කරගෙන ගෙඩ වෙනවලු ලොකු ඉලුක් ගාලක් දෙබෑකරගෙන ...වෙලා තියෙන්නේ මාමා අර මොටෝ බයිසිකලේ සද්දේ බයට බයිසිකලේ පාරේ අයිනට කපලා...ඒ එක්කට මාමායි බයිසිකලෙයි දෙන්නම පාලනයෙන් මිදිලා.....යකා ගැහුවා වාගේ ඉලුක් ගාලකුත් දෙබෑකරගෙන ගිහින්....හැබැයි පොඩ්ඩක් පොඩ්ඩක් තුවාලයිලු....හැබැයි මාමාට ගානක් නැහැල්ලු....පාරට ඇවිදින් වට පිටි බලපු මාමා ආයේ බයිසිකලේ නැගලා ආයේ සිංදුවත් කියාගෙන ගියාලු මෙන්න මෙහෙම

ඔයින් ගියා ඇති රස බර ආල කෙරුම්....

කොහොම උනත් අදටත් සිමියොන් මාමා තාමත් ඒ වගේමලු සිංදුවෙන්මලු ගමන.. කොල්ලො අදටත් ඉතින් බයිසිකල් පෙරලගෙන තුවාල කරගෙන ආපුවහම ගමේ මිනිස්සු විහිළුවට වගේ කියනවා ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් කියලා  බයිටි කරනවා..

Thursday, August 9, 2012

තවත් එකෙක් මෙන්න බලා ගනිල්ලා !

පට්ට ආදරේ කට්ට කරවල උනු කාලොකට අහන්න කියාපු සිංදුවක්. ටිකක් නව තාලෙකට ලියලා කිව්වට...අදහස නම් හරි අපූරුවට තියෙනවා..ගොඩක් වෙලාවට ආදරේ දිනනවා අඩුයිනේ..මොකද හිංදි චිත්තර පටි වල වගේ දුෂ්ඨයෝ වැඩීනේ...එන්න ඒවගේ වෙලාට ලුණු කෑවත් ඇති  විස වෙන්න...කොහොමත් අදරේ භයානකයි..


සැ.යු. -  කොල්ලන්ගේ පහන් සුව පිණිස මේ ගීය උපහාරයක්ම වේවා !


තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//

අපි අල්ලාගෙන සිටිය විලසින්ම
අද ඇය අල්ලාගෙන සිටිනවා දුටුවම

කඳුළු නොවැටුනට දුකක් හිතෙයි අපිට
ඒ විතරක්මද හිනත් යනව තවම
සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ......

තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//

වෙන කොල්ලන් ගැන අපිට කිව්ව ලෙසම
අප ගැන අද උඹට අන්දා කියලා ඇත
ඔරවාගෙන අපිට අද උඹ හිටියාට
අපිටත් අද වගේම ඔරවයි හෙට උඹට

සිහිවෙනකොට අදවන් දවසක
අපි මේ ගයනා ගීතයම උඹත් ගයයි හෙට
දුටුවම ඇය වෙනකෙකු සමඟ......

තවත් කෙනෙක්.... තවත් කෙනෙක්....
තවත් කෙනෙක්....ඇගෙ ලොවට ඇවිත්.....
//

Sunday, July 29, 2012

අවුරුදු 6 පසු නැවතත් සංගීත ප්‍රසංග අත්දැකීමක් !


දවස - 2012 ජූලි 28

ස්ථානය - දිවුලපිටිය ප්‍ර.සේ. ක්‍රීඩාංගනයි
විශේෂය - හිරු මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංග

වේලාව රැ 8.30 පමණ වන වෙනකොට අපේ සහෝදරයා ගෙදර ආවා වාහනෙන්. යමන් Musical Show එකක් තියෙනවා බලන්න කියලා. කරන්න දෙයක් තිබුනෙත් නැහැ. මමත් ගෙදරින් පනින්න විදියක් නැතුව හිටියේ. පට්ට ආවස්ථාවකි....එකෙන්ම හායි කියාගෙන මමත් වාහනේට ගොඩ උනා....මම මේ Show එකක බලන්න යන්නේ සාමාන්‍ය පෙළ කාලෙන් පස්සේ ඒකියන්නේ 2004 අවුරුද්දෙන් පස්සේ (8 අවුරුද්දකට පස්සේ )......අම්මෝ කාලය ගියා හිතාගන්නවත් බැහැ..මමයි අපේ රියදුරු වගේම අපේ සහෝගෙ වාහනේ ආරක්ෂකයා , අයිතිකාරයා සහෝ වගේ බොක්කක් නම නුවන්...අපේ සැට්එකේදි මිනිහට කියන්නේ අලස් එහෙම නැත්නම් ඩගී කියලා සහ මගේ සහෝ සුපිරි අවංකයෙක් මරාගෙන මැරෙන්න හරි කථා කලොත් එන පොරක්...අපේ පිරිසේ පසු පෙළ නියෝජනය ගේ සහෝදරයි (පුදුමෙ කියන්නේ අපේ තාත්තාත් ආවා නොවැ...) හප්පේ මම හිතුවෙම ආතල් කුඩු තමා...මොකද මම ඉස්සර හිටන්ම අපේ තාත්තට බයයි(හික්ස්....කොයි වෙලාවෙක් කෑගහ ගත්තු ගමන්..ඒකයි ).....ඔන්න ඉතින් චන්ඩි ගොඩකට මැදිඋනු අහිංසකයා වගේ මමත් ගියා Show එක බලන්න. බොහොම අමාරුවෙන් වාහනේ දිවුලපිටියේ වාහාන Park එක අස්සට වාහනේ ඔබා ගත්තා...ශා....නියම දර්ශනේ...දැක්ක ගමන් මට මතක් උනේම යුද්ධ පිටියක්...අපේ කොල්ලෝ...නිදහසේ සෙනසුරාද නිදහස සමරනවා....අපාරාදෙ කියන්න බැහැ 1000ක් ආවත් නෙලයි නිකං මල් නෙලනවා වගේ...හයිය හත්තිය උපරිමයි....අහිංසකලා ඔක්කොම අංගුලිමාලල වෙලාද මංද....ඔන්න එකෙක් කෙලගෙන ඇවිල්ල හෙනයක් ගැහුවා ව‍ගේ මගේ ඇඟේ හැප්පුනා...මනුස්සය අතේ දැකලා පුරුදු බොතයක්...අයි අම්මා සියරටදේ සිරි සැපදේ කිව්වලු...(අරක්කු බොතගයක්)..සීන් එකේ හැටියට කොටු කොටු දන්න වෙන දර්ශනයක් උනත් කොටු දැම්මට පෙන්නෙ නැහැනේ රෑ හිංද...ඒ පාරමේ බොලේ මේ ගොතයා මගෙන් අහනවා..."ෂෝ එක කොයි පැත්තෙද මල්ලි කියලා"...යකෝ මේකට මැන්ටල්ද අපි හිටිය පැත්තට Musical Show  එක හෙණ ගහනවා වගේ ඇහෙනවා....මේක මගෙන් අහනවා ෂෝ එක කොයි පැත්තෙද කියලා...


              කොහොම හරි අපි සැට් එක ගියා Ground එකට ...ඒ වෙනකොට Ground එක පට්ට සෙනගක් ඇවිත් හිටියා..අපිත් ඔන්න ගිහින් හිටගත්ත පිටි පස්සට වෙන්න...ඒ වෙනකොට Ground එකට වේග සීමා ඉස්මවු කොල්ලො සෙට් සෙට් වගේම මල් මල් ගවුම් ඇඳපු නංගි බාබාලත් ඇවිත් හිටියා අම්මලා තාත්තාල වගේම අත දරුවොත් අතින් කටින් එල්ල ගෙන...අපිත් ඔය පිරිස් අස්සෙන් ගිහිල්ල හිටගෙන අහගෙන හිටියා....ඔන්න සංගීත දෙන්නේ Flashback සංගීත කණ්ඩායම ...නායකයා විදියට රොෂාන් අයියා...සිංදුව කියාගෙන යනවා....එන්න එන්න සැහෙන්න පිරිස් Ground එකට ඇදෙනවා....ඔය අතර අර ඉස්සෙල්ල කිව්ව වගේ පොඩ්ඩක් මතකෙ එහා මෙහා උනු අයියලා මගේ මල්ලිලා (වේග සීමා ඉස්මවු කොල්ලො සෙට් )  ....ඒවගේම මල්ලිලා වගේ අයියලත් ජැව්ඩියට කිට දාගෙන ඇවිල්ල හිටියා....ඔන්න එක සිංදුවක් ඉවරයි...රොෂාන් අයියා...බේරේක් නැති මැස්සෙක් වගේ කියවගෙන යනවා...හැබැයි වෙනසක් දැක්කා...සමහර කොල්ලෝ ඇවිල්ලා හිටියේ Film එකක ඉන්න නළුවො වගේ...ඒ එක්ක බලද්දි අපි පිස්සෝ වගේ දැනුනේ...(හික් හික්...ලැජ්ජාව කිලෝ ගානට) ටිකක් වෙලා කියවලා ඉවර උනා විතරයි බොනික්කියෙවක් වගේ නංගි බබෙක් ආවා Stage එකට ...ඒ ටික ඇති ආපේ කොල්ලන්ට..ඔන් මේ වෙනකොටත් ටිකක් විතර හාන්න පොලවක් හොයනවා වගේ කොල්ලෝ අර කෙල්ලවා බලාගන්න බැරුව එහාට මෙහාට කැරකෙනාව..ඔය අස්සේ ඔන්න එකෙක් කියනවා.. "අම්මට සිරි මචෝ අර බලනංකේ පට්ට කෑල්ලක් බං" කියලා...ඒ අස්සේ බොනික්කියෙවක් වගේ නංගි බබාව බලන්න බැරි මිනිස්සු යාළුවන්ගේ කරදිගේ බඩගානවා..

Ground  එකේ සැලැස්ම දැණුනු විදියට මෙන්න මේ වගේ 



අටවල තිබ්බ බඩුමට්ටු නම් ගැන්න මොකද මම ඉස්සරත් Musical Show බලන්න ගියහම එහෙමයි....ඉස්සෙල්ලාම ස්පීකර් ගණිනවා......ඒක පුරුද්දක් වෙලා....තිබ්බ විදියට නම් මෙහෙමයි 

Mid බෆල් එක පැත්තකට 26 බැගින් දෙපැත්තෙම 52යි

Treble ස්පීකර් 2කේ සෙට් 10 බැගින් එකපැත්තකට 20 ගානේ දෙපැත්තටම 40යි 
Bass බෆග් එකපැත්තකට 10 බැගින් දෙපැත්තටම 20යි

හප්පේ කිව්වලු....සද්දෙ නම් තිබ්බ ආයේ අපාරාදෙ නොකියන්න දීල තිබ්බා....බේස් වදිනවා පපුවට මම බයේ හිටියේ දැන් දැන් පපුව ගලවගෙන වැටෙයි කියලා. මට මට එහෙම උනාට සමහරක් අයට ඒකත් මදිවෙලා බෆල් සෙට් එක ඉස්සරහටම ගිහින් නටපු අයත් හිටියා.. ඔන්න දැන්න සංගීත කණ්ඩායමේ සිංදු වෙලා ගායකයන්ට වේදිකාව බාර කලා විතරයි හායි ගාල වේදිකාවට ආවේ ශේහාන් මිහිරංග..... ...ඉවරයි...කොල්ලන්ගේ ආතාල් කුඩු......අපිට පිටිපස්සෙන් හිටිය අයියල සැට් එකේ එකෙක් ඔන්න කියනවා (මම හිතන්නේ මනුස්සයා ශීහාන්ව වත් හරියට දන්නේ නැහැ වගේ)....ඔන්න අර මහ සෙනගක් මැද්දේ කියාපි "කව්ද බං මේ හු**** " (ඔන්න ඒකට නම් කොටු දාන්න බැරි හිංද මම තරු දැම්මා)....කොහොමත් එතන හිටිය නංගින නැන්දල පිරිසට නම් තරු පෙන්න ඇති.. ඇත්තම කියනවා නම් ස්ටූඩියෝ වල දාන වැඩකෑලි දාල සජීවී ප්‍රසංග වල සිංදු කියන්න බැරිබව අද වෙනකොට ගොඩක් අයට තේරුම් ගිහින් ඉවරයි. ඒත් මේ ශිහාන් හාදයට ඒක තේරෙන්නෙ නැති හැටියක්..Stage එකේ වටයක් දුවල උඩ පයිනකොට සිංදුවේ වචන බාගයක්ම ඉවරයි.. කොහෙන් කොහොම හරි අපි කොල්ලෝ මේ වෙනකොට අර මම ඉස්සේලමා කිව්වා වගේ හාන්න තැනක් හොයපු අය ඔන්න දැන් පදමට වයින් වෙලා හානවා හති දාගෙන...ඔය අතර දැකපු ජවනිකා අතර උඩරට, පහතරට, සබරගමු එක්ක කලවම් වෙච්ච අපේ භාෂාවෙන් කියනවා නම් Hip-Hop, Rock වගේ ඒවත් දැන් පිට්ටනිය පුරා පේනවා...ඔය අතර පිරිසක් නංගි බබාල පස්සෙත් ඇදෙනවා හරියට රොනට ඇදෙන බිඟුවගේ කෙල එකයි කටේ (හික්ස්) අපිත් පැත්තක් ගහගෙන හිමීට ප්‍රසංගය බලනවා...සමහර අය ඔය අස්සේ ප්‍රසංග පෙන්නනවා....හරි විනෝදයි....නිදි කිරාගෙන ප්‍රසංගය බලපු අපි 12.00 විතර වෙනකොට Ground එකෙන් එළියට ආවා මොකද දවස් 2කට විතර කලින් බතලේගල රවුමක් ගිහින් ඇවිල්ලා කකුල් දෙක තියන්න කලින් දනිස්දෙක මැඩලින් ගහනවා..හැබැයි හිරු එකෙන් කරපු වැඩේ නම් නියමයි..ඒවගේ වේදිකාට දීල තිබුන ආලෝක කරනය නම් නියමයි...අපේ රටේ රසවින්දය අතින් ගොඩක් පොසත් කියලත් දැනුනා..ඊටත් වඩා ඉස්සර බලපු ප්‍රසංග වලට වඩා කොච්චර වෙනස්ද කියලත් දැනුනා...



මෙන්න ප්‍රසංග අරගෙන අහන්න...

Tuesday, July 10, 2012

අඩු සද්දෙ වැඩි කරගන්න උපක්‍රමයක් !
Amplifier Sound Output

පරිඝනකයේ සද්දෙ අඩුයිද ? එහෙම නැත්නම් Output එකේ කිසිම ගතියක් නැද්ද, මෙන්න තියෙනවා සුපිරි මෘදුකාංගයක් , මේක ඕන දෙයක් එක්ක පහසුවෙන් වැඩ කරන මෘදුකාංගයක්...මේක ගොඩක් වෙලාවට Quality ශබ්දයක් කැමති අයට මේක ගෙඩක් වටිනවා..මේකට කියන්නේ SRS Audio Sandbox මේක ගොඩක් වෙලාවට SRS Sound Drivers තියෙන පරිඝනක එක්ක එන මෘදුකාංගයක්...එහෙම උනත් මේක අපේ අනිත් sound Card එක්කත් සුපිරියට වැඩකරනවා...බය වෙන්න දෙයක් නැහැ ආයෙ අපිට ඕනි විදියට සංගීතයේ වෙනස් කම් කරගන්න පුළුවන්. කැමති කැමති අයට අරගන්න පුළුවන්.....මෙන්න එහෙනම්




Sunday, July 1, 2012

ලෝකයේ කුඩාම මෙහෙයුම් පද්ධතිය
(OS - Operating System) ගැන දැනගන්න

ඔයාලනේ ඇහුවොත් ලෝකයේ කුඩාම මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියලා...සමහර දෙනෙක් කියන්න පුලුවනි Windows 3.1 කියලා...තවත් කෙනෙකේ කියන්න විවිධ උත්තර දෙන්න පුළුවන්...කොහොම උනත් මට හම්බුනා දැනට ලෝකයේ තියෙන කුඩාම මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන Kolibri මෙහෙයුම් පද්ධතිය..අපි දන්න විදියට ලොකයේ DOS (Disk Operating System) කියන මෙහෙයුම් පද්ධතිය තමා මුල්ම මෙහෙයුම් පද්ධතිය විදියට සැලකෙන්නේ...අයි.බී.එම් ආයතනය වර්ෂ 1981 සහ 1995 යන කාලවකවානුව අතරතුර කාලයේදි තමා මේ මෙහෙයුම් පද්ධතිය පුද්ගල පරිඝනක වෙනුවෙන් නිශ්පාදනය වෙන්නේ ඉන් අනතුරුව මේ DOS මත පදනම් වෙමින් Microsoft ආයතනය විසින් Windows 3.1, Windows 95 හා Windows 98 යන ග්‍රාපිකාකාර අතුරු මුහුණතක් (Graphical Interface) සහිත මෙහෙයුම් පද්ධති මෙලොව එළිය දකින්නේ...ඊට අමතරව DOS විවිධාකාරයෙන් වැඩි දියුණු වෙමින් MS-DOS, PC-DOS, DR-DOS, FreeDOS, PTS-DOS, ROM-DOS, Novell DOS, OpenDOS යනුවෙන් බලගන්වෙන්නේ...ඒත් මතක තියාගන්න DOS වලට Graphical Interface තිබ්බෙ නැහැ කියන එක...ඔය විදියට ලොකයේ දියුණුවත් එක්ක මේ පරිඝනක මෙහෙයුම් පද්ධති වෙනස් වෙමින් ඉදිරියට ඇවිත් තියෙනවා...

හරි ඔයාලට මම කියා කියා හිටියේ දැනට ලෝකයේ තියෙන කුඩාම මෙහෙයුම් පද්ධතිය ලෙස පිළිගැනෙන Kolibri මෙහෙයුම් පද්ධතිය ගැනිය...මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන තියෙන විශේෂ ලක්ෂණය තමා මෙයා දැනට ලෝකයේ බිහිවී ඇති Graphical Interface තියෙන මෙහෙයුම් පද්ධති අතරින් පුංචිම ඉඩක් තියෙන Graphical Interface තියෙන මෙහෙයුම් පද්ධතිය වීමයි. මෙහෙයුම් පද්ධතිය මෙලොව එළිය දතින්නේ 2004 මැයි මාසේ 16 වෙනිදා...ඒ වෙනකොට මේ මෙහෙයුම් පද්ධතියේ බර 659.14 KB ඒ මෙහෙයුම් පද්ධතිය විතරයි...නමුත් මෙයට අදාල වැඩසටහන් ඇතුලතු කර වැඩක් ගන්න පුළුවන් තැනට එනකොට මේ මෙහෙයුම් පද්ධතියේ බර 1.44MB උනා ඊට පස්සේ මේ මෙහෙයුම් පද්ධතිය තව දුරටත් විවිධ විවිධ වෙනස්කම් වෙමින් අද වන විට ඉතා යහපත් ගතිගුණ ඇති මෙහෙයුම් පද්ධතියක් විදියට ගොඩනැගිල තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රසිද්ධ නම උනේ "KOS" කියන නමයි..අනිත් මෙහෙයුම් පද්ධති එක්ක බලද්දි මේ මෙහෙයුම් පද්ධතිය ලොකු නිශ්පාදනයක් වෙනවා මොකද Windows 3.1 බර 2.88 MB වෙනකොට Kolibri මෙහෙයුම් පද්ධතිය වෙන්නේ 2.79 MB යි..අනිත් දේ තමා වඩා මෙහෙයුම් පද්ධතියෙන් ගන්න පුළුවන් වැඩත් වැඩී.

ඔන්න බලන්නකො වෙනස
මේ තියෙන්නේ  DOS (Disk Operating System) කියන මෙහෙයුම් පද්ධතියේ පෙනුම


එතකොට මේ තියෙන්නේ Kolibri මෙහෙයුම් පද්ධතියේ පෙනුම



* Kolibri මෙහෙයුම් පද්ධතිය ගැන වැඩි දුර දැනගන්න මෙතනින්
* Kolibri මෙහෙයුම් පද්ධතිය අර ගන්න මෙතනින්
(සැ:යු: මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියකි)

Friday, June 29, 2012

වේගයට වැදගත් FLOP/s ගැනත් පොඩ්ඩක් දැනගන්න


මොකකද මේ FLOPS කියන්නෙ කියලා බලන්න පුළුවන් දැන් කස්ටිය...බය වෙන්න එපා අපි වේගය පැයට කිලෝමීටර් වලින් එහෙමත් නැත්නම් පැයට මීටර්...විදියට මනිනවා...නැත්නම් පරිඝනක භාවිතයේදී අපි දත්ත ගමන් කරන වේගය තත්පරයට කිලෝබයිට් නැත්නම් තත්පරයට මෙගාබයිට්...එහෙමත් නැත්නම් තත්පරයට ගිගාබයට්....මෙන්න මේ වියට වේගය අපි එක එක තැන් වලදි මනින්න පාවිච්චි කරන ඒකක තියෙනවා..නමුත් ඒ පුංචි පුංචි වේගයන් මනින්න තමා...අපි අහල තියෙනවා ස(ර්)වර් කියල පරිඝනක කොට්ඨාශයක් ගැන...ඇත්තටම ඒවා සාමාන්‍ය පරිඝනක වලට වඩා ගොඩක් වේගවත් ඒවගේම පහසුකම් වැඩි ඒ වගේම අපේ සාමාන්‍ය ජීවිතයේදී අපිට අඩුවෙන් දකින්න අඩුවෙන් අහන්න ලැබෙන පරිඝනක විශේෂයක්...ගොඩක් වෙලාවට පරිඝනක විද්‍යාව හා වෙනත් පරිඝනක සම්බන්ධ පාඨමාලා හදාරන අයට නම් මේ වචනෙ විටෙක ඇහෙන්න පුළුවන්...ඇත්තටම මමත් මේ ගැන පොඩ්ඩක් හරි දැනගත්තේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ තමා...අපි අන්තිමට කථා කර කර හිටියෙ ස(ර්)වර් කියල පරිඝනක ගැනනේ...මේ පරිඝනක එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන පරිඝනක වලට වඩා ටිකක් වෙනත් වගේම ටිකක් වෙනස් කටයුතු වලට තමා යොදගන්නේ...ඒවා ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මිනිසුන්ට කරන්න අපහසු ඒ වගේම ගොඩක් වෙලාව ගත වන ඒ වගේ සංකීර්ණ වැඩ වලට තමා..ඒත් මතක තියා ගන්න මේ හැම සංකීර්ණ යන්තර සුත්තර වගේ දෙවල් බිහි වෙන්නේ මිනිස් මොලේම තමා කියන එක..ඒක හින්ද මේ දේවල් තේරුම් ගන්නත් මනුස්සයට මහ ලොකු වෙලාවක් යන්නෙ නැහැ...කොහොම උනත් ස(ර්)වර් කියල පරිඝනක අපේ ජීවිතේ අපි දකින පරිඝනක වලට වඩා වේගය වැඩි..දෘඩ ධාරිතාවය වැඩි ඒවගේම මතක ශක්තිය වැඩි කියන එකත් මතක තියාගන්න. අන්න ඒවගේ වැඩි ධාරිතායන් සහිත ස(ර්)වර් කියල පරිඝනකවල වේගය මනින්න භාවිතා කරන මැනුම් ඒකකයක් විදියට තමා මේ FLOPS කියන ඒකකය භාවිතා කරන්නේ...එක අතකින් ගත්තහම මේ ස(ර්)වර් පරිඝනක සුපිරි පරිඝනක විදියටත් කියන්න පුළුවන්..

*ස(ර්)වර් පරිඝනක භාවිතා කරන්නෙ ඇයි ?

* විශාල දත්ත ගබවා හා අනෙකුත් වටිනා දත්ත හැසිරවීමට හා සුරැකීමට

* විශාල වශයෙන් දත්ත හා පරිඝනක ගත කරන ලද සමාගම් හී දත්ත ගබඩා කිරීමට
* අන්තර්ජලයේ දී වටින ලිපිගෙනු හා දත්ත සුරැකීමටත් බෙදා දීමටත්
උදාරණයන් - පින්තූර, සිංදු, ලිපි ආදිය

PETAFLOPS ගැන දැනගන්න  මෙනනින් 
FLOPS ගැන වැඩි විස්තර දැනගන්න  මෙනනින් 

මේ තියෙන්නෙ ස(ර්)වර් පරිඝනක පද්ධතියක් නොදන්න අයටත් දැනගන්න එක්කම



* මේ තියෙන්නේ ලොකයේ දැනට භාවිතා වන වේගවත්ම ස(ර්)වර් පරිඝනක 10 සහ එහි වේගයන් 

10. IBM Roadrunner | 1.04 petaflop/s

09. Tera 100 | 1.05 petaflop/s

08. Hopper | 1.054 petaflop/s

 

07. Pleiades | 1.09 petaflop/s

 

06. Cielo | 1.11 petaflop/s


05. Tsubame | 1.19 petaflop/s


04. Nebulae | 1.27 petaflop/s

 

03. Jaguar | 1.75 petaflop/s


02. Tianhe-1A | 2.6  petaflop/s


01. K Computer | 8  petaflop/s  *


K Computer ගැන වැඩි විසතර මෙනතනින් බලන්න

Monday, June 25, 2012

පියවර දහයෙන් කාර්යාලීය සහකාරයෙක් | Office Assistant in 10 Steps


මෙයා කව්ද කියලා දන්න අය ඉන්නවද ? අත උස්සන්න....බලන්න...මම දන්නවා ගොඩක් අය මෙයාව දන්නවා...ඔයත් MS Office 2000 එහෙම නැත්නම් Microsoft Office 2000 කියන මෘදුකාංගයක් එකක් හිටපු කෙනෙක් නම් මෙයාව දන්නවා.....මෙයව හඳුන්වන්නේ  Office Assistant එහෙම නැත්නම් කාර්යාල සහකාර විදියට....එහෙම කියන්න හේතුව තමා මෙයා අපේ පරිඝනකයේ ඇතුලට වෙලා අපේ කාරයාලීය ලිපි ගෙනු එක්ක වැඩ කරන්න උදව් කරන එක...බොහොම වටිනා කියන කෙනෙක්...මෙයාට පුළුවන් අපිට අමතක උනු දෙයක් මතක් කරල දෙන්න...මෙයා ඒවා කියල දෙනවා....අපිට අපේ කාර්යාලීය වැඩ ලේසියෙන් ඉක්මනට කරන්න පුළුවන් වෙන්න තමා මෙයාව  Microsoft Office 2000  මෘදුකාංගය අතුලට දාල අපට පාවිච්චි කරන්න දුන්නේ....මෙයාව වෙස් මුහුණු ගොඩක් තියෙනවා....ඒත් අපේ කස්ටිය මෙයාව දන්නේ ෆයිල් කට්ට කියන නමින් දැන් දන්වා ඇති මෙයාව....

එත් මෙයා අපිත් එක්ක හිටියේ 2000 වර්ෂයේ විතරයි..මොකද මෙයාව ඊට පස්සේ ආපු   Microsoft Office 2003, Microsoft Office 2007 හා   Microsoft Office 2010  මෘදුකාංග එක්ක දකින්න ලැබුනේ නැහැ .ඇයි මෙයාව අයින් කලේ කියන්න හේතුවක් දන්නේ නැහැ....ඒත් ඔයාල දන්නෙ නැතුව ඇති මෙයා මේ වෙනකන් අපිට ලැබුනු ඔෆිස් මෘදුකාංගයක 2003 කට්ටල ඇතුලේ හැංගිලා හිටියා කියන එක....හැබැයි මතක තියාගන්න මෙයා හිටියේ වෙනස් නොකල මුල් ඔෆිස් මෘදුකාංග කට්ටල වල විතරයි.....එයා බලාගෙන හිටියා එයාගේ වාරය එනකන් වැඩ පෙන්නන්නන....ටිකක් රැස්පොට් පොරක්ද වෙලා.....හිකිස්....


කොහොම උනත් අද මම කියලා දෙන්නම් මේ ෆයිල් කට්ටව අපේ අනෙක්  Microsoft Office 2003  මෘදුකාංග කට්ටල එක්ක අපේ පරිඝනක ඇතුලට දාගන්නේ කොහොම කියලා පියවරෙන් පියවර....සරල පියවර 10 කින්......


1. මුලින් කරන්න තියෙන්නේ අපිට කැමති  Microsoft Office මෘදුකාංග කට්ටලය අපේ පරිඝනකයට ස්ථාපනය කරලන්න....

2. දැන් කරන්න තියෙන්නේ මම පහත දෙන ලින්ක් එකෙන් ගිහින් Office Assistant Setup.exe එක අපි Download කර ගෙන Install කරගන්න එක...


3. දැන් යන්න අපේ පරිඝනකයේ  Control Panel  Add or Remove Program කියන කොටසට Windows 7 මෙහෙයුම් පද්ධතියෙනම්  Programs and Features කියන කොටසට ....ගියා නම් ඔයාලට මෙන්න මේ විදියට ඔය කියන තැන පෙන්න තියෙයි...බල වෙන්න දෙයක් නැහැ ඇතුලට යන්න.....

Windows XP 
__________________________________


Windows Vista
__________________________________



Windows 7
__________________________________ 

සැ:යු: - රූප පෙන්නෙ නැත්නම් රූප උඩට ගිහින් Click කරල බලන්න

මෙතනින් එහාට වැඩේ යන පිළිවෙල ගොඩක් දුරට සමානයි....මම යොදාගන්නේ  Windows 7 මෙහෙයුම් පද්ධතිය..

වැඩේ කරන්න ටිකක් හිතට බයයි නම් සිංදුවකුත් දාගන්න 

හරි දැන් අපි වැඩේට බහිමු...

4. අපි දැන් ඉස්සෙල්ල කියපු තැනට ඒ කියන්නේ Control Panel  Add or Remove Program කියන කොටසට Windows 7 මෙහෙයුම් පද්ධතියෙනම්  Programs and Features කියන කොටසට ගිහිල්ල ලැබෙන ලිස්ට් එකේ බලන්න අපි පරිඝනකට ස්ථාපනය කරපු  Microsoft Office  මෘදුකාංගය තියෙනවද කියලා....හම්බ උනා නම් ඊළඟට කරන්න තියෙන්නේ ඒක Right Click උඩ කරලා Change කියන එක Click කරන්න....


මෙන්න මේ විදියට 

5. වැඩේ හරි නම් මෙන්න මෙහෙම එකක් එයි ඒකේ Add or Remove Features කියන එක තෝරලා Next කියන එක Click කරන්න.


6. දැන් අපිට පෙන්නයි අපි පරිඝනකයේ ස්ථාපනය කරල තියෙන ඔෆිස් මෘදුකාංග කොටස් මොනවද කියාල....දැන් කරන්න තියෙන්නේ ලැබුනු පිටුවේ පහල තියෙන choose advanced customization applications එක තෝරලා  Next කියන එක Click කරන්න.

මෙන්න මේ විදියට


7. දැන් අපිට පෙන්නයි ලිස්ට් එකක් අන්න ඒ ලිස්ට් එකේ පහලට වෙන්න ඇති කොටසක් office shared features කියලා...අන්න ඒ කොටස දිග ඇරගත්තහම ඒ  ලිස්ට් එකෙත් පහලට වෙන්න අපිට පෙන්නයි 

Office Assistant  කියල එකක්....අන්න ඒක උඩ Click කරලා Run from my Computer කියන එක තෝරල Update කියන එක Click කරන්න.



වැඩේ කියපු විදියටම උනා නම් මෙහෙම දෙයක් වෙලා.....එන්න ඔය විදියට OK කරන්න එකක එයි ඒකත් OK කරන්න.....




8. ඔන්න දැන් ෆයිල් කට්ටව අපි පරිඝනකයට දාගත්ත දැන් මනුස්සයව Active කරගන්න තමා තියෙන්නේ...

ඒකට කරන්න තියෙන්නේ අපිට කැමති Office Application එකක් Open කරගන්න...

උදාහරණයක් විදියට : Microsoft Word / Microsoft Excel / Microsoft PowerPoint


9. ඒකේ Help කියන කොටසට ගිහයහම බලන්න Show the Office Assistant කියල කොටසක් තියෙනවද කියලා...තියෙනව නම් අපේ වැඩේ හරි...ඒක Click කරන්න

ඊට පස්සේ බලාගෙන ඉන්නකොට පොඩි පොඩි කෑලි බෑලි ඇවිත් යයි මෙන්න මේ විදියට....වැඩේ හරි නම් අපේ ෆයිල් කට්ට බයිසිකලේක නැගල ඇවිත් බහී....හික්ස්...




10. දැන් කරන්න තියෙන්නේ එයා උඩ Right Click කරලා Option කියන එකට ගිහිල්ලා...ඔය පේන්න තියෙන විදියට වැඩ කෑලි (Settings) ටික වෙනස් කරලා OK කරන්න....වැඩේ ඉවරයි ...



දැන් අපිට බය නැතුව අපේ ඔෆිස් වැඩ කරන්න නියම අත්උදව් කාරයෙක් ඉන්නවා...


Friday, June 8, 2012

සංගීතයත් රසාස්වදයත් හරහා එස්රාජයට (Esraj) පෙම් බැඳි මගේ කථාව...!

අහා මෙන්න ගෙනවා වෙනස්ම දෙයක් අරන්.....සංගීතය...දන්නවද කියල අහන්න දෙයක් නැහැ ඉතින්....ඔක්කොම දන්නවා....බල්ලොයි කොල්ලොයි නොදන්න එකෙක් නැහැ ආයෙ...සංගිතය ඒ තරම් පුරසිද්ධයි. ආහ් තව දෙයක් ඔය කියන සංගීතයට රටක් රාජ්ජයක් දේය සීමාවක් එහෙම නැහැ නෙවැ..මම අහල  තියෙන විදියට අමෘතයක්ලු...මම ඉතින් එය කියන දෙය සංගීතට කියන එක හරියට නොදන්න කාලෙ පවා....යටි ගිරියෙන් කෑගගහ සිංදු කවි කරපු කාලයක් තිබ්බ නොවැ...තමුන්නාසෙලාටත් එහෙම කාලයක් තියෙන්න ඇති...ආයෙ අහන්න දෙයක් නැහැ....පොඩි කාලෙ යටි ගිරියෙන් කෑගහගෙන සිංදු කිව්ව....ඊටත් පස්සේ ඉස්කොලෙ කාලෙ පොඩ්ඩක් තාලෙ අල්ලගෙන පොඩි පොඩි සිංදු කිව්ව....ඔන්න එතකොට තමා අපිත් දැන ගන්නෙ ඔය කියන සංගීතයටත් තාලයක් තියෙනවා....ඒත් ඉතින් ඒක ඉස්කොලෙට විතරයි....ආයෙත් ගෙදර ගිහින් මලාට කියන්න බැරි දරුණු සිංදු දත කට පූට්ටු කරගෙන දොඩවන්න පටන් ගන්නවා....අපේ අම්මලට නං ඔය කාලෙ මහ එපා කරපු කාලයක්....අපේ කාලෙදි ඔය කාලෙට අපේ අම්මල කිව්වෙ දැඟලිල්ල කියල නොවැ....

කොයින් කොහොම උනත්...ඔහොම ඔහොම අපි 1 වසරෙ හිටන් යාන්තන් සිංදුවක් කියාගන්න පුළුවන් වයසට එනවා...ඒ කියන්නේ 5 නැත්නම් 6 පන්තිය...අපි කාලෙනං කොට්ටන් තල තලා ටීච කෙනෙක් සෑර් කෙනෙක් නැත්නම් එළියට පැනලා මුළු දවසම ඉස්කොලේ පිට්ටනියෙ කාස්ටක අව්වෙ දුවන කාලේ....ඒකාලෙ තමා අපි ප්ලාටික් පෙට්ටි වලට කොටු කෑලි වලින් එහෙමත් නැත්නම් පෑන් පැන්සල් වලින් සද්දෙට තට්ටු කර කර සිංදු කියන කාලෙ ගෙවන්නේ.....ඔන්න එතනින් අපි කොල්ලො කෙල්ලො එනවා පෙම් කෙලින වයස නැත්නම් ගැටවර කාලෙට....ඔය කාලෙ වෙද්දි ඔය කවි සිංදු ජාති ගොඩක් දන්නවා ඒව රස කර කර කියන්නත් දන්නවා....ඔය අස්සෙ ලිවුන් කඩදහි අස්සෙත් ලිය ලියා පොතෙන් පොතට කොලෙන් කොලේට යන්නත් සංගීතය කියන එකට කියල දැනගන්නවා....මගේ ජීවිතේ 9, 10, 11 වසර කියන්නේ වන්ශොට් අයියලගෙ වගේ ගහමරා ගන්න කාලයක්...ඔය කාලෙ මැදකදි ආදරය කියන වයිරස් එක ගෙදුරු වෙනවා....කාලයත් එක්ක එකත් යහපත් අතට හැරෙනවා...11 වසර අන්තිම කාලය ටිකක් දුශ්කර කාලයක් නොවැ....අපේ අම්ම පාඩන් කරපන්.....පාඩන් කරපන්.....කිය කියා මන්තර ජප කර කර මගේ පස්සෙන් ආපු කාලයක්....ඒත් මට තිබ්බෙ සංගීතය කියන උණ තිබ්බ කාලයක්....බයිසිකල් කටුවකුත් හදාගෙන මම යනවා...සංගීත ප්‍රසංග බලන්න......ඔන්න ඔය කාලෙ වෙනකොට අපේ සිංහල භාෂාව උගන්නන ටීචර් අමුතු වචනයක් උස්සගෙන ඇවිත් පන්තියට අතඅරිනවා...වචනේ නම තමා රසාස්වාදය......මේක මට නම් පිස්සු වචනයක් හත් දෙයියනේ සන්ධි විසංධි අස්සෙ මේ මොන මගුලක්ද ඕයි.....අනිත් එක ලොකු අක්කල අයියල වගේ අපිට සිංහල වලට අපේ කාලෙ පන්ති තිබ්බෙ නැහැනේ....ඒ කාලෙ අපි දන්නෙ සිංහල පන්ති තිබ්බෙ ලොකු අක්කලා .ඒ කියන්නේ උසස් පෙළ කොරාපු අයියල අක්කලට....කොහොම උනත් ඔන්න අපි පිරිසක් ඒ රේල් පීල්ලෙන් පැනලා අනිත් පීල්ලට මාරු උනා....ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළට ආවා......කස්ටියක් කිව්වේ.....කොටසක් සමත් උනා කොටසක් අසමත් උනා.....තවත් පිරිසක් එතනින් ඉස්කොල ජීවිතෙට සමු දීල රැකිය කොරන්න ගිය....තවත් කොටසක් පවුල් පන්සල් උනා.....ඔන්න දැන් අපි ලොකු අයියලා අක්කලා වගේ උස්ස පෙළ.....ඔන්න දැන් අපිට ඉස්සර තරන් විශයන් ගොඩක් නැහැ....4යි....බොහෝම ලේසි කියල හිතාගෙන ගිහින් පන්තියෙන් වාඩි උනා.....

අනේ අම්මෝ.....මේ මොනවද මේ.........මේ මම හිතපු උසස් පෙළ නෙවෙයිනේ.....අනේ මට ගෙදර යන්න ඕනි.....දැන් ඉස්කොලෙ කියන්නේ හිතට අල්ලන් නැති දිරන්නෙම නැති කාලයක්.....ඒත් මතක තියගන්න   සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන කාලයන් දෙක තරම් අපි පිස්සු නටපු කාලයක් තවත් නැතුව ඇති කියලා මම හිතන්නෙ  නැහැ....ඒතරම් සුන්දරයි.....මම දන්නවා ඔයා කස්ටියටත් ඒක එහෙම්මම තමා.....හරි අපි ආයෙ කථාවට එමුකෝ....ඔන්න අපිත් දැන් සිංහල පන්ති යනවා....ඔය ලොකු ලොකු වචන අස්සෙ ආදරය රස්තියාදු ගහන කාලයක් තමා උසස් පෙළ....ආයෙ අලි දාලවත් නවත්තන්න බැරි සිද්ධියක්.....ඔන්න සිංහල පන්තියේ නොදන්න නොදන්න වචන පොත් පිටු අස්සෙ ලියවෙන කොට කනට පුරුදු වචනයක් ඇහෙනවා....අර ඉස්සර අපිටවද දුන්නු වචනය රසාස්වාදය....දැන්නං අම්මෝ නෙවෙයි මගේ අප්පච්චියේ කියවෙනවා....දැන් ඉතින් 10 වසරෙ ඒව මතක් කොරහන්කො ඉතින්...එත් මම අදටත් සතුටු වෙනවා මගේ සිංහල දැනිම මේ තරමට හරි උසස් පෙළ සිංහල පන්තියෙදී හදපු මගේ සිංහල ගුරුතුමා උනු රත්න ශ්‍රී බණ්ඩාර ගුරුතුමාට.....උසස් පෙළට මම හිතුවෙ රසාස්වදය කවි සිංදු නිසඳැස් වලින් බේරුනු එක ගැන මම සතුටු උනා....

මම කලේ කළා අංශයෙන් සිංහල, නාට්‍ය හා රංග කලාව, දේශපාලන විද්‍යාව කියන විශයයන්.....දැන් ඉතින් ඔයින් මෙයින පණ ගැයගහ ගෙන උසස් පෙළත් ඇදගෙන යනවා....මම නාට්‍ය හා රංග කලාව තොරගත්තේ වෙන කරන්නම දෙයක් නැති හිංද ඉස්කොලෙ.....ඔන්න දවසක් මම නාට්‍ය හා රංග කලාව පාඩම අහගෙන ඉන්නවා...ඔන්න අපිට නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවේ ජයලත් කියලා සාර් කෙනෙක්....දැන් හිතන්න පුළුවන් මගේ ඉස්කොලෙ මොකක්ද කියලත් ......මගේ උසස් පෙළ ඉස්කෝලෙ තමා රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලය.......ඉස්කොලෙ මැද ලොකු සියඹල ගහක් තියෙනවා....අපේ කාලේ ගෙට්ටුවක් තිබ්බ....වටේට ඉස්කොල මායිමක් නැහැ....ආයෙ අහන්න දෙයක් නැහැ නියම ගමේ ඉස්කොලයක් මට මේ ඉස්කොලෙට ගිය මුල්ම දවසේ අඹ යාළුවෙ කථාව මතක් උනා....ඒ වගේ මේ ඉස්කොලෙ.....මෙන්න මගේ උසස් පෙළ ඉස්කෝලේ මම කවදාවත් මගේ ඉස්කොලෙ පෙඩී කියලා අනිත් අයට මගේ ඉස්කොලෙ ගැන  නොකියා ඉන්නෙ නැහැ.....අපි හැමෝම ඒහෙමයි....මම දන්නවා ඒක....ඒත් සමහරක් පිරිස එහෙම කියන්න කැමති නැහැ....කමක් නැහැ ඒක එයාලගේ කැමැත්තක්.....අපි කථාවට යමුකෝ......

ඔන්න දැන් අපේ රංග කලාවේ නාට්‍ය ගැන කියනකොට ආයෙක් කියාපි රසාස්වදය......මොන කෙහෙල්මලක්ද මේ.......යකෝ මම යන යන තැන රසාස්වසය මගෙ පස්සෙන් පන්නනවා...දැන් මගේ මොලේ කචල්.....ඒ අස්සේ අපේ නාට්‍ය හා රංග කලාව උගන්වන සාර් කියාපි....ඕනෑම කලාත්මක දෙයක රසාස්වදයක් තියනවා....හරියට සංගීතය වගේ නිශ්චිත භාෂාවක් නැහැ....රසාස්වාදයයි සංගීයයි එකට එක් උනවිට උසස් කාලාත්මත නිමාණයක් බිහිවීමට අවකාශය ඇත  කියලා....අම්මටසිරි දැන්නං පිස්සු වගේ.....සංගීතයලු රසාස්වාදයලු භාෂාවක් නැහැයිලු මේ මොනවද මේ කියන්නේ.....පස්සේ මටත් ඒ කියපු දේ ඇත්ත කියල තේරුණා......ඇත්තටම සංගීතයටයි රසාස්වදයටයි භාෂාවටක් නැහැ...තේරුම් ගන්න පුළුවන් ඕනිම කෙනෙක්.......කොහොම උනත් අවුරුදු දෙක හමාරක් තිස්සේ ඉස්කොලෙයි  පන්තියෙයි....ඉගෙන ගත්ත රසාස්වදය අද මාව ගොඩක් දුර එක්කගෙන ඇවිත් තියෙනවා....සතුටුයි ඒ ගැන....මම දෙයක් අහන්නම් ඔයාලාත් පිළිගන්නවද සංගීතයට රසාස්වදයට භාෂාවක් තියෙනවා කියලා....??? මම දෙන්නම් සිංදු කිහිපයක් අහල බලල කියන්නකෝ....මේවායේ වචන නැහැ.....ඔක්කොම සිංදුවල අනුවාදන....එහෙම නැත්නම් ඉංගිරීසියෙන් කියනවා නම් Instrumental Songs.....ඔයාලම අහන්නකො.....ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.....අහන්න....හිතට දැනෙන දේ Comment එකක් විදියට ලියන්න.....ඇත්තටම සංගීතය කියන්නෙ භාෂාවක් නැති එත් භාෂාවකට එහා ගිය ලොකු දෙයක්  කියලා....ඔයාලටම තේරෙයි......


මේ එස්රජ් නම් වූ සංගීත භාණ්ඩයෙන් හා බට නලාවෙන් රස ගැන්වූ ගීත කිහියක්




Friday, May 25, 2012

හිනැහෙන්නෙ මං ඔන්න ආවා.....

වර්ථමාන හිප් හොල් සහ ආර් ඇන්ඩ් බී කළාවේ සංගීතයේ හසළ දැනුමක් ඇති සංගීතවේදියෙකු වූ රනිඳු ලංකාගේ "හිනැහෙන්නේ මං" ගීත ඇල්බමය පසුගියදා වෙළඳ පොලට නිකුත් කරන ලදි.

සැ : යු - මෙය හුදෙක් සංගීතයෙහි රසවිඳින්නන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න